Tuesday, May 22, 2018

දුම් පානය අතහැර ගැනීමට මෙන්න නොවරදින උපක්‍රම 011 ක්.....11 best quite smoking tips...





01.
බීම බටයකින් සීතල වතුර පානය කරන්න. 
මෙහිදී වතුර උරා බීම සිගරට්ටුවක් ඉරීමකට සමාන වේ. මෙම ක්‍රියාවන් දෙක මඟින්ම ඩොපර්මීන් ස්‍රාවය වීම උත්තේජනය වේ. ඩොපර්මීන් මඟින් මොළයට සිදු කරන බලපෑම නිසා අසතුටුදායක හැඟීම් පාලනය වන බව කියවේ.

02
කුඩා ආහාරවේල් කීපයක් වරින් වර ගැනීම මඟින්ද දුම් පානය කිරීමට ඇතිවන ආශාව පාලනය කර ගත හැක. 
මෙහිදී මේධය හෝ සීනි රහිත ආහාර වර්ගයන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. එමඟින් සිරුරේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම පාලනය කර ගත හැක.

03
දුම් පානය අත හැරීම තුලින් ඔබට ලැබෙන වාසි ලයිස්තුවක් සකස්කර ගන්න.
 මෙහිදී දුම් පානය ක්‍රමයෙන් අත හරිමින් ඔබට ප්‍රායෝගිකව ලැබෙන වාසිම සටහන් කර ගැනීම කල යුතුය. එවැනි වාසි අතර ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වීම, මුදල් ඉතිරි වීම, ආහර වල රසය මනාව දැනීම, වඩාත් ක්‍රියාශීලී බවක් ගතට දැනීම වැනි වාසි තිබිය හැක. සිගරට්ටුවක් පානය කිරීමට ආශාවක් ඇතිවන සෑම විටකම මෙම ලයිස්තුව කියවා බැලීම මඟින් එම ආශාව පාලනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

04
විටින් විට දත් මදින්න
දුම් පානය අත හැරීම ඔබට නැවුම් මුවක් ලබා දේ. නිතර දත් මැදීම මඟින් ද ඔබේ මුවට නැවුම් බවක් ගෙන එන අතර, දුම් පානය මඟින් එම නැවුම් බව කෙලෙසා ගැනීමට ඔබෙ සිත තුල අකමැත්තක් ඇතිවේ. එම සිතුවිල්ල වර්ධනය කර ගැනීම මඟින් දුම් පානයට ඇති පෙළඹවීම මනාව පාලනය කරගත හැක.

05
මත් පැන්ද අත හරින්න.
මිනිසුන් දුම් පානයට පෙළඹවීමේ ප්‍රධානතම සාධකයක් වන්නේ මත් පැන් පානයයි. මත් පැන් පානය මගින් ඔබේ ආත්ම දමනය බිඳ වැටීමකට ලක් වන අතර, එනිසා දුම් පානය අතහැර සිටි අය පවා නැවත දුම් පානයට පෙළඹීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම බොහෝ දෙනා මත් පැන් සමඟ දුම් වැටියක් දල්වා ගැනීම පුරුද්දක් ලෙසට සිදු කරයි. එනිසා මත්පැන් යනු දුම් පානය සමඟ ඉතා ළඟින් බැඳී පවතින පෙළඹවීමේ කාරකයක් ලෙසට හඳුනාගෙන ඇත.

06
ඔබ්ට උචිත දුම් පානයෙන් තොර කලාප හඳුනා ගන්න.
දුම් වැටියක් දල්වා ගැනීමේ උවමනාවක් ඇතිවූ ඕනෑම විටක මෙම කලාප භාවිතා කරන්න. උදා-පුස්ථකාලය. එවිට ඔබගේ අවශ්‍යතාව පාලනය කර ගැනීමට සිදුවන නිසා දුම් පානය කිරීමේ උවමනාව ක්‍රමයෙන් යටපත්ව යාම සිදුවේ.

07
ඔබට දුම් පානයෙන් මිදීමට හේතු වූ හා හේතුවන කරුණු ලයිස්තුගත කරන්න.
එම ලයිස්තුව ඔබ නිතර ගැවසෙන ස්ථානවල අලවා තබන්න. උදා-නාන කාමරය, කුස්සිය, සාලය. මෙම ලයිස්තුවත් සමඟම ඔබේ පවුලේ සාමාජිකයන්ගේ පින්තූරයක් එල්ලා තැබීම මඟින් එම ලයිස්තුවේ සඵලතාව තව දුරටත් ඉහල යනු ඇත.

08
ව්‍යායාම කිරීමට ඇබ්බැහි වන්න
ව්‍යායාම කිරීමට ඇබ්බැහිවීම වෙනත් ඇබ්බැහිවීම්වලින් මිදීමට ඉතාමත් සුදුසු විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත. සිරුර වෙහෙසවීමෙදී නිපදවෙන ඇතැම් රසානයන් ඔබගේ ආතතීන් හා නරක භාවයන් පාලනය කර ඔබගේ සිතේ ප්‍රීතිමත් බව ඉහල නැංවීමට හේතුවේ. හැකි සෑම දිනකම, යම් කාල පරාසයක් ව්‍යායාම වෙනුවෙන් වෙන්කර තැබීමට උත්සුක වීම මඟින් දුම්පානයට සිත යොමුවීම පාලනය කර ගැනීමට ඔබට පහසුවනු ඇත. දුම්පානය අත්හැර මුල් මාස කීපය තුල, ව්‍යායාම කරා යොමුවීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම මෙනම වෙනත් ඕනෑම සිරුර වෙහෙසකරවන ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාකාරකම් මාලාවකට යොමුවීමට ඔබට නිදහස ඇත.

09
කාර්‍යබහුල වන්න
විශේෂයෙන්, දුම්පානය අතහැර මුල් මාස කීපය තුල හැකිතරම් කාර්‍ය්බහුල වීමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා සැලසුම් කිරීමේදී ඔබව දුම් පානයට නැවත තල්ලුකර හැකි පෙළඹවීම් වලින් හැකිතාක් දුරට ඈත්ව සිටීම කල යුතුය. පවුලේ අය සමඟ විනෝද සවාරියක් යාම වැනි සරල ක්‍රියාකාරක උවද මේ සඳහා භාවිතාකල හැක. එවැනි විටෙක ඔබ සමඟ දුම්පානය කරන සඟයන් එයට සහභාගීකර ගැනීම උචිත නොවනු ඇත.

10
වෙනත් දෙයකින් කට පුරවා ගන්න
සිගරට්ටුව වෙනුවට ඔබේ මුඛය කාර්‍යබහුලව තබන වෙනත් ආදේශකයක් සොයාගන්න. මෙහිදී සීනි රහිත චුයින්ගම්, ටොෆී හෝ වෙනත් යම් සෞඛ්‍යාරක්ෂිත කැවිලි වර්ගයක් උවද උපයෝගී කරගත් හැක. සිගරට්ටුවක් ඉරීමට සිතෙන සෑම අවස්තාවකදීම භාවිතා කිරීමට එම ආදේශකය නිතර ළඟ තබා ගැනීමට පුරුදු වන්න.

11
සැබෑ හිතවතෙකුගේ පිහිට ලබා ගන්න
ඔබව මෙම නරක පුරුද්දෙන් ඈත්කර තබා ගැනීමට අවංක උවමනාවක් තිබෙන හිතවතෙකුගේ පිහිට උපදෙස් හා අවවාද ඔබට දුම් පානය කිරීමට පෙළඹීමක් ඇතිවන සෑම විටකදීම ලබා ගැනීමට උත්සාහ කරන්න. එම තැනැත්තාත් කලින් දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙක් නම් ඉතා සුදුසුය.එසේම එම තැනැත්තා හෝ තැනැත්තිය ඔබට පහසුවෙන් සම්බන්ධ කරගත හැකි අයෙකු වීමද ඉතා වැදගත්ය.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...