Thursday, September 28, 2017

ඔමේගා 3 ගැන නියම ඇත්ත




ඔමේගා 3 කියන්නෙ මේද අම්ලයක්. මේක අනිත් මේද අම්ල වලට වඩා වැදගත් වෙන්නෙ හදවත් රෝග ඇතිවීම වලක්වා ගන්න අපිට උපකාරී වෙන නිසා. ඒ නිසා හදවත් රෝග වලින් පීඩා විඳින අයට වගේම එහෙම නොවෙන අයටත් ඔමෙගා 3 ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කරන්න මේ මේද අම්ලයට පුලුවන්කම තියෙනවා.



ඔමේගා 3 සප්ලිමෙන්ට්‍රි එකක් විදියට වෙළඳ පොළට එකතුවෙලා තිබුනත් ස්වාභාවික විදියට කොහොමද අපි ඔමේගා 3 සිරුරට එකතු කරගන්නෙ කියල දැනගන්න එකත් හරිම වැදගත්. ඉතින් ඒකට කරන්න තියෙන්නෙ හරිම සරළ දෙයක්. ඒ තමයි අපේ ආහාර වේල් වලට මාළු එකතු කර ගැනීම. මාළු වලින් ඔමේගා 3 වලට අමතරව කැල්සියම්, විටමින් බී, විටමින් ඩී වගේ සංඝටකත් අපට ලබා දෙනවා.

සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කිරීමට අමතරව දියවැඩියා රෝගය පාලනය කිරීමටත් ඔමේගා 3 උපකාරීවෙනබව නවතම සොයා ගැනීම් වලින් හෙලිවී තිබෙනවා. ඇත්තටම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම රුධිරයේ ඉහල යාමත් දියවැඩියා රෝගීන් අතර බොහොම සුලභ ප්‍රශ්ණයක්.

Friday, September 1, 2017

ජගත්ගේ කතාව

ජගත් කියන්නෙ හරිම අහිංසක කොල්ලෙක්. පොඩිකාලෙ ඉදලම එයාගෙ එකම සිහිනය උනේ දොස්තර කෙනෙක් වෙන එක. නමුත් උසස්පෙළ කඩුල්ල හරස් වෙච්චි නිසා එයාට එයාගෙ සිහිනය සැබෑ කරගන්න එක ලේසි උනේ නම් නෑ. ලංකාවෙන් බැරිනම් වෙන රටකට ගිහින් හරි තමාගෙ සිහිනය සැබෑ කරගන්න තමා එයා ඊ ලඟට උත්සාහ කලේ. ඔය අතරෙ තමා ජගත්ට පුලුවන් උනේ වැඩිදුර උගනීමට තරුණ තරුණියන් පිටරට යවන ඒජන්සියකට සම්බන්ද වෙන්න. ජගතුත් එයාගෙ උපරිම උත්සාහය යොදලා ඔස්ට්‍රේලියාවෙ විස්ව විද්යාලයක් හා සම්බන්ඳ වෙලා පිටරට ගියේ තමන්ගෙ මහ ගෙදරත් බැංකුවට උගස් කරලා. මෙ සල්ලි ප්‍රමාණවත් උනේ ජගත්ට ලියාපදිංචි ගාස්තුව ගෙවාගන්න විතරමයි. ඉතින් ඉදිරි වියදම් වලට සල්ලි හොයාගන්න පොඩි පොඩි රස්සවල් කීපයක්ම එහෙදි කරන්න ජගත්ට සිද්ද උනා. නමුත් මේ රස්ස කිරිල්ලෙයි ඉගෙන ගැනිල්ලෙයි දෙකෙන්ම එකවර ආපු මහා පීඩනය දරා ගන්න මේ අහිංසක කොල්ලට පුලුවන්කමක් තිබුනෙ නෑ. අන්තිමට ජගත් මානසික රෝගියෙක් උනා. ජගත්ව ආපහු ලංකාවට ගෙන්න ගන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉතිරිවෙලා තිබ්බ ඔක්කොම දේපල විකුණන්න සිද්ද උනා. ඒ උනත් ඒ ගොල්ලන්ට අර පිටරට ගිය පරණ පුතාවනම් ආපහු කවදාවත්ම ලැබුනෙ නෑ. ඒ වෙනුවට එයාලට ලැබුනෙ සම්පූර්ණයෙන්ම මානසිකව බිඳ වැටිච්චි, කිසිම කතා බහක් නැති රොගී පුතෙක්. ඉතින් ඒ පරණ පුතාව ආපහු මතුකරගන්න අර අසරණ දෙමාපියො තාමත් නොවිඳිනා දුක් විඳිනවා. 

Free MB for dialog customers

Dialog mega run කියල කියන්නෙ සුපිරිම ඇප් එකක් කිව්වොත් ඒක අතිශෝක්තියක් නම් නෙමෙයි. මේකෙ තියෙන විශේෂත්වය තමා නොමිලේ ඩේටා තෑගි දෙන එක. හැබැයි ඉතින් මේ පහසුකම ලබා ගන්න නම් ඔබ අනිවා Dialog පාරිභෝගිකයෙක් විය යුතුයි. මේ ඇප් එක මෙන්න මේ ලින්කුවෙන් dialog mega run  බා ගත්තට පස්සෙ ඔයාට සිද්ද වෙනවා ඔයාගෙ අංකය ටයිප් කරලා ලියා පදිංචි වෙන්න. ඊට පස්සෙ ඔයාගෙ මොබයිල් එකට එන verification code එක ඇතුල් කරාම තමයි ලියාපදිංචිය සම්පූර්ණ වෙලා ඔයාට මේ game එක සෙල්ලම් කරන්න පුලුවන් වෙන්නෙ. මේක හරිම සරල වගේම විනොදජනක සෙල්ලමක්.Free වෙලාවට සෙල්ලම් කරහම අනිවා තමාට ඔනී කරන ඩෙටා ප්‍රමාණය නොමිලේ ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඔයාලට films, සින්දු එහෙම download කරන්න තරම්  free data ප්‍රමාණයක් නම් ලැබෙන එකක් නෑ. නමුත් Facebook, යන්න නම් මේ ටික හොදටම ප්‍රමාණවත්. මේ app එක 70MB විතර වෙනවා. ලියාපදිංචි වෙච්ච ගමන්ම මේ 70MBආපහු ඔයාලගෙ ගිනුමට එකතුවෙනවා. මේක online app එකක්. හැබැයි සෙල්ලම් කරන්න data කැපෙන්නෙ නම් නෑ.

http://kaitect.com/1TWb
http://kaitect.com/1TWb

http://kaitect.com/1TWb

http://kaitect.com/1TWb

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...