Friday, November 19, 2021

The real truth : How long does an average male last during sex? පිරිමියෙකුට කාන්තාවක් හා ලිංගිකව හැසිරීමේදී කටයුතුකල හැකි කාලසීමාව ගැන නියම ඇත්ත මෙන්න




මෙය බොහෝ පුරුෂයන්ට ඇති ප්‍රබල ප්‍රශ්ණයකි. මේ පිලිබඳ විවිද පරීක්ෂණ විවිධ රටවල සිදුකෙරී ඇති නමුත් එවැන්නක් ලංකාවේ සිදුකෙරී ඇතිබවට පැහැදිලි වාර්ථා නොමැත. කෙසේ නමුත් අපේ අසල්වැසි ඉන්දියාවේ එවැනි පරීක්ෂණයක් ආශ්‍රිතකරගෙන මෙම ලිපිය ලියන්නේ ඉන්දියාවේ පිරිමින්ගේ හැකියාව ලංකාවේ පිරිමින්ට බොහෝ දුරට අදාලකරගත් හැකියයි සිතුනු නිසාය.



මෙම හැකියාව රටින් රටට, ජාතියෙන් ජාතියට වෙනස් වෙනබව පැහැදිලිව පෙනීයන කරුනකි. උදාහරනයක් වශයෙන්ගත්කල ඇමරිකාවේදී එය සාමාන්‍යයෙන් මිනිත්තු 13 වන විට ජර්මනියේදී එය මිනිත්තු 7ක් ලෙසට කිය වේ. කෙසේ නමුත් ඔබගේ හැකියාව නිල් චිත්‍රපටියක නළුවෙකුගේ හැකියාව සමඟ කෙසේවත් සන්සන්දනය නොකල යුතුය. ඔවුන් මෙවැනි ජවනිකාවකදී කිහිපවරක් රූගත කරමින් මිනිත්තු 30කටත් වඩා වැඩිකාලයක් කාන්තාවක් සමඟ සිටිය හැකිබවට පෙන්වා දෙති. නමුත් මෙය කිසිසේත්ම සත්‍යතත්වයනම් නොවනබව වටහා ගත යුතුය. 

 


 

 

ඔවුන් විවිධ බෙහෙත්වර්ගද තමාගේ කාලය වැඩිකරගැනීමට භාවිතා කරන අතර කිහිපවරක් රූගත්කර එවා එකක් ලෙසට සංස්කරණය කිරීම මගින් ද සිය ප්‍රේක්ෂකයෝ මුලාවට පත් කරති. කෙසේ නමුත් අධ්‍යයනයන් මඟින් හෙලිවන්නේ ඉංදියානු පුරුෂයකුගේ මෙම හැකියාව මිනිත්තු 7කටත් වඩා අඩු බවයි. එය ක්ෂණික මෝචනය නැමැති තත්වයනම් නොවන බවද ඔබ වටහා ගත යුතුය.


 

 

 එය එසේ වීමටනම් එම කාලය මිනිත්තුවකටත් වඩා අඩු විය යුතු ය. එවැනි තත්වයක් ඔබට තිබේනම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මගින් නිසි ප්‍රතිකාර ලබාගෙන මෙම තත්වය මග හරවාගත හැකිය. එසේම ස්වයං වින්දනය සීමා කිරීම, නිල් චිත්‍රපට බැලීම සීමා කිරීම හා ලිංගික කාර්‍ය පිලිබඳ අධික ආසාවක් ඇති නොකර ගනිමින් එයට එක් වීම වැනි ක්‍රියා මාර්ග මගින් ද මෙම තත්වයට යම් සහනයක් ලබා ගත හැක.

Thursday, January 21, 2021

COVID-19 Vaccines, the truth reveled .. කොවිඩ් 19 එන්නත් පිළිබඳව නියම ඇත්ත මෙන්න....

 


 

කොවිඩ් 19 එන්නත අපේ රටටත් නුදුරේදීම ලැබෙනු ඇතැයි අපි සියල්ලෝම බලාපොරොත්තුවෙන් සිටින කාල වකවානුවකි මේ. එනිසාම එම එන්නත් පිළිබඳව වැඩි විස්තර හදාරා තිබීම ඉතාම වැදගත් ය. ඒ පිළිබඳව ඇමෙරිකානු සෞඛ්‍ය සේවා දෙපාර්ථමේන්තුව පලකර තිබූ ලිපියක සරල අනුවාදනයක් මෙලෙස ඔබ හමුවේ තබන්නේ එම දැනුම හැකි අයුරින් ඔබවෙතට බෙදා හැරීමේ  ඒකායන අරමුනෙනි.

https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/114CD/production/_115616807_057ad370-a022-44e7-9216-d73afca59581.jpg


කොවිඩ් 19 එන්නත ලබාදීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කොවිඩ් 19 රෝගය වැළඳීමෙන් ඔබව ආරක්ෂා කර ගැනීමයි. මෙම එන්නත ලබා ගැනීම නිසා ඔබට යම් අපහසුතා ඇතිවිය හැකිය. කොවිඩ් 19 රෝගයට එරෙහිව සිරුර තුල ප්‍රථිශක්තිය ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ඇතිවන අතුරුපල නිසා ඇතිවන එවැනි අපහසුතාපිළිබඳව ඔබ කිසිසේත්ම කලබලයට පත්වියයුතු නැත. ඒවා නිසා ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට බාධා එල්ලවිය හැකි නමුත් එන්නත ලබාගෙන දින කිහිපයක් ඇතුලත සියල්ල සාමාන්‍ය තත්වයට පත්වනු ඇත.

එන්නත ලබා ගැනීම නිසා ඇතිවිය හැකි ප්‍රධානතම සංකූලතා පහත පරිදි වේ.

https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/0745/production/_115616810_1958520e-e546-43ae-bc83-a810efaf178e.jpg

එන්නත ලබාදුන් අතෙහි,
වේදනාව හෝ ඉදිමීම.

එයට අමතරව,

  • උණ,
  • වෙව්ලීම,
  • වෙහෙසකරබව හා
  • හිසරදය ඇතිවිය හැක.


වේදනාව සමනය කරගැනීමට වෛද්‍ය නිර්දේශයන්ට අනුකූලව වේදනා නාශක ලබා ගැනීම සිදුකල හැක.

එසේම,
එන්නත ලබාදුන් අතට ව්‍යායාම ලබාදීම,
උණ තිබේනම්,
තරල වැඩිපුර පානය කිරීම හා සැහැල්ලු ඇදුම් භාවිතාව වැනි සරල ක්‍රියාකාරකම් මගින්ද ඔබට ඇතිවන අපහසුතා මග හරවා ගැනීම සිදුකල හැක.

සිරුරේ ඇතිවන අපහසුතා හා උණ සාමාන්‍ය තත්වයක් නමුත්,
එන්නත ලබාගත් අතෙහි ඉදිමුම හා තදබව ක්‍රමයෙන් වැඩි වේනම් හෝ එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වූ සංකූලතා දින කිහිපයකට පසුවත් පහව නොයයි නම් ළඟම ඇති රෝහල කරා යොමුවීම හෝ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් කරා යොමුවීම වඩාත් උචිත වේ.

එසේම,
මෙම එන්නත කලාතුරකින් අයෙකුට ආසාද්මික වීමේ සම්භාවිතාවයක් ඇතිනිසා එන්නත ලබා ගැනීම එවැනි සංකූලයක් ඇතිඋවහොත් ප්‍රථිකාර කිරීමට පහසුකම් ඇති ස්ථානයකදී හා පලපුරුදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති ස්ථානයකදී ලබා ගැනීම සිදුකල යුතුය. මෙයටපෙර අවස්ථාවන්වලදී ආසාද්මික සංකූලයන්ට ගොදුරු වී ඇති පුද්ගලයන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය. එනිසා ඒ පිළිබඳ නිවැරදිම තොරතුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීම සිදුකල යුතුය.

දෙවන මාත්‍රාව ලබා ගනීම,


දැනට සොයාගෙන ඇති කොවිඩ් 19 එන්නත් වර්ග දෙකෙන්ම වඩාත් නිවැරදි හා පුළුල් ආර්ක්ෂාවක් සලසා ගැනීමට නම් දෙවන මාත්‍රාවක් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කල යුතු වේ. Pfizer-BioNTech  එන්නත සඳහා පළමු එන්නත ලබාගත් දිනසිට දින 21කට පසුවත් Moderna  එන්නත සඳහා පලමු මාත්‍රාවේ සිට දින 28කට පසුවත් දෙවන මාත්‍රාව ලබා ගැනීම උචිත බවට නිර්දේශ කර ඇත.

එන්නත ලබාගත් පසුවත් නිර්දේශකර ඇති සෞඛ්‍ය උපදෙස් නිවරදිව පිළිපැදීම කොවිඩ් රෝගය මෙලොවින් තුරන් කිරීමට අත්‍යාවශ්‍ය බව තරයේ සිහිතබා ගන්න.

  • අන්‍යයන් අතර ගැවසීමේදී මුඛය හා නාසය නිසිලෙස ආවරණය වනසේ මුඛ වැස්මක් (MASK) පළදින්න. 
  • අන්‍යයන්ගෙන් අවම වශයෙන් අඩි 6ක පරතරයක් තබා ගන්න.
  • හැකි සෑම විටම සෙනග අතර ගැවසීමෙන් වලකින්න.
  • නිතර නිතර නිවැරදි ආකාරයට දෑත් සෝදන්න.


 
 




Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...