Wednesday, December 2, 2020

A successful Ayurvedic drug from Sri lanka against Covid 19


 

 


An Ayurvadic Doctor from Sri Lanka has developed a medicine which could be successful against covid 19 virus. The medicine was administered to a group of volunteer patients from a Covid treatment center in the eastern area. Western doctors have observed that these patients are getting better after the medicine; in fact the result was quite amazing. Sri Lankan president Gotabaya Rajapaksha has already given instructions to the state minister Channa Jayasumana to conduct a proper examination about the drug. 


 

Minister of health, Pavithra Wanniarachchi also took a part in the drug trial. An expert committee was also appointed by the health ministry to study the drug and to draft guidelines about using this drug in the battle against covid 19 virus.

Friday, November 20, 2020

කොවිඩ් 19 වෛරසය පිළිබඳව සිදුකල නවතම හෙලිදරව්වක් මෙන්න....Covid-19 secrets revealed...

 

Tribute to all the people including doctors and nurses who are risking there lives in the fight against Covid 19

 

වෛද්‍ය ලීසා ග්‍රලෙන්ස්කි(Lisa Gralinski) ඇමරිකාවේ වෙසෙන,  කොවිඩ් -19 වෛරසයට එරෙහිව දිවා රෑ නොබලා සටන් වදින කණ්ඩායමට අයත් ප්‍රධාන පෙලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා වෛද්‍යවරියකි. පහත දැක්වෙන්නේ එතුමිය haverford collage වෙබ් අඩවියට ලබාදුන් සම්මුඛ් සාකච්චාවකින් උපුටාගත් කරුණු කිහිපයකි.


ඔවුන්ගේ කණ්ඩායම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත්තේ කොරෝනා වෛරසයට ආසාධිත රෝගීන්ගේ ප්‍රථිශක්තීකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව හා එක් එක් පුද්ගලයාගේ ප්‍රවේණික වෙනස්කම් වලට අදාලව එම ප්‍රථිචාර වෙනස්වන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමටයි.

මානව කොරොනා වෛරසයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔබ පෙළඹවූ සාධක මොනවා ද?

වෛද්‍ය අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව මාගේ බලාපොරොත්තුව වූයේ, මිනිසාගේ සෞඛ්‍යයට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරන වෛරස මිනිසා රෝගී කරන්නේ කෙසේ ද කියා සොයා බැලීමයි.
එවක ලෝක ජනතාවට බලපෑම් කරමින් තිබූ SARS, MERS වැනි මානව කොරෝනා වෛරසයන් පිළිබඳව සිදුවෙමින් පැවති විද්‍යාත්මක අධ්‍යයනයන්ට සම්බන්ධ වී කටයුතු කිරීමට මා පෙළඹුනා. මෙම වෛරසන් දෙකම සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේශනය වූ මානව කොරෝනා වෛරස ප්‍රබේද වන අතර නුදුරේදේම තවත් මෙවැනි වෛරසයන්ගේ බලපෑම් මානව වර්ගයාට එල්ලවීමේ අවධානම පිළිබඳව අප දැනුවත්ව සිටියා.
කොවිඩ් 19 වෛරසය පැමිණීමට පෙර අප පරීක්ෂණකරමින් සිටියේ ප්‍රථිවෛරස් ඖෂධයන් මානව කොරෝනා වෛරසයන්ට එරෙහිව කෙසේ ප්‍රථිචාර දක්වන්නේ ද යන්න පිළිබඳවයි. එම පරීක්ෂණයන්ගේ දත්ත ද අප විසින් කොවිඩ්-19 ට එරෙහි සටනට යොදා ගනිමින් සිටිනවා.
කෙසේ නමුත් කොවිඩ්-19 වෛරසය ලෝක ප්‍රජාවට එරෙහිව සිදුකරමින් පවතින බලපෑම අප කිසිදිනක මෙවැනි වෛරසයකින් සිදු වේ යැයි බලාපොරොත්තු වූ මට්ටමට වඩා අති විශාලයි.



මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය පිළිබඳව ඔබ කණ්ඩායම සිදුකරමින් පවතින නවතම පරීක්ෂණ මොනවා ද?

මා වඩාත් උනන්දු වන්නේ මානව ප්‍රථිශක්තීකරණ පද්දතිය මෙම වෛරසයට එරෙහිව කෙබඳු ආකාරයේ ප්‍රථිචාරයක් දක්වනවා ද යන පිළිබඳව සොයා බැලීමටයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. එම ප්‍රථිචාරය අනුව ඔහුට/ඇයට වෛරසය මගින් සිදුවන බලපෑමේ තරම හා ස්වාභාවය තීරණය වනවා.
වෛරසයකින් පුද්ගලයෙකුට ඇතිවන බලපෑමේ තරම ඔහුගේ/ඇයගේ සිරුරට ඇතුළු වූ වෛරස ප්‍රමාණය, ඔහුගේ/ඇයගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය හා වයස වැනි සාධක අනුව තීරණය වනවා. එසේම ඔහුගේ/ඇයගේ ජානමය පසුබිමත් මේ සඳහා පැහැදිලි බලපෑමක් සිදුකරන බව මේ වනවිට පරීක්ෂණ මඟින් ඔප්පු වී තිබෙනවා.
පරීක්ෂණාගාර තුල මීයන් ඇසුරින් අප සිදුකරන පරීක්ෂණ මගින් උත්සාහ කෙරෙන්නේ අපගේ ජාන පද්දතියේ කුමන කොටස් මෙම වෛරසයට එරෙහි සටනේදී කුමන ආකාරයට කටයුතු කරන්නේ දැයි අනාවරණය කරගැනීමටයි. එවිට ජාන පද්දතියට සිදුකරන වෙනස්කම් මගින් වෛරසයට එරෙහිව මිනිස් සිරුර වඩාත් හොඳින් සූදානම් කිරීමටත්, එමගින් වෛරසයට එරෙහි සටනින් වඩාත් හොඳ ප්‍රථිපල ලබා ගැනීමටත් අපට හැකි වෙනවා.


පර්යේෂණාගාර තුල සිදුකෙරෙන පරීක්ෂණ මගින් කොවිඩ් 19 වෛරසය පිළිබඳ ඔබ කණ්ඩායම අනාවරණය කර ගැනීමට බලාපොරොත්තුවන වෙනත් වැදගත් කරුණු මොනවා ද?

කොරෝනා වෛරසයට ගොදුරුව, රෝහල්වල ප්‍රථිකාර ලබා, නිවෙස්වලට පිටව ගිය ඇතැම් රෝගීන්ගෙන් වාර්ථාවන අසාමාන්‍ය අතුරු ඵල (side effects) පිළිබඳව වෛද්‍යවරු අපව දැනුවත් කර තිබෙනවා. ආඝාත තත්වයන් හා පෙනහලු තුල සියුම් ලේ කැටි ඇතිවීම ඒ අතරින් කිහිපයක්. කොවිඩ්-19 ආසාදනය කල මීයන් ඇසුරින් ඒවා පිළිබඳව වැඩිදුර සොයා බැලීමට අප කටයුතු කරමින් සිටිනවා.


කොවිඩ් 19 වෛරසය ඇතැම් පුද්ගලයන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොකරන අතර ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික ප්‍රථිපල ඇති කරයි. එසේ වන්නේ ඇයි?

මේ සඳහා වන පිළිතුරේ එක් කොටසක් වන්නේ අප ඒ පිළිබඳව තවමත් කිසිවක් නොදන්නා බව පැවසීමයි.
එසේම එහි අනිත් කොටස අප විසින් මින් පෙර අධ්‍යයනය කර SARS, MERS යන වෛරසයන් හා බැඳී පවතිනවා.මෙම මානව කොරෝනා වෛරසයන් සිරුරට ඇතුළු වී මුල් කාලයේදී කටයුතු කරන්නේ ඉතාම රහසිගතව බව අප සොයාගෙන තිබෙනව. මානව ප්‍රථිශක්තීකරන පද්දතිය මගින් හඳුනාගැනීමට පෙර සිරුරතුල ප්‍රථිගුණනය වී විශාල වෛරස් ප්‍රමාණයක් ඇතිකර ගැනීමට මෙම වෛරසයන්ට හැකියාව තිබෙනවා. ඇතැම් විට මේ සඳහා පැය 24ක් කාලයකටත් වැඩි කාලයක් ගත්විය හැකියි. එම කාලය වෛරසයට ප්‍රථිගුණයන් 250කට අධික ප්‍රමාණයක් සිදු කර ගැනීමට උවත් ප්‍රමාණවත් තරම් කාලයක්. මෙම රහසිගත ස්වාභාවය ඉන්ෆ්ලුවින්සා වැනි වෙනත් වෛරස ප්‍රභේදවල දක්නට නොලැබෙන විශේෂ ලක්ෂණයක්. මෙය කොවිඩ්-19 වෛරසයටත් එලෙසම අදාල වේදැයි අප තවම හරියටම නොදනිතත්, එය එසේනම්, මානව ප්‍රථිශක්තීකරණ පද්දතිය සටනට පිවිසීමට පෙර සිය බලමුලු ශක්තිමත් කරගැනීමට වෛරසයට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දෙනවා.









 

Thursday, October 8, 2020

දෙහි යුෂ හොඳ ද නරක ද? මෙන්න නියම ඇත්ත...Benefits of lime juice


 දෙහි යුෂ හොඳ ද නරක ද? මෙන්න නියම ඇත්ත...Benefits of lime juice



දෙහි යුෂ යනු ප්‍රතිඔක්ෂිකාරකයන්ගෙන් අනූන අනර්ඝ පෝෂණ මාධ්‍යයක් බව පලමුවෙන්ම කිව යුතුය. එක් දෙහිගෙඩියකට පමණක් අපගේ විටමින් සී දෛනික් අවශ්‍යතාවයෙන් 32%ක ප්‍රමාණයක් පමණ සපුරාලිය හැකිබව මේවන විට සොයාගෙන ඇත. මේ සියල්ලටම අමතරව තවත් වැදගත් විටමින් හා ඛණිජ ලවණ ගනනාවක් දෙහියුෂවල අන්තර්ගතව ඇත.

මෙවන් පෝෂණීය වටිනාකමක් ඇති දෙහි යුෂ පානය කිරීමෙන් ලබාගත හැකි වාසි පහත පරිදි කැටිකොට දැක්විය හැක.



1.ප්‍රථිඔක්ෂිකාරක ලබාදෙන ප්‍රමුඛපෙලේ මාධ්‍යයකි.

2.හදවතේ යහ පැවැත්මට උපකාරී වේ.

3.සමේ යහ පැවැත්මට උපකාරීවන අතර වයසට යාමේ ලක්ෂණ පලවා හරී.

4.ආහාර ජීර්ණය පහසු කරයි.

5.ප්‍රථිශක්තීකරණ පද්දතිය ශක්තිමත් කරයි.

6.පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාරීවන අතර සිරුරේ බර වැඩිවීම පාලනය කරයි.

7.වකුගඩුවල යහ පැවැත්ම සඳහා උපකාර කරයි.

8.සිරුරට යකඩ උරා ගැනීමේ ක්‍රියාවලියට උපකාර කරයි.

ඔබගේ සිරුරට දෙහියුෂවල ඇති පෝෂණයන් ලබා ගැනීමට ඇති පහසුම මගක් නම් ඔබ දිනපතා බොන ජලයට දෙහි බින්දු කිහිපයක් එක් කිරීමයි. ඔබ නිවසේ හෝ සේවය කරන ස්ථානයේ හෝ භාවිතාකරන ජල බඳුනට දෙහි යුෂ බිංදු කීපයක් එක් කිරීමෙන් එම ජලයටද වඩාත් නැවුම් බවක් එක් වේ. මීට අමතරව වෙනත් බීම වර්ග සෑදීමේදී ද දෙහි යුෂ එක්කර ගැනීම සිදුකල හැක.


 


Wednesday, June 3, 2020

කාබන් ෆුට් ප්‍රින්ට් යනු කුමක් ද?....All about carbon footprint ...




කාබන් ෆුට් ප්‍රින්ට් සංකල්පය...

කාබන් ෆුට් ප්‍රින්ට් යන සන්කල්පය පිලිබඳ මා මුලින්ම දැන ගත්තේ ඉතා මෑතකදීය. එය අප සැමවිසින් දැන ගතයුතු ඉතා වැදගත් සංකල්පය නිසා ඒ පිලිබඳ ඔබව ලුහුඬින් දැනුවත් කිරීම උචිතයැයි මට හැඟී ගියේය.

කාබන් ෆුට් ප්‍රින්ට් (Carbon footprint) / කාබන් පිය සටහන  යනු කුමක් ද?

මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරිනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය (මූලිකවම කාබන් ඩයොක්සයිඩ් වායුව) මෙලෙස හැඳින් වේ. මෙය එක් පුද්ගලයෙක් මඟින්, එක් පවුලක් මඟින්, යම් ක්‍රියාකාරකමක් මඟින්, යම් සංවිධානයක් මඟින් හෝ යම් රටක් මඟින් ආදී වශයෙන් මැනීමට හැකියාව ඇත.

ඔබේ  කාබන් පිය සටහන කුඩාකරගත හැක්කේ කෙසේ ද?

මේ සඳහා ඔබට ගත් හැකි ඉතාම වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ මාංශ ආහාරයට ගැනීම නතර කිරීම යි.එනම් නිර්මාංශ ආහාර රටාවකට හුරු වීමයි.


ඊට අමතරව,

  1. විදුලි උවාරණ භාවිතාව අවම කිරීම
  2. ඉන්ධන මඟින් ධාවනය වන වාහන භාවිතාව අවම කිරීම
  3. අනවශ්‍ය පරිදි ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමෙන් වැලකී සිටීම
  4. ගෙවතු වගාව
  5. කාබනික ආහාර පරිභෝජනයට ගැනීමට හුරුවීම
  6. ඇඳුම් වියලීමේදී හැකිතාක් ස්වාභාවික හිරු එළිය භාවිතයට ගැනීම 

ආදී සරල පියවරයන් ද ඔබේ කාබන් පිය සටහන කුඩා කර ගැනීමට උපයෝගීකරගත හැක. ඔබේ කාබන් පියසටහන කුඩා කර ගැනීමෙන් ඔබ පරිසරයට සිදුකරන හානියද අවම වන අතර එය ඔබට මෙන්ම මතු පරපුරටද මේ ලෝකය සුන්දර, ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්කර ගැනීමට හේතුවනු ඇත.


Monday, January 27, 2020

කොරෝනා වෛරසය ගැන නියම ඇත්ත මෙන්න...The truth about the new Corona virus (2019-nCoV) outbreak



කොරෝනා වෛරසය ගැන නියම ඇත්ත මෙන්න...

කොරෝනා කියලා කියන්නෙ වෛරස් පවුලක්. මේ වර්ගයේ වෛරස නිසා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක ඉඳන් ඊට වඩා භයානක රෝග උදා-සාර්ස් (Severe Acute Respiratory Syndrome (SARS) ) වගේ තත්වයන් දක්වා රෝග ඇතිවිය හැකියි.

මේ වර්ගයේ වෛරස බොහෝවිට සැරිසරන්නේ සතු අතර. නමුත් සමහරක් ප්‍රභේද සතුන්ගේ මිනිසාට පැතිරී ඇතිබව වාර්ථා වෙනවා. මේ දිනවල චීනයේ පැතිර පවතින කොරෝනා වෛරස ප්‍රභේදයත් එසේ සතුන්ගෙන් මිනිසාට පැතිර ඇතැයි සැක කෙරෙන අතර එය නම්කර ඇත්තේ novel coronavirus (2019-nCoV) ලෙසටයි. මෙය හඳුනා ගැනෙන්නේ එසේ සතුන්ගෙන් මිනිසාට පැතිර ආ හත්වන කොරෝනා වෛරස ප්‍රභේදය ලෙසයි.

මෙම නව වෛරස් ප්‍රභේදය චීනයේ වුහාන් පලාතේ මුහුදු ආහාර වෙලඳ මද්‍යස්ථානයකින් පැතිරයාම ආර්ම්භ වූ බවට සැක කෙරෙන අතර, මෙම වෙළඳ මධ්‍යස්ථානයේ නීති විරෝධී ලෙසට පණ ඇති සතුන්ද අලෙවි කෙරෙන බවට වාර්ථා පල වී ඇත. 
මෙම නව වෛරස් ප්‍රභේදය අධ්‍යයනය කර සොයාගෙන ඇත්තේ මෙය සර්පයන්ගෙන් මිනිසා වෙතට පැතිර යාම සිදු වී ඇති බවයි.

මේ වනවිට මේ නවතම කොරෝනා වෛර්ස ප්‍රභේදය නිසා චීනය තුල පුද්ගලයන් 2744ක් ආසාදනයට ලක්ව ඇති අතර 81ක් මියගොස් ඇත. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, ප්‍රන්ශය, ජපානය, මැලේශියාව, නේපාලය, සින්ගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, ඇමරිකාව හා වියට්නාමය යන රටවලින් ද රෝගීන් හමු වී ඇත.

 අද (2020.1.27) දිනයේදී ලන්කාවේ ද පලමුවන කොරෝනා වෛරස ආසාදිත රෝගියා හමු වී ඇත. ඇය චීන ජාතික කාන්තාවක් වන අතර, සන්චාරයක් නිමවා ආපසු චීනය බලා යාමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ දී රෝගී වීම නිසා රෝහල් ගතකර ඇත. 

මෙම වෛරසය ආසාදිත එක් පුද්ගලයෙකුගෙන් ආසන්න වසයෙන් 5දෙනෙකුට පමණ බෝවීම සිදුවන බව ගණනය කර ඇත.

රෝග ලක්ෂණ
  • උණ, කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා
  • වඩාත් බරපතල තත්ව වලදී නිව්මෝනියාව, සාර්ස්, වකුගඩු අකර්මන්‍ය වීම හා මරණය

රෝග ලක්ෂණ මතුවීම වෛරසය සිරුරට ඇතුළු වී දින 14 කදී පමණ ඇතිවේ. මෙම කාලය තුලදී ද රෝග ලක්ෂණ රහිත උව ද වෛරසය වෙනත් අයට පැතිරී යාම සිදු වේ.


වලකාගැනීම
ලෝක සෞඛ්‍ය සන්විධානයයේ නිර්දේශයන්ට අනුව,
  • අත්වල පිරිසිදුභාවය ඉතා වැදගත්ය. ඒ සඳහා සබන් හා ජලයෙන් අත හොඳින් සේදීම කල යුතු වේ.
  • කිවිසීමේ දී හෝ/හා කැස්ස ඇති වීමකදී වැලමිටෙන් මුඛය ආවරණය කර ගැනීම
  • මස් හා මාළු හොඳින් පිස ආහරයට ගැනීම


Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...