Tuesday, February 19, 2019

විවිධ රෙදි සෝදන යන්ත්‍ර වර්ග හා ඒවායේ වාසි සහ අවාසි හඳුනා ගනිමු...Advantages and disadvantages of various Washing machines..

විවිධ රෙදි  සෝදන යන්ත්‍ර වර්ග හා ඒවායේ වාසි සහ අවාසි හඳුනා ගනිමු...Advantages and disadvantages of various washing machines..



Washing machines is one of the most essential tools in a household. It is useful not only to save your time and energy but also to lead a healthy life.

Front Loading Washing machines

වාසි
  • රෙදි ඇතුළු කිරීමේ දොරටුව ඉදිරිපසින් ඇත. රෙදි ඇතුළු කිරීම වඩාත් පහසුය.
  • එසේම සේදීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා පලදායීතාවය වෙනත් යන්ත්‍රවර්ග වලට වඩා ඉහලය.
  • කැරකීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්ය. (Fast spin circle). එනිසා අවශ්‍යවන වතුර ප්‍රමාණය සාපේක්ෂව අඩුය. එනිසාම අඩු කාලයකින් රෙදි වේලාගත හැක. වෙනත් රෙදි සෝදන යන්ත්‍ර හා සැසඳීමේදී මෙම වර්ගය භාවිතා කරන වතුර ප්‍රමාණය අඩකින් පමණ අඩුය.  එනිසා ජල බිල්පතටද සහනයක් සැලසේ.

අවාසි
  • අධික දෙදරීම. එනිසා මෙවැනි වර්ගයේ රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් රෙදි සෝදන ස්ථානය ඔබේ නිදන කාමරය, සාලය වැනි ස්ථාන වලින් හැකිතාක් ඈත්කර තබන්න.
  • මිල අධික වීම

Space Saving Washing machines
වාසි
  • ඉතා අඩු ඉඩක් පමණක් අවශ්‍යය වීම. අපාර්ට්මන්ට්ස් වැනි ඉඩකඩ අඩු ස්ථානවලදී භාවිතයට ඉතා උචිතය.

අවාසි
  • එකවරකට සේදිය හැක්කේ ඉතා අඩු රෙදි ප්‍රමාණයක් පමණක් වීම මෙහි ඇති ප්‍රධානතම අවාසියයි.එනිසා තරමක පවුලක භාවිතයට එතරම් උචිත නැත.

High Energy Efficient Top Loader Washing machines
 
වාසි
  • නවතම තාක්ෂණික උපක්‍රමයන් භාවිතාවෙන් නිපදවා ඇත. ඉතා අඩු ජල පරිමාවක් හා බලශක්ති ප්‍රමාණයක් වැය වේ. එනම් මෙවැනි රෙදි සෝදන යන්ත්‍රයකට වැයවෙන ජල ප්‍රමාණය සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍රයකට වැයවෙන ජල ප්‍රමාණයෙන් භාගයක් පමණ වේ. එනිසා ජල බිල හා විදුලි බිල ඉතිරි වේ.

අවාසි
  • අධි වේගයෙන් කරකැවීමේ තාක්ෂණය නිසා රෙදි එකිනෙක පැටලේ. එනිසා සේදුම අවසානයේ රෙදි අධික ලෙස පොඩි වී තිබිය හැක. (Wrinkled).
  • මිල අධික වීම

Top Loader Washing machines


වාසි
  • රෙදි සෝදන යන්ත්‍ර අතර මූලිකම හා සරලම වර්ගය යි. එනිසා භාවිතයට පහසු අතර මිලෙනුත් අඩු ය.

අවාසි
  • වැඩි ජල ප්‍රමාණයක් වැයවීම.
  • වැඩි බලශක්තියක් වැය වීම.

Sunday, February 17, 2019

රැකගත යුතු අක්මාව...The importance of liver...

රැකගත යුතු අක්මාව!Why the liver?



 
බොහෝදෙනෙක් අක්මාව ගැන දක්වන්නෙ බොහොම අඩු සැලකිල්ලක්. කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාගෙ ඇඟේ තියෙන වටිනාම අවයව අතර අක්මාවට හිමිවෙන්නෙ කී වෙනි තැනද කියලා බොහෝ විට හිමිවෙන්නෙ බොහොම පහල අගයක්.

නමුත් මේ නොනවත්වා වැඩකරන අක්මා හාදයා ආහාර බිඳ හෙලීම, විශබීජ සමඟ සටන් කිරීම වගේම රුධිරයට එක්වෙන අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ පෙරා දැමීම වගේ බොහොම වැදගත් කාර්‍යයන් රැසකට දායක වෙනවා. කොටින්ම කිව්වොත් අපිට, ඔයාට අක්මාවක් නැතුව පණ රැකගන්න බැහැ. ඒ නිසා අක්මාව ගැන, අක්මාවට වෙන හානි ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

වාසනාවකට වගේ අක්මාවට වෙන හානි වලක්වාගන්න, ඒ හානිවල තීවෘතාවය අඩු කරන්න වගේම හානි ප්‍රථිවර්ථනය (ආපස්සට හරවන්න) කරන්නත් බොහෝවිට හැකියාව තියෙනවා.

අක්මාවට හානි
අක්මාවට හානිගෙනදෙන සාධක බොහොමයක් තිබුණත්, මේ ඕනෑම සාධකයකින් හානිය වෙන ක්‍රමයනම් බොහෝවිට එකමයි. මුලින්ම වෙන්නෙ අක්මාව ඉදිමීම; දෙවෙනුව අක්මාවේ කැලැල් හටගැනීම සිදුවෙනවා. මේ කැලැල් fibrosis (තන්තුමතාව) කියන නමින් හඳුන්වනවා. ප්‍රථිකාර මඟින් මේ තත්වය  යතාවත්කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රථිකාර නොලැබී ගියොත් මේ කැලැල් ස්ථිර කැලැල්බවට පත්වෙනවා. මේ තත්වය සිරෝශියාව (cirrhosis) ලෙසට හැඳින්වෙනවා.  මේ තත්වය නිසා අක්මාවට සිය කාර්‍යයන් නිසිලෙස ඉටු කිරීම අපහසු වෙනවා. ඉන් අනතුරුව නැත්නම් අවසානයට එන්නේ අක්මාව අකර්මන්‍ය වීම (liver failure) ලෙසින් හඳුන්වන අවස්ථාවයි. මේ අවස්ථාව වනවිට අක්මාවේ ක්‍රියාකාරීත්වය බොහෝදුරට හෝ සම්පූර්ණයෙන්ම ඇණහිටලා. මේක පැහැදිලිවම මරණයට අතවනන තත්වයක්.

රෝග ලක්ෂණ
මුල් කාලයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. නමුත් තත්වය වඩාත් අයහපත් වද්දී, සම කැසීම, සම පහසුවෙන් බිඳීයාම, සම හා ඇස් කහපාට විම (සෙංගමාලය - Jaundice ), උදරයේ වේදනාව, ආහාර අරුචිය, අත් පා දණහිස් හා බඩ ඉඳිම්ම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.

තීව්‍ර වෘක්ක අකරණිය - acute liver failure
බොහොමයක් අක්මාරෝග කාලීන ඒවා වන අතර එම තත්ව වසර ගණණාවක් තිස්සේ සෙමෙන් වැඩි වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදු වේ. නමුත් සමහර අවථා වලදී එම ක්‍රියාවලිය ඉතාම ඉක්මනින් සිදු වී අක්මාව අසමත් කරයි. මේ තත්වයේදී ද රෝග ලක්ෂණ කාලීන වෘක්ක අකරණියට සමානය. නමුත් අක්මාව අකර්මන්‍ය වීමට ගතවන කාලය සතියක්, දින කිහිපයක් දක්වා තරම් කෙටි වේ. මෙම තත්වය මරණීය වන අතර රෝග ලක්ෂණ පහලවන විගසම වෛද්‍යවරයෙකු හමුවීම ඉතාම වැදගත් වේ.

රෝගයට හේතු
සමහරක් අක්මා රෝගවලට හේතු වන්නේ විවිධ රෝගාබාධයි. නමුත් අනිකුත් අක්මාරෝග ඇති වීමට කෙලින්ම බලපාන්නේ ජීවන රටාවයි. මේවා පාලනය කිරීමට අපට හැකියාව පවතී. උදා-ව්‍යායාම, මත්පැන් පානය

ස්ථුලතාවය

රටක ජනතාව අතර ස්ථුලතාවය පැතිරයාම හා අක්මාරෝග අතර සෘජු සම්බන්ධතාවයක් පවතී. සිරුරේ බර වැඩිවත්ම ඇල්කොහොල් නිසා නොවන එනම් අකමාවේ මේධය තැන්පත් වීම නිසා හටගන්නා අක්මා රෝග (non-alcoholic fatty liver disease) ඇතිවීමේ අවධානම ඉහල නඟී. අක්මාවේ මේධය තැන්පත් වීම බොහෝවිට හානිකර නොවන තත්වයක් නමුත් සමහරක් පුද්ගලයන්ට  මේ තත්වය හානිකර වී අක්මා සිරෝශියාව (cirrhosis) දක්වා වැඩි වර්ධනය වීමේ ඉඩකඩක් ඇත.

ඇල්කොහොල්
සුමිහිරි පානය පදම නොදැන ගැනීම නිසා හානියට පත්වෙන තවත් තවත් අවයවයක් තමා අක්මාව. ඒකට හේතුව තමා රුධිරයේ ඇති ඇල්කොහොල් පෙරා ඉවත් කිරීමේ කාර්‍යය අක්මාව විසින් ඉටු කරන්නක් වීම. මේ කාර්‍යාවලියේදී නිපදවෙන රසායනිකයන් අක්මාවට හානි පමුණුවයි. මේලෙසට දීර්ඝ කාලයක් අධිකව මත්පැන් පානය කිරීම නිසා අවසානයේ අක්මා සිරෝසියාව ඇතිවීම හා අක්මාව අක්‍රිය වී යාම (LIVER FAILURE) සිදු විය හැක.

ඖෂධ
ඇතැම් ඖෂධ වර්ග නිසාද අක්මාවට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව හානි සිදුවීම විය හැකියි. මේවා අතර ඇතැම් ප්‍රතිජීවක වර්ග, වේදනා නාශක ආදී ඖෂධ වර්ගද වන අතර සාමාන්‍යයෙන් මේවැනි ඖෂධ අධිමාත්‍රා වලින් ගැනීම නිසා හෝ ඖෂධ සමඟ මත්පැන් පානය කිරීම නිසා අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි.එසේම හෙරොයින් කොකේන් වැනි විෂ මත් ද්‍රව්‍ය නිසාද සමහරක් රසායනික වර්ග නිසා ද අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි. 

ආසාදන
හෙපටයිටිස් හා වෙනත් වෛරස් ආසාදන නිසාද කෙටි හෝ දීර්ග කාලීන වශයෙන් අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි.
(විෂ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට එන්නත් කටු හවුලේ භාවිතා කිරීම, අනාරක්ෂිතව සිදුකරන ලිංගික සම්බන්ධතා හා දූෂිත ජල මූලාශ්‍ර හා දූෂිත ආහාර පරිහරණය කිරීම මඟින් හෙපටයිටිස් රෝගකාරක වෛරසය මඟින් ආසාධනය වීම සිදුවිය හැක.)

ප්‍රතිශක්තීකරණ පද්දතිය
ප්‍රතිශක්තීකරණ පද්දතියේ ඇතිවන අධික්‍රියාකාරී තත්ව (Autoimmune Conditions) නිසාද අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැක. මෙහිදී අක්මාව ඇතුළු සිරුරේ කොටස් වලටම පහරදීමට ප්‍රතිශක්තීකරණ පද්දතිය පෙළඹෙන අතර එම තත්වය පාලනය කිරීමට සුදුසු ඖෂධ වෛද්‍ය නිර්දේශවලට අනුකූලව භාවිතා කිරීමට රෝගී පුද්ගලයාට සිදු වේ.

අක්මා ප්‍රනාල අවහිර වීම
සමහර රෝගී තත්ව නිසා අක්මාවේ ඉඳන් බඩවැල්වලට පිත ගෙනයන ප්‍රණාල අවහිරවීම සිදුවෙනවා. උදා:-Primary sclerosing cholangitis, Budd-Chiari syndrome. පිත්තාශයේ ගල් ඇතිවීම නිසාත් පිත්ත ප්‍රණාල අවහිරවීම සිදු වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පිත්ත ප්‍රණාල අවහිරවීම අක්මාවට ඉතාම හානිකර විය හැකියි.

පිළිකා තත්ව
විවිධ පිළිකා තත්ව නිසා අක්මාවට හානි සිදුවීම විය හැකියි. බොහෝවිට සිදුවන්නේ සිරුරේ වෙනත් ස්ථානයක් මුල්කරගනිමින් ඇතිවූ පිළිකා තත්වයක් අක්මාවකරා ව්‍යාප්ත වීම. කෙසේ නමුත් අක්මාවේ මේධය තැන්පත්වීම, සිරෝසිස්, හෙපටයිටිස් හා අක්මාව අක්‍රමන්‍යවීම වැනි තත්ව වලදී අක්මාවෙන්ම ඇරඹුණු පිළිකා තත්වයක් වර්ධනය වීමේ විශාල අවධානමක් තිබේ. එනිසා මෙවැනි තත්වසහිත රෝගීන් ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතු අතර නිරන්තර වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වේ.

ප්‍රවේණිගත තත්ව (Genetic conditions)සමහර පුද්ගලයෝ අක්මාවට විනකරන බොහොම කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රවේණිගත රෝගී තත්ව වලින් පීඩා විඳිනවා. මේවායේ රෝග ලක්ෂණ සමහර අයගේ කුඩා අවධියේමත් තවත් සමහරුන්ගේ වයස අවු 40-50 තරම් වැඩිහිටි අවදියේදීත් ඉස්මතු වෙනවා. උදා:-Alpha-1 antitrypsin deficiency (A1AD). මේ රෝගී තත්වයේදී වෙන්නෙ අක්මාවේ ආරක්ෂාවට වැදගත්වෙන එක්තරා විශේෂිත ප්‍රෝටීනයක් සිරුර තුල ප්‍රමාණවත් තරම් නිශ්පාදනය නොවීමයි. ඒ වගේම Hemochromatosis කියන රෝගී තත්වයේදී වෙන්නෙ අනවශ්‍ය තරම් යකඩ ප්‍රමාණයක් අක්මාව තුල නිපදවීම සිදුවීමයි. ඒ වගේම Wilson disease කියන රෝගී තත්වයේදී අක්මාවේ විශාල වශයෙන් තඹ තැන්පත්වීම සිදු වෙනවා.

රෝග නිර්ණය (Diagnisis)
අක්මාවේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට ඔබේ වෛද්‍යවරයා මුලින්ම නියම කරනු ඇත්තේ රුධිර පරීක්ෂාවන් කිහිපයක්. ඊට අමතරව අවශ්‍යතාවය පරිදි ultrasound, CT scan, MRI scan වැනි පරීක්ෂණ මගින් අක්මාවට සිදුවී ඇති හානිය ගණනය කිරීමට වෛද්‍යවරයාට හැකියාව තියෙනවා. සමහර පුද්ගලයන් සඳහා පටක විශ්ලේෂණ පරීක්ෂාවක් (Biopsy) සිදු කිරීමද වෛද්‍යවරු විසින් සිදු කරනු ලබනවා. මෙහිදී වෛද්‍යවරයා විසින් සියුම් ඉදිකටුවක් භාවිතයෙන් අක්මාවෙන් පටක සාම්පලයක් ලබාගෙන එය වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කරනවා.

ප්‍රථිකාර
අක්මාරෝග බොහොමයක් මුල් අවධියේදීම ජීවන රටාවේ සිදුකරගනු ලබන වෙනස්කම් වලින් සම්පූර්ණයෙන්ම සුව කරගත හැකියි. එපමණක් නොවෙයි. සමහර බරපතල අක්මා රොගී තත්වයන් පවා වලකවා ගැනීමට හා පාලනය කිරීමට ජීවන රටාවට සිදුකරගනු ලබන වෙනස්කම් තුලින් හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් අක්මා රෝගවලට ප්‍රථිකාර කිරීමට ස්ටීරොයිඩ් ප්‍රථිකාර (steroids), ශල්‍යකර්ම හා වෙනත් අදාල ප්‍රථිකාර විධිද වෛද්‍යවරු විසින් භාවිතා කරණු ලබනවා.

මත්පැන් අත්හරින්න.
අක්මාව සෞක්‍යමත්ව පවත්වාගැනීමට, අක්මාවේ හිතසුව පිණිස මත්පැන්පානය අතහැර දැමීම හෝ සීමා කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. මේ සඳහා ඔබට වෛද්‍ය ප්‍රථිකාර වලට උවද යොමුවීම කල හැකියි. එනම්, මත්පැන් පානයට ඇති ඇබ්බැහිය සිඳ බිඳ දැමීමට සුදුසු ප්‍රථිකාර විධි මේවනවිට සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත් අක්මාවේ හිතසුව පිණිස කටයුතු කිරීමේදී දිනකට ගතහැකි මත්පැන් ප්‍රමාණය පිරිමියෙකුටනම් මත්පැන්වඩි දෙකකටද, කාන්තාවකටනම් මත්පැන් වඩි එකකටද සීමා කිරීම අවම වශයෙන් සෑහෙනබව කියවෙනවා.

 ආහාර හා ව්‍යායාම
ඔබ ස්ථුලනම් බර හැකිතාක් අඩුකර ගැනීම අක්මාවේ යහපැවැත්මට වැදගත් වෙනවා. මෙමගින් අක්මාවේ යහපැවැත්මට ලැබෙන රුකුලට අමතරව ඇතැම් අක්මාරෝග මුල් අවස්ථාවෙන්ම සුවකර ගැනීමටද හැකියාව තිබෙනවා. එසේම පුරුද්දක් වශයෙන් ව්‍යායාම කිරීමත් අක්මාවේ යහ පැවැත්මට වැදගත් වෙනවා. මෙහිදී සිරුරේ බර අඩු හෝ වැඩි වීම අදාල නොවන අතර ඕනෑම පුද්ගලයෙකුගෙ අක්මාවට ව්‍යායාම මගින් යහපත සැලසෙනවා. එසේම සමබල ආහාරවේල් ගැනීමත් අක්මාවේ යහපතට හේතු වෙනවා. මෙහිදී ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, කෙඳි බහුල ආහාර වර්ග ආහාරයට එකතුකර ගැනීමත් මේධය අධික, ලුණු අධික හා බදින ලද ආහාර (fried foods) හැකිතාක් සීමා කිරීමත් ඉතා වැදගත් වෙනවා.

අක්මා බද්ධය (Liver transplant)
අක්මාව නැවත ගොඩගත නොහැකි මට්ටමටම අක්‍රමන්‍ය වූ විට සිදුකලහැකි සුදුසුතම පිළියම වන්නේ රෝගී අක්මාව වෙනුවට නීරෝගී අක්මාවක් බද්ධ කිරීමයි. මෙහිදී බද්ධ කිරීම සඳහා සම්පූර්ණ අක්මාවක් සෑමවිටම අවශ්‍යය වන්නේ නෑ. ඒ වෙනුවට නීරෝගී අක්මාවකින් ලබාගත් කොටසක් පමණක් බද්ධ කිරීම බොහෝවිට සෑහෙනව. කාලයාගේ ඇවෑමෙන් එම කොටස සම්පූර්ණ අක්මාවක් දක්වාම වැඩි වර්ධනය වීම සිදුවන අතර අක්මා කොටස පරිත්‍යාගකල තැනැත්තගේද එලෙසම අක්මාව සාමන්‍යය තත්වය දක්වා වර්ධනය වීම සිදුවනවා.

ඖෂධ පිළිබඳ ඉතාම සැලකිලිමත් වන්න

ඖෂධ භාවිතාවේදී නියමිත මාත්‍රාව පමණක් ගැනීම අක්මාව රැක ගැනීමේ සටනට ඉතා වැදගත් වෙනවා. එසේම ඖෂධ භාවිතාකරන අතරවාරයේදී මත්පැනින් වැලකී සිටීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේම ඔබ දැනටමත් අක්මා සම්බන්ධ රෝගී තත්වයකින් පෙලේනම් කිසිඳු ඖෂධ වර්ගයක් වෛද්‍ය නියමයකින් තොරව නොගත යුතුයි.

නීරෝගීව සිටීමට ඔබේ සෞඛ්‍යය තත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන්න.
කාලයෙන් කාලයට වෛද්‍ය පරීක්ෂණවලට (medical check-ups) යොමුවී ඔබේ සිරුර හා එහි යහ පැවැත්ම පිළිබඳ වෛද්‍ය නිර්දේශ ලබා ගැනීම සිදු කරන්න. මේ සඳහා ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සහය ලබා ගන්න. එසේම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි අක්මාවට වින කරන වෙනත් රෝග තත්ව වලට වෛද්‍ය නිර්දේශවලට අනුකූලව නොකඩවා ප්‍රථිකාර ලබා ගැනීමත් ඉතා වැදගත් වේ.  

Sunday, February 3, 2019

How to control smartphone addiction...



 How To Control Smartphone Addiction ...




Smartphone Mania



It is not easy to understand weather you are a smart phone addicted person or not. But by checking the data on your smart phone you can see how much time you have spent with each program. The truth may be more serious than you think. The time has come to restrict the amount of time you spend with your smart phone. Make the smartest choice and follow these instructions as soon as possible.

alerts
You will occasionally be alerted by various apps on your phone to use that certain app. Keep them off. That will save you a lot of time.


Rubber band
If you are an addict of smartphones, your brain will frequently force you to use your mobile phone even if it is not necessary.It happens autonomously. You might not be fully aware of it. These actions actually rob so much of your valuable time.Anyway, a simple
 rubber band can help you avoid such incidents. A rubber band attached to the screen of a smartphone will prompt you to ask yourself if you are doing something that is unnecessary. If you don't feel like applying a rubber band, at least use a screen saver which says  "Do I need to use the phone right now?" .

Alarm
If you wake up in the morning with the alarm ring on the mobile phone, it will wake you up and force you to spend some time with the phone. The best solution is to use a separate alarm clock to wake you up. In addition, if you can charge your smart phone in a different room while you sleep, you will be kept away from using your smartphone.

The three days magic

 This particular magic was introduced by expertise who have being researching about how to control smart phone mania . So, this is basically a scientific magic; not really an illusion. The magic is pretty simple.. All you have to do is giving up using your smart phone, for three whole days . After three days, you can re-start using the phone; but this time only for basic needs such as making a call or sending a SMS.

If this is too hard a method for you to try, there is another, less difficult method you can try. . Instead of whole three days, you can avoid using all kinds of digital devices, including smart phones, one, two hours each day. Use this time to play a game, walk, or to engage in some other outside activities. 

Offline Fun
This is as simple as reading a book or going to the park with your family, but the event must be completely offline; you cannot use smartphones or connected to the internet even with a different deviceDon't even share anything related this event with social medias. You can also invite your friends or close relatives. But they too cannot use smartphones or connect to the internet while in the event.

Phone free zones
This is also an important concept. You can create phone free zones in your homeFor example, you can easily turn your bathroom or toilet into a cell phone free zone. You can also add your working place, conference room or even your bed room to this list.

Get rid of unwanted apps You
Basically, we need a phone to make phone calls, send text messages, or to check e-mails at max. There are certain apps in your phone which are associated with extra activities; you can decrease the phone usage time simply by removing these unnecessary apps. These apps usually consume a large portion of your valuable time . You can also save a lot of time simply by using a computer to deal with social media sites.


Using a Smart Phone smart
You can easily become a smart smart phone user. there are certain apps which are actually designed to let you use your smart phone smarter. These apps are designed to limit the usage of other unwanted or time consuming apps. And also there are some apps designed to motivate people to do more physical activities. For example, there are apps which can encourage you to take five thousand steps every day.


ස්මාර්ට්ෆෝන් මේනියාවෙන් අත් මිදෙන්නේ මෙන්න මෙහෙමයි...



ඔබ ෆෝන් මේනියාවෙන් පෙලෙන්නෙකුබව සමහරවිට ඔබම නොදන්නවා විය හැකියි. නමුත් ඔබේ ස්මාර්ට් ජන්ගම දුරකථනයේ දත්ත පරික්ෂාවෙන් ඔබටම බලාගත හැකියි එහි ඇති එක් එක් වැඩසටහන සමඟ ඔබ කොතරම්නම් කාලයක් ගතකර ඇතිද යන වග. එම දත්ත පවසන සත්‍යය තොරතුරු ඇතැම් විට ඔබ සිතනවාට වඩා බැරෑරුම් විය හැකියි. ඒවායින් පැවසෙන්නේ ඔබ ස්මාර්ට් දුරකථනය හා ගතකරන කාලය සීමා කිරීමට දැන් සුදුසු කාලය එළඹ ඇතිබව විය හැකියි.

alerts
ඔබේ දුරකථනයේ විවිධ ඇප්ස් මගින් විටින් විට ලබාදෙන ඇලර්ට්ස් මගින්  ඔබව එම ඇප් එක භාවිතාකිරීමට පොළඹවයි. ඒවා ක්‍රියා විරහිතකර තබන්න. එමඟින් ඔබට බොහෝ කාලයක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.


රබර් පටිය
ඔබ ස්මර්ට්ෆෝන් ම්විනියාවෙන් පෙලෙන්නෙක් නම්, ඔබේ මොළය විසින් ඔබව අනිච්චානුකකවම ජංගම දුරකථනය භාවිතවට පොළඹවනු ඇත. එනම් බොහෝවිට ඔබ එය ක්‍රියා කරවන්නේ ඔබම නොදැනුවත්වමය. සමහරවිට ඔබ දුරකථනය සමඟ කරන ගණුදෙණුව අත්‍යාවශ්‍ය එකක් නොවන බව ඔබටම පසුව වැටහෙනු ඇත. නමුත් ඒ වන විට ඔබ ඒ ක්‍රියාව සඳහා බොහෝ කාලයක් වැයකර අවසන්ය. එවැනි අනිච්චානුක ක්‍රියාවන් වලක්වා ගැනීමට රබර් පටිය ඔබට උපකාරීවනු ඇත. ස්මාර්ට් ෆෝනයේ ස්ක්‍රීන් එක හරහා යොදන රබර් පටියක් මඟින් ඔබ එවැනි ක්‍රියාවකට පෙළබෙන හැම විටකම ඔබ කරන්නේ අනවශ්‍ය ක්‍රියාවක්දැයි ඔබෙන්ම විමසීමට ඔබව පොළඹවනු ඇත. රබර් පටියක් යෙදීමට ඔබ පැකිලෙන්නේ නම් "මට මේ වෙලාවේ දුරකථනය භාවිතා කිරීමට අවශ්‍යද?" යනුවෙන් සඳහන් ස්ක්‍රීන් සේවරයක් භාවිතා කිරීම උවත් ප්‍රමාණවත්වනු ඇත.

එලාර්ම්
ඔබ උදෑසන අවදිවන්නේ ජන්ගම දුරකථනයේ එලාර්ම් නාදයෙන් නම්, එය ඔබව අවදි කරනවාට අමතරව ඔබව දුරකථනය සමඟ යම් කාලයක් ගත කිරීමටද පොළඹවනු ඇත. හොදම විසඳුම නම් ඔබව අවදි කිරීමට වෙනම එලාර්ම් ඔරලෝසුවක් භාවිතා කිරීමයි. එයට අමතරව, ඔබ නිදන අතරතුර වෙනත් කාමරයක් ඔබේ ස්මර්ට් ජන්ගම දුරකථනය ආරෝපණයේ යොදවන්නට හැකිනම්, ඔබව තවදුරටත් ඔබේ ස්මාර්ට් ෆෝනය භාවිතාවෙන් ඈත් කර තබනු ඇත.

දින තුනේ මැජික් එක
මේ මැජික් එක ගැන කියාදෙන්නෙ ෆෝන් මේනියාවෙන් පෙලෙන්නන් ගැන පරීක්ෂණ පවත්වන බොහොම විද්වත් උදවිය. ඒ නිසා මේක නිකම්ම නිකම් මැජික් එකක් නෙමෙයි විද්‍යාත්මක මැජික් එකක්. කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයයි. දවස් තුනක් ඔබේ ස්මර්ට් ජංගම දුරකථනය සමඟ තියෙන සියලු ගණුදෙනු අත් හැරිය යුතුයි. ඊට පස්සෙ පුළුවන් ආයෙමත් තමන්ට අත්‍යාවශ්‍ය ඒ කියන්නෙ කෝල් ගන්න එක, ටෙක්ස්ට් මැසේජ් යවන එක වගේ මූලික අංග වලින් ආපහු ජංගම දුරකථනය පාවිච්චි කිරීම ආරම්භ කරන්න.

මේ මැජික් එක බරපතල වැඩිනම් තව සරල දෙයක් තියෙනවා ඔයාලට අත්හදාබලන්න පුළුවන්. එක දිගට දවස් තුනක් වෙනුවට හැමදාම පැයක් හෝ දෙකක් ස්මාර්ට් උපාංග හා වෙනත් ඩිජිටල් උපාංග සමඟ කරන ගණුදෙනුවලින් මිදිල වෙනත් පුද්ගලයන් ඇසුරු කරන්න ඒ පැය හෝ දෙක භාවිතා කරන්න. පොඩි සෙල්ලමක් කරන්න, ඇවිදින්න යන්න එහෙම නැත්නම් වෙනත් ක්‍රියාකාරකමක යෙදෙන්න මේ කාලය උපයෝගීකරගන්න. දිනපතා කෑමෙන් පස්සෙ හැන්දෑවරුව වගේ කාලයක් මේකට අපූරුවට ගැලපෙනවා.


ඕෆ්ලයින් ෆන්
මේක පොතක් කියවනව හරි එහෙම නැත්නම් ඔයාගෙ පවුලෙ අයත් එක්ක පාර්ක් එකට යනවහරි වගේ හරිම සරල දෙයක් උනත් හොඳටම ප්‍රමාණවත්. වැදගත් වෙන්නෙ මේ ඉවෙන්ට් (event) එක සම්පූර්ණයෙන්ම ඕෆ්ලයින් එකක් ඒ කියන්නෙ අන්තර්ජාලය හෝ ස්මාර්ට් දුරකථනය හා කිසිදු අයුරකින් සම්බන්ධ නොවීම පමණයි. මේ ඉවෙන්ට් එකේ ෆොටෝස් සමාජ ජාල ගත නොකිරීමටත් ඔබ වග බලාගත යුතුයි. මේකට ඔබේ මිතුරනුත් හවුල් කරගන්න පුළුවන්. මේ ඉවෙන්ට් එක ෆෝන් භාවිතයෙන් තොර එකක් බවට මිතුරන්වත් දැනුවත් කරල ඔවුන්වත් ඒ සඳහා හවුල් කරගන්න පුළුවන්නම් එය වඩාත් වැදගත්.


ෆෝන් ෆ්‍රී කලාප (phone free zones)
මේකත් හරිම වැදගත් සංකල්පයක්. ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යම් යම් ස්ථාන දුරකථන භාවිතයෙන් තොර ස්ථාන බවට පත් කිරීම තමයි මේ සංකල්පයේ මූලිකම හරය වෙන්නෙ. උදාහරණයක් විදියට ගත්තොත් ඔබගේ නාන කාමරය හෝ වැසිකිලිය පහසුවෙන්ම ෆෝන් ෆ්‍රී කලාපයක් බවට පත් කරන්න ඔබට පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම ඔබේ සේවා ස්ථානයේ රැස්වීම් සාලාව, ඔබ දරුවන් සමඟ සෙල්ලම් කරන ස්ථානය වගේ ස්ථානත් මේ අතරට ගේන්න ඔබට හැකියාව තියෙනවා. 


අනවශ්‍ය ඇප්ස් ඉවත් කරන්න
ඔබට දුරකථනය මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ඇමතුම් ලබා ගැනීමට, කෙටි පණිවිඩ යැවීමට හෝ ඊ-මේල්ස් (e-mails) බැලීමට විය හැකියි. ඒ සඳහා අවශ්‍යය ඇප්ස් හැර අනිකුත් ඇප්ස් ඉවත් කිරීම මඟින් ඔබ නැවත නැවතත් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය අනවශ්‍යය ලෙස භාවිතා කිරීම වලක්වාගන්න පුළුවන්. උදාහරණයක් ලෙසට ගේම් ඇප්ස් දැක්විය හැකියි. මේවා මිනිසුන්ගේ කාලය ඉතා විශාල වශයෙන් කා දමනවා. එසේම සමාජ ජාල හා සම්බන්ධ වීමට පරිඝනකය පමණක් භාවිතා කිරීම මගිනුත් ඔබට විශාල කාලයක් ඉතිරිකරගත් හැකියි.


ස්මාර්ට් දුරකථනය ස්මාර්ට් ලෙස භාවිතා කිරීම
ඔව් මෙකත් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. ස්මාර්ට් දුරකථනවලට හදල තියෙන සමහරක් ඇප්ස් ඇත්තටම හදල තියෙන්නෙ ඒක භාවිතා කරන පුද්ගලයා ෆෝන් මේනියාවෙන් මුදා ගැනීමට. මේවාට පුළුවන් වෙනත් ඇප්ස් භාවිතය සීමා කරන්න. ඒ වගේම සමහරක් ඇප්ස් තියෙනවා පුද්ගලයන්ව ශාරීරික ක්‍රියාකාරකම් වලට පොළඹවන. උදාහරණයක් වශයෙන් දිනකට පියවර පන්දහසක් තැබීමට ඔබව දිරිමත්කරන ඇප්ස් හැඳින්විය හැකියි.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...