Showing posts with label රැකගනිමු අක්මාව. Show all posts
Showing posts with label රැකගනිමු අක්මාව. Show all posts

Sunday, February 17, 2019

රැකගත යුතු අක්මාව...The importance of liver...

රැකගත යුතු අක්මාව!Why the liver?



 
බොහෝදෙනෙක් අක්මාව ගැන දක්වන්නෙ බොහොම අඩු සැලකිල්ලක්. කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාගෙ ඇඟේ තියෙන වටිනාම අවයව අතර අක්මාවට හිමිවෙන්නෙ කී වෙනි තැනද කියලා බොහෝ විට හිමිවෙන්නෙ බොහොම පහල අගයක්.

නමුත් මේ නොනවත්වා වැඩකරන අක්මා හාදයා ආහාර බිඳ හෙලීම, විශබීජ සමඟ සටන් කිරීම වගේම රුධිරයට එක්වෙන අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ පෙරා දැමීම වගේ බොහොම වැදගත් කාර්‍යයන් රැසකට දායක වෙනවා. කොටින්ම කිව්වොත් අපිට, ඔයාට අක්මාවක් නැතුව පණ රැකගන්න බැහැ. ඒ නිසා අක්මාව ගැන, අක්මාවට වෙන හානි ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

වාසනාවකට වගේ අක්මාවට වෙන හානි වලක්වාගන්න, ඒ හානිවල තීවෘතාවය අඩු කරන්න වගේම හානි ප්‍රථිවර්ථනය (ආපස්සට හරවන්න) කරන්නත් බොහෝවිට හැකියාව තියෙනවා.

අක්මාවට හානි
අක්මාවට හානිගෙනදෙන සාධක බොහොමයක් තිබුණත්, මේ ඕනෑම සාධකයකින් හානිය වෙන ක්‍රමයනම් බොහෝවිට එකමයි. මුලින්ම වෙන්නෙ අක්මාව ඉදිමීම; දෙවෙනුව අක්මාවේ කැලැල් හටගැනීම සිදුවෙනවා. මේ කැලැල් fibrosis (තන්තුමතාව) කියන නමින් හඳුන්වනවා. ප්‍රථිකාර මඟින් මේ තත්වය  යතාවත්කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රථිකාර නොලැබී ගියොත් මේ කැලැල් ස්ථිර කැලැල්බවට පත්වෙනවා. මේ තත්වය සිරෝශියාව (cirrhosis) ලෙසට හැඳින්වෙනවා.  මේ තත්වය නිසා අක්මාවට සිය කාර්‍යයන් නිසිලෙස ඉටු කිරීම අපහසු වෙනවා. ඉන් අනතුරුව නැත්නම් අවසානයට එන්නේ අක්මාව අකර්මන්‍ය වීම (liver failure) ලෙසින් හඳුන්වන අවස්ථාවයි. මේ අවස්ථාව වනවිට අක්මාවේ ක්‍රියාකාරීත්වය බොහෝදුරට හෝ සම්පූර්ණයෙන්ම ඇණහිටලා. මේක පැහැදිලිවම මරණයට අතවනන තත්වයක්.

රෝග ලක්ෂණ
මුල් කාලයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. නමුත් තත්වය වඩාත් අයහපත් වද්දී, සම කැසීම, සම පහසුවෙන් බිඳීයාම, සම හා ඇස් කහපාට විම (සෙංගමාලය - Jaundice ), උදරයේ වේදනාව, ආහාර අරුචිය, අත් පා දණහිස් හා බඩ ඉඳිම්ම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.

තීව්‍ර වෘක්ක අකරණිය - acute liver failure
බොහොමයක් අක්මාරෝග කාලීන ඒවා වන අතර එම තත්ව වසර ගණණාවක් තිස්සේ සෙමෙන් වැඩි වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදු වේ. නමුත් සමහර අවථා වලදී එම ක්‍රියාවලිය ඉතාම ඉක්මනින් සිදු වී අක්මාව අසමත් කරයි. මේ තත්වයේදී ද රෝග ලක්ෂණ කාලීන වෘක්ක අකරණියට සමානය. නමුත් අක්මාව අකර්මන්‍ය වීමට ගතවන කාලය සතියක්, දින කිහිපයක් දක්වා තරම් කෙටි වේ. මෙම තත්වය මරණීය වන අතර රෝග ලක්ෂණ පහලවන විගසම වෛද්‍යවරයෙකු හමුවීම ඉතාම වැදගත් වේ.

රෝගයට හේතු
සමහරක් අක්මා රෝගවලට හේතු වන්නේ විවිධ රෝගාබාධයි. නමුත් අනිකුත් අක්මාරෝග ඇති වීමට කෙලින්ම බලපාන්නේ ජීවන රටාවයි. මේවා පාලනය කිරීමට අපට හැකියාව පවතී. උදා-ව්‍යායාම, මත්පැන් පානය

ස්ථුලතාවය

රටක ජනතාව අතර ස්ථුලතාවය පැතිරයාම හා අක්මාරෝග අතර සෘජු සම්බන්ධතාවයක් පවතී. සිරුරේ බර වැඩිවත්ම ඇල්කොහොල් නිසා නොවන එනම් අකමාවේ මේධය තැන්පත් වීම නිසා හටගන්නා අක්මා රෝග (non-alcoholic fatty liver disease) ඇතිවීමේ අවධානම ඉහල නඟී. අක්මාවේ මේධය තැන්පත් වීම බොහෝවිට හානිකර නොවන තත්වයක් නමුත් සමහරක් පුද්ගලයන්ට  මේ තත්වය හානිකර වී අක්මා සිරෝශියාව (cirrhosis) දක්වා වැඩි වර්ධනය වීමේ ඉඩකඩක් ඇත.

ඇල්කොහොල්
සුමිහිරි පානය පදම නොදැන ගැනීම නිසා හානියට පත්වෙන තවත් තවත් අවයවයක් තමා අක්මාව. ඒකට හේතුව තමා රුධිරයේ ඇති ඇල්කොහොල් පෙරා ඉවත් කිරීමේ කාර්‍යය අක්මාව විසින් ඉටු කරන්නක් වීම. මේ කාර්‍යාවලියේදී නිපදවෙන රසායනිකයන් අක්මාවට හානි පමුණුවයි. මේලෙසට දීර්ඝ කාලයක් අධිකව මත්පැන් පානය කිරීම නිසා අවසානයේ අක්මා සිරෝසියාව ඇතිවීම හා අක්මාව අක්‍රිය වී යාම (LIVER FAILURE) සිදු විය හැක.

ඖෂධ
ඇතැම් ඖෂධ වර්ග නිසාද අක්මාවට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව හානි සිදුවීම විය හැකියි. මේවා අතර ඇතැම් ප්‍රතිජීවක වර්ග, වේදනා නාශක ආදී ඖෂධ වර්ගද වන අතර සාමාන්‍යයෙන් මේවැනි ඖෂධ අධිමාත්‍රා වලින් ගැනීම නිසා හෝ ඖෂධ සමඟ මත්පැන් පානය කිරීම නිසා අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි.එසේම හෙරොයින් කොකේන් වැනි විෂ මත් ද්‍රව්‍ය නිසාද සමහරක් රසායනික වර්ග නිසා ද අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි. 

ආසාදන
හෙපටයිටිස් හා වෙනත් වෛරස් ආසාදන නිසාද කෙටි හෝ දීර්ග කාලීන වශයෙන් අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි.
(විෂ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට එන්නත් කටු හවුලේ භාවිතා කිරීම, අනාරක්ෂිතව සිදුකරන ලිංගික සම්බන්ධතා හා දූෂිත ජල මූලාශ්‍ර හා දූෂිත ආහාර පරිහරණය කිරීම මඟින් හෙපටයිටිස් රෝගකාරක වෛරසය මඟින් ආසාධනය වීම සිදුවිය හැක.)

ප්‍රතිශක්තීකරණ පද්දතිය
ප්‍රතිශක්තීකරණ පද්දතියේ ඇතිවන අධික්‍රියාකාරී තත්ව (Autoimmune Conditions) නිසාද අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැක. මෙහිදී අක්මාව ඇතුළු සිරුරේ කොටස් වලටම පහරදීමට ප්‍රතිශක්තීකරණ පද්දතිය පෙළඹෙන අතර එම තත්වය පාලනය කිරීමට සුදුසු ඖෂධ වෛද්‍ය නිර්දේශවලට අනුකූලව භාවිතා කිරීමට රෝගී පුද්ගලයාට සිදු වේ.

අක්මා ප්‍රනාල අවහිර වීම
සමහර රෝගී තත්ව නිසා අක්මාවේ ඉඳන් බඩවැල්වලට පිත ගෙනයන ප්‍රණාල අවහිරවීම සිදුවෙනවා. උදා:-Primary sclerosing cholangitis, Budd-Chiari syndrome. පිත්තාශයේ ගල් ඇතිවීම නිසාත් පිත්ත ප්‍රණාල අවහිරවීම සිදු වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පිත්ත ප්‍රණාල අවහිරවීම අක්මාවට ඉතාම හානිකර විය හැකියි.

පිළිකා තත්ව
විවිධ පිළිකා තත්ව නිසා අක්මාවට හානි සිදුවීම විය හැකියි. බොහෝවිට සිදුවන්නේ සිරුරේ වෙනත් ස්ථානයක් මුල්කරගනිමින් ඇතිවූ පිළිකා තත්වයක් අක්මාවකරා ව්‍යාප්ත වීම. කෙසේ නමුත් අක්මාවේ මේධය තැන්පත්වීම, සිරෝසිස්, හෙපටයිටිස් හා අක්මාව අක්‍රමන්‍යවීම වැනි තත්ව වලදී අක්මාවෙන්ම ඇරඹුණු පිළිකා තත්වයක් වර්ධනය වීමේ විශාල අවධානමක් තිබේ. එනිසා මෙවැනි තත්වසහිත රෝගීන් ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතු අතර නිරන්තර වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වේ.

ප්‍රවේණිගත තත්ව (Genetic conditions)සමහර පුද්ගලයෝ අක්මාවට විනකරන බොහොම කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රවේණිගත රෝගී තත්ව වලින් පීඩා විඳිනවා. මේවායේ රෝග ලක්ෂණ සමහර අයගේ කුඩා අවධියේමත් තවත් සමහරුන්ගේ වයස අවු 40-50 තරම් වැඩිහිටි අවදියේදීත් ඉස්මතු වෙනවා. උදා:-Alpha-1 antitrypsin deficiency (A1AD). මේ රෝගී තත්වයේදී වෙන්නෙ අක්මාවේ ආරක්ෂාවට වැදගත්වෙන එක්තරා විශේෂිත ප්‍රෝටීනයක් සිරුර තුල ප්‍රමාණවත් තරම් නිශ්පාදනය නොවීමයි. ඒ වගේම Hemochromatosis කියන රෝගී තත්වයේදී වෙන්නෙ අනවශ්‍ය තරම් යකඩ ප්‍රමාණයක් අක්මාව තුල නිපදවීම සිදුවීමයි. ඒ වගේම Wilson disease කියන රෝගී තත්වයේදී අක්මාවේ විශාල වශයෙන් තඹ තැන්පත්වීම සිදු වෙනවා.

රෝග නිර්ණය (Diagnisis)
අක්මාවේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට ඔබේ වෛද්‍යවරයා මුලින්ම නියම කරනු ඇත්තේ රුධිර පරීක්ෂාවන් කිහිපයක්. ඊට අමතරව අවශ්‍යතාවය පරිදි ultrasound, CT scan, MRI scan වැනි පරීක්ෂණ මගින් අක්මාවට සිදුවී ඇති හානිය ගණනය කිරීමට වෛද්‍යවරයාට හැකියාව තියෙනවා. සමහර පුද්ගලයන් සඳහා පටක විශ්ලේෂණ පරීක්ෂාවක් (Biopsy) සිදු කිරීමද වෛද්‍යවරු විසින් සිදු කරනු ලබනවා. මෙහිදී වෛද්‍යවරයා විසින් සියුම් ඉදිකටුවක් භාවිතයෙන් අක්මාවෙන් පටක සාම්පලයක් ලබාගෙන එය වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කරනවා.

ප්‍රථිකාර
අක්මාරෝග බොහොමයක් මුල් අවධියේදීම ජීවන රටාවේ සිදුකරගනු ලබන වෙනස්කම් වලින් සම්පූර්ණයෙන්ම සුව කරගත හැකියි. එපමණක් නොවෙයි. සමහර බරපතල අක්මා රොගී තත්වයන් පවා වලකවා ගැනීමට හා පාලනය කිරීමට ජීවන රටාවට සිදුකරගනු ලබන වෙනස්කම් තුලින් හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් අක්මා රෝගවලට ප්‍රථිකාර කිරීමට ස්ටීරොයිඩ් ප්‍රථිකාර (steroids), ශල්‍යකර්ම හා වෙනත් අදාල ප්‍රථිකාර විධිද වෛද්‍යවරු විසින් භාවිතා කරණු ලබනවා.

මත්පැන් අත්හරින්න.
අක්මාව සෞක්‍යමත්ව පවත්වාගැනීමට, අක්මාවේ හිතසුව පිණිස මත්පැන්පානය අතහැර දැමීම හෝ සීමා කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. මේ සඳහා ඔබට වෛද්‍ය ප්‍රථිකාර වලට උවද යොමුවීම කල හැකියි. එනම්, මත්පැන් පානයට ඇති ඇබ්බැහිය සිඳ බිඳ දැමීමට සුදුසු ප්‍රථිකාර විධි මේවනවිට සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත් අක්මාවේ හිතසුව පිණිස කටයුතු කිරීමේදී දිනකට ගතහැකි මත්පැන් ප්‍රමාණය පිරිමියෙකුටනම් මත්පැන්වඩි දෙකකටද, කාන්තාවකටනම් මත්පැන් වඩි එකකටද සීමා කිරීම අවම වශයෙන් සෑහෙනබව කියවෙනවා.

 ආහාර හා ව්‍යායාම
ඔබ ස්ථුලනම් බර හැකිතාක් අඩුකර ගැනීම අක්මාවේ යහපැවැත්මට වැදගත් වෙනවා. මෙමගින් අක්මාවේ යහපැවැත්මට ලැබෙන රුකුලට අමතරව ඇතැම් අක්මාරෝග මුල් අවස්ථාවෙන්ම සුවකර ගැනීමටද හැකියාව තිබෙනවා. එසේම පුරුද්දක් වශයෙන් ව්‍යායාම කිරීමත් අක්මාවේ යහ පැවැත්මට වැදගත් වෙනවා. මෙහිදී සිරුරේ බර අඩු හෝ වැඩි වීම අදාල නොවන අතර ඕනෑම පුද්ගලයෙකුගෙ අක්මාවට ව්‍යායාම මගින් යහපත සැලසෙනවා. එසේම සමබල ආහාරවේල් ගැනීමත් අක්මාවේ යහපතට හේතු වෙනවා. මෙහිදී ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, කෙඳි බහුල ආහාර වර්ග ආහාරයට එකතුකර ගැනීමත් මේධය අධික, ලුණු අධික හා බදින ලද ආහාර (fried foods) හැකිතාක් සීමා කිරීමත් ඉතා වැදගත් වෙනවා.

අක්මා බද්ධය (Liver transplant)
අක්මාව නැවත ගොඩගත නොහැකි මට්ටමටම අක්‍රමන්‍ය වූ විට සිදුකලහැකි සුදුසුතම පිළියම වන්නේ රෝගී අක්මාව වෙනුවට නීරෝගී අක්මාවක් බද්ධ කිරීමයි. මෙහිදී බද්ධ කිරීම සඳහා සම්පූර්ණ අක්මාවක් සෑමවිටම අවශ්‍යය වන්නේ නෑ. ඒ වෙනුවට නීරෝගී අක්මාවකින් ලබාගත් කොටසක් පමණක් බද්ධ කිරීම බොහෝවිට සෑහෙනව. කාලයාගේ ඇවෑමෙන් එම කොටස සම්පූර්ණ අක්මාවක් දක්වාම වැඩි වර්ධනය වීම සිදුවන අතර අක්මා කොටස පරිත්‍යාගකල තැනැත්තගේද එලෙසම අක්මාව සාමන්‍යය තත්වය දක්වා වර්ධනය වීම සිදුවනවා.

ඖෂධ පිළිබඳ ඉතාම සැලකිලිමත් වන්න

ඖෂධ භාවිතාවේදී නියමිත මාත්‍රාව පමණක් ගැනීම අක්මාව රැක ගැනීමේ සටනට ඉතා වැදගත් වෙනවා. එසේම ඖෂධ භාවිතාකරන අතරවාරයේදී මත්පැනින් වැලකී සිටීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේම ඔබ දැනටමත් අක්මා සම්බන්ධ රෝගී තත්වයකින් පෙලේනම් කිසිඳු ඖෂධ වර්ගයක් වෛද්‍ය නියමයකින් තොරව නොගත යුතුයි.

නීරෝගීව සිටීමට ඔබේ සෞඛ්‍යය තත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන්න.
කාලයෙන් කාලයට වෛද්‍ය පරීක්ෂණවලට (medical check-ups) යොමුවී ඔබේ සිරුර හා එහි යහ පැවැත්ම පිළිබඳ වෛද්‍ය නිර්දේශ ලබා ගැනීම සිදු කරන්න. මේ සඳහා ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සහය ලබා ගන්න. එසේම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි අක්මාවට වින කරන වෙනත් රෝග තත්ව වලට වෛද්‍ය නිර්දේශවලට අනුකූලව නොකඩවා ප්‍රථිකාර ලබා ගැනීමත් ඉතා වැදගත් වේ.  

Friday, October 6, 2017

රැකගනිමු අක්මාව



අක්මාවේ උපරිම ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමටත්, අක්මාව රැක ගැනීමටත් අපි ගන්නා ආහාර වලින් ලබා ගන්න පුලුවන් දායකත්වය අපමණයි. උදාහරණයක් විදියට කියනවානම් කෙඳි සහිත ආහාර මගින් අක්මා රෝග ඇතිවීම අවම කරන බව මේ වනවිට හොයාගෙන තියෙනවා.
නමුත් මේධ බහුල ආහාර අක්මාව රෝගී කරනවා. විශේෂයෙන්ම සන්තෘප්ත මෙධය බහුල ආහාර අක්මාවට අතිශයින්ම අහිතකරයි. මෙවැනි ආහාර අක්මාවේ ක්‍රියාකාරිත්වයන් අඩපන කරන අතර අක්මාව ප්‍රදාහයට පත් කරන්වා. එහි අවසාන ප්‍රතිපලය වන්නේ අක්මා සිරෝසියාවයි.
අපගේ ආහාර අතරට එළවළු හැකිතාක් එකතු කර ගැනීම අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගෙම දිනකට කෝපි කෝප්ප එකක් හෝ දෙකක් එකතු කර ගැනීමත් අක්මාව සුරැකීමට හේතු වෙනබව මේ වනවිට සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඇල්කොහොල් මගින් අක්මාවට ඇතිවිය හැකි හානී බොහෝදුරට පාලනය කරගන්න කෝපි වලට පුලුවන්කම තියෙනවා.
ඔබේ අක්මාවට සහය දක්වන්න පුලුවන් තවත් ක්‍රමයක් තමා පැණිරස ආහාර හැකිතාක් අඩුවෙන් ගැනීම. ආහාර මගින් සිරුරට එකතුවෙන සීනි මෙධය බවට බත් කිරීම අකමාව මගින් සිදුකරන තවත් වැදගත් කාර්ය්‍යක්. නමුත් අධික සීනි පරිභෝජනය නිසා අක්මාවට වැඩි වැඩියෙන් වැඩ කිරීමට සිදුවෙනවා. ඒ වගේම නිපදවන මෙධයෙන් කොටසක් අක්මාව අවට තැන්පත් වීම නිසා FATTY LIVER කියන රෝග තත්වය ඇතිවීමේ අවධානමකුත් තියෙනවා.

ග්‍රීන් ටී
ග්‍රීන් ටී වල තියෙන catechins කියන ප්‍රතිඔක්සිකාරකය අක්මාවේ ඇතිවිය හැකි පිළිකා තත්වයන් වලක්වන්න උපකාරීවනබව මේ වන විට හොයාගෙන තියනවා. ඒ වගේම නිතර ජලය පානය කිරීම මගිනුත් අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට ලැබෙන්නේ මහඟු උපකාරයක්. කෘතීම පාන වර්ග වෙනුවට ජලය පමණක් පානය කිරීමට හුරුවීමෙන් අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට වගේම සිරුරේ බර පාලනය කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා.

ලුනු
ලුනු කියන්නේ අපේ ආහාර රස කරන්න අත්‍යාවශ්‍යය රසකාරකයක්. අපේ සිරුර නීරෝගීව පවත්වාගන්නත් ලුනු යම් ප්‍රමාණයක් අවශ්‍යය වෙනවා. නමුත් ලුනු මගින් සිරුරට ලැබෙන සෝඩියම් ප්‍රමාණය අධික වීම අක්මාවට කිසිසේත්ම හිතකර නෑ. විශේෂයෙන් ලුනු අධික කෘතීම ආහාර වර්ග නිතර ගැනීම අක්මාව ලෙඩ වෙන්න නිසැක හේතුවක්.

නිවිති
නිවිතිවල අඩංගු glutathione කියන ප්‍රතිඔක්ෂිකාරකය අක්මාව නීරෝගීව පවත්වාගන්න ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා නිවිති නිතර ඔබගේ ආහාර වේලට එකතුකරගන්න අමතක කරන්න එපා.

ඇල්කොහොල්
අධිකලෙස ඇල්කොහොල් පානය කිරීම අක්මාවට ඉතාම අහිතකරයි. අක්මා සිරෝශියාවට ප්‍රධානතම හේතුවත් මෙයමයි. ඉඳ හිට මත් පැන් පානය කලත් ඔබ ගන්නා මත් පැන් වීදුරු ගනන වැඩි වත්ම ඔබ ඔබේ අක්මාවට ඔබ සිදු කරගන්නා හානිය ඉතා අධිකයි.

අක්මාවේ ක්‍රියාකාරීත්වය විශිෂ්ට තත්වයෙන් පවත්වාගන්න, කුරුඳු, දුරු සහ තුනපහ කුඩු අහාරයට එකතුකර ගැනීමත් වැදගත් වෙන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.ඒ අතරම ක්ෂණික ආහාර, කෘතිම ආහාර හැකිතාක් අවම කිරීමත් කල යුතු වෙනවා.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...