Saturday, June 30, 2018

ප්‍රෙග්නනට් කාලෙට "SEX" හොඳයි ද? නරකයි ද? IS "SEX" safe during pregnancy?




වර්ගයා භෝ කිරීමේ පරම කාර්‍යයට අමතරව හුදු විනෝදය උදෙසා sex  කරන්නේ මිනිසා පමණක් ද? ඇත්තෙනම එය එහෙම නොවන බව මේ වනවිට  තහවුරු වී තිබෙනවා. කොහොම නමුත් අද දින අපේ අරමුණ සත්ව රාජධානියේ ලිංගික චර්‍යාවන් ගැන අධ්‍යයනය කිරීම නම් නෙවෙයි.

ඒ වෙනුවට අද අපි කතා කරන්නේ දරුවකු පිළිසිඳගත් කාන්තාවක්, සිය ගර්භනී අවධිය අතරතුරදී ලිංගික සම්භන්ධතා පැවැත්වීම සුදුසු ද නැති ද යන කාරණාව පිළිබඳවයි.

ඇත්තෙන්ම මේ වනවිට සිදුකර ඇති විවිධ සමීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ ගර්භණී සමය තුල සමහර කාන්තාවන්ගේ ලිංගික ආශාවන් ඉතා ඉහලටත්, සමහර කාන්තාවන්ගේ ලිංගික ආශාවන් ඉතා පහලටත් වැටෙන බවයි. මෙම අඩු වැඩිවීමේ මට්ටම කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වන අතර එකම කාන්තාවකට උව ද දරු පිළිසිඳ ගැනීමකින් දරු පිළිසිඳ ගැනීමකටත් වෙනස් විය හැකියි.

ගර්භනී සමයේදී ලිංගික සබඳතා පැවැත්වීම සුදුසු ද නොසුදුසු ද?

ඇත්තෙනම ඔබේ ගර්භනීතාවය සාමාන්‍යයෙන් සිදුවිය යුතු පරිදි පියවරෙන් පියවරට ගමන් කරනවානම්, එනම් එය සාමාන්‍ය ගර්භනීතාවක් නම් ඔබට ඔබේ ගර්භනී සමය
ඇතුලත ඔබට රුචි ඕනෑම වාර ගනනක් ලිංගික සබඳතා පැවැත්විය හැකියි.

ගර්භනී සමය තුලදී ලිංගික සබඳතා පැවැත්වීම නිසා ගබ්සාවීම් සිදුවිය හැකිද?
එයට පිළිතුර එය එසේ විය හැකි බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බවයි. ගබ්සා වීම් වලට ප්‍රධානතම හෙතුවනම් කලලයේ වර්ධනය නිසි පරිදි සිදු නොවීම හෝ විකෘති ඇති වීමයි.

ගර්භනී සමයේ ලිංගික සබඳතා පැවැත්වීම නිසා කුසේ සිටන දරුවාට හානි සිදුවිය හැකිද?
එය එසේ වීමට කිසිදු ඉඩක් නොමැත. දරු ගැබ උල්භ තරලය මගින් හා ගර්භාශ බිත්තිය මගින් ඉතා හොඳින් ආරක්ෂා වී පවතී.

ගර්භනී සමය තුලදී ලිංගික සබඳතා පැවැත්වීමට භාවිතා කල හැකි සුදුසුම ඉරියව්ව කුමක් ද?

 
එය දරු ගැබ සහිත කාන්තාව මත රඳා පවතී. එනම් සුදුසු ඉරියව්ව කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වීමට පිළිවන් බවයි. තමාට සුදුසු ඉරියවව අඹු-සැමි යුවල විසින්ම තීරණය කරගත යුතු අතර මෙය ගර්භනී සමය තුලදීද වරින් වර වෙනස් විය හැක.

ගර්භනී සමය තුලදී මුඛ ලිංගික සබඳතා හා ගුද ලිංගික සබඳතා පැවැත්වීම සුදුසුද?

 
මෙම සමය ඇතුලතදී මුඛ සම්බන්ඳතා පැවැත්වීමේ කිසිදු වරදක් නොමැත. කෙසේ නමුත් ගුද සම්බන්ඳතා පැවැත්වීම ගර්භනී සමය තුලදී වේදනාකාරී අත් දැකීමක් වීමට බොහෝ ඉඩ කඩක් ඇත. විශේෂයෙන් ගර්භනීතාවය නිසා ඇතිවන අර්ශස් තත්වයෙන් මව පෙලේ නම් මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක් වීමට හැක. එසේම මෙම ක්‍රමය නිසා ආසාධන පහසුවෙන් පැතිර යාමේ අවධානමක්ද පවතී. විශේෂයෙන් ගුධය ආශ්‍රිතව සිටින ක්ෂුද්‍ර ජීවීන් යෝනි මාර්ගය හා ඒ ආශ්‍රිත කොටස් වෙතට පැතිර ගියහොත් මුත්‍රා ආසාධන හා වෙනත් දරු ගැබටද හානිකර ලෙස බල්පෑ හැකි ආසාධන පැතිර යාමේ අවධානමක් පවතී.

උපත් පාලන කොපු පැළඳිය යුත්තේ ඇයි?

 
ඇත්තෙන්ම ඔබගේ ලිංගික ඇසුර, ගර්භනී සමය තුලදී එක් සහකරුවකුට පමණක් සීමා වන්නේ නම් උපත් පාලන කොපු පැලඳීමේ කිසිදු අවශ්‍යතාවය නැත.

ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා පැවැත්වීම නිසා නොමේරූ දරු උපත් සිදුවීමේ අවධානමක් තිබේද?
මව, යම් හේතුවක් නිසා නොමේරු දරු ප්‍රසූතියකට යාමේ අවධානමකින් පසුවේ නම්, ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා වලින් ඈත් වී සිටින ලෙසට සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය ඇයට උපදෙස් ලබාදෙනු ඇත. සුරාන්තය හා සුක්‍රාණුවල පවතින ප්‍රොස්ටොග්ලැන්ඩීන් prostaglandins මගින් ගර්භාශයේ සංකෝචනයන් ඇතිකිරීම සිදුවිය හැකි දෙයක් නමුත්, සංසර්ගය හා නොමේරු දරු උපත් අතර පැහැදිලි සම්බන්ධතාවයක් මේ වෙනතුරු කිසිදු විද්‍යත්මක අද්‍යයනයකින් පැහැදිලිව හෙලි වී හෝ ඔප්පු වී නොමැත. එසේම දරු ප්‍රසූතියට ඉතාම ආසන්න කාලයේදීවත් සංසර්ගය මගින් දරු උපත ඉක්මන් කිරීමක් සිදුවන බවක් මෙතෙක් ඔප්පු වී නොමැත.

ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා අත්හැරිය යුතු විශේෂ කාල වකවානු පවතී ද?
 
බොහෝ කාන්තාවන්ට ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා පැවැත්වීම කිසිදු ගැටළුවක් ඇති කරන්නේ නැති උවත් සමහර අවස්තාවලදී එයින් වැලකී සිටීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වීමට පිළිවන. ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් හා පවුල් සෞඛ්ය සේවා නිළධාරිණියන්ගේ උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත් වේ. මේ පිළිබඳ උපදෙස් ලබා දීමට ඔවුන් සෑම විටම සුදානම්ය.

එවැනි අවස්ථා,
  • පැහැදිලි හේතුවක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
  • උල්භ තරලය පිටතට ගලාඒමේ අවස්ථා
  • ගැබ් ගෙල නියමිත කාලසීමාවට පෙර විවර වීමට පටන් ගැනීම (cervical incompetence).
  • වැදැමහ( placenta) මගින් ගැබ්ගෙලේ විවරය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ වැසී තිබෙන අවස්ථා
  • නොමේරූ දරු උපත් මින් පෙර අවස්ථාවලදී සිදු වී තිබෙන මව්වරුන්
  • නිවුන් දරුවන් බිහි කිරීමට සිටින මව්වරුන්

ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා පිළිබඳ ආශාවක් ඇති නොවේනම්?

මෙය ද සාමාන්‍ය තත්වයකි. කෙසේ උවද මේ පිළිබඳව සිය සහකරු සමඟ සාකච්චාකර තිබීම නුවණට හුරුය.


දරු ප්‍රසූතියෙන් පසු ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීමට සුදුසුම අවදිය කුමක් ද?
සාමාන්‍ය දරු ප්‍රසූතියකින් හෝ සිසේරියන් සැත්කමිකින් පසු මුලින්ම අවශ්‍ය වන්නේ විවේකයයි. ඒ සිරුර නැවතත් නීරෝගී බවට පත් වීමටයි. සාමාන්‍යයෙන් මේ සඳහා සති හයක පමණ කාලයක් වැය වේ. මේ කාලය ගැබ් ගෙල වැසී යාමටත්, රුධිර වහනයන් නතර වීමටත් සියලු ආකාරයේ තුවාල සුව වීමටත් සාමාන්‍යයෙන් ගතවන කාලයයි.





Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...