Wednesday, June 3, 2020

කාබන් ෆුට් ප්‍රින්ට් යනු කුමක් ද?....All about carbon footprint ...




කාබන් ෆුට් ප්‍රින්ට් සංකල්පය...

කාබන් ෆුට් ප්‍රින්ට් යන සන්කල්පය පිලිබඳ මා මුලින්ම දැන ගත්තේ ඉතා මෑතකදීය. එය අප සැමවිසින් දැන ගතයුතු ඉතා වැදගත් සංකල්පය නිසා ඒ පිලිබඳ ඔබව ලුහුඬින් දැනුවත් කිරීම උචිතයැයි මට හැඟී ගියේය.

කාබන් ෆුට් ප්‍රින්ට් (Carbon footprint) / කාබන් පිය සටහන  යනු කුමක් ද?

මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරිනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය (මූලිකවම කාබන් ඩයොක්සයිඩ් වායුව) මෙලෙස හැඳින් වේ. මෙය එක් පුද්ගලයෙක් මඟින්, එක් පවුලක් මඟින්, යම් ක්‍රියාකාරකමක් මඟින්, යම් සංවිධානයක් මඟින් හෝ යම් රටක් මඟින් ආදී වශයෙන් මැනීමට හැකියාව ඇත.

ඔබේ  කාබන් පිය සටහන කුඩාකරගත හැක්කේ කෙසේ ද?

මේ සඳහා ඔබට ගත් හැකි ඉතාම වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ මාංශ ආහාරයට ගැනීම නතර කිරීම යි.එනම් නිර්මාංශ ආහාර රටාවකට හුරු වීමයි.


ඊට අමතරව,

  1. විදුලි උවාරණ භාවිතාව අවම කිරීම
  2. ඉන්ධන මඟින් ධාවනය වන වාහන භාවිතාව අවම කිරීම
  3. අනවශ්‍ය පරිදි ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමෙන් වැලකී සිටීම
  4. ගෙවතු වගාව
  5. කාබනික ආහාර පරිභෝජනයට ගැනීමට හුරුවීම
  6. ඇඳුම් වියලීමේදී හැකිතාක් ස්වාභාවික හිරු එළිය භාවිතයට ගැනීම 

ආදී සරල පියවරයන් ද ඔබේ කාබන් පිය සටහන කුඩා කර ගැනීමට උපයෝගීකරගත හැක. ඔබේ කාබන් පියසටහන කුඩා කර ගැනීමෙන් ඔබ පරිසරයට සිදුකරන හානියද අවම වන අතර එය ඔබට මෙන්ම මතු පරපුරටද මේ ලෝකය සුන්දර, ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්කර ගැනීමට හේතුවනු ඇත.


Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...