Sunday, August 5, 2018

How to prepare your older children for their new Billings! අළුත ගෙනෙන නංගී හෝ මල්ලී පිළි ගැනීමට ගෙදර වැඩිමලා සූදානම් කල යුත්තේ මෙන්න මෙහෙමයි!


අළුත ගෙනෙන නංගී හෝ මල්ලී පිළි ගැනීමට ගෙදර වැඩිමලා සූදානම් කල යුත්තේ මෙන්න මෙහෙමයි!
Preparing your older child fro new siblings!

 

ගෙදරකට නව සාමාජිකයෙක් එකතු වීම කියන්නෙ පවුලෙ සෑම සාමාජිකයෙකුටම මහත් බලපෑමක් ඇතිකරන කාරණාවක්. මෙතනදී ඔබේ වැඩිමල් දරුවාට ඇතිවන බලපෑම ඉතා සුවිශේෂයි. එනිසා, අළුත් සාමාජිකයාව ඔබේ වැඩිමලාට නිවැරදිව හඳුන්වා දීම හා නව සාමාජිකයා වෙනුවෙන් වැඩිමලාව සූදානම් කිරීම ඔබ සතුවන මහත් බැරෑරුම් වගකීමක්. එය ඔබ ඉටු කරන ආකාරය මත ඔවුනොවුන් අතරේ ඇතිවන සහෝදර බැඳීමේ දිග පළල හා ශක්තිය තීරණය වනු ඇති.

වැඩිමලා සූදානම් කරන්නේ මෙන්න මෙහෙමයි,
 
අළුත පැමිනෙන සාමාජිකයා ගැන වැඩිමලා සමඟ කථා කරන්න. මෙහිදී වැඩිමල් දරුවාගේ වයසට ගැලපෙන ලෙසට නව සාමාජිකයා වර්ධනය වන ආකාරය ඔහුට/ඇයට පහදා දෙන්න. අළුත් සාමාජිකයාට නිවස පිළියෙල කිරීමේදී වැඩිමලාගේ සහයෝගය නිරතුරුවම ලබා ගැනීමට උත්සුක වන්න. අළුත පැමිණෙන සාමාජිකයා මුල් කාලයේ කරණු ඇත්තේ ආහාර ගැනීම, නිදා ගැනීම හා හැඬීම පමණක් බවත්, ඔහු/ඇය සමඟ සෙල්ලම් කිරීමට යම් කාලයක් ගතවණු ඇති බවත් ඔබේ වැඩිමලාට පැහැදිලිකර දෙන්න.

නව සාමජිකයා වෙනිවෙන් නිවස සූදානම් කිරීමේදී වැඩිමලාගේ කාමරය හෝ ඔහු/ඇය භාවිතාකරණ යම් යම් දේ වල වෙනස්කම් සිදු කිරීමට සිදු වේ නම්, නව සාමාජිකයා පැමිණීමට පෙර එම වෙනස්කම් සිදු කිරීමට උත්සුක වන්න. මෙය වැඩිමලාට නව වෙනස්කම් වලට හැඩ ගැසීමට අවශ්‍ය කාලය ලබා දීමකි.

වැඩිමලාට, වැසිකිළිය තනිව භාවිතාකිරීමට උගැන්වීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නේනම්, නවසාමාජිකයා පැමිණීමට ප්‍රථමයෙන් හෝ පැමිණ මාස කීපයක් ගත වීමෙන් පසු එය සිදු කරන්න.

ඔබ දරු උපතට රෝහල් ගත්වීමට ප්‍රථම, ඒ පිළිබඳව හැකි අයුරින් ඔහු/ඇය දැනුවත් කරන්න. රෝහල් ගතව සිටින කාලය අතරතුරදී, ඔබව බැලීමට වැඩිමලාවද රැගෙන එන ලෙසට (වරක් හෝ) නිවැසියන් දැනුවත් කරන්න.

වැඩිමලාට නව සාමාජිකයා හඳුන්වා දීම.


දරු උපතින් පසු, ඔබගේ වැඩිමල් දරුවාව, සිය සහෝදරයා/සහෝදරිය බැලීමට රෝහල වෙත ගෙන්වා ගන්න. (නිවසට යාමට පෙර). නව අමුත්තා පසෙක සිටියදී, වැඩිමලාව මව හා පියා විසින් පිළිගැනීම හා සුරතල් කිරීම මේ අවස්ථාවේදී කල යුතුය. නව සාමාජිකයාගෙන් යයි පවසා වැඩිමලා ප්‍රිය කරන යමක් තෑග්ගක් ලෙසට ලබා දීමද මෙම අවස්ථාවේදී කල හැක. උදා-ඇඳුමක්. නව සාමාජිකයා නිවසට පැමිණීමෙන් පසු, එය සැමරීමට ඔබේ වැඩිමලාව, ඔහු හෝ ඇය කැමති ස්ථානයකට රැගෙන යාම උදා-සෙල්ලම් පිට්ටනිය සිදු කරන්න.

නව සහෝදරයාගේ/සහෝදරියගේ ආගමනයට හැඩ ගැසීමට වැඩිමලාට උදව් කිරීම

 

මෙය, බෙහෙවින්ම වැඩිමලාගේ වයස මත රඳා පවතින කාරණයකි. උදාහරණයක් ලෙස, නව සාමාජිකයකු පවුලට එකතුවීම බොහෝවිට, වයසින් වැඩි දරුවන්ගේ සතුටට හේතුවන කාරාණාවක් වන නමුත්, වයසින් අඩු දරුවන්ගේ සිත් අවුල් කිරීමට හේතුවන කාරණාවක් වේ.

වැඩිමලාගේ වයස,
අවුරුදු දෙකකට වඩා අඩුනම්,

මෙවැනි දරුවන්ට බොහෝවිට පවුලේ සිදුවන එවැනි වෙනස්කම් පිළිබඳ තේරුම් ගැනීම අපහසුය. දරුවාට හැකි පමණ නව සාමාජිකයාගේ ආගමනය පිළිබඳ පැහැදිලිකර දෙන්න. ඔහු/ඇය සමඟ ලදරුවන්ගේ පින්තූර හා ලදරුවන් සිටින පවුල්වල පින්තූර නරඹන්න.

අවු. දෙකත් හතරත් අතර නම්,
මෙම වයසේ දරුවන් තවමත් මා පියන්ට බොහෝ සෙයින් බැඳී ඉන්නවා. ඒ නිසා මා පියන්ගේ ආදරය බෙදීයාම ගැන ඔවුන්තුල ඊර්ෂියාවක් හටගන්නත් පුළුවන්. ඒ නිසා, අළුත එකතුවන සාමාජිකයාට මා පියන්ගේ අවධානය බෙහෙවින් අවැසිවෙනබව පහදාදීම ඉතා වැදගත්. අළුත ඉපදෙන දරුවාට අවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමට ඔහු/ඇය එකතුකර ගැනීම වැනි සරළ ක්‍රියාකාරකම් වලින් ඔහු/ඇයවත් නව සාමාජිකයා පිළිගැනීමේ කණ්ඩායමට එකතු කරගැනීම සිදු කරන්න. ළදරුවන්, සහෝදර සහෝදරියන් පිළිබඳ කියවෙන කතාන්දර, සරල ප්‍රකාශන ආදිය වැඩිමලාට කියාදීමත් මෙහිදී කලහැකි සරළ ක්‍රියාකාරකමක්. එමෙන්ම වැඩිමලාට බෝනික්කෙකු ලබාදීම හා බොනික්කා රැකබලා ගැනීමට ඔහු/ඇය උනන්දු කිරීමත් ඔබට කල හැකියි. වැඩිමලාගේ උපත හා ඔහුව/ඇයව රැකබලාගත් ආකාරය පිළිබඳ විස්තර කිරීමත් මෙහිදී ඉතා වැදගත්.

වැඩිමලා පාසල් යන වියේ පසු වේනම්,
මෙම වයසේ දරුවනුත්, තම බාල සහෝදරයාට/සහෝදරියට මා පියන්ගේ ලැබෙන විශේෂ සැලකිල්ල නිසා ඊර්ෂියාවට පත්විය හැකියි. ළදරුවකුගේ අවශ්‍යතා පිළිබඳ ඔහුට/ඇයට පැහැදිලිකර දෙන්න. වැඩිමලකු වීමේ, බාල සහෝදර සහෝදරියන් සිටීමේ වැදගත්කම හා වාසි පිළිබඳ ඔහුට/ඇයට පැහැදිලිකර දෙන්න. නව සාමාජිකයාගේ කාමරය සැකසීමට, ළදරුවාට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගැනීමට වැඩිමලාගේත් සහාය ලබා ගන්න.

වැඩිමලාගේ වයස කුමක් උවත්, නව සාමාජිකයා නිවසට පැමිණීමෙන් පසුව ඔහුට/ඇයට ඔබගේ විශේෂ අවධානයක් යොමු කරන්න. එසේ කරණබවට ඔහුට/ඇයට දැනීමට සලස්වන්න. චායාරූප ගැනීමේදී, වීඩියෝ කිරීමේදී වැඩිමලාවද එයට ඇතුලත්වන බවට වගබලා ගන්න. ඔහුගේ/ඇයගේ තනි චායාරූප ද ලබා ගන්න. අමුත්තන් ළදරුවා බැලීමට ඒමෙදී තෑගි ගෙන එන නිසා, එවැනි විටෙක, වැඩිමලාට තෑගි නොලැබුණහොත් ඔහුට/ඇයට ලබා දීමට කුඩා ත්‍යාග කීපයක් නිතර ළඟ තබා ගන්න.

වැඩිමලා මුරණ්ඩුලෙස හැසිරීමට පටන්ගත්හොත් ඔබට කල හැකි දෑ


 
ඇතැම් විටෙක, නව සාමාජිකයාගේ ආගමනය සමඟ වැඩිමලා මුරණ්ඩු වී ඇතිබවක් ඔබට පෙනී යා හැක. දඬුවම් දීමකින් උවත් සමහර දරුවෝ සිය මුරණ්ඩු හැසිරීම වෙනස් නොකරණු ඇත. එවැනි විටක, වැඩිමලාගේ ඉතා කුඩා හෝ යහපත් හැසිරීමකදී ඔහුව/ඇයව පැසසීමට උනන්දු වන්න. ඔහු/ඇය මෙසේ හැසිරෙන්නේ ඔබගේ අවධානය ලබා ගැනීමට කියා ඔබට පෙනීයයි නම්, එම හැසිරීම සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න. එය නොදුටුවා සේ සිටින්න. නැත්නම්, ඔහු/ඇය ඔබේ අවධානය තමන් වෙතට යොමුකර ගැනීමට ඊටත් වඩා නරක හා මුරණ්ඩු ලෙස හැසිරීමට පෙළඹෙනු ඇත.

නව සාමාජිකයාට සෙනෙහසින් සැලකීමට වැඩිමලා හුරු කරන්නේ කෙසේ ද?
තමා අවට සිදුවන වෙනස්කම් නිසා ඇතිවන පීඩනය මුදාහැරීමට ඇතැම් වැඩිමල්දරුවන් තෝරාගනු ලබන්නේ තම පවුලට එකතුවන නව සාමාජිකයාවයි. ඔබේ වැඩිමල් දරුවා නව සාමාජිකයාට හානි කිරීමට උත්සාහ දරයිනම් ඒ පිළිබඳ ඔහු හෝ ඇය සමඟ සාකච්චා කිරීම ඉතා වැදගත්වේ. මේ අතරම වැඩිමලටා වැඩි සැලකිල්ලක් දැක්වීමත් කුඩා සාමාජිකයාගේ වැඩවලට ඔහු/ඇය උදව්කර ගැනීමත් කලයුතු වේ. උදා-නැලවීමේදී, නෑවීමේදී හා ඇඳුම් මාරු කිරීමේදී. වැඩිමලා නව සාමාජිකයාට ආදරයෙන් සැලකීමේදී ඔහුව/ඇයව අගය කිරීමත් මෙහිදී වැදගත්වේ.

වැඩිමලා නව සාමාජිකයාට ආදරයෙන් සලකන බවක් පෙනීයනවා උවත්, ඔවුන්ගේ හැසිරීම වැඩිහිටි පුද්ගලයෙකුගේ නිරන්තර අදීක්ෂණයට ලක් කිරීම කලයුතු වේ. විශේෂයෙන්, කුඩා බිළිඳුන්, වයස අවුරුදු 12ට අඩු දරුවෙකුගේ භාරයේ කිසිවිටක නොතැබීමට වගබලා ගැනීම ඉතා වැදගත්ය.

නව සාමාජිකයාට මවුකිරිදීම වැඩිමලාට බලපානු ඇත්තේ කෙසේ ද?
 
නව සාමාජිකයාට මවුකිරි දීම හා එහි වැදගත්කම පිළිබඳ වැඩිමහල් දරුවා දැනුවත් කරන්න. ඔබට සුදුසුයැයි හැඟේනම් ඔහුව හෝ ඇයව මේ සඳහා උදව්කර ගැනීමටද පිළිවන. නැතිනම්, මව්කිරිදෙන කාල වේලාව අතරතුරදී ඔහු/හෝ ඇය වඩාත් කැමති ක්‍රියාකාරකමකට යොමුකරන්න.

නව සාමාජිකයන් කිහිපදෙනෙකු ඔබේ පවුලට එකතුවී ඇති අවස්ථාවකදී (නිවුන් දරු උපතකදී)


 
මෙවැනි විටකදී ඔබේ හා ඔබේ පවුලේ අයගේ අවධානය නව සාමාජිකයන් කිහිපදෙනාවෙතම යොමු කිරීමට සිදුවන නිසා ඔබේ වැඩිමලා ඔබේ හා පවුලේ අනිකුත් අයගේ අවධානයයෙන් ගිලිහී යාමට බොහෝ ඉඩකඩක් ඇත. එය එසේ වීමට කෙසේවත් ඉඩ නොතැබිය යුතුය. ඔබේ සෘජු අවධානය ඔහු/ඇය වෙත නිරන්තරයෙන් යොමු වී ඇතිබව ඔහුට/ඇයට දැනීමට සලස්වන්න. නව සාමාජිකයන් රැකබලා ගැනීමට ඔබේ වැඩිමල් දරුවාගේ සහාය හැකිතාක් ලබා ගන්න. ඔහු/ඇය ලබාදෙන සහයෝගය අගය කරන්න; හැකිනම් එය අගය කරමින් ඔහුට/ඇයට ත්‍යාග පිරිනමන්න.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...