Friday, November 20, 2020

කොවිඩ් 19 වෛරසය පිළිබඳව සිදුකල නවතම හෙලිදරව්වක් මෙන්න....Covid-19 secrets revealed...

 

Tribute to all the people including doctors and nurses who are risking there lives in the fight against Covid 19

 

වෛද්‍ය ලීසා ග්‍රලෙන්ස්කි(Lisa Gralinski) ඇමරිකාවේ වෙසෙන,  කොවිඩ් -19 වෛරසයට එරෙහිව දිවා රෑ නොබලා සටන් වදින කණ්ඩායමට අයත් ප්‍රධාන පෙලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා වෛද්‍යවරියකි. පහත දැක්වෙන්නේ එතුමිය haverford collage වෙබ් අඩවියට ලබාදුන් සම්මුඛ් සාකච්චාවකින් උපුටාගත් කරුණු කිහිපයකි.


ඔවුන්ගේ කණ්ඩායම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත්තේ කොරෝනා වෛරසයට ආසාධිත රෝගීන්ගේ ප්‍රථිශක්තීකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව හා එක් එක් පුද්ගලයාගේ ප්‍රවේණික වෙනස්කම් වලට අදාලව එම ප්‍රථිචාර වෙනස්වන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමටයි.

මානව කොරොනා වෛරසයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔබ පෙළඹවූ සාධක මොනවා ද?

වෛද්‍ය අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව මාගේ බලාපොරොත්තුව වූයේ, මිනිසාගේ සෞඛ්‍යයට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරන වෛරස මිනිසා රෝගී කරන්නේ කෙසේ ද කියා සොයා බැලීමයි.
එවක ලෝක ජනතාවට බලපෑම් කරමින් තිබූ SARS, MERS වැනි මානව කොරෝනා වෛරසයන් පිළිබඳව සිදුවෙමින් පැවති විද්‍යාත්මක අධ්‍යයනයන්ට සම්බන්ධ වී කටයුතු කිරීමට මා පෙළඹුනා. මෙම වෛරසන් දෙකම සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේශනය වූ මානව කොරෝනා වෛරස ප්‍රබේද වන අතර නුදුරේදේම තවත් මෙවැනි වෛරසයන්ගේ බලපෑම් මානව වර්ගයාට එල්ලවීමේ අවධානම පිළිබඳව අප දැනුවත්ව සිටියා.
කොවිඩ් 19 වෛරසය පැමිණීමට පෙර අප පරීක්ෂණකරමින් සිටියේ ප්‍රථිවෛරස් ඖෂධයන් මානව කොරෝනා වෛරසයන්ට එරෙහිව කෙසේ ප්‍රථිචාර දක්වන්නේ ද යන්න පිළිබඳවයි. එම පරීක්ෂණයන්ගේ දත්ත ද අප විසින් කොවිඩ්-19 ට එරෙහි සටනට යොදා ගනිමින් සිටිනවා.
කෙසේ නමුත් කොවිඩ්-19 වෛරසය ලෝක ප්‍රජාවට එරෙහිව සිදුකරමින් පවතින බලපෑම අප කිසිදිනක මෙවැනි වෛරසයකින් සිදු වේ යැයි බලාපොරොත්තු වූ මට්ටමට වඩා අති විශාලයි.



මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය පිළිබඳව ඔබ කණ්ඩායම සිදුකරමින් පවතින නවතම පරීක්ෂණ මොනවා ද?

මා වඩාත් උනන්දු වන්නේ මානව ප්‍රථිශක්තීකරණ පද්දතිය මෙම වෛරසයට එරෙහිව කෙබඳු ආකාරයේ ප්‍රථිචාරයක් දක්වනවා ද යන පිළිබඳව සොයා බැලීමටයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. එම ප්‍රථිචාරය අනුව ඔහුට/ඇයට වෛරසය මගින් සිදුවන බලපෑමේ තරම හා ස්වාභාවය තීරණය වනවා.
වෛරසයකින් පුද්ගලයෙකුට ඇතිවන බලපෑමේ තරම ඔහුගේ/ඇයගේ සිරුරට ඇතුළු වූ වෛරස ප්‍රමාණය, ඔහුගේ/ඇයගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය හා වයස වැනි සාධක අනුව තීරණය වනවා. එසේම ඔහුගේ/ඇයගේ ජානමය පසුබිමත් මේ සඳහා පැහැදිලි බලපෑමක් සිදුකරන බව මේ වනවිට පරීක්ෂණ මඟින් ඔප්පු වී තිබෙනවා.
පරීක්ෂණාගාර තුල මීයන් ඇසුරින් අප සිදුකරන පරීක්ෂණ මගින් උත්සාහ කෙරෙන්නේ අපගේ ජාන පද්දතියේ කුමන කොටස් මෙම වෛරසයට එරෙහි සටනේදී කුමන ආකාරයට කටයුතු කරන්නේ දැයි අනාවරණය කරගැනීමටයි. එවිට ජාන පද්දතියට සිදුකරන වෙනස්කම් මගින් වෛරසයට එරෙහිව මිනිස් සිරුර වඩාත් හොඳින් සූදානම් කිරීමටත්, එමගින් වෛරසයට එරෙහි සටනින් වඩාත් හොඳ ප්‍රථිපල ලබා ගැනීමටත් අපට හැකි වෙනවා.


පර්යේෂණාගාර තුල සිදුකෙරෙන පරීක්ෂණ මගින් කොවිඩ් 19 වෛරසය පිළිබඳ ඔබ කණ්ඩායම අනාවරණය කර ගැනීමට බලාපොරොත්තුවන වෙනත් වැදගත් කරුණු මොනවා ද?

කොරෝනා වෛරසයට ගොදුරුව, රෝහල්වල ප්‍රථිකාර ලබා, නිවෙස්වලට පිටව ගිය ඇතැම් රෝගීන්ගෙන් වාර්ථාවන අසාමාන්‍ය අතුරු ඵල (side effects) පිළිබඳව වෛද්‍යවරු අපව දැනුවත් කර තිබෙනවා. ආඝාත තත්වයන් හා පෙනහලු තුල සියුම් ලේ කැටි ඇතිවීම ඒ අතරින් කිහිපයක්. කොවිඩ්-19 ආසාදනය කල මීයන් ඇසුරින් ඒවා පිළිබඳව වැඩිදුර සොයා බැලීමට අප කටයුතු කරමින් සිටිනවා.


කොවිඩ් 19 වෛරසය ඇතැම් පුද්ගලයන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොකරන අතර ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික ප්‍රථිපල ඇති කරයි. එසේ වන්නේ ඇයි?

මේ සඳහා වන පිළිතුරේ එක් කොටසක් වන්නේ අප ඒ පිළිබඳව තවමත් කිසිවක් නොදන්නා බව පැවසීමයි.
එසේම එහි අනිත් කොටස අප විසින් මින් පෙර අධ්‍යයනය කර SARS, MERS යන වෛරසයන් හා බැඳී පවතිනවා.මෙම මානව කොරෝනා වෛරසයන් සිරුරට ඇතුළු වී මුල් කාලයේදී කටයුතු කරන්නේ ඉතාම රහසිගතව බව අප සොයාගෙන තිබෙනව. මානව ප්‍රථිශක්තීකරන පද්දතිය මගින් හඳුනාගැනීමට පෙර සිරුරතුල ප්‍රථිගුණනය වී විශාල වෛරස් ප්‍රමාණයක් ඇතිකර ගැනීමට මෙම වෛරසයන්ට හැකියාව තිබෙනවා. ඇතැම් විට මේ සඳහා පැය 24ක් කාලයකටත් වැඩි කාලයක් ගත්විය හැකියි. එම කාලය වෛරසයට ප්‍රථිගුණයන් 250කට අධික ප්‍රමාණයක් සිදු කර ගැනීමට උවත් ප්‍රමාණවත් තරම් කාලයක්. මෙම රහසිගත ස්වාභාවය ඉන්ෆ්ලුවින්සා වැනි වෙනත් වෛරස ප්‍රභේදවල දක්නට නොලැබෙන විශේෂ ලක්ෂණයක්. මෙය කොවිඩ්-19 වෛරසයටත් එලෙසම අදාල වේදැයි අප තවම හරියටම නොදනිතත්, එය එසේනම්, මානව ප්‍රථිශක්තීකරණ පද්දතිය සටනට පිවිසීමට පෙර සිය බලමුලු ශක්තිමත් කරගැනීමට වෛරසයට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දෙනවා.









 

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...