Thursday, October 8, 2020

දෙහි යුෂ හොඳ ද නරක ද? මෙන්න නියම ඇත්ත...Benefits of lime juice


 දෙහි යුෂ හොඳ ද නරක ද? මෙන්න නියම ඇත්ත...Benefits of lime juice



දෙහි යුෂ යනු ප්‍රතිඔක්ෂිකාරකයන්ගෙන් අනූන අනර්ඝ පෝෂණ මාධ්‍යයක් බව පලමුවෙන්ම කිව යුතුය. එක් දෙහිගෙඩියකට පමණක් අපගේ විටමින් සී දෛනික් අවශ්‍යතාවයෙන් 32%ක ප්‍රමාණයක් පමණ සපුරාලිය හැකිබව මේවන විට සොයාගෙන ඇත. මේ සියල්ලටම අමතරව තවත් වැදගත් විටමින් හා ඛණිජ ලවණ ගනනාවක් දෙහියුෂවල අන්තර්ගතව ඇත.

මෙවන් පෝෂණීය වටිනාකමක් ඇති දෙහි යුෂ පානය කිරීමෙන් ලබාගත හැකි වාසි පහත පරිදි කැටිකොට දැක්විය හැක.



1.ප්‍රථිඔක්ෂිකාරක ලබාදෙන ප්‍රමුඛපෙලේ මාධ්‍යයකි.

2.හදවතේ යහ පැවැත්මට උපකාරී වේ.

3.සමේ යහ පැවැත්මට උපකාරීවන අතර වයසට යාමේ ලක්ෂණ පලවා හරී.

4.ආහාර ජීර්ණය පහසු කරයි.

5.ප්‍රථිශක්තීකරණ පද්දතිය ශක්තිමත් කරයි.

6.පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාරීවන අතර සිරුරේ බර වැඩිවීම පාලනය කරයි.

7.වකුගඩුවල යහ පැවැත්ම සඳහා උපකාර කරයි.

8.සිරුරට යකඩ උරා ගැනීමේ ක්‍රියාවලියට උපකාර කරයි.

ඔබගේ සිරුරට දෙහියුෂවල ඇති පෝෂණයන් ලබා ගැනීමට ඇති පහසුම මගක් නම් ඔබ දිනපතා බොන ජලයට දෙහි බින්දු කිහිපයක් එක් කිරීමයි. ඔබ නිවසේ හෝ සේවය කරන ස්ථානයේ හෝ භාවිතාකරන ජල බඳුනට දෙහි යුෂ බිංදු කීපයක් එක් කිරීමෙන් එම ජලයටද වඩාත් නැවුම් බවක් එක් වේ. මීට අමතරව වෙනත් බීම වර්ග සෑදීමේදී ද දෙහි යුෂ එක්කර ගැනීම සිදුකල හැක.


 


Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...