Friday, October 6, 2017

රැකගනිමු අක්මාව



අක්මාවේ උපරිම ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමටත්, අක්මාව රැක ගැනීමටත් අපි ගන්නා ආහාර වලින් ලබා ගන්න පුලුවන් දායකත්වය අපමණයි. උදාහරණයක් විදියට කියනවානම් කෙඳි සහිත ආහාර මගින් අක්මා රෝග ඇතිවීම අවම කරන බව මේ වනවිට හොයාගෙන තියෙනවා.
නමුත් මේධ බහුල ආහාර අක්මාව රෝගී කරනවා. විශේෂයෙන්ම සන්තෘප්ත මෙධය බහුල ආහාර අක්මාවට අතිශයින්ම අහිතකරයි. මෙවැනි ආහාර අක්මාවේ ක්‍රියාකාරිත්වයන් අඩපන කරන අතර අක්මාව ප්‍රදාහයට පත් කරන්වා. එහි අවසාන ප්‍රතිපලය වන්නේ අක්මා සිරෝසියාවයි.
අපගේ ආහාර අතරට එළවළු හැකිතාක් එකතු කර ගැනීම අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගෙම දිනකට කෝපි කෝප්ප එකක් හෝ දෙකක් එකතු කර ගැනීමත් අක්මාව සුරැකීමට හේතු වෙනබව මේ වනවිට සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඇල්කොහොල් මගින් අක්මාවට ඇතිවිය හැකි හානී බොහෝදුරට පාලනය කරගන්න කෝපි වලට පුලුවන්කම තියෙනවා.
ඔබේ අක්මාවට සහය දක්වන්න පුලුවන් තවත් ක්‍රමයක් තමා පැණිරස ආහාර හැකිතාක් අඩුවෙන් ගැනීම. ආහාර මගින් සිරුරට එකතුවෙන සීනි මෙධය බවට බත් කිරීම අකමාව මගින් සිදුකරන තවත් වැදගත් කාර්ය්‍යක්. නමුත් අධික සීනි පරිභෝජනය නිසා අක්මාවට වැඩි වැඩියෙන් වැඩ කිරීමට සිදුවෙනවා. ඒ වගේම නිපදවන මෙධයෙන් කොටසක් අක්මාව අවට තැන්පත් වීම නිසා FATTY LIVER කියන රෝග තත්වය ඇතිවීමේ අවධානමකුත් තියෙනවා.

ග්‍රීන් ටී
ග්‍රීන් ටී වල තියෙන catechins කියන ප්‍රතිඔක්සිකාරකය අක්මාවේ ඇතිවිය හැකි පිළිකා තත්වයන් වලක්වන්න උපකාරීවනබව මේ වන විට හොයාගෙන තියනවා. ඒ වගේම නිතර ජලය පානය කිරීම මගිනුත් අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට ලැබෙන්නේ මහඟු උපකාරයක්. කෘතීම පාන වර්ග වෙනුවට ජලය පමණක් පානය කිරීමට හුරුවීමෙන් අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට වගේම සිරුරේ බර පාලනය කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා.

ලුනු
ලුනු කියන්නේ අපේ ආහාර රස කරන්න අත්‍යාවශ්‍යය රසකාරකයක්. අපේ සිරුර නීරෝගීව පවත්වාගන්නත් ලුනු යම් ප්‍රමාණයක් අවශ්‍යය වෙනවා. නමුත් ලුනු මගින් සිරුරට ලැබෙන සෝඩියම් ප්‍රමාණය අධික වීම අක්මාවට කිසිසේත්ම හිතකර නෑ. විශේෂයෙන් ලුනු අධික කෘතීම ආහාර වර්ග නිතර ගැනීම අක්මාව ලෙඩ වෙන්න නිසැක හේතුවක්.

නිවිති
නිවිතිවල අඩංගු glutathione කියන ප්‍රතිඔක්ෂිකාරකය අක්මාව නීරෝගීව පවත්වාගන්න ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා නිවිති නිතර ඔබගේ ආහාර වේලට එකතුකරගන්න අමතක කරන්න එපා.

ඇල්කොහොල්
අධිකලෙස ඇල්කොහොල් පානය කිරීම අක්මාවට ඉතාම අහිතකරයි. අක්මා සිරෝශියාවට ප්‍රධානතම හේතුවත් මෙයමයි. ඉඳ හිට මත් පැන් පානය කලත් ඔබ ගන්නා මත් පැන් වීදුරු ගනන වැඩි වත්ම ඔබ ඔබේ අක්මාවට ඔබ සිදු කරගන්නා හානිය ඉතා අධිකයි.

අක්මාවේ ක්‍රියාකාරීත්වය විශිෂ්ට තත්වයෙන් පවත්වාගන්න, කුරුඳු, දුරු සහ තුනපහ කුඩු අහාරයට එකතුකර ගැනීමත් වැදගත් වෙන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.ඒ අතරම ක්ෂණික ආහාර, කෘතිම ආහාර හැකිතාක් අවම කිරීමත් කල යුතු වෙනවා.

3 comments:

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...