Tuesday, October 3, 2017

මොනවද මේ විටමින් ඩී - revealing secrets of mysterious vitamin D.


 මොනවද මේ විටමින් ඩී - revealing secrets of mysterious vitamin D.




විටමින් ඩී වලින් අපිට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන එමටයි කියලා මේ වෙනකොට හොයාගෙන තියනවා. ඒවායින් ප්‍රධානම දෙයක් තමා අස්ථි සුරක්ෂිතතාවය. කුඩාම ළදරුවාගෙ ඉඳන් වැඩිමහලුම පුද්ගලයා දක්වා සියලූම දෙනාට අස්ථි පද්දතිය ශක්තිමත්ම පවත්වා ගන්න විටමින් ඩී අත්‍යාවශ‍ය්‍යයි. අස්ථි පද්දතියේ ඇතිවෙන බිඳීම් වලක්වා ගන්න වගේම රිකට්සියාව වැනි අස්ථි පද්දතිය ආශ්‍රිත රෝග වලක්වා ගන්නත් විටමින් ඩී වැදගත් වෙනවා.

විටමින් ඩී දියවැඩියා රෝගය පාලනයට ද වැදගත් වෙන බව නවතම පර්යේෂණ මගින් මේ වනවිට සොයා ගැනෙමින් පවතිනවා. ඒ වගේම සිරුරේ බර පාලනය කරන්නත් ඩී විටමිනය වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවට සාක්ෂි මතුවෙමින් පවතිනවා. මේකට හේතුව විදියට කියවෙන්නේ සිරුරේ මෙධය ග්‍රහණය කරගැනීමට විටමින් ඩී සතුව පවතින සුවිශේෂි හැකියාවයි.

ඒ වගේම මොළයේ වර්ධනයට හා ක්‍රියාකාරීත්වයටත් විටමින් ඩී වැදගත් වෙනවා.

මීලඟට අපි බලමු අපේ සිරුරට විටමින් ඩී ලැබෙන්නෙ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන්ම අපිට විටමින් ඩී ලැබෙන්නෙ හිරු එලියෙන්. හිරු එලිය සම මතුපිටට පතිත උනහම විටමින් ඩී නිපදවා ගැනීමේ සුවිශේෂ හැකියාවක් මිනිස් සිරුරට තියෙනවා. නමුත් සිරුරේ පැහැය, වයස වගේම කාලගුණය වැනි තත්ව මත මේ විදියට සිරුරට නිපදවා ගන්න පුලුවන් විටමින් ඩී ප්‍රමාණය වෙනස් වෙනවා. එනිසා විටමින් ඩී අවශයතාවය සපුරා ගන්න ආහාර මත යැපෙන්න අපිට සිදුවෙනවා. තලපත්, සැමන් වගේම කුම්බලාවන් වැනි මාළු වර්ග විටමින් ඩී බහුල ආහාර අතර ප්‍රමුඛතාවය ගන්නා බව මේ වනවිට හොයාගෙන තියෙනවා. ඒ වගේම සමහර ආහාරවලට කෘතීමව විටමින් ඩී එකතු කරලා තියෙනවා. ආහාර දවටනය විමසා බැලීමෙන් අපිට පහසුවෙන් දැනගන්න පුලුවන් විටමින් ඩී ඒ ආහාරයේ අඩංගුද නැද්ද යන වග.

ඒ වගේම විටමින් ඩී සප්ලිමන්ට් වර්ගත් මේ වනවිට වෙළඳපොලේ දක්නට ලැබෙනවා. මෙවා භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා.

වයස අවුරුදු 50ට වඩා වැඩිවීම,
කලු හමක් තිබීම,
ස්ථූලතාවය
කිරි ආහාර වලට ආසාත්මිකතා දැක්වීම
අක්මාවේ හෝ ආහාර ජීර්ණ පද්දතියේ රොග තත්ව වගේ කරුණු නිසා විටමින් ඩී ඌණතාවය ඇතිවිය හැකි බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

විටමින් ඩී ඌණතාවය නිසා ඇතිවෙන රෝග ලක්ෂණ

අස්ථි මෘදු වීම
අස්ථි වේදනාව
මස් පිඬු වේදනාව
කුඩා ළමුන්ගේ රිකට්සියා රෝග තත්වය

නීරෝගී සිරුරක් සඳහා රුධිරයේ තිබිය යුතු විටමින් ඩී ප්‍රමාණය මිලිලීටරයට නැනෝගෑම් 20-30 පමණ වන බවයි නවතම පර්යේෂණ මගින් සොයාගෙන තිබෙන්නේ. මේ සඳහා දිනකට ලබා ගත යුතු විටමින් ඩී ප්‍රමාණය ජාත්‍යන්තර ඒකක 600 පමණ වනබව (600IU) කියවෙනවා.

විටමින් ඩී අධික ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගැනීමත් එතරම්ම සුදුසු නෑ. එමගින් රුධිර වාහිනී වලට, හදවතට වගේම වකුගඩු වලටත් හානි සිදු විය හැකියි. අව්වේ සිටීම මගින් නම් සිරුරට අණවශ්‍ය තරම් විටමින් ඩී ප්‍රමාණයක් එකතු වෙන්නේ නෑ. ඒකට හෙතුව තමයි සිරුරට අවශ්‍යය විටමින් ඩී ප්‍රමාණය ලැබුනු පසු සිරුර මගින් විටමින් ඩී නිපදවීම අත් හිටුවා දැමීම.

විටමින් ඩී මගින් සමහර පිළිකා වර්ග ඇතිවීම වලක්වන බව කියවෙනවා. නමුත් මේ කරුණ ඔප්පු කිරීමට තරම් පැහැදිලි සාක්ෂි මෙතෙක් ලැබී නෑ. විටමින් ඩී මගින් සමහර හදවත් රෝග ඇතිවීම පාලනය කරන බව කිය උනත් ඒ සදහා කොපමන විටමින් ඩී ප්‍රමාණය රුධිරයේ තිබිය යුතුද, එය සිදුවන්නේ කෙසේද වගේ කරුණු පැහැදිලි සාක්ෂි මගින් මෙතෙක් ඔප්පු කර නෑ.

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...