Thursday, September 28, 2017

ඔමේගා 3 ගැන නියම ඇත්ත




ඔමේගා 3 කියන්නෙ මේද අම්ලයක්. මේක අනිත් මේද අම්ල වලට වඩා වැදගත් වෙන්නෙ හදවත් රෝග ඇතිවීම වලක්වා ගන්න අපිට උපකාරී වෙන නිසා. ඒ නිසා හදවත් රෝග වලින් පීඩා විඳින අයට වගේම එහෙම නොවෙන අයටත් ඔමෙගා 3 ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කරන්න මේ මේද අම්ලයට පුලුවන්කම තියෙනවා.



ඔමේගා 3 සප්ලිමෙන්ට්‍රි එකක් විදියට වෙළඳ පොළට එකතුවෙලා තිබුනත් ස්වාභාවික විදියට කොහොමද අපි ඔමේගා 3 සිරුරට එකතු කරගන්නෙ කියල දැනගන්න එකත් හරිම වැදගත්. ඉතින් ඒකට කරන්න තියෙන්නෙ හරිම සරළ දෙයක්. ඒ තමයි අපේ ආහාර වේල් වලට මාළු එකතු කර ගැනීම. මාළු වලින් ඔමේගා 3 වලට අමතරව කැල්සියම්, විටමින් බී, විටමින් ඩී වගේ සංඝටකත් අපට ලබා දෙනවා.

සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කිරීමට අමතරව දියවැඩියා රෝගය පාලනය කිරීමටත් ඔමේගා 3 උපකාරීවෙනබව නවතම සොයා ගැනීම් වලින් හෙලිවී තිබෙනවා. ඇත්තටම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම රුධිරයේ ඉහල යාමත් දියවැඩියා රෝගීන් අතර බොහොම සුලභ ප්‍රශ්ණයක්.

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...