Friday, September 1, 2017

ජගත්ගේ කතාව

ජගත් කියන්නෙ හරිම අහිංසක කොල්ලෙක්. පොඩිකාලෙ ඉදලම එයාගෙ එකම සිහිනය උනේ දොස්තර කෙනෙක් වෙන එක. නමුත් උසස්පෙළ කඩුල්ල හරස් වෙච්චි නිසා එයාට එයාගෙ සිහිනය සැබෑ කරගන්න එක ලේසි උනේ නම් නෑ. ලංකාවෙන් බැරිනම් වෙන රටකට ගිහින් හරි තමාගෙ සිහිනය සැබෑ කරගන්න තමා එයා ඊ ලඟට උත්සාහ කලේ. ඔය අතරෙ තමා ජගත්ට පුලුවන් උනේ වැඩිදුර උගනීමට තරුණ තරුණියන් පිටරට යවන ඒජන්සියකට සම්බන්ද වෙන්න. ජගතුත් එයාගෙ උපරිම උත්සාහය යොදලා ඔස්ට්‍රේලියාවෙ විස්ව විද්යාලයක් හා සම්බන්ඳ වෙලා පිටරට ගියේ තමන්ගෙ මහ ගෙදරත් බැංකුවට උගස් කරලා. මෙ සල්ලි ප්‍රමාණවත් උනේ ජගත්ට ලියාපදිංචි ගාස්තුව ගෙවාගන්න විතරමයි. ඉතින් ඉදිරි වියදම් වලට සල්ලි හොයාගන්න පොඩි පොඩි රස්සවල් කීපයක්ම එහෙදි කරන්න ජගත්ට සිද්ද උනා. නමුත් මේ රස්ස කිරිල්ලෙයි ඉගෙන ගැනිල්ලෙයි දෙකෙන්ම එකවර ආපු මහා පීඩනය දරා ගන්න මේ අහිංසක කොල්ලට පුලුවන්කමක් තිබුනෙ නෑ. අන්තිමට ජගත් මානසික රෝගියෙක් උනා. ජගත්ව ආපහු ලංකාවට ගෙන්න ගන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉතිරිවෙලා තිබ්බ ඔක්කොම දේපල විකුණන්න සිද්ද උනා. ඒ උනත් ඒ ගොල්ලන්ට අර පිටරට ගිය පරණ පුතාවනම් ආපහු කවදාවත්ම ලැබුනෙ නෑ. ඒ වෙනුවට එයාලට ලැබුනෙ සම්පූර්ණයෙන්ම මානසිකව බිඳ වැටිච්චි, කිසිම කතා බහක් නැති රොගී පුතෙක්. ඉතින් ඒ පරණ පුතාව ආපහු මතුකරගන්න අර අසරණ දෙමාපියො තාමත් නොවිඳිනා දුක් විඳිනවා. 

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...