Sunday, October 15, 2017

කෝපි/තේ පානය හොඳද? නරකද? මෙන්න නියම ඇත්ත...Should we drink tea/coffee?






ජලය ලඟට අපි වැඩිපුරම බොන්නෙ එක්කො තේ; එහෙමත් නැත්නම් කෝපි. ඇත්තටම කොපි හා තේ මගින් අපේ සිරුරට වගේම මනසටත් යහපත් දේවල් ගොඩක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි තේ එහෙමත් නැත්නම් කෝපි කියන්නෙ අනිකුත් අයත් සමඟ සමාජගත වෙනකොටත් හරිම වැදගත් වෙන පානයක්. 


අපේ රටේ නම් වඩාත්ම ප්‍රකට තේ පානය. නමුත් බොහෝ රටවල තේ වගේම කෝපි පානයත් හරිම ජනප්‍රියයි. කෝපි කියන්නෙ ලෝකෙ රටවල් 60ක විතර වාණිජ වගාවක්. කෝපි ගහෙන් නෙලාගන්න කෝපි, කෝපි කෝප්පය දක්වා එන ගමන රට රටවලට විශේෂයි. ඒ කියන්නෙ එක එක රටවලට ආවේණික ක්‍රම තියෙනවා කෝපි සකස් කිරීමට භාවිතා කරන.

කොහොම නමුත් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පානය වෙන්නෙ තේ. ලොකයේ වෙසෙන ජනතාවගෙන් තුනෙන් දෙකක්ම තේ පානය කරන්නො. කොහොම උනත් එක එක රටවල මිනිස්සු තේ කෝප්පය සකස් කරගන්න විදියනම් එකිනෙකට වෙනස්. සමහරු කැමති උණුසුම් තේ කෝප්පයකට වෙන අතරෙ තවත් සමහරු කැමති සිසිල් තේ කෝප්පයක රස බලන්න. තේ කෝප්පයක ආරම්භය වෙන්නෙ අපේ රටෙත් බොහොම ජනප්‍රිය වාණිජ වගාවක් වෙන තේ ගහෙන් බව අපි හැමෝම දන්නවා. මේ තේ ගසේ විද්‍යාත්මක නම තමා Camellia sinensis කියලා කියන්නෙ.

fermentation කියලා හදුන්වන ක්‍රියාවලිය භාවිතා කරල තමා කොලපාට තේ දල්ල දුඹුරු පාට තේ කුඩු බවට පත් කරන්නෙ. මේකෙදි අඹරල, කූඩු කරපු තේ දල්ල යම් කාලයකට වායු ධාරාවකට හසු කිරීම සිදු වෙනවා. වායු ධාරවේ ප්‍රමාණය වගේම එම ධාරාවට තේ දල්ල නිරාවරණය වෙන කාලය මත තේ කුඩුවල රස වගේම පැහැයත් රඳා පවතිනවා. මේ නිරාවරණ කාලය මත තේ කුඩුවල අඩංගු වෙන කැෆේන් ප්‍රමාණය තීරණය වෙනවා. ග්‍රීන් ටී කියල කියන්නෙ fermentation ක්‍රියාවලියට භාජනය නොකොට හදන තේ වලට. ඒ නිසාම ග්‍රීන් ටී වල කැෆේන් අඩංගු වෙන්නෙත් නෑ. 

හොඳයි. අපි දැන් තේ හා කෝපි ගැන පොඩි පොඩි කරුණු ටිකක් දැන ගත්තනෙ. දැන් බලමු තේ හා කොපි පානය කිරීම මගින් අපේ සිරුරට ඇතිවියහැකි වැදගත් බලපෑම් කීපයක් ගැන. 

free radicals
free radicals කියල කියන්නෙ සමහර ආහාර ජීර්ණයේදී වගේම හිරු කිරණ සමමත පතිත වීමෙන් සිරුරේ නිපදවෙන රසායනිකයක්. මේවා මගින් අපේ සිරුරට විවිධ රෝගාබාධ ඇති කරනවා. තේ සහ කෝපිවල අඩංගු වෙලා තියෙන ප්‍රතිඔක්ශිකාරක වලට මේ free radicals වලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා කියලා මේ වනවිට හොයාගෙන තියෙනෙවා.

දියවැඩියාව
තේ හා කෝපිවල අඩංගු ප්‍රතිඔක්ෂිකාරක වලට දියවැඩියාව පාලනය කිරීමටත් උපාකාරී විය හැකිබව මේ වනවිට හොයාගෙන තියෙනවා. රුධිරයේ අඩංගු වෙලා තියෙන සීනි මට්ටම ස්ථාවරව වගේම පහල මට්ටමක තියා ගන්නත් මේ ප්‍රතිඔක්ෂිකාරක වලට හැකියාව තියෙනවා.

පාකින්සන් රෝගය
පාකින්සන් කියල කියන්නෙ අපි කාටත් නොසෑදිය යුතු සනීප කල නොහැකි රෝගයක්. මේකෙන් හානි වෙන්නෙ අපේ ස්නායු පද්දතියට. කොහොම උනත් තේ හා කෝපිවල අඩංගු ප්‍රතිඔක්ෂිකාරක වලට පාකින්සන් රොගය ඇතිවීම වලක්වා ගන්නටත් රෝග ලක්ෂණ පාලනය කරන්නටත් හැකියාව තියෙනවා.

හදවත් රෝග
හදවත ලෙඩ වීම වලක්වා ගන්නටත් තේ හා කෝපි උපකාරී වෙනවා කියලා නවතම පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. රුධිර නාල තුල කැල්සියම් තැන්පත් වීම අවම කිරීමට තේ හා කෝපි උපකාරී වෙනවා. දිනකට කෝපි කෝප්ප 3-5 ත් අතර ප්‍රමාණයක් පානය කිරීම හදවත් රෝග ඇතිවීමේ අවධානම සැලකියයුතු ප්‍රමාණයකින් පහල හෙලන බව මතක තබා ගන්න.

අක්මාව
ඔබේ අක්මාව ලෙඩ වීම වලක්වා ගැනීමටත් කෝපි කෝප්පයට හැකියාව තිබෙන බව මේ වන විට සොයාගෙන තිබෙනවා. අක්මා සිරෝෂියාව වගේම අක්මාවේ ඇතිවන පිලිකා තත්ව වලකා ගන්නටත් කෝපි කෝප්පයට පුලුවන් බව මතක තබා ගන්න.

ආඝාතය
මොළයේ යම්කිසි ප්‍රදේශයකට රුධිර සැපයුම අඩාල වීම නිසා ආඝාත තත්ව ඇතිවෙනවා. මෙනිසා අවසානයේ අංශභාග තත්වය ඇතිවිය හැකියි. කෝපි හා තේ වලට ආඝාත තත්ව ඇතිවීම පාලනය කිරීමටද හැකියාව තිබෙන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා. රුධිර පීඩනය පාලනය කිරීමට තේ වලට තිබෙන හැකියාව වගේම රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාවද මෙහිදී උපකාරී වෙනබව කියවෙනවා.

පිළිකා තත්ව 
 කෝපි හා ග්‍රීන් ටී වලට පියයුරු හා පුරස්ති ග්‍රන්ථි වල පිළිකා තත්ව වලක්වා ගැනීමට හැකියාව තිබෙන අතර, අනිකුත් තේ වර්ග වලට ඩිම්බාධර පිළිකා හා බඩවැල් ආශ්‍රිත පිලිකා වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

ඇල්ෂයිමිර් රෝගය

මේකත් පුද්ගලයන්ගේ ස්නායු පද්දතියට බලපෑම් කරන, මතක ශක්තිය නැති කරවන රෝගී තත්වයක්. කෝපි හා ග්‍රීන් ටී වල අඩංගු සමහර ප්‍රතිඔක්ෂිකාරක වලට මේ රෝගය ඇතිවීම වලක්වා ගන්නට හා රෝග ලක්ශණ පාලනය කරන්නට හැකිබව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

පිත්තාශ්ම Gallstones
පිත්තාශ්ම කියල කියන්නෙ පිත්තාශයේ ඇතිවෙන ගල් වලට. මේවා ඇති වෙන්නෙ කොලෙස්ටරෝල් හා තවත් යම් යම් ද්‍රව්‍ය ඝනීභවනය වීමෙන්. නියමිත ප්‍රතිකාර නොලැබී ගියහොත් ඉතාම වෙදනාකාරී තත්වයක් ඇතිකිරීමට මේ පිත්තාශ්මවලට හැකියාව තිබෙනවා. නමුත් කෝපි වලට පිත්තාශ්ම ඇතිවීම සාර්ථකව පාලනය කිරීමට හැකියාව ඇතිබව මේ වනවිත තහවුරු වී තිබෙනවා.

අධික සීනි ප්‍රමාණයක් සහිත සකස්කල බීම වර්ග වෙනුවට තේ හා කෝපි පානය කිරීම සිරුරේ නියමිත හැඩය හා බර පවත්වා ගැනීමටත් මනා උපකාරයක්. නමුත් සීනි හෝ වෙනත් රසකාරක නොයෙදූ සාම්ප්‍රධායික තේ හෝ කෝපි කෝප්පයකට පමනක් මෙය අදාල වන බව මතක තබා ගත යුතුයි.

පමණ ඉක්මවා යන්න එපා!
කොහොම නමුත් අනවශ්‍ය තරම් තේ හෝ කෝපි ප්‍රමාණයක් පානය කිරීමනම් නොකල යුතුයි. අධිකව තේ හෝ කෝපි ප්‍රමාණයක් පානය කිරීම සිරුරට ලැබෙන කැෆේන් ප්‍රමාණය අනවශ්‍යලෙස ලෙස ඉහල දැමීම මගින් කාංසා තත්ව ඇතිවීම හා නින්ද අහිමි වීම වැනි අතුරු ඵල ඇතිවිය හැකියි. ඒ වගේම අධික ලෙස කෝපි හා තේ පානය නිසා සිරුරේ කැල්සියම් මට්ටම අඩු වීමේ අවධානමකුත් තියෙනවා. එමගින් සිරුරේ අස්ථිවලට හානි වීමේ ප්‍රවණතාවය ඉහල යාවි.

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...