Tuesday, February 19, 2019

විවිධ රෙදි සෝදන යන්ත්‍ර වර්ග හා ඒවායේ වාසි සහ අවාසි හඳුනා ගනිමු...Advantages and disadvantages of various Washing machines..

විවිධ රෙදි  සෝදන යන්ත්‍ර වර්ග හා ඒවායේ වාසි සහ අවාසි හඳුනා ගනිමු...Advantages and disadvantages of various washing machines..



Washing machines is one of the most essential tools in a household. It is useful not only to save your time and energy but also to lead a healthy life.

Front Loading Washing machines

වාසි
  • රෙදි ඇතුළු කිරීමේ දොරටුව ඉදිරිපසින් ඇත. රෙදි ඇතුළු කිරීම වඩාත් පහසුය.
  • එසේම සේදීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා පලදායීතාවය වෙනත් යන්ත්‍රවර්ග වලට වඩා ඉහලය.
  • කැරකීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්ය. (Fast spin circle). එනිසා අවශ්‍යවන වතුර ප්‍රමාණය සාපේක්ෂව අඩුය. එනිසාම අඩු කාලයකින් රෙදි වේලාගත හැක. වෙනත් රෙදි සෝදන යන්ත්‍ර හා සැසඳීමේදී මෙම වර්ගය භාවිතා කරන වතුර ප්‍රමාණය අඩකින් පමණ අඩුය.  එනිසා ජල බිල්පතටද සහනයක් සැලසේ.

අවාසි
  • අධික දෙදරීම. එනිසා මෙවැනි වර්ගයේ රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් රෙදි සෝදන ස්ථානය ඔබේ නිදන කාමරය, සාලය වැනි ස්ථාන වලින් හැකිතාක් ඈත්කර තබන්න.
  • මිල අධික වීම

Space Saving Washing machines
වාසි
  • ඉතා අඩු ඉඩක් පමණක් අවශ්‍යය වීම. අපාර්ට්මන්ට්ස් වැනි ඉඩකඩ අඩු ස්ථානවලදී භාවිතයට ඉතා උචිතය.

අවාසි
  • එකවරකට සේදිය හැක්කේ ඉතා අඩු රෙදි ප්‍රමාණයක් පමණක් වීම මෙහි ඇති ප්‍රධානතම අවාසියයි.එනිසා තරමක පවුලක භාවිතයට එතරම් උචිත නැත.

High Energy Efficient Top Loader Washing machines
 
වාසි
  • නවතම තාක්ෂණික උපක්‍රමයන් භාවිතාවෙන් නිපදවා ඇත. ඉතා අඩු ජල පරිමාවක් හා බලශක්ති ප්‍රමාණයක් වැය වේ. එනම් මෙවැනි රෙදි සෝදන යන්ත්‍රයකට වැයවෙන ජල ප්‍රමාණය සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍රයකට වැයවෙන ජල ප්‍රමාණයෙන් භාගයක් පමණ වේ. එනිසා ජල බිල හා විදුලි බිල ඉතිරි වේ.

අවාසි
  • අධි වේගයෙන් කරකැවීමේ තාක්ෂණය නිසා රෙදි එකිනෙක පැටලේ. එනිසා සේදුම අවසානයේ රෙදි අධික ලෙස පොඩි වී තිබිය හැක. (Wrinkled).
  • මිල අධික වීම

Top Loader Washing machines


වාසි
  • රෙදි සෝදන යන්ත්‍ර අතර මූලිකම හා සරලම වර්ගය යි. එනිසා භාවිතයට පහසු අතර මිලෙනුත් අඩු ය.

අවාසි
  • වැඩි ජල ප්‍රමාණයක් වැයවීම.
  • වැඩි බලශක්තියක් වැය වීම.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...