Thursday, January 21, 2021

COVID-19 Vaccines, the truth reveled .. කොවිඩ් 19 එන්නත් පිළිබඳව නියම ඇත්ත මෙන්න....

 


 

කොවිඩ් 19 එන්නත අපේ රටටත් නුදුරේදීම ලැබෙනු ඇතැයි අපි සියල්ලෝම බලාපොරොත්තුවෙන් සිටින කාල වකවානුවකි මේ. එනිසාම එම එන්නත් පිළිබඳව වැඩි විස්තර හදාරා තිබීම ඉතාම වැදගත් ය. ඒ පිළිබඳව ඇමෙරිකානු සෞඛ්‍ය සේවා දෙපාර්ථමේන්තුව පලකර තිබූ ලිපියක සරල අනුවාදනයක් මෙලෙස ඔබ හමුවේ තබන්නේ එම දැනුම හැකි අයුරින් ඔබවෙතට බෙදා හැරීමේ  ඒකායන අරමුනෙනි.

https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/114CD/production/_115616807_057ad370-a022-44e7-9216-d73afca59581.jpg


කොවිඩ් 19 එන්නත ලබාදීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කොවිඩ් 19 රෝගය වැළඳීමෙන් ඔබව ආරක්ෂා කර ගැනීමයි. මෙම එන්නත ලබා ගැනීම නිසා ඔබට යම් අපහසුතා ඇතිවිය හැකිය. කොවිඩ් 19 රෝගයට එරෙහිව සිරුර තුල ප්‍රථිශක්තිය ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ඇතිවන අතුරුපල නිසා ඇතිවන එවැනි අපහසුතාපිළිබඳව ඔබ කිසිසේත්ම කලබලයට පත්වියයුතු නැත. ඒවා නිසා ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට බාධා එල්ලවිය හැකි නමුත් එන්නත ලබාගෙන දින කිහිපයක් ඇතුලත සියල්ල සාමාන්‍ය තත්වයට පත්වනු ඇත.

එන්නත ලබා ගැනීම නිසා ඇතිවිය හැකි ප්‍රධානතම සංකූලතා පහත පරිදි වේ.

https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/0745/production/_115616810_1958520e-e546-43ae-bc83-a810efaf178e.jpg

එන්නත ලබාදුන් අතෙහි,
වේදනාව හෝ ඉදිමීම.

එයට අමතරව,

  • උණ,
  • වෙව්ලීම,
  • වෙහෙසකරබව හා
  • හිසරදය ඇතිවිය හැක.


වේදනාව සමනය කරගැනීමට වෛද්‍ය නිර්දේශයන්ට අනුකූලව වේදනා නාශක ලබා ගැනීම සිදුකල හැක.

එසේම,
එන්නත ලබාදුන් අතට ව්‍යායාම ලබාදීම,
උණ තිබේනම්,
තරල වැඩිපුර පානය කිරීම හා සැහැල්ලු ඇදුම් භාවිතාව වැනි සරල ක්‍රියාකාරකම් මගින්ද ඔබට ඇතිවන අපහසුතා මග හරවා ගැනීම සිදුකල හැක.

සිරුරේ ඇතිවන අපහසුතා හා උණ සාමාන්‍ය තත්වයක් නමුත්,
එන්නත ලබාගත් අතෙහි ඉදිමුම හා තදබව ක්‍රමයෙන් වැඩි වේනම් හෝ එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වූ සංකූලතා දින කිහිපයකට පසුවත් පහව නොයයි නම් ළඟම ඇති රෝහල කරා යොමුවීම හෝ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් කරා යොමුවීම වඩාත් උචිත වේ.

එසේම,
මෙම එන්නත කලාතුරකින් අයෙකුට ආසාද්මික වීමේ සම්භාවිතාවයක් ඇතිනිසා එන්නත ලබා ගැනීම එවැනි සංකූලයක් ඇතිඋවහොත් ප්‍රථිකාර කිරීමට පහසුකම් ඇති ස්ථානයකදී හා පලපුරුදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති ස්ථානයකදී ලබා ගැනීම සිදුකල යුතුය. මෙයටපෙර අවස්ථාවන්වලදී ආසාද්මික සංකූලයන්ට ගොදුරු වී ඇති පුද්ගලයන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය. එනිසා ඒ පිළිබඳ නිවැරදිම තොරතුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීම සිදුකල යුතුය.

දෙවන මාත්‍රාව ලබා ගනීම,


දැනට සොයාගෙන ඇති කොවිඩ් 19 එන්නත් වර්ග දෙකෙන්ම වඩාත් නිවැරදි හා පුළුල් ආර්ක්ෂාවක් සලසා ගැනීමට නම් දෙවන මාත්‍රාවක් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කල යුතු වේ. Pfizer-BioNTech  එන්නත සඳහා පළමු එන්නත ලබාගත් දිනසිට දින 21කට පසුවත් Moderna  එන්නත සඳහා පලමු මාත්‍රාවේ සිට දින 28කට පසුවත් දෙවන මාත්‍රාව ලබා ගැනීම උචිත බවට නිර්දේශ කර ඇත.

එන්නත ලබාගත් පසුවත් නිර්දේශකර ඇති සෞඛ්‍ය උපදෙස් නිවරදිව පිළිපැදීම කොවිඩ් රෝගය මෙලොවින් තුරන් කිරීමට අත්‍යාවශ්‍ය බව තරයේ සිහිතබා ගන්න.

  • අන්‍යයන් අතර ගැවසීමේදී මුඛය හා නාසය නිසිලෙස ආවරණය වනසේ මුඛ වැස්මක් (MASK) පළදින්න. 
  • අන්‍යයන්ගෙන් අවම වශයෙන් අඩි 6ක පරතරයක් තබා ගන්න.
  • හැකි සෑම විටම සෙනග අතර ගැවසීමෙන් වලකින්න.
  • නිතර නිතර නිවැරදි ආකාරයට දෑත් සෝදන්න.


 
 




No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...