දරුවා රාත්‍රියේ දී ඇඳ තෙමන්නේ ඇයි?
මෙහිදී වඩාත්ම අවධාරණය කලයුතු කරුණ නම්, දරුවා එසේ රාත්‍රී කාලයේදී ඇඳ තෙමන්නේ කම්මැලිකම නිසාය යන්න පැහැදිලිවම මිත්‍යාවක් යන්නය.
ඇඳ තෙමන දරුවකු නිසා රාත්‍රී කාලයේ වරින් වර අවදි විමට සිදු වීමත්, ඇඳ ඇතිරිලි හා දරුවාගේ ඇඳුම් මාරු කිරීමට සිදු වීමත් දෙමාපියනට ගෙන දෙන්නේ මහත් වූ හිසරදයකි. නමුත් මතක තබාගත යුතු කරුණ නම් මේ තත්වය ඔබ සිතනවාට වඩා ඉතා සුලභ තත්වයක් බවයි. මෙම තත්වය ළමාවිය හා බැඳුණු සැඟවුණු තත්වයක් ලෙසටද හඳුන්වා දිය හැක. එයට හේතුවනම් ළමා විය හා සම්බඳ වෙනත් රෝගීතත්වයන් මෙන් නොව ,මේ තත්වය පිළිබඳ ප්‍රසිද්දියේ කතා කිරීමට දෙමාපියන් හා දරුවන් දක්වන අකමැත්තයි.
මෙම තත්ව්ය සැඟවුණු තත්වයක් වීම නිසාම මින් පීඩා විඳින බොහෝ දරුවන් මෙන්ම දෙමාපියන්ද මානසිකව පීඩාවට පත්වෙති. මෙම තත්වයෙන් පෙලෙන දරුවන්ගෙන් 90% පමණම සිතා සිටින්නේ රාත්‍රියෙදී ඇඳ තෙමන එකම දරුවා තමා පමණක් බවයි.
නමුත් සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව සිහියේ තබා ගන්න. මෙවැනි දරුවෝ අති මහත් සංඛ්‍යාවක් ලෝකය පුරා වෙසෙති. මෙයට හේතුව රාත්‍රී කාලයේදී මුත්‍රාශය සිය පාලනයට නතුකර ගැනීමේ හැකියාව විවිධ දරුවන් සම්පූර්ණකරන්නේ විවිධ වයස් ඛාණ්ඩවලදී වීමයි. ඇත්තෙන්ම ලොකය පුරා මිලියන 5-7 දක්වාවූ දරුවන් ප්‍රමාණයක් සෑම රාත්‍රියකදීම හෝ ඇතැම් රාත්‍රී කාලවලදී ඇඳ තෙමති. ඇඳ තෙමන පිරිමි ළමයින් ප්‍රමාණය එය සිදුකරන ගැහැණු ළමයින් ප්‍රමාණයට වඩා වැඩි අතර ආසන්න වශයෙන් දෙගුණයකි.
වයස අවුරුදු 5න් පසුවත් 15%ක දරුවන් ප්‍රමාණයක් තවදුරටත් ඇඳ තෙමීම සිදුකරණ අතර වයස අවුරුදු 10න් පසුවත් 5%ක දරුවන් ප්‍රමාණයක් මෙම පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන යති.
ඇඳ තෙමීම දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද ගෙනදෙන්නේ මහත් වූ අසහනයකි. ඇතැම් දෙමාපියෝ මෙය දරුවාගේ කම්මැලිකම නිසා සිදුවන දෙයක් ලෙසට වැරදි සහගත නිගමනවලට එළඹෙත්. එවැනි දරුවෝද තමාට යම්කිසි රෝගයක් ඇතැයි සිතමින් පසුතැවෙත්. සහෝදර සහෝදරියන්ගේ උසුළු විසුළු වලට ලක්වීම නිසා මෙවැනි දරුවෝ තවතවත් අපහසුතාවයට පත්වෙන අතර සමාජමය වශයෙද දරුවා කොන්වීමට ඉඩ ඇත.
නමුත් මෙම තත්වය එතරම්ම බරපතල තත්වයක් ලෙසට හෝ ඉතා හානිකර තත්වයක් ලෙසට වරදවා වටහාගත යුතු නැත. කෙසේ නමුත් මෙම තත්වය වලක්වා ගැනීමට ප්‍රථම එය ඇතිවීමට මුල්වන හේතුව හෝ හේතු හඳුණා ගැනීමට උත්සාහ කිරීම වැදගත් වේ.
ඇත්තෙන්ම මේ සඳහා බලපාන පැහැදිලි හේතුවක් හඳුණාගැනීම අපහසු ය.කෙසේ නමුත් මෙම පුරුද්ද ජානමය එනම් පරම්පරාවෙන් පරම්පරාවට එන පුරුද්දක් ලෙසටද හඳුණාගෙන ඇත. එනම් ඇඳ තෙමීම සිදුකරන දරුවන් 4/3කගේම දෙමාපියන් හෝ ඉතා ආසන්න ලේ නෑයන් කුඩා කාලයේදී ඇඳ තෙමන්නන්ව සිට ඇත. ඇත්තෙන්ම මේ සඳහා කෙලින්ම බලපාන ජාන කිහිපයක් වෙන්කර හඳුණාගැනීමට මේ වනවිටත් විද්‍යාඥ්ඥයෝ සමත්ව සිටිති. කෙසේ වෙතත්, තමන් ද කුඩාකල ඇඳ තෙමන්නන්වසිට ඇත්නම් ඒ පිළිබඳ දරුවා දැනුවත් කිරීම ඔබ සතු යුතුකමකි. එමඟින් දරුවාට මහත් වූ මානසික සුවයක් අත්පත්වනු ඇත.
ජාන වලට අමතරව ඇඳ තෙමීමේ පුරුද්දට වගකිවයුතු තවත් හේතු ගනනාවක්ව ඇතිබව මේ වනවිට හඳුනාගෙන ඇත. මේවා විවාදසම්පන්න වූවත් හඳුනාගෙන සිටීම ඔබට වැදගත්වනු ඇත.
1.මුත්‍රාශය හා මොළය අතර සිදුවන සන්නිවේදනය වයසත් සමඟ වර්ධණය වේ. විශේෂයෙන් රාත්‍රී කාලයේදී හැසිරියයුතු ආකාරය මොළය මෙන්ම මුත්‍රාශය නිසිපරිදි හඳුණාගන්නේ කාලයත් සමඟය. සමහර දරුවන්ගේ මේ සන්නිවේදනය නිසිපරිදි සිදු වීමට අනිකුත් දරුවන්ට වඩා වැඩි කාලයක් ගතවේ.
2. වකුගඩුවලින් මුත්‍රා පෙරීම පාළනය කිරීමට ADH හෝමොනය වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. මුත්‍රා පෙරීම අඩුකිරීමට වකුගඩුවලට අණ දෙන්නේ මේ හෝමෝනයයි. සමහර දරුවන්ගේ මේ හෝමෝනය රාත්‍රී කාලයේදී අඩුවෙන් ස්‍රාවය වේ. එවැනි දරුවෝ බොහෝවිට රාත්‍රියේදී ඇඳ තෙමීම සිදු කරති.
3.රාත්‍රීකාලයේදී ඇඳ තෙමන ඇතැම් දරුවන් ඉතා තදින් නින්දට වැටෙන්නන්ය. ඔවුන් කෙතරම් තදින් නින්දට වැටේදයත්, මුත්‍රාශය පිරුණු විටක ඒ බව මොළයට දැනුම්දීම පවා ඔවුන්තුල සිදු නොවේ.
4.මළබද්දය නිසාද ඇතැම් දරුවෝ ඇඳ තෙමති. එයට හේතුව පිරී පවතිණ අන්ත්‍ර (බඩවැල්) මගින් මුත්‍රාශය තෙරපීමකට ලක් වීමයි.
සිරුරේ පවතින යම්කිසි රෝගී තත්වයක් හෝ යම් අසාමන්‍යතාවක් නිසා ඇඳ තෙමීම සිදු කරන්නේ එවැනි දරුවන්ගෙන් 3%කටත් වඩා අඩු දරුවන් පිරිසකි.කෙසේ නමුත් මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාධන, sleep apnea තත්වය, දියවැඩියාව, කොඳු ඇට පෙලේ යම් ආබාධ තත්ව, මුත්‍රාශයේ අසාමාන්‍යතා හෝ මුත්‍රා ආසාධන නිසාත් මෙම තත්වය ඇතිවීමේ යම් අවධානමක් පවතී.
මෙම තත්වය ඇතිවීමට බලපාන හේතු හඳුනාගැනීමට දරුවා හා දෙමාපියන් සමඟ කතා බහ කිරීම, දරුවා පරික්ෂා කිරීම හා මුත්‍රා පරික්ෂා කිරීම හා මුත්‍රා පරීක්ෂණවලට භාජනය කිරීම වැනි උපක්‍රම වෛද්‍ය වරුන් විසින් භාවිතා කරති.
කෙසේ නමුත්, රාත්‍රියෙදී ඇඳ තෙමන බොහෝ දරුවන්ට කිසිඳු සෞඛ්‍යමය ගැටළුවක් හෝ ආබාධයක් නොමැතිබව අවධාරණය කල යුතුය. දරුවා ඇඳ තෙමීමට පටන් ගන්නේ පසු කාලීනවනම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ යම් සෞඛ්‍යමය ගැටළුවක් විය හැක. කෙසේ නමුත්, මෙවැනි අවස්ථාවලද බොහෝ විට බලපාන්නේ ශාරීරික ආබාධයකට වඩා මානසික ගැටළුවක් වීමට බොහෝ ඉඩකඩක් ඇත. උදා - දෙමාපියන් දික්කසාද වීම හෝ වෙන්වීම.
ඇත්තෙන්ම රාත්‍රී කාලයේදී ඇඳ තෙමීම නිසා දරුවාට ඇතිවන ගැටළු බොහෝවිට ශාරීරික ගැටළු නොව මානසිකමය ගැටළු වේ. එනම් එයින් දරුවාට ඇතිවන්නේ ශාරීරික පීඩාවන්ට වඩා මානසික පීඩාවන් වේ. වයස අවුරුදු හය ඉක්මවූ දරුවෙකුට මෙම තත්වය වඩාත් තදින් බලපායි.
මෙම ගැටළුව වටා ගෙතී ඇති මිත්‍යාමත බහුල අතර, ඒවා තෝරා බෙරා ගැනීම ඉතාම වැදගත් බව සිහි තබා ගන්න. කිසිම දරුවකු සිය කැමැත්තෙන් හෝ රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීමට ඇති කම්මැලිකම හෝ අකමැත්ත නිසා ඇඳ තෙමීම නොකරති. රාත්‍රියේදී වරින් වර රෙදි මාරු කිරීමට සිදු වීම නිසාත්, නිතර නිතර රෙදි සේදීමට සිදුවන නිසාත් දෙමාපියන් මෙම තත්වය නිසා මහත් අපහසුවකට හා කලකිරීමකට පත් වෙති. බොහෝ දෙමාපියෝ මේ බව සිය දරුවාට දැනෙන්නට සැලැස්වීමටද පසුබට නොවෙති. නමුත් දැන හෝ නොදැන මෙමගින් දෙමාපියෝ සිදු කරන්නේ තත්වය තව තවත් දරුණු අතට හැරවීමයි.
මූලිකවම මෙම ගැටළුව පිළිබඳ ධනවාදී ආකල්පයක් ගොඩ නඟා ගැනීම ඉතා වැදගත් අතර, දරුවාට මෙම ගැටළුවට සාර්ථකව මුහුණ දීමට හා ඉන් අත් මිදීමට ගත්හැකි සරල පියවරයන්ට යොමුවීමද කලයුතු වේ.
ඒවා නම්,
රාත්‍රී නින්දට පෙර මුත්‍රා කිරීමට දරුවා උනන්දු කිරීම
නින්දට පෙර දරුවා ගන්නා දියර වර්ගවල ප්‍රමාණය සීමා කිරීම (RESTRICTING INTAKE)
මෙට්ටය දියර වර්ග උරා නොගන්නා ආවරණයකින් ආවරණය කර තැබීම
මුත්‍රාශය පුළුල් කිරීමේ ව්‍යායාම දරුවාට හඳුන්වා දීම. මෙමගින් මුත්‍රාශයට දරාගත් හැකි මුත්‍රා පරිමාව ඉහල නංවාගත හැක.
ඖෂධ භාවිතය (වෛද්‍ය නිර්දෙශය පරිදි)
සාමන්‍යයෙන් රාත්‍රියේදී ඇඳ තෙමීමේ පුරුද්ද කාලයත් සමග අත හැරීයන නිසා වෛද්‍යවරු බොහෝවිට මෙම තත්වය නොසලකා හරින ලෙසට මා පියන් දැනුවත් කරති. නමුත් මෙමගින් යම් යම් සමාජමය ගැටළු හෝ ආතති තත්වයන් ඇතිකරයි නම් ඒ පිළිබඳ සුදුසු පියවක් ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය.