Sunday, August 5, 2018

How to prepare your older children for their new Billings! අළුත ගෙනෙන නංගී හෝ මල්ලී පිළි ගැනීමට ගෙදර වැඩිමලා සූදානම් කල යුත්තේ මෙන්න මෙහෙමයි!


අළුත ගෙනෙන නංගී හෝ මල්ලී පිළි ගැනීමට ගෙදර වැඩිමලා සූදානම් කල යුත්තේ මෙන්න මෙහෙමයි!
Preparing your older child fro new siblings!

 

ගෙදරකට නව සාමාජිකයෙක් එකතු වීම කියන්නෙ පවුලෙ සෑම සාමාජිකයෙකුටම මහත් බලපෑමක් ඇතිකරන කාරණාවක්. මෙතනදී ඔබේ වැඩිමල් දරුවාට ඇතිවන බලපෑම ඉතා සුවිශේෂයි. එනිසා, අළුත් සාමාජිකයාව ඔබේ වැඩිමලාට නිවැරදිව හඳුන්වා දීම හා නව සාමාජිකයා වෙනුවෙන් වැඩිමලාව සූදානම් කිරීම ඔබ සතුවන මහත් බැරෑරුම් වගකීමක්. එය ඔබ ඉටු කරන ආකාරය මත ඔවුනොවුන් අතරේ ඇතිවන සහෝදර බැඳීමේ දිග පළල හා ශක්තිය තීරණය වනු ඇති.

වැඩිමලා සූදානම් කරන්නේ මෙන්න මෙහෙමයි,
 
අළුත පැමිනෙන සාමාජිකයා ගැන වැඩිමලා සමඟ කථා කරන්න. මෙහිදී වැඩිමල් දරුවාගේ වයසට ගැලපෙන ලෙසට නව සාමාජිකයා වර්ධනය වන ආකාරය ඔහුට/ඇයට පහදා දෙන්න. අළුත් සාමාජිකයාට නිවස පිළියෙල කිරීමේදී වැඩිමලාගේ සහයෝගය නිරතුරුවම ලබා ගැනීමට උත්සුක වන්න. අළුත පැමිණෙන සාමාජිකයා මුල් කාලයේ කරණු ඇත්තේ ආහාර ගැනීම, නිදා ගැනීම හා හැඬීම පමණක් බවත්, ඔහු/ඇය සමඟ සෙල්ලම් කිරීමට යම් කාලයක් ගතවණු ඇති බවත් ඔබේ වැඩිමලාට පැහැදිලිකර දෙන්න.

නව සාමජිකයා වෙනිවෙන් නිවස සූදානම් කිරීමේදී වැඩිමලාගේ කාමරය හෝ ඔහු/ඇය භාවිතාකරණ යම් යම් දේ වල වෙනස්කම් සිදු කිරීමට සිදු වේ නම්, නව සාමාජිකයා පැමිණීමට පෙර එම වෙනස්කම් සිදු කිරීමට උත්සුක වන්න. මෙය වැඩිමලාට නව වෙනස්කම් වලට හැඩ ගැසීමට අවශ්‍ය කාලය ලබා දීමකි.

වැඩිමලාට, වැසිකිළිය තනිව භාවිතාකිරීමට උගැන්වීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නේනම්, නවසාමාජිකයා පැමිණීමට ප්‍රථමයෙන් හෝ පැමිණ මාස කීපයක් ගත වීමෙන් පසු එය සිදු කරන්න.

ඔබ දරු උපතට රෝහල් ගත්වීමට ප්‍රථම, ඒ පිළිබඳව හැකි අයුරින් ඔහු/ඇය දැනුවත් කරන්න. රෝහල් ගතව සිටින කාලය අතරතුරදී, ඔබව බැලීමට වැඩිමලාවද රැගෙන එන ලෙසට (වරක් හෝ) නිවැසියන් දැනුවත් කරන්න.

වැඩිමලාට නව සාමාජිකයා හඳුන්වා දීම.


දරු උපතින් පසු, ඔබගේ වැඩිමල් දරුවාව, සිය සහෝදරයා/සහෝදරිය බැලීමට රෝහල වෙත ගෙන්වා ගන්න. (නිවසට යාමට පෙර). නව අමුත්තා පසෙක සිටියදී, වැඩිමලාව මව හා පියා විසින් පිළිගැනීම හා සුරතල් කිරීම මේ අවස්ථාවේදී කල යුතුය. නව සාමාජිකයාගෙන් යයි පවසා වැඩිමලා ප්‍රිය කරන යමක් තෑග්ගක් ලෙසට ලබා දීමද මෙම අවස්ථාවේදී කල හැක. උදා-ඇඳුමක්. නව සාමාජිකයා නිවසට පැමිණීමෙන් පසු, එය සැමරීමට ඔබේ වැඩිමලාව, ඔහු හෝ ඇය කැමති ස්ථානයකට රැගෙන යාම උදා-සෙල්ලම් පිට්ටනිය සිදු කරන්න.

නව සහෝදරයාගේ/සහෝදරියගේ ආගමනයට හැඩ ගැසීමට වැඩිමලාට උදව් කිරීම

 

මෙය, බෙහෙවින්ම වැඩිමලාගේ වයස මත රඳා පවතින කාරණයකි. උදාහරණයක් ලෙස, නව සාමාජිකයකු පවුලට එකතුවීම බොහෝවිට, වයසින් වැඩි දරුවන්ගේ සතුටට හේතුවන කාරාණාවක් වන නමුත්, වයසින් අඩු දරුවන්ගේ සිත් අවුල් කිරීමට හේතුවන කාරණාවක් වේ.

වැඩිමලාගේ වයස,
අවුරුදු දෙකකට වඩා අඩුනම්,

මෙවැනි දරුවන්ට බොහෝවිට පවුලේ සිදුවන එවැනි වෙනස්කම් පිළිබඳ තේරුම් ගැනීම අපහසුය. දරුවාට හැකි පමණ නව සාමාජිකයාගේ ආගමනය පිළිබඳ පැහැදිලිකර දෙන්න. ඔහු/ඇය සමඟ ලදරුවන්ගේ පින්තූර හා ලදරුවන් සිටින පවුල්වල පින්තූර නරඹන්න.

අවු. දෙකත් හතරත් අතර නම්,
මෙම වයසේ දරුවන් තවමත් මා පියන්ට බොහෝ සෙයින් බැඳී ඉන්නවා. ඒ නිසා මා පියන්ගේ ආදරය බෙදීයාම ගැන ඔවුන්තුල ඊර්ෂියාවක් හටගන්නත් පුළුවන්. ඒ නිසා, අළුත එකතුවන සාමාජිකයාට මා පියන්ගේ අවධානය බෙහෙවින් අවැසිවෙනබව පහදාදීම ඉතා වැදගත්. අළුත ඉපදෙන දරුවාට අවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමට ඔහු/ඇය එකතුකර ගැනීම වැනි සරළ ක්‍රියාකාරකම් වලින් ඔහු/ඇයවත් නව සාමාජිකයා පිළිගැනීමේ කණ්ඩායමට එකතු කරගැනීම සිදු කරන්න. ළදරුවන්, සහෝදර සහෝදරියන් පිළිබඳ කියවෙන කතාන්දර, සරල ප්‍රකාශන ආදිය වැඩිමලාට කියාදීමත් මෙහිදී කලහැකි සරළ ක්‍රියාකාරකමක්. එමෙන්ම වැඩිමලාට බෝනික්කෙකු ලබාදීම හා බොනික්කා රැකබලා ගැනීමට ඔහු/ඇය උනන්දු කිරීමත් ඔබට කල හැකියි. වැඩිමලාගේ උපත හා ඔහුව/ඇයව රැකබලාගත් ආකාරය පිළිබඳ විස්තර කිරීමත් මෙහිදී ඉතා වැදගත්.

වැඩිමලා පාසල් යන වියේ පසු වේනම්,
මෙම වයසේ දරුවනුත්, තම බාල සහෝදරයාට/සහෝදරියට මා පියන්ගේ ලැබෙන විශේෂ සැලකිල්ල නිසා ඊර්ෂියාවට පත්විය හැකියි. ළදරුවකුගේ අවශ්‍යතා පිළිබඳ ඔහුට/ඇයට පැහැදිලිකර දෙන්න. වැඩිමලකු වීමේ, බාල සහෝදර සහෝදරියන් සිටීමේ වැදගත්කම හා වාසි පිළිබඳ ඔහුට/ඇයට පැහැදිලිකර දෙන්න. නව සාමාජිකයාගේ කාමරය සැකසීමට, ළදරුවාට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගැනීමට වැඩිමලාගේත් සහාය ලබා ගන්න.

වැඩිමලාගේ වයස කුමක් උවත්, නව සාමාජිකයා නිවසට පැමිණීමෙන් පසුව ඔහුට/ඇයට ඔබගේ විශේෂ අවධානයක් යොමු කරන්න. එසේ කරණබවට ඔහුට/ඇයට දැනීමට සලස්වන්න. චායාරූප ගැනීමේදී, වීඩියෝ කිරීමේදී වැඩිමලාවද එයට ඇතුලත්වන බවට වගබලා ගන්න. ඔහුගේ/ඇයගේ තනි චායාරූප ද ලබා ගන්න. අමුත්තන් ළදරුවා බැලීමට ඒමෙදී තෑගි ගෙන එන නිසා, එවැනි විටෙක, වැඩිමලාට තෑගි නොලැබුණහොත් ඔහුට/ඇයට ලබා දීමට කුඩා ත්‍යාග කීපයක් නිතර ළඟ තබා ගන්න.

වැඩිමලා මුරණ්ඩුලෙස හැසිරීමට පටන්ගත්හොත් ඔබට කල හැකි දෑ


 
ඇතැම් විටෙක, නව සාමාජිකයාගේ ආගමනය සමඟ වැඩිමලා මුරණ්ඩු වී ඇතිබවක් ඔබට පෙනී යා හැක. දඬුවම් දීමකින් උවත් සමහර දරුවෝ සිය මුරණ්ඩු හැසිරීම වෙනස් නොකරණු ඇත. එවැනි විටක, වැඩිමලාගේ ඉතා කුඩා හෝ යහපත් හැසිරීමකදී ඔහුව/ඇයව පැසසීමට උනන්දු වන්න. ඔහු/ඇය මෙසේ හැසිරෙන්නේ ඔබගේ අවධානය ලබා ගැනීමට කියා ඔබට පෙනීයයි නම්, එම හැසිරීම සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න. එය නොදුටුවා සේ සිටින්න. නැත්නම්, ඔහු/ඇය ඔබේ අවධානය තමන් වෙතට යොමුකර ගැනීමට ඊටත් වඩා නරක හා මුරණ්ඩු ලෙස හැසිරීමට පෙළඹෙනු ඇත.

නව සාමාජිකයාට සෙනෙහසින් සැලකීමට වැඩිමලා හුරු කරන්නේ කෙසේ ද?
තමා අවට සිදුවන වෙනස්කම් නිසා ඇතිවන පීඩනය මුදාහැරීමට ඇතැම් වැඩිමල්දරුවන් තෝරාගනු ලබන්නේ තම පවුලට එකතුවන නව සාමාජිකයාවයි. ඔබේ වැඩිමල් දරුවා නව සාමාජිකයාට හානි කිරීමට උත්සාහ දරයිනම් ඒ පිළිබඳ ඔහු හෝ ඇය සමඟ සාකච්චා කිරීම ඉතා වැදගත්වේ. මේ අතරම වැඩිමලටා වැඩි සැලකිල්ලක් දැක්වීමත් කුඩා සාමාජිකයාගේ වැඩවලට ඔහු/ඇය උදව්කර ගැනීමත් කලයුතු වේ. උදා-නැලවීමේදී, නෑවීමේදී හා ඇඳුම් මාරු කිරීමේදී. වැඩිමලා නව සාමාජිකයාට ආදරයෙන් සැලකීමේදී ඔහුව/ඇයව අගය කිරීමත් මෙහිදී වැදගත්වේ.

වැඩිමලා නව සාමාජිකයාට ආදරයෙන් සලකන බවක් පෙනීයනවා උවත්, ඔවුන්ගේ හැසිරීම වැඩිහිටි පුද්ගලයෙකුගේ නිරන්තර අදීක්ෂණයට ලක් කිරීම කලයුතු වේ. විශේෂයෙන්, කුඩා බිළිඳුන්, වයස අවුරුදු 12ට අඩු දරුවෙකුගේ භාරයේ කිසිවිටක නොතැබීමට වගබලා ගැනීම ඉතා වැදගත්ය.

නව සාමාජිකයාට මවුකිරිදීම වැඩිමලාට බලපානු ඇත්තේ කෙසේ ද?
 
නව සාමාජිකයාට මවුකිරි දීම හා එහි වැදගත්කම පිළිබඳ වැඩිමහල් දරුවා දැනුවත් කරන්න. ඔබට සුදුසුයැයි හැඟේනම් ඔහුව හෝ ඇයව මේ සඳහා උදව්කර ගැනීමටද පිළිවන. නැතිනම්, මව්කිරිදෙන කාල වේලාව අතරතුරදී ඔහු/හෝ ඇය වඩාත් කැමති ක්‍රියාකාරකමකට යොමුකරන්න.

නව සාමාජිකයන් කිහිපදෙනෙකු ඔබේ පවුලට එකතුවී ඇති අවස්ථාවකදී (නිවුන් දරු උපතකදී)


 
මෙවැනි විටකදී ඔබේ හා ඔබේ පවුලේ අයගේ අවධානය නව සාමාජිකයන් කිහිපදෙනාවෙතම යොමු කිරීමට සිදුවන නිසා ඔබේ වැඩිමලා ඔබේ හා පවුලේ අනිකුත් අයගේ අවධානයයෙන් ගිලිහී යාමට බොහෝ ඉඩකඩක් ඇත. එය එසේ වීමට කෙසේවත් ඉඩ නොතැබිය යුතුය. ඔබේ සෘජු අවධානය ඔහු/ඇය වෙත නිරන්තරයෙන් යොමු වී ඇතිබව ඔහුට/ඇයට දැනීමට සලස්වන්න. නව සාමාජිකයන් රැකබලා ගැනීමට ඔබේ වැඩිමල් දරුවාගේ සහාය හැකිතාක් ලබා ගන්න. ඔහු/ඇය ලබාදෙන සහයෝගය අගය කරන්න; හැකිනම් එය අගය කරමින් ඔහුට/ඇයට ත්‍යාග පිරිනමන්න.

Saturday, June 30, 2018

ප්‍රෙග්නනට් කාලෙට "SEX" හොඳයි ද? නරකයි ද? IS "SEX" safe during pregnancy?




වර්ගයා භෝ කිරීමේ පරම කාර්‍යයට අමතරව හුදු විනෝදය උදෙසා sex  කරන්නේ මිනිසා පමණක් ද? ඇත්තෙනම එය එහෙම නොවන බව මේ වනවිට  තහවුරු වී තිබෙනවා. කොහොම නමුත් අද දින අපේ අරමුණ සත්ව රාජධානියේ ලිංගික චර්‍යාවන් ගැන අධ්‍යයනය කිරීම නම් නෙවෙයි.

ඒ වෙනුවට අද අපි කතා කරන්නේ දරුවකු පිළිසිඳගත් කාන්තාවක්, සිය ගර්භනී අවධිය අතරතුරදී ලිංගික සම්භන්ධතා පැවැත්වීම සුදුසු ද නැති ද යන කාරණාව පිළිබඳවයි.

ඇත්තෙන්ම මේ වනවිට සිදුකර ඇති විවිධ සමීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ ගර්භණී සමය තුල සමහර කාන්තාවන්ගේ ලිංගික ආශාවන් ඉතා ඉහලටත්, සමහර කාන්තාවන්ගේ ලිංගික ආශාවන් ඉතා පහලටත් වැටෙන බවයි. මෙම අඩු වැඩිවීමේ මට්ටම කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වන අතර එකම කාන්තාවකට උව ද දරු පිළිසිඳ ගැනීමකින් දරු පිළිසිඳ ගැනීමකටත් වෙනස් විය හැකියි.

ගර්භනී සමයේදී ලිංගික සබඳතා පැවැත්වීම සුදුසු ද නොසුදුසු ද?

ඇත්තෙනම ඔබේ ගර්භනීතාවය සාමාන්‍යයෙන් සිදුවිය යුතු පරිදි පියවරෙන් පියවරට ගමන් කරනවානම්, එනම් එය සාමාන්‍ය ගර්භනීතාවක් නම් ඔබට ඔබේ ගර්භනී සමය
ඇතුලත ඔබට රුචි ඕනෑම වාර ගනනක් ලිංගික සබඳතා පැවැත්විය හැකියි.

ගර්භනී සමය තුලදී ලිංගික සබඳතා පැවැත්වීම නිසා ගබ්සාවීම් සිදුවිය හැකිද?
එයට පිළිතුර එය එසේ විය හැකි බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බවයි. ගබ්සා වීම් වලට ප්‍රධානතම හෙතුවනම් කලලයේ වර්ධනය නිසි පරිදි සිදු නොවීම හෝ විකෘති ඇති වීමයි.

ගර්භනී සමයේ ලිංගික සබඳතා පැවැත්වීම නිසා කුසේ සිටන දරුවාට හානි සිදුවිය හැකිද?
එය එසේ වීමට කිසිදු ඉඩක් නොමැත. දරු ගැබ උල්භ තරලය මගින් හා ගර්භාශ බිත්තිය මගින් ඉතා හොඳින් ආරක්ෂා වී පවතී.

ගර්භනී සමය තුලදී ලිංගික සබඳතා පැවැත්වීමට භාවිතා කල හැකි සුදුසුම ඉරියව්ව කුමක් ද?

 
එය දරු ගැබ සහිත කාන්තාව මත රඳා පවතී. එනම් සුදුසු ඉරියව්ව කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වීමට පිළිවන් බවයි. තමාට සුදුසු ඉරියවව අඹු-සැමි යුවල විසින්ම තීරණය කරගත යුතු අතර මෙය ගර්භනී සමය තුලදීද වරින් වර වෙනස් විය හැක.

ගර්භනී සමය තුලදී මුඛ ලිංගික සබඳතා හා ගුද ලිංගික සබඳතා පැවැත්වීම සුදුසුද?

 
මෙම සමය ඇතුලතදී මුඛ සම්බන්ඳතා පැවැත්වීමේ කිසිදු වරදක් නොමැත. කෙසේ නමුත් ගුද සම්බන්ඳතා පැවැත්වීම ගර්භනී සමය තුලදී වේදනාකාරී අත් දැකීමක් වීමට බොහෝ ඉඩ කඩක් ඇත. විශේෂයෙන් ගර්භනීතාවය නිසා ඇතිවන අර්ශස් තත්වයෙන් මව පෙලේ නම් මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක් වීමට හැක. එසේම මෙම ක්‍රමය නිසා ආසාධන පහසුවෙන් පැතිර යාමේ අවධානමක්ද පවතී. විශේෂයෙන් ගුධය ආශ්‍රිතව සිටින ක්ෂුද්‍ර ජීවීන් යෝනි මාර්ගය හා ඒ ආශ්‍රිත කොටස් වෙතට පැතිර ගියහොත් මුත්‍රා ආසාධන හා වෙනත් දරු ගැබටද හානිකර ලෙස බල්පෑ හැකි ආසාධන පැතිර යාමේ අවධානමක් පවතී.

උපත් පාලන කොපු පැළඳිය යුත්තේ ඇයි?

 
ඇත්තෙන්ම ඔබගේ ලිංගික ඇසුර, ගර්භනී සමය තුලදී එක් සහකරුවකුට පමණක් සීමා වන්නේ නම් උපත් පාලන කොපු පැලඳීමේ කිසිදු අවශ්‍යතාවය නැත.

ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා පැවැත්වීම නිසා නොමේරූ දරු උපත් සිදුවීමේ අවධානමක් තිබේද?
මව, යම් හේතුවක් නිසා නොමේරු දරු ප්‍රසූතියකට යාමේ අවධානමකින් පසුවේ නම්, ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා වලින් ඈත් වී සිටින ලෙසට සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය ඇයට උපදෙස් ලබාදෙනු ඇත. සුරාන්තය හා සුක්‍රාණුවල පවතින ප්‍රොස්ටොග්ලැන්ඩීන් prostaglandins මගින් ගර්භාශයේ සංකෝචනයන් ඇතිකිරීම සිදුවිය හැකි දෙයක් නමුත්, සංසර්ගය හා නොමේරු දරු උපත් අතර පැහැදිලි සම්බන්ධතාවයක් මේ වෙනතුරු කිසිදු විද්‍යත්මක අද්‍යයනයකින් පැහැදිලිව හෙලි වී හෝ ඔප්පු වී නොමැත. එසේම දරු ප්‍රසූතියට ඉතාම ආසන්න කාලයේදීවත් සංසර්ගය මගින් දරු උපත ඉක්මන් කිරීමක් සිදුවන බවක් මෙතෙක් ඔප්පු වී නොමැත.

ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා අත්හැරිය යුතු විශේෂ කාල වකවානු පවතී ද?
 
බොහෝ කාන්තාවන්ට ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා පැවැත්වීම කිසිදු ගැටළුවක් ඇති කරන්නේ නැති උවත් සමහර අවස්තාවලදී එයින් වැලකී සිටීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වීමට පිළිවන. ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් හා පවුල් සෞඛ්ය සේවා නිළධාරිණියන්ගේ උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත් වේ. මේ පිළිබඳ උපදෙස් ලබා දීමට ඔවුන් සෑම විටම සුදානම්ය.

එවැනි අවස්ථා,
  • පැහැදිලි හේතුවක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
  • උල්භ තරලය පිටතට ගලාඒමේ අවස්ථා
  • ගැබ් ගෙල නියමිත කාලසීමාවට පෙර විවර වීමට පටන් ගැනීම (cervical incompetence).
  • වැදැමහ( placenta) මගින් ගැබ්ගෙලේ විවරය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ වැසී තිබෙන අවස්ථා
  • නොමේරූ දරු උපත් මින් පෙර අවස්ථාවලදී සිදු වී තිබෙන මව්වරුන්
  • නිවුන් දරුවන් බිහි කිරීමට සිටින මව්වරුන්

ගර්භනී සමය තුලදී ලිංගික සම්බන්ධතා පිළිබඳ ආශාවක් ඇති නොවේනම්?

මෙය ද සාමාන්‍ය තත්වයකි. කෙසේ උවද මේ පිළිබඳව සිය සහකරු සමඟ සාකච්චාකර තිබීම නුවණට හුරුය.


දරු ප්‍රසූතියෙන් පසු ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීමට සුදුසුම අවදිය කුමක් ද?
සාමාන්‍ය දරු ප්‍රසූතියකින් හෝ සිසේරියන් සැත්කමිකින් පසු මුලින්ම අවශ්‍ය වන්නේ විවේකයයි. ඒ සිරුර නැවතත් නීරෝගී බවට පත් වීමටයි. සාමාන්‍යයෙන් මේ සඳහා සති හයක පමණ කාලයක් වැය වේ. මේ කාලය ගැබ් ගෙල වැසී යාමටත්, රුධිර වහනයන් නතර වීමටත් සියලු ආකාරයේ තුවාල සුව වීමටත් සාමාන්‍යයෙන් ගතවන කාලයයි.





Tuesday, May 22, 2018

දුම් පානය අතහැර ගැනීමට මෙන්න නොවරදින උපක්‍රම 011 ක්.....11 best quite smoking tips...





01.
බීම බටයකින් සීතල වතුර පානය කරන්න. 
මෙහිදී වතුර උරා බීම සිගරට්ටුවක් ඉරීමකට සමාන වේ. මෙම ක්‍රියාවන් දෙක මඟින්ම ඩොපර්මීන් ස්‍රාවය වීම උත්තේජනය වේ. ඩොපර්මීන් මඟින් මොළයට සිදු කරන බලපෑම නිසා අසතුටුදායක හැඟීම් පාලනය වන බව කියවේ.

02
කුඩා ආහාරවේල් කීපයක් වරින් වර ගැනීම මඟින්ද දුම් පානය කිරීමට ඇතිවන ආශාව පාලනය කර ගත හැක. 
මෙහිදී මේධය හෝ සීනි රහිත ආහාර වර්ගයන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. එමඟින් සිරුරේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම පාලනය කර ගත හැක.

03
දුම් පානය අත හැරීම තුලින් ඔබට ලැබෙන වාසි ලයිස්තුවක් සකස්කර ගන්න.
 මෙහිදී දුම් පානය ක්‍රමයෙන් අත හරිමින් ඔබට ප්‍රායෝගිකව ලැබෙන වාසිම සටහන් කර ගැනීම කල යුතුය. එවැනි වාසි අතර ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වීම, මුදල් ඉතිරි වීම, ආහර වල රසය මනාව දැනීම, වඩාත් ක්‍රියාශීලී බවක් ගතට දැනීම වැනි වාසි තිබිය හැක. සිගරට්ටුවක් පානය කිරීමට ආශාවක් ඇතිවන සෑම විටකම මෙම ලයිස්තුව කියවා බැලීම මඟින් එම ආශාව පාලනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

04
විටින් විට දත් මදින්න
දුම් පානය අත හැරීම ඔබට නැවුම් මුවක් ලබා දේ. නිතර දත් මැදීම මඟින් ද ඔබේ මුවට නැවුම් බවක් ගෙන එන අතර, දුම් පානය මඟින් එම නැවුම් බව කෙලෙසා ගැනීමට ඔබෙ සිත තුල අකමැත්තක් ඇතිවේ. එම සිතුවිල්ල වර්ධනය කර ගැනීම මඟින් දුම් පානයට ඇති පෙළඹවීම මනාව පාලනය කරගත හැක.

05
මත් පැන්ද අත හරින්න.
මිනිසුන් දුම් පානයට පෙළඹවීමේ ප්‍රධානතම සාධකයක් වන්නේ මත් පැන් පානයයි. මත් පැන් පානය මගින් ඔබේ ආත්ම දමනය බිඳ වැටීමකට ලක් වන අතර, එනිසා දුම් පානය අතහැර සිටි අය පවා නැවත දුම් පානයට පෙළඹීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම බොහෝ දෙනා මත් පැන් සමඟ දුම් වැටියක් දල්වා ගැනීම පුරුද්දක් ලෙසට සිදු කරයි. එනිසා මත්පැන් යනු දුම් පානය සමඟ ඉතා ළඟින් බැඳී පවතින පෙළඹවීමේ කාරකයක් ලෙසට හඳුනාගෙන ඇත.

06
ඔබ්ට උචිත දුම් පානයෙන් තොර කලාප හඳුනා ගන්න.
දුම් වැටියක් දල්වා ගැනීමේ උවමනාවක් ඇතිවූ ඕනෑම විටක මෙම කලාප භාවිතා කරන්න. උදා-පුස්ථකාලය. එවිට ඔබගේ අවශ්‍යතාව පාලනය කර ගැනීමට සිදුවන නිසා දුම් පානය කිරීමේ උවමනාව ක්‍රමයෙන් යටපත්ව යාම සිදුවේ.

07
ඔබට දුම් පානයෙන් මිදීමට හේතු වූ හා හේතුවන කරුණු ලයිස්තුගත කරන්න.
එම ලයිස්තුව ඔබ නිතර ගැවසෙන ස්ථානවල අලවා තබන්න. උදා-නාන කාමරය, කුස්සිය, සාලය. මෙම ලයිස්තුවත් සමඟම ඔබේ පවුලේ සාමාජිකයන්ගේ පින්තූරයක් එල්ලා තැබීම මඟින් එම ලයිස්තුවේ සඵලතාව තව දුරටත් ඉහල යනු ඇත.

08
ව්‍යායාම කිරීමට ඇබ්බැහි වන්න
ව්‍යායාම කිරීමට ඇබ්බැහිවීම වෙනත් ඇබ්බැහිවීම්වලින් මිදීමට ඉතාමත් සුදුසු විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත. සිරුර වෙහෙසවීමෙදී නිපදවෙන ඇතැම් රසානයන් ඔබගේ ආතතීන් හා නරක භාවයන් පාලනය කර ඔබගේ සිතේ ප්‍රීතිමත් බව ඉහල නැංවීමට හේතුවේ. හැකි සෑම දිනකම, යම් කාල පරාසයක් ව්‍යායාම වෙනුවෙන් වෙන්කර තැබීමට උත්සුක වීම මඟින් දුම්පානයට සිත යොමුවීම පාලනය කර ගැනීමට ඔබට පහසුවනු ඇත. දුම්පානය අත්හැර මුල් මාස කීපය තුල, ව්‍යායාම කරා යොමුවීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම මෙනම වෙනත් ඕනෑම සිරුර වෙහෙසකරවන ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාකාරකම් මාලාවකට යොමුවීමට ඔබට නිදහස ඇත.

09
කාර්‍යබහුල වන්න
විශේෂයෙන්, දුම්පානය අතහැර මුල් මාස කීපය තුල හැකිතරම් කාර්‍ය්බහුල වීමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා සැලසුම් කිරීමේදී ඔබව දුම් පානයට නැවත තල්ලුකර හැකි පෙළඹවීම් වලින් හැකිතාක් දුරට ඈත්ව සිටීම කල යුතුය. පවුලේ අය සමඟ විනෝද සවාරියක් යාම වැනි සරල ක්‍රියාකාරක උවද මේ සඳහා භාවිතාකල හැක. එවැනි විටෙක ඔබ සමඟ දුම්පානය කරන සඟයන් එයට සහභාගීකර ගැනීම උචිත නොවනු ඇත.

10
වෙනත් දෙයකින් කට පුරවා ගන්න
සිගරට්ටුව වෙනුවට ඔබේ මුඛය කාර්‍යබහුලව තබන වෙනත් ආදේශකයක් සොයාගන්න. මෙහිදී සීනි රහිත චුයින්ගම්, ටොෆී හෝ වෙනත් යම් සෞඛ්‍යාරක්ෂිත කැවිලි වර්ගයක් උවද උපයෝගී කරගත් හැක. සිගරට්ටුවක් ඉරීමට සිතෙන සෑම අවස්තාවකදීම භාවිතා කිරීමට එම ආදේශකය නිතර ළඟ තබා ගැනීමට පුරුදු වන්න.

11
සැබෑ හිතවතෙකුගේ පිහිට ලබා ගන්න
ඔබව මෙම නරක පුරුද්දෙන් ඈත්කර තබා ගැනීමට අවංක උවමනාවක් තිබෙන හිතවතෙකුගේ පිහිට උපදෙස් හා අවවාද ඔබට දුම් පානය කිරීමට පෙළඹීමක් ඇතිවන සෑම විටකදීම ලබා ගැනීමට උත්සාහ කරන්න. එම තැනැත්තාත් කලින් දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙක් නම් ඉතා සුදුසුය.එසේම එම තැනැත්තා හෝ තැනැත්තිය ඔබට පහසුවෙන් සම්බන්ධ කරගත හැකි අයෙකු වීමද ඉතා වැදගත්ය.

Thursday, April 19, 2018

විමසිලිමත් වන්න! වකුගඩු රෝගී වීමට මෙන්න මේවා බලපාන බව ඔබ දැන සිටියාද? ALERT! your kidneys could be failing!




විමසිලිමත් වන්න! වකුගඩු රෝගී වීමට මෙන්න මේවා බලපාන බව ඔබ දැන සිටියාද?
වකුගඩු රෝගී වීම වසරකට මරණ ලක්ෂ ගණනකට හේතුවනබව ඔබ දැන සිටියාද? ඇත්තෙන්ම වකුගඩු රෝගී වීමට ප්‍රධානතම සාධකයක් වන්නේ අපේ ජීවන රටාවේ වැරදි පුරුදුයි.
අපේ රුධිරයේ තියන අපද්‍රව්‍ය පෙරා ඉවත්කරන පෙරණය තමා වකුගඩු. වකුගඩු රෝගී වූ විට, සිරුර තුළ හානිකර අපද්‍රව්‍ය පෙරී ඉවත් නොවන නිසා ඒවා එක් රැස් වීම සිදු වෙනවා. 

කාලීන වකුගඩු රෝගය/කාලීන වෘක්ක දාහය (Chronic Kidney Disease)


 
වකුගඩු රෝග අතර වැඩියෙන්ම දක්නට ලැබෙන රෝග තත්වයක් විදියට කාලීන වකුගඩු රෝගය හඳුන්වන්න පුලුවන්. මේ රෝගය නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් හීන වී යනවා. මේක මාස ගනනක ඉඳන් අවුරුදු ගනනාවක් දක්වා විහිදී යන්න පුලුවන් ක්‍රියාවලියක්. ලෝකයේ ජනග්‍රහනයෙන් 10%ක් පමණ ප්‍රමාණයක් මේ රෝගය නිසා පීඩා විඳින බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.මේ කාලීන වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුවක් වන්නේ තරබාරුබවයි. විශේෂයෙන් විශාල උදරයක් සහිත පුත්ගලයන් මේ රෝගී තත්වයට පහසු ගොදුරු බව මේ වනවිට සොයාගෙන තිබෙනවා. වයසත් සමඟ උදරය නෙරා ඒම ආසියානුවන් අතර ඉතා සුලභ තත්වයක්. එනිසා ඔවුන් කාලීන වකුගඩු රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහලයි. (නවතම වාර්ථා අනුව නියමිත ඉණේ වට ප්‍රමාණය ඉක්මවා ගිය ආසියානුවන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් විට  පිරිමින්ගෙන් 48% හා  ගැහැනුන්ගෙන් 63%ක් වනවා).

තවත් භයානක කරුණක් වන්නේ කාලීන වකුගඩු රෝගය මුල් කාලීනව කිසිදු රෝග ලක්ෂණයකින් තොර වීමයි. මුල් කාලීණව මෙම රෝගය නිහඬව වර්ධනය වෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පටන් ගන්නේ රෝගය වඩාත් වර්ධනය වීමෙන් පසුවයි. මේ රෝග ලක්ෂණ පහත පරිදි වෙනවා.


  • සිරුරේ දුබල භාවය හා අධික වෙහෙස
  • මුත්‍රා කිරීමේදී වේදනාවක් දැනීම
  • මුතා කිරීමේ වාර ගණන වැඩිවීම
  • කොන්දේ පහල කොටසේ වේදනාව
  • කෑම අරුචිය
  • වමනය හා ඔක්කාරය සිරුර පුරා පළු මතුවීම හා කැසීම


කාලීන වකුගඩු රෝගය කාන්තාවන්ට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. 
 විශේෂයෙන් දරුවන් සෑදිය හැකි වයසේ සිටින කාන්තාවන්ගේ සරු බව අඩු කිරීමට මෙම රෝගය හෙතු වෙනවා. එසේම මෙම රෝගයට භාවිතා වන ඇතැම් බෙහෙත් වර්ග මගිනුත් කාන්තාවන්ගේ දරුවන් සෑදීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇතිකරන්වා. එසේම ගැබ් ගැනීමත් කාලීණ වකුගඩු රෝගයෙන් පෙලෙන කාන්තාවකට අවධානම් සාධකයක්. ඇත්තෙන්ම කාලීණ වකුගඩු රෝගය ගර්භනී මවට මෙන්ම ඇගේ කුසතුල සිටින දරුවාටත් අහිතකර වන අතර එවැනි මව් වරුන් නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් වෙනවා.

Saturday, March 24, 2018

සංසර්ගය මගින් ක්ෂය රෝගය පැතිරීම සත්‍යයක්ද මිත්‍යාවක්ද? TB through sex with an infected partner; is it true or myth?

සංසර්ගය මගින් ක්ෂය රෝගය පැතිරීම සත්‍යයක්ද මිත්‍යාවක්ද?



ක්ෂය රෝගය කියල කියන්නෙ බෝවෙන රෝගයක්. ක්ෂය රෝගය පැතිරයාම ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ වාතය මගින්. රෝගී පුද්ගලයෙකු ස්පර්ෂකල පමණින්, ඔහු/ඇය සමඟ ආහාර හෝ වෙනත් උපකර්ණ හෝ ද්‍රව්‍ය හුවමාරුකරගත් පමණින් මෙම රෝගය බෝවීම සිදු වෙන්නේ නෑ. එයට හේතුව තමා ක්ෂය රෝග කාරක බැක්ටීරියාවට සාමාන්‍ය වායු ගෝලයේ හෝ පරිසරයේ නොනැසී සිටීමට හැකියාවක් නොමැති වීම. කෙසේ නමුත් අද අපි හොයල බලන්න යන්නේ රෝගී පුද්ගලයෙකු සමඟ හාදු හුවමාරු කර ගතහොත් එහෙම නැත්නම් ඔහු/ඇය සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් මෙම රෝගය බෝවීමේ අවදානමක් තියෙනවද නැද්ද කියන කාරණාවයි.

ක්ෂය රෝග වර්ග
ඉහත දක්වල තියෙන ප්‍රධාන කාරණාවට එන්න කලින් අපි ඉස්සෙල්ලාම හොයල බලමු ක්ෂය රෝගය බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක මොනවද කියල. මේ වර්ග දෙකෙන් එක වර්ගයක් විතරයි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නෙ. ඒ නිසයි ඒ වර්ග දෙක ගැන අවබෝධයක් ගන්න එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නෙ.

1. ගුප්ත ක්ෂය රෝගය
මේ වර්ගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නෙ නෑ. මෙතනදි වෙන්නෙ ක්ෂය රෝග කාරකය කෙනෙකුගෙ සිරුර ඇතුලෙ තියනව උනාත් එයාගෙ ප්‍රතිශක්තීකරණ පද්දතිය මගින් එය තවදුරටත් පැතිර යාම වලක්වා ගැනීම එහෙම නැත්නම් පාලනය කිරීම. නමුත් මෙම තත්වය වෙනස් වී, ඔහු හෝ ඇය ක්ෂය රෝගියෙකු වීමට හා රෝග වාහකයෙකු වීමට අවධානමක් නැතුවා නොවෙයි. ඔහුගේ/ඇයගේ ප්‍රතිශක්තීකරණ පද්දතිය යම්කිසි හේතුවක් නිසා දුර්වල උවහොත් ක්ෂය රෝග කාරකයා ගුප්ත තත්වයෙන් මිදී කරලියට ඒම සිදුවිය හැකියි.

2.සක්‍රීය ක්ෂය රෝගය
ක්ෂය රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවන්නේ මෙම තත්වයේදීයි. එසේම ක්ෂය රෝග කාරකය සහිත පුද්ගලයා ක්ෂය රෝගයට අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් මෙම තත්වයේදී සිදු වෙනවා. මෙහිදී ඇතිවිය හැකි සුලබතම රෝග ලක්ෂණයන් ලෙස,

  •  රාත්‍රී කාලයේදී අධිකව දහඩිය දැමීම,
  • කැස්ස,
  • අධික තෙහෙට්ටුව හෝ හතිය,
  • කෙටි කාලයක් ඇතුලත විශාල ලෙස සිරුරේ බර අඩු වීම හා
  • මද උණ දැක්විය හැකියි.
මෙවැනි ලක්ෂණ දීර්ඝකාලයක් පවතින විටක වෛද්‍ය උපදෙස් කරා යොමුවීම ඉතා වැදගත් වෙනවා.

කෙසේ නමුත් ක්ෂය රෝගය වඩාත්ම අවධානම් වන්නේ හා ඉක්මනින්ම පැතිර යන්නේ රොගියාගේ පෙනහළු ටියුබකියුලෝසිස් බැක්ටීරියාව (ක්ෂය රෝග කාරක බැක්ටීරියාව) මගින් ආසාදනය වී ඇතිවිටදීයි. මෙම තත්වය Pulmonary Tuberculosis  හෝ Lung TB ලෙසට හඳුන්වනු ලබනවා.

ක්ෂය රෝගය, හාදු හුවමාරුවකදී පැතිර යා හැකිද?
ඇත්තෙනම එය සිදුවිය හැකියි. මෙහිදී වඩාත්ම අවධානම් රෝග වාහකයන් නැතිනම් රෝග පතුරුවන්නන් වන්නේ පෙණහළු ටී.බී. ආසාදිත පුද්ගලයන්. ඔවුන්ගේ ඛෙටයේ නැතිනම් කෙළවල ක්ෂය රෝග කාරක බැක්ටීරියාවන් තිබීමේ ඉතා විශාල අවධානමක් තිබෙනවා.

ක්ෂය රෝගය, ලිංගික එක්වීමකින් පැතිර යා හැකිද?
මෙයත් සිදුවිය හැකි දෙයක් නමුත් ඒ ඉතාමත්ම කලාතුරකින් බව මතක තබා ගන්න. ක්ෂය රෝග කාරක බැක්ටීරියාව මගින් ප්‍රජනක ඉන්ද්‍රීයන් ආසාදනය වී ඇති රෝගීන් හරහා මෙම ක්‍රමයට ක්ෂය රෝගය පැතිර යාමේ  අවධානමක් පවතිනවා. ප්‍රජනක ඉන්ද්‍රීයන්ට ක්ෂය රෝගය පැතිර යාම බොහෝවිට සිදු වන්නේ රුධිර සංසරණ පද්දතිය හෝ වසා පද්දතිය මගින්. එසේම පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතා පහල ගොස් ඇති අවස්ථාවලදී උදා-පිළිකා, දියවැඩියාව, ඒඩ්ස් මෙලෙස ජනනේන්ද්‍රයන්ට ක්ෂය රෝගය ආසාධනය ඇතිවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා.

ජනනේන්ද්‍රීය ටී.බී. වලදී පෙන්වන මූලික රෝග ලක්ෂණ
  • රහස් ප්‍රදේශය අවට ඇතිවන වණ හෝ කුශ්ඨ
  • අසාමාන්‍ය ස්‍රාවයන් වෑහීම

ප්‍රථිකාර ලබාගන්නා අතරතුරදීත් ජනනේන්ද්‍රීය ටී.බී. පැතිරීම සිදුවිය හැකිද?

සාමාන්‍යයෙන් පෙනහළු වලට ඇතිවන ක්ෂය රෝගය සති 2-3 කාලයකින් ප්‍රථිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව අතට පත් කරන්න පුලුවන්. සමහර විට මේ සඳහා සති 4ක් පමණ කාලයක් ගත වෙන්නත් පුලුවන්. කෙසේ නමුත් පෙණහළු වලට ඇතිවන ක්ෂය රෝග තත්වය හැරුණු කොට අනිකුත් සියලූම ක්ෂය රෝග තත්වයන් සුව කිරීම තරමක් අපහසුයි. මෙම තත්වය ජනනේන්ද්‍රයන්ට ඇතිවන ක්ෂය රෝගයටත් පොදුයි. එනිසා ප්‍රථිකාර ගන්නා අතරවාරයේත් ලිංගික එක්වීමක් මගින් ජනනේද්‍රීය ටී.බී. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවිය හැකියි.

ක්ෂය රෝගය පිළිබඳ පැතිර ඇති ප්‍රකට මිත්‍යාවන්
  • ක්ෂය රෝගය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජානමය වශයෙන් උරුමවන රෝගයකි
  • ක්ෂය රෝගය ජීවිත කාලයේදී එක් වරක් පමණක් වැළඳෙන රෝගයකි
  • ක්ෂය රෝගය සුව කල නොහැක
  • ක්ෂය රෝගය වැළඳුන පුද්ගලයන් ප්‍රථිකාර ගන්නා අතරතුරදීත් මාස හයක්වත් අන්‍යයන්ගෙන් වෙන්කර තැබිය යුතුය

Wednesday, March 21, 2018

සදාකාලික තරුණ පෙනුම රැකගැනීමට ඔබ දැනගත යුතුම රහස් මෙන්න .... how to keep your young look forever; top secrets revealed...

සදාකාලික තරුණ පෙනුම රැකගැනීමට ඔබ දැනගත යුතුම රහස් මෙන්න .... how to keep your young look forever; top secrets revealed...


අපේ සමේ රැලි වැටීම වලක්වා ගැනීමට හා සුමුදුව, තරුණ පෙනුමින් යුතුව පවත්වාගැනීමට වැදගත්ම සාධකය වන්නේ "කොලැගන්" ලෙසින් හඳුන්වන ප්‍රෝටීනමය තන්තු විශේෂයක්. සමේ ඇදෙනසුලුබව, අඛණ්ඩතාවය වගේම තදබවත් පවත්වාගෙන යන්නේ කොලැගන් මගිනි. මේවා අපේ සිරුරේ තිබෙන සෛල මගින් නිපදවන අතර වයසට යාමත් සමඟ සෛල මගින් කොලැගන් නිපදවීමේ කාර්‍යක්ෂමතාව අඩු වෙනවා. එසේම වැරදි පුරුදු හා හිරු එලියට නිරාවරණය වීම කියන කාරණා නිසා සමේ දැනටම පවතින කොලැගන් විනාශ වීමත් සිදු වෙනවා. මෙන්න මේ නිසා අපේ සම රැලි වැටීම හා එල්ලා වැටීම සිදු වෙනවා.

කෙසේ නමුත්, සමේ පවතින කොලැගන් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමටත්, කොලැගන් නිශ්පාදනය වැඩි දියුණු කිරීමටත් අනුගමනය කලහැකි යම් යම් දේ තිබෙනවා. ඒවායින් වඩාත් වැදගත් හා පලදායීකමින් වැඩිම ක්‍රම කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

1.සී විටමින් පරිභෝජනය වැඩි කිරීම
පෝෂණය පිළිබඳ ඇමරිකානු ජර්නලයේ මෑතකදී පලවූ සමීක්ෂණ වාර්ථාවකට අනුව, වයස අවුරුදු 40 ඉක්මවූ විටමින් සී වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන කාන්තාවන්ගේ සම රැලි වැටීම, එසේ නොකරන කාන්තාවන්ට වඩා ඉතා අඩු මට්ටමක පවතිනවා. විටමින් සී, කොලැගන් ප්‍රෝටීනය නිපදවීමට අත්‍යාවශ්‍ය සාධකයක්ද වෙනවා. තද කොළ පැහැති එලවළු, ගෝවා, දොඩම් වගේම තක්කාලිත් විටමින් සී බහුල ආහාර වර්ග වෙනවා. මීට අමතරව, විටමින් සී අඩංගු ආලේපන වර්ග භාවිතයත් සම රැලි වැටීම වලක්වා ගැනීමට වැදගත් වෙනවා. සී විටමිනය එවැනි ආලේපන වල අඩංගු කර ඇත්තේ "LAscorbic acid, ascorbyl palmitate" හෝ "ascorbyl phosphate" යන ආකාර වලින්. (යම් ආලේපනයක අඩංගු ද්‍රව්‍ය අතරට මේවායින් එකක් සඳහන් කර තිබේනම්, ඉන් කියවෙන්නේ එම ආලේපනයේ සී විටමිනය අඩංගු බවයි.) 



2.දුම් පානය අතහැර දැමීම
දුම් පානය නිසා සිරුර තුල MMPs නැතිනම් matrix metalloproteinases එන්සයිමය නිපදවෙනවා. මෙම එන්සයිමය මගින් කොලැගන් විනාශ කර දමනවා. දුම් පානය කරන්නන්ගේ සම පහසුවෙන් එල්ලා හැලීමකට ලක් වන්නේ මේ හේතුව නිසා බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

3.හිරු එලියෙන් ආරක්ෂා වීම
අධික ලෙස හිරු එලියට නිරාවරණය වීම,හමේ ඇති කොලැගන් සංචිත විනාශවීමට ප්‍රධාන හේතුවක්. විශේෂයෙන් පාරජංබුල කිරණ මගින් සමේ ඉතා ඇතුලත ස්ථරවල අඩංගු කොලැගන් සංචිත පවා බිඳ හෙලනවා. එනිසා හිරු එළියට නිරාවරණය වීමේදී සුදුසු ආලේපන වර්ගයක් (sun cream) භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා.

4.පැණිරස ආහාර අවම කිරීම
අධික ලෙස සීනි පරිභෝජනය කිරීම රුවැති පෙනුමක් පවත්වාගැනීමට ඇති ප්‍රධානතම බාධාවකි. මෙමගින් සිරුර වයසට යාමේ යාන්ත්‍රණය වේගවත් කරන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා. අතිරේකව සිරුරට ලැබෙන ග්ලූකෝස්, සිරුරේ ඇති ලිපිඩ, නියුක්ලෙයික් අම්ල හා කොලැගන් වැනි ප්‍රෝටීන සමඟ බද්ද වීම සිදුවෙනවා. මෙම ක්‍රියාවලිය නිසා ඇතිවෙන අතුරුඵල (advanced glycation end products) මගින් සිරුරේ සිදුවන සාමාන්‍ය වයසට යාමේ යාන්ත්‍රණය වේගවත් කරනවා.

5.ප්‍රථිඔක්ෂිකාරකවල සහය ලබා ගැනීම (Antioxidants)
මුක්ත ඛණ්ඩක (free radicals) වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ප්‍රථිඔක්ෂිකාරකවලට හැකියාව තිබෙනවා. හානියට පත් වූ සමේ සෛල නිසා මුක්ත ඛණ්ඩක ඇතිවෙනවා. මේවා මගින් සමේ නීරෝගී සෛලවල ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා. එම ක්‍රියාවලිය නිසා සමේ නීරෝගී සෛලද හානියට පත්වීම සිදු වෙනවා.මෙම සෛල හානිය නිසා සමේ ඇතිවන එන්සෛයිමයක් මගින් කොලැගන් තන්තු බිඳ වැටීමද සිදු වෙනවා. ප්‍රථිඔක්ෂිකාරක වලට පුලුවන් කම තියෙනවා මේ හානිකර මුක්ත ඛණ්ඩක වල ක්‍රියාකාරීත්වය නවතා දමන්නට; එමගින් සිරුර වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරන්නට. ග්‍රීන් ටී වල වගේම කොළ පැහැති පලාවර්ගවල උදා:-නිවිති ප්‍රථිඔක්ෂිකාරක අඩංගුව පවතිනවා. ඉතින් මේවා පරිභෝජනයට ගැනීම මගින් සම වයසට යන එක පාලනය කරන්න අපට පුලුවන් වෙනවා.

6.ශාක ප්‍රෝටීන ආහාරයට එක් කරගන්න.
ආවර්ථවාහරනයත් සමඟ සම වයසට යාම වේගවත් වීම කාන්තාවන්ට තිබෙන සුලබ ප්‍රශ්ණයක්. මේකට හේතුව තමා ආවර්ථවාහරනයත් සමඟ සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම පහල යාම. මේ නැති වූ ඊස්ට්‍රජන් නැවත සිරුරට ලබා දීමට ශාක ප්‍රෝටීන වලට හැකියාව තිබෙනවා.

7.සම්භාහනය
දිනපතා සුලු වේලාවක් මුහුණ සම්භාහනය කිරීම මගින් කොලැගන් නිශ්පාදනය ඉහල දැමිය හැකිබව මේ වනවිට සොයාගෙන තිබෙනවා. එසේම සම්භාහනය නිසා මුහුණට වඩාත් පිරිණු පෙනුමක් හා පැහැපත් බවක් ඇති වෙනවා. 



Tuesday, February 20, 2018

බොරු කියනබව මූණෙන් අඳුනා ගන්නේ කෙසේද? නොවරදින සලකුණු 12ක් මෙන්න...How to detect lies...12 facial signs..

බොරු කියනබව මූණෙන් අඳුනා ගන්නේ කෙසේද? නොවරදින සලකුණු 12ක් මෙන්න...

මාර්ක් බවුටන් කියන්නෙ ඇමරිකානු FBI ආයතනයේ හිටපු, වසර 30ක පලපුරුද්දක් සහිත රහස් පරීක්ෂකවරයෙක්. මෙතුමා බොරු කියන්නෙකු හඳුනා ගන්නේ කෙසෙද යන්න පිළිබඳ පොතක් පල කර තියෙනවා. මෙතුමා FBI ආයතයේ සේවය කරන සමයේදී, විවිධ අපරාධකරුවන් හඳුනා ගැනීමට මේ පොතේ පළවෙන උපක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා.

අපරාධකරුවන් හඳුනා ගැනීමට කෙසේ වෙතත්, සාමන්‍ය ජීවිතයේදී අපට හමුවෙන අය අපට බොරු කරන්වා ද නැදද යන්න හඳුනා ගැනීමටවත් සමත් වෙන්න පුලුවන්නම් ඒක අපිට හරිම වැදගත්.

මේකෙදී ගොඩක්ම වැදගත් වෙන්නේ මුහුණෙන් පලවෙන හැඟීම් ලඟින් නිරීක්ෂණය කිරීමයි. බොරු කියනකොට සිදුවෙන මේ වෙනස්කම් වලට බොරු කියන්නා තුල ඇතිවෙන චකිතය, සිරුරේ ඇතිවන විවිධ රසායනික වෙනස්කම් හා ඊට සමගාමීව ඇතිවෙන භෞතික වෙනස්කම් බලපානවා කියලයි මාර්ක් මහතා පවසන්නේ.

මෙතුමාගේ අදහස් අතරින් භාවිතයට පහසුම හා වැදගත්ම නිරීක්ෂණයන් 12ක් පහත දක්වා ඇත.

ඇස් දෙපසට චලනය වීම
මේකෙන් කියවෙන්නෙ ඔබේ කතා බහෙන් ඔහු හෝ ඇය අපහසුතාවයට පත්වූ බව හෝ ඔහුට හෝ ඇයට තවදුරටත් ඔබ හා කතාබහේ නිරත වීම අනවශ්‍ය බවයි. ඔහු හෝ ඇය ඔබෙන් මිදීමට මාර්ගයක් හොයනබව මේකෙන් කියවෙනවා.

ඇසිපිය හෙලීම වේගවත් වීම
එක දිගට හතර පස් වතාවක් ඇස් පිය හෙලනවානම් ඒකෙන් කියවෙන්නේ ඔහු හෝ ඇය තමා පවසන බොරුවෙන් අපහසුතාවයකට පත්ව ඇති බවයි.

තප්පරයකට වඩා ඇස් වසාගෙන සිටීම
සාමාන්‍යයෙන් එක් ඇසිපිය සැලීමකට ගතවන කාලය තප්පර0.4ක් පමණ අනවා. යමෙක් වරින් වර තප්පරයක් හෝ දෙකක් පමණ කාලයක් ඇස් වසාගෙන සිටීනම් ඔහු හෝ ඇය ඔබට පවසන්නේ බොරුවක් වීමට ඉතා වැඩි ඉඩ කඩක් පවතිනවා.

බලා සිටන දිශාව - ඉහල හා දකුණ
ඔහු හෝ ඇය දකුණත් කරුවෙක් නම්, ඔබ ඔහු හෝ ඇය දුටු දෙයක් ගැන විමසාසිටි විටකදී ඉහල හා වම් පස දෙස බලා සිටීනම් ඇත්තෙන්ම ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ දුටු දේ සිහියට නඟා ගැනීමටයි. නමුත් ඉහල හා දකුණු පස දෙස බලා සිටීනම් ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ දුටු දේ පිළිබඳ බොරුවක් ගෙතීමටයි.
 වමත් කරුවෙක් නම් මේ ප්‍රතික්‍රියාව මීට ප්‍රතිවිරුද්ද අතට සිදුවනු ඇත.

බලා සිටින දිසාව - කෙලින්ම දකුණ
ඔබ ඇසුවේ ඔහු හෝ ඇය ඇසූ දෙයක් පිළිබඳවනම්, ඔහු හෝ ඇය දකුණත් කරුවෙක් නම් , ඔහු ඇසූ දේ මතකයට නඟා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ඇස වම් කණ දිසාවට ගමන් කරයි. බොරුවක් ගෙතීමට උත්සාහ කිරීමේදී ඇස් ගමන් කරනු ඇත්තේ දකුණු කණ දිසාවටයි.

බලා සිටන දිසාව - පහලට හා දකුණට
ඔබ ඇසූ දෙය යම් ගන්දයකට හෝ ස්පර්ශයකට හෝ සංවේදනයකට අදාල දෙයක් නම්, බොරුවක් කියන දකුණත් කරුවෙකුගේ බැල්ම පහලට හා දකුණට යොමුව පවතිනු ඇත.

ව්‍යාජ සිනහව
බොරු කියන අයෙකුගේ සිනහව කෙනෙකුගේ දෙනෙත් සමඟ කිසිඳු බැඳීමක් නොදක්වයි. අව්‍යාජව සිනහසෙනවිට ඔහුගේ/ඇයගේ ඇස් වටා ඇති මාංශ පේශී මද වශයෙන් රැළි ගැසේ.

මුහුණ කැසීම
බොරු කියනවිට සිරුරේ ඇතිවන රසායනික වෙනස්කම් නිසා මුහුණ කසයි. එනිසා බොරු කියන්නා වරින් වර සිය ඇඟිලි වලින් මුහුණ කැසීමට පෙලබේ.

තදින් වසා ගත් දෙතොල
බොරු කියනවිට කටේ කෙළ සිඳී යාමක් සිදුවේ. එනිසා බොරු කියන්නා තොල් තදකර පියා ගැනීමට පෙළබේ. තදකර වසාගත් දෙතොල සුදු මැලි වී තිබේනම් ඔහු/ඇය පවසන්නේ බොරුවක් වීමට ඉතා විශාල ඉඩකඩක් පවතී.

අධික ලෙස දාඩිය දැමීම
බොරු කීමේදී බොහෝ විට අධිකව දහඩිය ගැලීමක් සිදුවේ. මේවා බොහෝවිට නළලේ, බෙල්ල පිටිපස හා/හෝ කම්මුල්වල දැකිය හැක. එසේම බොරු කියන තැනැත්තා නිතර නිතර මෙම දහඩිය පිහදැමීමක් සිදු කරනු ඇත.

මුහුණ රතු වීම
බොරු කීමේදී මුහුණ රතු වීම බොහෝවිට කාන්තාවන්ගෙන් දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙහිදී සිදුවන්නේ ඇඩ්‍රිනලීන් ස්‍රාවය අධික වීම නිසා ඊට ස්නායු පද්දතිය ප්‍රතිචාර දැක්වීමකි.

හිස දෙපසට හෙලවීම
මෙයද බොරු කියන තැනැත්තන් දක්වන ප්‍රතික්‍රියාවකි. මෙහිදී ඔහු/ඇය තමන් පවසන දෙයට එකඟ නොවන බවක් දක්වා සිටී. සත්‍ය පවසන්නෙකු තම හිස ඉහලට හා පහලට සෙලවීම මඟින් තමන් පවසන දෙයට එකඟතාව පළකරනු ඇත.

මේ සෑම ලක්ෂණයක්ම සෑම තැනැත්තෙකුගෙන්ම හා සෑම විටම දැකිය හැකි ලක්ෂණ නොවේ. නමුත් කිහිපයක් හෝ පෙන්වන්නේ නම් ඔහු/ඇය පවසන්නේ බොරුවක් බවට ඔබට පහසුවෙන් නිගමනය කල හැක.



Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...