ඔබේ අරමුණු පැහැදිලිකරගන්න!
අපේ පුද්ගලික ජීවිතේ වගේම රාජකාරී ජීවිතේත් අපි ලඟා කරගන්න බලාපොරොත්තුවෙන අරමුණු ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්නම ඕනි. සමහරවිට ඔබේ අරමුණ ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට දැනට වඩා වැඩි සහයෝගයක් දැක්වීම වෙන්න පුලුවන්. කොහොම උනත මේ විදියට අරමුණ පැහැදිලි කරගත්තත පස්සෙ අපිට පුලුවන් ඒක පොඩි පොඩි ඉලක්ක වලට වෙන් කරගන්න. ඊට පස්සෙ ඒ එකිනෙක ඉලක්ක වලට ලඟාවෙන ආකාරය පිලිබඳ නිවැරදි සැලස්මක් ගොඩනඟා ගන්න.
කාලය ගැන අවධාණයෙන් සිටින්න
ගොඩක් දෙනෙකුට තමන් කරන කටයුතුවලට ගතවෙන කාලය වගේම එකිනෙක කටයුතුවලට කාලය වෙන්කරගතයුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නෑ. ඒ නිසා සරළ හා පහසු කටයුතුවලට උදා:-ස්නානය අනවශ්‍ය තරම් කාලයක් වැයකරලා වඩාත් සංකීර්ණ කටයුතුවලට අවශ්‍ය තරමට වඩා අඩුවෙන් කාලය වැය කරනවා. එනිසා තමන් කරන කටයුතුවලට වැදගත් බවේ ප්‍රමුඛතාවය හා ඒ එකිනෙකට වෙන් කරගත යුතු කාලය ගැන ඉතා නිවරදි අවබෝධයක් සහිතව කටයුතු කල යුතු වෙනවා.
ප්‍රමුඛතා අනුපිලිවෙලක් සකසා ගනිමු
ඔබ විසින් සපුරාගත යුතුව තිබෙන ඉලක්ක පහත කාණඩ වලට වෙන් කරගන්න.
- වැදගත් හා ඉක්මනින් කලයුතුව තිබෙන.
- වැදගත් නමුත් ඉක්මනින් කලයුතු නැති
- ඉක්මනින් කල යුතු නමුත් වැදගත් නැති
- වැදගත් හෝ ඉක්මනින් කලයුතු නැති
වැදගත් හා ඉක්මනින් කලයුතුව තිබෙන කටයුතු කාණ්ඩය හැකිතාක් හිස්ව තබා ගැනීමට කටයුතු කරන්න. මේ කාණඩයේ ඉලක්ක ප්‍රමාණය ඉහලයාම, අපේ මනස ආතතියට ලක් කරනවා. ඔබ දක්ෂ ලෙස කාලය කලමනාකරණය කරන්නෙක් නම්, ඔබේ කාලයෙන් වැඩි කොටසක් වැදගත් නමුත් ඉක්මනින් කලයුතු නැති කාණ්ඩයට අයත් ඉලක්ක සමඟ ගතකරන්නට වාසනාවන්ත වේවි. අපේ ජීවතයට සතුට ඇති කරවන හා ඉතා ප්‍රයෝජනවත් බොහොමයක් ඉලක්ක හා අරමුණු මෙන්න මේ කාණඩයට අයිති වෙනවා.
දිනය සැලසුම් කරගන්න
එක එක අරමුණුවල වැදගත්කම සහ ඉලක්ක සපුරාගැනීමට වැයකලයුතු කාලය ගැන අවබෝධ කරගත්තට පස්සෙ අපි දිනය සැලසුම් කරන්න පටන් ගන්න ඕනෙ. මෙතනදී අපිට බොහොම නම්‍යශීලීව කටයුතු කරන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය බව හැඟෙන වෙනස්කම් කරන්න පැකිලෙන්න හොඳ නෑ. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු අපිට අපේ හවස්වරුව නිදහසේ පව්ලේ අයත් එක්ක ගතකරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. එතකොට අපිට පුලුවන් අපේ ඉලක්ක වැඩි ප්‍රමාණයක් උදය වරුවට දා ගන්න.
අමාරු සහ සපුරා ගැනීමට අපහසු ඉලක්කකරා මුලින්ම අවධානය යොමු කරන්න. මේ වගේ ඉලක්ක දිනය ආරම්භයටම යොදාගන්න එක හරිම වැදගත්. එතකොට තමා බොහොම සැහැල්ලුවෙන් දිනයේ ඉතිරිකාල ගතකරන්න අපිට පුලුවන් වෙන්නෙ.
වැඩ සැලැස්ම සටහන් කර ගන්න
අපි සැලසුම් කරපු වැඩ සැලැස්ම සටහනක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. ඒ වගේම මේ සටහන අපේ අවධානය පහසුවෙන් යොමුවෙන ස්ථානයක පවත්වාගැනීමත් ඉතා වැදගත් වෙනවා. අපි යන යන තැන්වලට මේ සැලැස්ම ගෙනියන්න පුලුවන්නම් තවත් හොඳයි. ඒකට භාවිතාකරන්න පුලුවන් ඇප්ස් නූතන ජංගම දුරකතනවල දකින්න පුලුවන්. මේ වගේ "list keeping app/calander app" එකක් පාවිච්චිකරනවනම් ඒක හරිම පහසුවක් වේවි. නමුත් ඔබට වෙන ක්‍රමයක්, ඔබටම පහසු, ඔබටම සුවිශේෂ වූ ක්‍රමයක් සැලසුම් කරගන්න උනත් නිදහස තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපිට පුලුවන් අපේ වැඩ සැලැස්ම පොඩි නෝට් බුක් එකක එහෙම නැත්නම් කොල කෑල්ලක සටහන් කරල සාක්කුවෙ හරි පර්ස් එකේ හරි දා ගන්න.
මේ ඉලක්ක සපුරා ගැනීමේදී ඔබ අපි ගමන් කරන්නේ අපි මුලින්ම පැහැදිලිකරගත්ත අරමුණු කරාමද කියන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි.
යොදාගත් වෙලාවටම වැඩ කරන්න
අපේ ඉලක්ක සපුරා ගැනීමෙදී මේ කියනදේත් ඉතාම වැදගත්. උදාහරණයක් විදියට අපි යම්කිසි වැඩක් උදේ 8ට කරන්න යොදාගෙන තියෙනවනම් ඒක 8යි කාලට හරි 8යි 30ට හරි කරලනම් හරියන්නෙ නෑ. එහෙම උනොත් අපේ වැඩ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වේවි. නම්‍යශීලී වෙනව කියල මේ වැරැද්දනම් කරන්න එපා!! යොදාගත්ත වැඩ සැලැස්ම ගැලපෙන්නෙ නෑ වගේනම් වෙනස් එකකට යන්න අපිට පුලුවන්. නමුත් යොදාගත් වෙලාව මගහැරගන්න නම් එපා!!
පටන් ගන්න
සමහර කටයුතු කරන්න වඩා අපි කැමති මගහැර යන්න. උදාහරණයක් විදියට පොතක් පාඩම් කරන්න සිද්දවීම ගන්න පුලුවන්. කොච්චර අකමැත්තෙන් උනත් ආරම්භ කරන්න. එක පියවරක් හරි ඉදිරියට යන්න. එතකොට අපිව ඊළඟ පියවරට ඉබේම යොමු වේවි. අපි කරනදෙයින් අපිට ප්‍රගතියක් වෙනව කියල වැටහෙනකොට අපි ශක්තිමත්ව ඉදිරියට යන්න පෙලබෙනවා. එනිසා ආරම්භය ගන්න එක, පියවරක් හරි ඉදිරියට යන්න උත්සාහ කරන එක ඉතාම වැදගත් වෙනවා.ඔනෑම කටයුත්තක අපහසුම කොටස තමයි ආරම්භය. අන්න ඒකනම් අමතක කරන්න එපා.
සෑම තප්පරයක්ම වටිනවා
නිවැරදිව කාලය කලමනාකරණය කරන පුද්ගලයෙකුට සෑම තප්පරයකම විශාල වටිනාකමක් තියෙනවා. සමහර වෙලාවට අපි පොඩි පොඩි කාල පරාස නොවැදගත්යැයි අතහැරල දාන්න පෙලබෙනවා. උදාහරණයක් විදියට විභාගයක ප්‍රශ්ණ පත්තර දෙකක් අතර විවේකකාලය ගන්න පුලුවන්. නිවැරදිව කාලය කළමනාකරනය කරන්නෙක්ට මේ පුන්චි කාලයෙනුත් ලොකු වැඩක් ගන්න පුලුවන්. ඔබත් උත්සාහ කරල බලන්න. කරන්න පුලුවන් දේ වලින් ඔබ පුදුමයට පත් වෙනවා නිසැකයි.
පරිඝනකයත් අමතක කරන්න එපා.
අපි ජීවත්වෙන තාක්ෂණික ලොකයේ පරිඝණකය කියල කියන්නෙ අමතක කරන්නම බැරි උපකරණයක්. අන්තර්ජාලය වගේම සමාජ ජාලමගිනුත් කාලය කා දමන බවට අපි කා අතරත් මතයක් තියෙනවා. නමුත් මේ දේවල් වලිනුත් කාලය නිවැරදිව කලමනාකරනය කරගන්න උදව් ලබා ගන්න බැරිකමක් නෑ. උදාහරණයක් විදියට අපිට පරිඝණකය උපයෝගී කරගෙන නිවරදි වැඩ සැලැස්මක් සාදා ගැනීමට ඇති හැකියාව දැක්විය හැකියි. සම්හර ඉලක්ක සපුරා ගැනීමේදී අවශ්‍ය තොරතුරු, මූලාශ්‍ර හා සම්පත් කරා යොමුවෙන්න අවශ්‍යම උපකරණ තමා පරිඝණකය, සමාජ මාධ්‍ය ජාල හා අන්තර්ජාලය. මේවා නිවැරදිව උපයෝගීකර ගත්තොත් අපිට පුලුවන් ඉලක්ක වඩාත් වේගයෙන් හා නිවැරදි ලෙස සපුරා ගන්න.
කාලයට සීමාවන් පනවන්න
එක් එක් ඉලක්කයට ඔබේ වැඩ සැලැස්මට අනුව නියමිත කාල පරාසයක් වෙන්කර ගන්න. හැකිනම් එම වැඩය නියමිත කාලයට පෙර නිම කරන්න. නමුත් එම කාල පරාසය ඉක්මවා එම වැඩයේ නිරත නොවන්න.
දිවා ආහාරයට කාලය වෙන්කර ගන්න
අපි බොහෝවිට පුරුදුවෙලා ඉන්නවා දිවා ආහාරය මග හරිමින් වැඩවල නිරතවෙන්න. නමුත් දිවා ආහාරයට විනාඩි 30ක කාලයක්වත් වෙන්කරගැනීම ඉතාම වැදගත්බව මතක තබා ගන්න. කුසගිනි නොදැනේනම් එම කාලය වෙනත් ආකාරයකට හෝ විවේකීව ගත කිරීමට හුරුවීම ඉතා වැදගත්. එමගින් අපේ කාර්‍ය්ක්ෂමතාව ඉහල නංවාගත හැකි බව නවතව පර්යේෂණ මගින් තහවුරුවී තිබෙනවා.
කාල කලමණාකරනයේ ප්‍රමුඛතම පරමාර්තය වන්නේ ජීවිතය සමබරව ගතකිරීමට සුදුසු පරිදි විවිධ කටයුතුවලට නිවරදිලෙස කාලය වෙන් කර ගැනීමයි. ජීවිතය ජය ගැනීමට අවශ්‍යය ඉලක්කයන් සපුරා ගැනීමේදී විවේකය, ව්‍යායාම, ආහාර ආදිය සඳහාත් අවශ්‍යය තරම් කාලය වෙන් කරගැනීම ඉතා වැදගත් බව සිහියේ තබා ගන්න.
No comments:
Post a Comment