Thursday, March 21, 2019

ක්‍රියැටිනීන් ගැන ඇත්ත මෙන්න...All about serum creatinine..






රුධිරගත ක්‍රියැටිනීන් පරීක්ෂණය වැදගත් වන්නේ ඇයි?

මෙම පරීක්ෂණය මගින් මැන බැලෙන්නේ රුධිරයේ අඩංගු ක්‍රියැටිනීන් මට්ටමයි. ක්‍රියැටිනීන් යනු මාංශ පේශී වල අඩංගු සංඝටකයක් වන අතර ඒවා බිඳ වැටීමේදී රුධිරයට එක්වන ක්‍රියැටිනීන් සංඝටක ප්‍රමාණය මැන බැලීම මෙම රුධිර පරීක්ෂණයෙන් මූලිකවම සිදු වේ. රුධිරයේ ක්‍රියැටිනීන් මට්ටම කියවීම මඟින් ඔබේ වෛද්‍යවරයාට ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික අදහසක් ලබාගත හැකිවීම මෙම පරීක්ෂණයේ ඇති මූලිකම වැදගත්කමයි.

සෑම වකුගඩුවකම නෙප්‍රෝන (nephrons) ලෙසින් හඳුන්වන රුධිර පෙරහන් මිලියන ගණනක් අඩංගු වන අතර මේවා මඟින් ගුච්ඡිකා (glomeruli) නමින් හඳුන්වන ඉතා තුනී රුධිර කේෂ නාලිකා ගොණු හරහා නිරන්තරයෙන් රුධිරය පෙරා පිරිසිදු කිරීමේ කාර්‍යය සිදු වේ. මෙම ක්‍රියාවලිය මඟින් රුධිරයේ අඩංගු බහිස්‍රාවී අපද්‍රව්‍ය, අමතර ජලය හා වෙනත් අපවිත්‍ර දෑ පෙරා හැරීම සිදු වේ. මෙසේ පෙරා හැරෙන විෂ මුත්‍රාශය තුල ගබඩා කෙරෙන අතර පසුව මුත්‍රා මඟින් සිරුරෙන් ඉවත් කෙරේ.

ක්‍රියැටිනීන් ද මෙලෙස අපගේ වකුගඩු මඟින් සාමාන්‍යයෙන් ඉවත් කෙරෙන බහිස්‍රාවී අපද්‍රව්‍යයකි. එනිසා වෛද්‍යවරු, රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අපගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමේ සාධකයක් ලෙස උපයෝගීකර ගනිති. රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාම වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමක් හෝ වකුගඩුවලට හානි සිදු වී තිබීමක් පෙන්නුම් කරනවා විය හැක.

කෙසේ නමුත් වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමට මෙම පරීක්ෂණයට සමගාමීව වෙනත් පරීක්ෂණ කිහිපයක් ද ඇතැම්විට වෛද්‍යවරයා විසින් නියමකරනු ඇත.

පහත දැක්වෙන්නේ වකුගඩු රෝගී වීමකදී පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝග ලක්ෂණ වන අතර එවැනි රෝග ලක්ෂණ කීපයක් ඔබව පෙලයි නම් බොහෝ විට ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදුවනු ඇත.

  • වෙහෙස සහ නින්ද අපහසු වීම
  • කෑම අරුචිය
  • මුහුණ, වළලුකර, මැණික් කටුව හා/හෝ උදර ප්‍රදේශය ඉදිමීම
  • කොන්දේ පහල ප්‍රදේශයේ (වකුගඩු ආශ්‍රිතව) ඇතිවන කැක්කුම
  • මුත්‍රා පිටවීමේ හෝ පිටවන වාර ගණනේ ඇතිවන වෙනස්කම්
  • අධි රුධිර පීඩනය
  • ඔක්කාරය
  • වමනය

වකුගඩු ආශ්‍රිතව පැන නඟින ගැටළුවලට බලපෑහැකි රෝගී තත්ව ගණනාවක් පවතින අතර පහත දැක්වෙන්නේ එවායින් සමහරකි.

  • glomerulonephritis ගුච්ඡිකාවලට සිදුවන යම් හානියක් නිසා ඒවායේ ඇතිවන ප්‍රදාහ තත්වයක් (inflammation) මෙලෙස හැඳින් වේ.
  • pyelonephritis වකුගඩු ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියාමය ආසාදනයකි.
  • පුර්ස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝග උදා- enlarged prostate (මෙහිදී පුරස්ථිත ග්‍රන්ථි ඉදිමී සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම සිදු වේ.)
  • මුතා මාර්ගයේ (Urinary tract) ඇතිවන අවහිර වීම් උදා- වඩුගඩු ගල් (Kidney stones) නිසා
  • වකුගඩුවලට ඇති රුධිර සැපයුම අඩාල වීම (සංවයන හෘද අකරණි තත්වයකදී (congestive heart failure), දියවැඩියා රෝගී තත්වයේදී මෙන්ම තදබල ලෙසට සිදුවන විජලනය වීමකදී මෙවැනි තත්වයක් ඇතිවිය හැක)
  • වකුගඩු සෛල විනාශ වීම උදා- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා
  • ස්ට්‍රෙප්ටොකොකල් ආසාදන උදා- poststreptococcal glomerulonephritis
  • ඇතැම් ඖෂධවර්ග නිසාද (Aminoglycoside ඖෂධ උදා-ජෙන්ටාමයිසීන් (Gentamicin) ) සමහර පුද්ගලයන්ගේ වකුගඩු සෛල විනාශ වීම සිදුවිය හැක. මෙවැනි ඖෂධ වර්ග භාවිතා කරන රෝගීන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවතින්නේදැයි බැලීමට වෛද්‍යවරු වරින්වර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදු කරති.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණය සඳහා සූදානම් වීම

මූලිකවම කිව යුත්තේ මේ සඳහා අමුතු සූදානම් වීමක් අනවශ්‍යය බවයි.
කෙසේ නමුත් ඔබ ගන්නා ඇතැම් ඖෂධ වර්ග නිසා (වකුගඩුවල්ට හානියක් නොවුනත්) ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කර තැබීම කලයුතු වේ.
උදා- cimetidine (Tagamet, Tagamet HB),
 nonsteroidal anti-inflammatory drugs (NSAIDs) ඇස්ප්‍රීන්, බෲෆන් (Ibrufen)  
chemotherapy drugs - පිළිකා මර්ධනයට උපයෝගී කරගනී
cephalosporin antibiotics - cephalexin (Keflex),cefuroxime (Ceftin)  වැනි

ඇතැම් විට මෙවැනි ඖෂධ වර්ගයක් රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රථම තාවකාලිකව නවතාලීමට හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට හෝ වෛද්‍යවරයා විසින් පියවර ගනු ලැබිය හැක. කෙසේ නමුත් ඔබ මේ ඖෂධ භාවිතා කරනෙක් නම් ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පිළිබඳ තිරණය කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳවද අවදානයක් යොමු කරනු ඇත. එනිසා ඔබ ගන්නා යම් ඖෂධ වර්ගයක් වේ නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවයා දැනුවත් කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතු ය.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණයට සාම්පලය ලබා ගැනීම

මෙය ඉතා සරල පරීක්ෂණයක් බැවින් අව්ශ්‍යය වන්නේ ඉතා කුඩා ලේ සාම්පලයක් සිරුරෙන් ලබා ගැනීම පමණක් වේ.  සාම්පලය ලබා ගැනීම සඳහා ඔබේ අත වටා පටියක් බඳින අතර එනිසා ශිරාවල රුධිරය එක් රැස් වීමෙන් පහසුවෙන් රුධිරය ලබා ගැනීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රුධිර සාම්පලය ලබා ගන්නා තැනැත්තාට හැකියාව ලැබේ. සුදුසු ස්ථානයක් තෝරාගත් පසු ඔහු/ඇය විසින් සුදුසු විෂබීජ මර්ධන මාධ්‍යයක් උදා-සර්ජිකල් ස්පිරිට් යොදා එම ස්ථානය පිරිසිදු කර කුඩා සිලින්ජරයකට එම රුධිර සාම්පලය ලබා ගනු ඇත. එහිදී ඔබට ඉතාම කුඩා වේදනාවක් පමණක් දැනෙනු ඇත.


මෙම  පරීක්ෂණය නිසා ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ නොසලකා හැරිය හැකි තරම් අවම මට්ටමක පවතී. කෙසේ නමුත්,
  • රුධිරය දැකීම නිසා ක්ලාන්තය ඇතිවීම,
  • කරකැවිල්ල
  • රුධිරය ලබාගත් ස්ථානයේ රතුවීමක් හෝ සම තුවාල වීමක් සිදුවීම
  • තැල්ම
  • වේදනාව    හෝ
  • ඉතා කලාතුරකින් ආසාදනය වීම වැනි අතුරු ආබාධයක් ඇති වීමේ ඉතා සුළු අවධානමක් මේ පරීක්ෂණය හා ගොණුව පවතී.

මෙසේ එක් රැස් කරගන්නා රුධිර සාම්පලය සුදුසු බඳුනක බහා පරීක්ෂණය සඳහා රසායනාගාරයට යැවීම මේ පරික්ෂණයේ මීළඟ පියවර වේ.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමෙන් කියවෙන්නේ කුමක් ද?

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් මනිනු ලබන්නෙ රුධිරය ඩෙසිලීටරයක ක්‍රියැටිනීන් මිලිග්‍රෑම් කොපමණක් තිබේ ද යන ආකාරයටයි. (mg/dL).
සිරුරේ මාංශ පේශී බහුල එනම් වඩාත් මහත දෙහෙත පුද්ගලයන්ගේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් ඉහල අගයක් ගනී. එසේම රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පුද්ගලයාගේ වයස හා ස්ත්‍රී පුරුෂ භාවය යන සාධක මතද රඳා පවතී.

මේ සාධක සියල්ල කැටිකර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමේ සාමාන්‍යය අගය පුරුෂයන් සඳහා 0.9 - 1.3 mg/dL ලෙසද කාන්තාවන් සඳහා 0.6 - 1.1m/dL ලෙස ද ගණන් බලා ඇත.

ක්‍රියැටිනීන් මට්ටම රුධිරයේ ඉහල යාම බොහෝ විට පෙන්නුම් කරණු ලබන්නේ වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකරන බවයි.

එසේම,
  • මුත්‍රා මාර්ගය අවහිර වීම,
  • ප්‍රෝටීන් අධික ආහාරයක් ගැනීම,
  • විජලනය,
  • වකුගඩුවල ප්‍රශ්ණ උදා-වකුගඩුවලට හානි වීම, ආසාදන
  • ප්‍රහාරය (shock),හදවතේ ක්‍රියාකාරීත්වය අඩපන වීම හෝ දියවැඩියා රෝගයේ යම් සංකූලතාවයක් නිසා වකුගඩු කරා පැමිණෙන රුධිර පරිමාව අඩු වීම
වැනි තත්ව වලදීද රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතී.

කෙසේ නමුත් ඔබේ ක්‍රියැටිනීන් මට්ට්ම ඉහල යාමට හේතු වූ සැබෑ කාරණය වකුගඩු තීව්‍ර හෝ කාලීන (acute or chronic) වකුගඩු හානී වීමක් නම්, එම ප්‍රශ්ණය නිවැරදිව හඳුනාගෙන එය නිවැරදි කරන තෙක්ම ක්‍රියැටිනීන් මට්ටම පහල නොයනු ඇත. එසේම ඉහත වෙනත් හේතුවක් නිසා ක්‍රියැටිනින් මට්ටම ඉහල ගිය අවස්තා වලදීද එම තත්වය නිවරදි කරන තෙක් ක්‍රියැටිනීන් මට්ටම වෙනස් නොවේ.

නියමිත මට්ටම්ට ව්ඩා රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අඩු වීම ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්වයකි. එයට බොහෝවිට හේතු වන්නේ යම් තත්වයක් නිසා සිරුරේ මාංශ පේශී ක්ෂය වී යාමයි.

රුධිරගත ක්‍රියැට්නීන් මට්ට්ම අඩංගු වාර්ථාව ඔබ අතට පත් වූ පසු අනිවාර්‍යයෙන්ම කලයුත්ත නම් එය වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂාකරවා ගැනීමයි. ක්‍රියැටිනීන් මට්ටමේ යම් වෙනසක් තිබේනම් ඒ පිළිබඳව වඩාත් නිවැරදිව ඔබට පිහිට විය හැක්කේ ඔබේ වෛද්‍යවරයාටයි.

Thursday, March 7, 2019

All about Triglycerides...


 Triglycerides 

All About Triglycerides



Triglyceride is simply a type of fat in the blood. Margarine, butter, and most other fatty foods we eat are rich in triglycerideIn addition, the extra calories in the foods we eat (especially the extra calories from carbohydrate-rich foods ) are deposited by our body as triglycerides inside fat cells.

Is triglyceride a cholesterol?
The answer is no. But both types fall into the general category of lipids.  

Is triglyceride a good thing?
Yes. Our body needs some amount of triglyceride. Our body story energy as triglyceride for later use. But excessive amount of triglyceride can leads to heart diseases. 

Lipoproteins
Triglycerides cannot travel in the blood alone. Triglyceride need the assistance of lipoproteins to travel in the blood. 

Measuring the amount of triglyceride in the body
This is done my measuring the level of triglyceride in the blood. Before taking a blood sample for this test, some instructions have to be followed. For example, fasting for a certain period of time. Advice is given by the doctor or other health staff members. Along with this test, cholesterol levels are often measured.

lipid profile test
This is also a blood test. It measures the level of good cholesterol (HDL), bad cholesterol (LDL) and triglyceride levels in the blood. This test gives an idea of ​​the risk of of an heart disease for a person. Additional factors, such as the person's eating habits, lifestyle, and family history has to be considered as well. 

This test often requires twelve hours of fasting. This is because blood-triglyceride levels are higher than normal after eating. 

Lipid profile reselt
 If the person fasts for 12 hours, the blood triglyceride levels are as follows,
  • Average value - less than 50 mg / dL (1.7 mmol / L).
  • 150 to 199 mg / dL (1.7-2.2 mmol / L) is slightly risky.
  • 200 to 499 mg / dL (2.3-5.6 mmol / L) risk level.
  • 500 mg / dL (5.6 mmol / L) or more is very risky .

What are the symptoms of increased blood triglyceride levels?
There is no particular symptom. Therefore, it is important to measure the blood triglyceride level periodically. Increased triglyceride levels increase the risk of heart disease, and are associated with other risk factors, such as obesity, high blood pressure, cholesterol, diabetes, and thyroid diseases.

It is therefore important that you consult your family doctor and get a plan of how often you need to do these measurements.

Triglyceride levels are high !!
The first step is to identify the cause. Often you have to make changes to your lifestyle, such as changing in your dietary habits and/or following of a simple exercise routine. But triglyceride levels can also increase due to liver problems, diabetes, and thyroid disorders. 

Is Dieting Important?
Yes, indeed. But there are other factors to consider as well. Triglycerides are also produced inside the  body; foods are not the only source. Often triglycerides are produced inside the body by using extra carbohydrates in the foods you eat. Therefore, it is very important to control the consumption of sugar and flour as well. Also, diets that are high in saturated fat (mostly animal foods) need to be controlled. It is also very important to add vegetables, cereals and good fats (such as olive oil and fish) into your diet .

Weight gain control
Weight loss is also important for controlling triglyceride levels. Losing weight in a few pounds will significantly lower your triglyceride levels.

Exercises
Exercise can also help you to regulate your triglyceride levels. Exercising for at least 30 minutes almost everyday or at least 4 days a week can significantly lower your body's triglyceride levels and raise your body's good cholesterol levels. Exercises which increase heart rate, such as walking, swimming, and dancing, are ideal for this purpose.

liquor?
Alcohol contains a large amount of calories and sugar. Even a small amount of alcohol can significantly increase the triglyceride levels of the body.

Drug therapy
Dieting, exercising, and weight losing are the basic steps. On the other hand drug therapy can also be used to control the triglyceride level in the blood.


Scroll down for the Sinhalese translation.

ට්‍රයිග්ලිසරයිඩ් ගැන නියම ඇත්ත මෙන්න 



ට්‍රයිග්ලිසරයිඩ් කියන්නෙ සරලවම කිව්වොත් ලේ වල අඩංගු මේධ වර්ගයක්. මාගරින්, බටර් වගේම අපි ගන්න බොහොමයක් මේධමය ආහාරවල ට්‍රයිග්ලිසරයිඩ් අඩංගු වෙනවා. එයට අමතරව අපි ගන්න ආහාරවල අඩංගු අතිරේක කැලරි (විශේෂයෙන් පාං, සීනි, රස කැවිලි ඇල්කොහොල් වගේ කාබෝහයිඩ්‍රෙට් අඩංගු ආහාර වලින් ලැබෙන අතිරේක කැලරි ප්‍රමාණයන්) අපේ සිරුර මගින් ට්‍රයිග්ලිසරයිඩ් වලට හරෝල මේධ සෛල තුල තැන්පත් කරනවා.

ට්‍රයිග්ලිසරයිඩ් කියන්නෙ කොලෙස්ටරෝල් ද?
මේ ප්‍රශ්ණෙට උත්තරේ තමා නෑ කියන එක. හැබැයි මේ වර්ග දෙකම ලිපිඩ කියන පොදු ඛාණ්ඩයට වැටෙනවා. මේ අතරින් මේධ කියන වර්ගයට අයිති වෙන්නෙ ට්‍රයිග්ලිසරයිඩ් පමණයි. (සුළු ප්‍රමාණයක් ආහාර වලින් ලැබුනත් කොලෙස්ටරෝල් වලින් බහුතරය අපේ සිරුර තුලම අක්මාව හා බඩ වැල් මඟින් නිපදවෙනවා.)

ට්‍රයිග්ලිසරයිඩ් හොඳ දෙයක් ද?
ඔව්. අපේ සිරුරට ට්‍රයිග්ලිසරයිඩ් යම් ප්‍රමාණයක් අවශ්‍යය වෙනවා. මේවායෙ එක කාර්‍යයක් තමා පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ශක්තිය ගබඩාකර තැබීම. නමුත් ප්‍රමාණය ඉක්මවා යාම හදවත් රෝග වලට අත වනනවා. සිරුරේ අඩංගු නරක කොලෙස්ටරෝල් (LDL) ප්‍රමාණය ඉහලනම් මේ අවධානම තවත් වැඩි වෙනවා.

ලයිපොප්‍රෝටීන් (Lipoproteins)
ට්‍රයිග්ලිසරයිඩ් වලට තනියම රුධිරයේ ගමන් කරන්න හැකියාවක් නෑ. එයට උදව් කරන සහායකයා තමා ලයිපොප්‍රෝටීන් කියල හඳුන්වන්නෙ. ට්‍රයිග්ලිසරයිඩ්,මේ ප්‍රෝටීන් එක්ක බැඳිල තමා රුධිරය තුල ගමන් කරන්න හැකියාව ලබා ගන්නෙ.

සිරුරේ අඩංගු ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය මැනීම
මේ සඳහා රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය මැනීම සිදු කෙරෙනවා. මේ පරීක්ෂණයට රුධිර සාම්පලය ලබා ගන්න ඉස්සෙල්ලා යම් උපදෙස් මාලාවක් අනුගමනය කරන්න සිදු වෙනවා. උදා:- යම් නියමිත කාලයක් නිරාහාරව සිටීම.මේ සඳහා උපදෙස් ලබාදීම වෛද්‍යවරයාගෙන් හෝ අනිකුත්  සෞක්‍ය කාර්‍ය මණ්ඩල සාමාජිකයන් මඟින් සිදුවෙනවා.  මේ පරීක්ෂණයට සමඟාමීව සිරුරේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමත් බොහෝවිට සිදු වෙනවා.

lipid profile test
මේකත් රුධිර පරීක්ෂණයක්. මේ මඟින් රුධිරයේ අඩංගු හොඳ කොලෙස්ටරෝල් (HDL) මට්ට්ම, නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම මැන බැලෙනවා. මේ පරීක්ෂණය මඟින් හෳදයාබාධයක් වැලඳීමට යම් පුද්ගලයෙකුට ඇති අවධානම ගැන යම් අදහසක් ලැබෙනවා. මේකට එම පුද්ගලයාගේ ආහාර රටාව, ජීවන රටාව, පවුලේ ඉතිහාසය වැනි අතිරේක කරුණුත් බලපානවා. එනිසා වඩාත් නිවරදි නිගමනයක් සඳහා වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

මෙම පරීක්ෂණය සඳහා බොහෝවිට පැය දොලහක නිරාහාරව සිටීමක් අවශ්‍යය වෙනවා. ඒකට හේතුව තමා  ආහාර ගැනීමෙන් පසුව රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහල අගයක් ගැනීම. එසේම මත් පැන් පානය කර තිබීම, ව්‍යායාම, පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ලබා ගන්නා වේලාව වගේම කාන්තාවන්ට නම් ඔපස් චක්‍රයත් රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අඩු වැඩිවීමට හේතු වෙනවා.

Lipid profile reselt
 පුදගලයා පැය 12ක් නිරාහාරව සිට සාම්පලය ලබාගෙන තිබිනානම්, රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම,
  • සාමාන්‍ය අගය - 50 mg/dL (1.7 mmol/L) ට වඩා අඩුය.
  • 150 to 199 mg/dL (1.7-2.2 mmol/L) තරමක් අවධානම්ය.
  • 200 to 499 mg/dL (2.3-5.6 mmol/L) අවධානම් මට්ටම.
  • 500 mg/dL (5.6 mmol/L) හෝ ඊට වැඩිනම් ඉතා අවධානම් ය.

රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද?
මේකට උත්තරේ තමා සාමාන්‍යයෙන් කිසිවක් නැත කියන එක. ඒ නිසා තමා වරින් වර මැන බැලීම වැදගත් වෙන්නෙ. ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහල නංවන අතරම වෙනත් අවදානම් සාධක උදා-ස්ථුලතාවය, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම, දියවැඩියාව හෙවත් මධුමේහය හා තෛරොයිඩ් ග්‍රන්ථියේ රෝග සමඟත් බැඳී පවතිනවා.

ඉතින් ඔබේ පවුලේ වෛද්‍යවයා හමුවී ඔබ කොපමණ කලකට වරක් මේ මැන බැලීම් කල යුතුද යන්න පිළිබඳ සැලැස්මක් ලබා ගැනීම ඉතා වැදගත්. එහිදී ඔබේ වෛද්‍යවරයා ඔබේ පවුලේ ඉතිහාසය, ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඔබගේ අනිකුත් රෝග තත්ව හා ඔබ භාවිතා කරන ඖෂධ වර්ග ආදිය පිළිබඳ සැලකිලිමත් වනු ඇත.

ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහලයි!!
මෙහිදී පළමුව කල යුත්තේ එයට හේතුව හඳුනා ගැනීමයි. බොහෝවිට ඔබට මේ තත්වය පාලනය කර ගැනීමට අවශ්‍යය වන්නේ ඔබේ ආහාර රටාව වෙනස්කර ගැනීම හෝ වැඩිපුර ව්‍යායාම වල නිරත වීම වැනි සරල වෙනසක් විය හැකියි. නමුත් අක්මාවේ ප්‍රශ්ණ, දියවැඩියාව හා තෛරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ තත්ව වැනි හේතු නිසාද රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහල යා හැකියි. සමහරවිට මේ වැනි තත්වයන් කිහිපයක් එකතු වී ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහල දැමුවා විය හැකියි. ඔබේ වෛද්‍යවරයා නිශ්චිත හේතුව හඳුනාගත් පසු අදාල හේතුවට අනුකූලව ප්‍රථිකාර ඇරඹීම සිදු කල හැකි වෙනවා.

ඩයට් කිරීම වැදගත් ද?
ඇත්තෙන්ම ඔව්. නමුත් ඒ ඔබ සිතන ආකාරයෙන්ම නොවිය හැකියි. එයට හේතුව ට්‍රයිග්ලිසරයිඩ සිරුරට ලැබෙන්නේ මේධමය ආහාරවලින් පමණක් නොවීම නිසයි. බොහෝවිට ට්‍රයිග්ලිසරයිඩ සිරුරතුල නිපදවෙන්නේ ඔබ ලබා ගන්නා ආහාරවල අඩංගු අතිරේක කාබෝහයිඩ්‍රේට මඟිනුයි. එනිසා සීනි බහුල හා පිටි බහුල ආහාර පාලනය කිරීම ඉතා වැදගත් වෙනවා. එසේම සංතෘප්ත මේධය අඩංගු (බොහෝවිට සත්වමය ආහාර) ආහාර පාලනය කිරීම කලයුතු වෙනවා. එසේම එළවළු, ධාන්‍ය හා හොඳ මේධය අඩංගු ඔලිව් තෙල්, මාළු වැනි ආහාර වර්ග ඔබේ කෑම වේලට එක් කර ගැනීමත් ඉතා වැදගත් වෙනවා.

සිරුරේ බර පාලනය කර ගැනීම
සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කර ගැනීම සඳහා සිරුරේ බර අඩු කර ගැනීමද ඉතා වැදගත් වෙනවා. රාත්තල් කිහිපයකින් උවත් බර අඩු කර ගැනීම සිරුරේ ට්‍රයිග්ලිසරයි මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලනු ඇත.

ව්‍යායාම
ව්‍යායාම් මඟින්ද සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කර ගැනීමට අපට හැකියි. වරකට අවම වශයෙන් මිනිත්තු 30ක් වත් සතියේ දින 7න් වැඩි දින ගණනක් ව්‍යායාම කිරීම මඟින් සිරුරේ ට්‍රයිග්ලිසරයි මට්ටම සැලකියයුතු මට්ටමින් පහල හෙලන අතරම, සිරුරේ ඇති හොඳ කොලෙස්ටරෝල් මට්ටම ද ඉහල නංවනු ඇත. ඇවිදීම, පිහිනීම, නර්තනය වැනි හදවතේ ගැස්ම වැඩිකරන ව්‍යායාම මේ සඳහා ඉතා උචිත වෙනවා. ඔබට ව්‍යායාම කිරීමට එක දිගට මිනිත්තු 30ක් සොයා ගැනීම අපහසුනම් එකවරකට මිනිත්තු 10 බැගින් හෝ කිහිප විටක් මෙවන් ව්‍යායාමවල නිරත් වීමට ඔබට පුළුවන්.

මත්පැන්?
මත්පැන් වල කැලරි හා සීනි (calories and suger) ඉතා විශාල වශයෙන් අන්තර්ගත වේ. එසේම ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයකින් උවත් සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සැලකියයුතු ප්‍රමාණයකින් ඉහල නංවයි.

ඖෂධ ප්‍රථිකාර
ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කිරීමට ආහාර පාලනය, ව්‍යායාම හා සිරුරේ බර අඩු කර ගැනීම මූලිකවම අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගයන් උවත්, ඒවා සියල්ලත් ප්‍රමාණවත් නොවනබව හැඟී ගියහොත් ඔබේ වෛද්‍යවරයා ඔබට යම් ඖෂධ වර්ගයන් ද නිර්දේශ කරණු ඇති.උදා-Statins, omega -3 supliments, fibrates   

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...