Preventing tips from harsh UV rays (Harsh SUN)….
Increased exposure to ultraviolet radiation also increases the risk of skin cancer. It also poses a risk of sun burns.
We receive ultraviolet light, mainly from the sun. We can't always stay inside even though the best way to protect the skin from these harmful rays is to stay in the shade. So, we have to use a;alternative methods to prevent our skin from harsh UV rays.
Here are some of those alternatives,
- Wearing a top / shirt which can cover the skin properly,
- Wearing a hat,
- Wear high-quality sunglasses that cover the eyes and surrounding skin of the eyes,
- Using a recommended sunscreen,
.
It is also important to spend as much as time as possible indoors, when the sun's rays are hitting the ground harder (usually between 10am and 4pm). There is a simple test that can determine how violent the sun's rays are. If your shadow is shorter than your height, the sun rays are harsher and more aggressive. .
The sun's rays are capable of burning your skin; even when you're near a water reservoir or at the beach, ultraviolet rays are the most harmful. Keep in mind that exposure to UV rays can damage your skin beyond your imagination.
Even when you're in a vehicle, these rays can cause damage to your skin. Tinting of the car's glass can reduce that risk to some extent. It is also important to keep as distance as possible from windows to avoid direct sunlight.
Clothes
When choosing cloths, it is important to choose appropriate cloths that covers the body as much as possible. Ex-shirts with long sleeves, long pants. You should also be concerned about choosing darker clothes rather than lighter once when the sun is too hot.
High quality apparels are capable of protecting our skin from harsh UV rays. The level of protection of a clothing item can actually be measured. It is measured by a unit called the UPF or UV protection factor value. The value is usually between 15 and 50+ for most cloths. So check it out before you buy.
Sunscreen
Sunscreens can also protect your skin. But it is not a complete protection against UV rays. Especially when exposed to the sun for a longer periods of time , the protection it provides fades away with the time. But in case you can't cover up and don't have appropriate clothing, sunscreen coatings can be a very effective alternative.
It is also important to choose a sunscreen cream that have a UVF value of 30 or higher and provide protection from both UVA and UVB rays.
It is also very important to follow all the instructions given in the user manual.
Choosing a hat
The edge should be at least 2 or 3 inches wide. A good hat can protect your eyes, ears, forehead, nose and head from harsh sun rays. Also, it is very important to choose a dark colored and high quality non-transparent hat.
Sunglasses
Chose a high quality sun glass which is capable of blocking UV rays. Such a glass can protect your eyes as well as your senses from harsh sunlight. A high quality sunglass can prevent UVA and UVB rays up to 100%. So before purchasing a sun glass, make sure to check the label for "UV absorption up to 400 nm" or "Meets ANSI UV requirements". Sunglasses labeled "cosmetic" can divert up to 70% of UV radiation. However, there is no guarantee of the safety of a sunglass that does not include any of these information.
We cannot guarantee that just because the sunglass is dark, it does block ultraviolet rays. In fact, the protection against ultraviolet light is caused by a colorless chemical that is applied on the lenses of the sunglass. Therefore, the degree of protection against ultraviolet radiation of a sunglasses cannot be determined by its color.
Take special care of children
Parents should be more concerned about the safety of their young children, because their skins are more sensitive, they are more likely to be exposed and on the other hand they are not aware of the harm caused by the sun's rays.
Children younger than 6 months should not be exposed to sunlight at all.
Vitamin D
Human kin naturally produces vitamin D when exposed to the sun. The amount produced depends on number of factors such as the age, the skin color, and the thickness of the sun rays. However, when the sun is too hot, it is wise to use alternative methods to get the vitamin D requirement.
Scroll down for the sinhala translation.
මේ දිනවල අපේ රටට ඉර මුදුන් වෙනවා. ඒ කියන්නෙ ඉර අව්ව එක්ක එන පාරජම්බුල කිරණ වලට අපි තදින්ම නිරාවරණය වෙනවා. පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම වැඩි වීම සම මත පිළිකා ඇතිවීමේ අවධානමත් ඉහල නංවනවා. ඒ වගේම ඒ මඟින් පිලිස්සීම් (sun burns) ඇති වීමේ අවධානමකුත් පවතිනවා.
පාරජම්බුල කිරණ අපිට ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ඉර එලියත් එක්ක. එහෙම කියලා අපිට ඉර එලියෙන් ආරක්ෂාවෙන්න ගේ ඇතුලටම වෙලා ඉන්නත් බැහැනෙ. මේ අහිතකර කිරණවලින් මිදෙන්න තියෙන හොඳම උපක්‍රමය හෙවනකට වෙලා ඉන්න එක උනත් ඒක ප්‍රායෝගික නොවන උපක්‍රමයක් නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් වඩාත්ම ප්‍රායෝගික උපක්‍රම කිහිපයක් ගැන සොයා බැලීම ඉතා වැදගත්.
- සම හොඳින් ආවරණය වන පරිදි උඩුකය වැස්මක්/කමිසයක් හැඳ ගැනීම,
- ඉදිරිපසින් පමණක් නොව වටේටම දාරයක් සහිත හැට් එකක් පැලඳ ගැනීම,
- අක්ෂි හා ඒ වටා සම ආවරණය වන පරිදි ගුණාත්මක භාවයෙන් ඉහල අව් කණ්නාඩි කුට්ටමක් ( Sunglasses) පැලඳ ගැනීම,
- නිර්දේශිත, හිරු එලියෙන් සම සුරකින ආලේපණයක් (Sunscreen) භාවිතා කිරීම,
මේ අතරින් ප්‍රධාන වෙනවා.
එසේම හිරු කිරණ වඩාත් ප්රචණ්ඩව පොලොවට පතිතවන කාලය තුලදී (සාමාණ්‍යයෙන් උදෑසන 10ත් සවස 4ත් අතර කාලය)හැකිතාක් නිවෙස්තුල හෝ ආවරණ තුල කාලය ගත කිරීමත් ඉතා වැදගත්. හිරු කිරණ කොතරම් දුරට ප්රචණ්ඩ විය හැකිදැයි සෙවිය හැකි සරල පරීක්ෂණයක් තිබෙනවා. ඔබේ සෙවනැල්ල ඔබට වඩා උසින් අඩුනම් ඉන් කියවෙන්නේ හිරු කිරණ වඩාත් තදින් පොළවට පතිතවන වග.
මේ දිනවල පවතින අධික හිරු කිරණ නිසා ඔබේ සමේ පිලිස්සුම් පවා ඇතිවිය හැකියි. ඔබ ජලාශයක් හෝ මුහුද අවට සිටින විට පවා පාරාජම්බුල කිරණ නිසා සමට හානි වීමේ අවධානමක් තියනවා. ඇත්තෙන්ම ජලය මගින් හිරු කිරණ පරාවර්ථනය කරන නිසා එම පරාවර්ථිත කිරණ මඟිනුත් ඔබේ සමට හානිවිය හැකි බැවින් එම අවධානම තවත් ඉහල බව මතක තබා ගන්න. එසේම මෙම කිරණවලට ජලයද විනිවිද යා හැකිනිසා ජලය තුලදී උවත් ඔබේ සමට හානි ගෙන දීමට මෙම කිරණ සමත්.
ඔබ වාහනයක් තුල සිටියදී උවත් මෙම කිරණ මගින් ඔබේ සමට යම් හානියක් ඇතිවීමේ අවදානමක් ඇත. වාහනයේ වීදුරු ටින්ටඩ් කිරීම මගින් එම අවදානම යම්තාක් දුරකට අවම කරගත හැක. එසේම කාර්යාලයේ හෝ නිවසේ සිටින විට ජනෙල් අසල (කෙලින්ම හිරු එලිය පතිත විය හැකි ස්ථාන) සිටීම හැකිතාක් අවම කර ගැනීම ඉතා වැදගත්.
ඇඳුම්
ඇඳුම් තෝරා ගැනිමේදී හැකිතාක් සිරුර ආවරණය වන ආකාරයේ ඇඳුම් තෝරාගැනීම ඉතා වැදගත්. උදා-අත් දිග කමිස, දිග කලිසම්. එසේම අඳුරු පැහැති ඇඳුම් තෝරා ගැනීමටත් මේ දිනවල ඔබ උත්සුක විය යුතුයි. යම් කිසි රෙද්දක් තුලින් බැලූවිට එලිය (light) පෙනේනම් එම රෙද්ද තුලින් හිරු කිරණ පහසුවෙන් ගමන් කරන බවත් මතක තබා ගන්න. එනිසා එවැනි රෙදි වලින් මැසූ ඇඳුම් ඔබට අවශ්‍යය ආරක්ෂාව නොසපයන බවත් මතක තබා ගන්න.
තත්වයෙන් උසස් ඇඟලුම් නිපදවන ආයතන එම ඇඳුම් සතුව පවතින පාරජම්බුල කිරණ මඟින් සම ආරක්ෂා කිරීමේ හැකියාව දක්වා තිබෙනවා. එය මැනෙන්නේ UPF නැතහොත් UV protection factor value ලෙසින් හඳුන්වන ඒකකයක් මඟින්. මෙහි අගය සාමාන්‍යයෙන් 15ත් 50+ අතර වනවා. එම අගය ඉහල ඇඟලුම් තෝරා ගැනීමට මේ අවුරුදු සමයේ ඔබ අමතක කරන්න එපා.
Sunscreen
මේ වර්ගයේ ආලේපන මගිනුත් ඔබේ සමට යම් ආර්ක්ෂාවක් ලබා ගත හැකියි. නමුත් එය පරිපූර්ණ ආරක්ෂාවක් නොවන අතර එමගින් සියලු පාරජම්බුල කිරණ වලකා ලීමක් සිදු නොවේ. විශේෂයෙන් දීර්ඝ කාලයක් හිරු එලියට නිරාවරණය වන අවස්ථාවක මෙමගින් ඇතිකරන ආරක්ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නැත. නමුත් ඔබට ආවරණයක් තුල සිටීමට නොහැකි හා සුදුසු ඇඟලුම් නොමැති විටකදී යම් ආරක්ෂාවක් ලබා ගැනීමට සුදුසු උපක්‍රමයක් ලෙසට sunscreen ආලේපණ භාවිතාකල හැක.
මෙවැනි ආලේපනයක් තෝරා ගැනීමේදී UVF අගය 30ක් හෝ ඊට වැඩි අගයක් ගන්නා සහ UVA සහ UVB යන කිරණ වර්ග දෙකෙන්ම ආරක්ෂාව සපයන ආලේපණ වර්ගයක් තෝරා ගැනීමත් ඉතා වැදගත්.
එසේම sunscreen ආලේපන භාවිතා කිරීමේදී දී ඇති උපදෙස් අකුරටම පිලිපැදීමත් ඉතා වැදගත්. ඒවා නිසිලෙස ආලේපනය නොකලහොත් ඔබ බලාපොරොත්තුවන ආරක්ෂාව ඔබට නොලැබී යා හැකිබව මතක තබා ගන්න.
හැට් එක තෝරා ගැනීම
මෙහි වාටිය අවම වශයෙන් අඟල් 2ක් හෝ 3ක් වත් පළල් විය යුතුයි. මෙවැනි හැට් එකක් මඟින් ඇස්, කන්, නළල, නාසය හා හිස දැඩි හිරු කිරණවලින් ආරක්ෂාකරගත හැකියි. එසේම අඳුරු පැහැති හා තත්වයෙන් උසස් විනිවිද නොපෙනෙන හැට් එකක් තෝරා ගැනීමත් ඉතා වැදගත්.
Sunglasses
අවු කණ්නාඩි තෝරා ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ පාරජම්බුල කිරණවලට ප්‍රතිරෝධී අවු කණ්නාඩියක් තෝරා ගැනීමයි. එමගින් ඔබේ ඇස මෙන්ම ඇසවටා ඇති සංවේදී සමත් දැඩි හිරු කිරණින් ආරක්ෂා කරගත් හැකියි. වඩාත් ගුණාත්මක අවු කණ්නාඩියකට UVA හා UVB කිරණ 99% සිට 100% දක්වා ප්‍රමාණයක් වලකාලිය හැකියි.එනිසා ඔබ මිලදී ගන්නේ එවැනි අව් කණ්නාඩියක් බවට වග බලා ගැනීම ඉතා වැදගත්. එනිසා මිලදී ගැනීමට පෙර ලෙබලයේ "UV absorption up to 400 nm" ලෙසට හෝ "Meets ANSI UV Requirements" ලෙසට හෝ සටහන්ව ඇත්දැයි බලන්න අමතක නොකල යුතුයි. "cosmetic" ලෙසට ලේබල්ගත් අව් කණ්නාඩිවලට පාරජම්බුල කිරණ 70% පමණ හරවා යැවිය හැක. කෙසේ නමුත් මේ කිසිවක් සඳහන් නොවන අව් කණ්නාඩියකින් ලැබෙන ආරක්ෂාව පිළිබඳ කිසිදු සහතිකයක් ලබාදිය නොහැක.
අව් කණ්නාඩිය අඳුරු පැහැ වූ පමණින එමගින් පාරජම්බුල කිරණ වලක්වන බවට අපට සහතික විය නොහැක. ඇත්තෙන්ම පාරජම්බුල කිරණවලට එරෙහිව ලබාදෙන ආරක්ෂාවට හේතු වන්නේ කණ්නාඩියේ ලෙන්සයන් මත ආලේප කරන අවර්ණ රසායණිකයක්. එනිසා අව් කණ්නාඩියේ පාරජම්බුල කිරණවලට එරෙහි ආරක්ෂාවේ ප්‍රමාණය එහි වර්ණයෙන් තීරණයකල නොහැකියි.
එසේම ප්‍රමාණයෙන් විශාල අව්කණ්නාඩියක් තෝරා ගැනීමෙන් ඔබේ ඇසට හා ඇස අවට ප්‍රදේශයට වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකියි. දරුවන් සඳහා අව් කණ්නාඩි තෝරා ගැනීමේදී වැඩිහිටි අව් කණ්නාඩිවලම කුඩා ප්‍රමාණයේ අව් කණ්නාඩි මිලදී ගත යුතු අතර සෙල්ලම් අව් කණ්නාඩි මඟින් ඔවුන්ගේ ඇස් වලට කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැති බවද මතක තබා ගැනීම ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් අක්ෂි රෝග වලට පලඳින සාමාන්‍ය කණ්නාඩි හා ලෙන්සයන් නිපදවනු ලබන්නේ පාරජම්බුල කිරණවලට ප්‍රතිරෝධීවන ලෙසටයි. නමුත් ලෙන්සයන් මගින් පමනක් ඇසේ සියළු කොටස් හා ඇස අවට සමට ආරක්ෂාවක් ලැබෙන්නේ නැත.
දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න
දරුවන්ගේ සම වඩාත් සංවේදී නිසාත්, ඔවුන් බොහෝවිට එලිමහනේ සිටීමට වැඩි කැමැත්තක් දක්වන නිසාත් එසේම හිරු කිරණින් විය හැකි හානිය පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසාත් දෙමාපියන් හා වැඩි හිටියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.
මාස 6කට වඩා වයසින් අඩු දරුවන් එක එල්ලේ හිරු එළියට නිරාවරණය කිරීම කිසිසේත්ම නොකල යුතුය.
විටමින් D
හිරු එලියට නිරාවරණය වූ විට ඔබේ සම මඟින් ස්වාභාවිකවම විටමින් ඩී නිපදවනු ලබයි. නිපදවන ප්‍රමාණය ඔබේ වයස, සමේ පැහැය හා හිරු එලියේ ස්වාභාවය වැනි විවිධ කරුණු කීපයක් මත රඳා පවතී. කෙසේ නමුත් මේ දිනවලනම් විටමින් ඩී ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රම භාවිතා කිරීමට වග බලාගත යුතුයි. ඒ සඳහා ආහාර හා විටමින් ඩී අතිරේකයන් (Vitamin D suppliments) භාවිතා කිරීම වඩාත් නුවණට හුරුයි.
No comments:
Post a Comment