Wednesday, December 2, 2020

A successful Ayurvedic drug from Sri lanka against Covid 19


 

 


An Ayurvadic Doctor from Sri Lanka has developed a medicine which could be successful against covid 19 virus. The medicine was administered to a group of volunteer patients from a Covid treatment center in the eastern area. Western doctors have observed that these patients are getting better after the medicine; in fact the result was quite amazing. Sri Lankan president Gotabaya Rajapaksha has already given instructions to the state minister Channa Jayasumana to conduct a proper examination about the drug. 


 

Minister of health, Pavithra Wanniarachchi also took a part in the drug trial. An expert committee was also appointed by the health ministry to study the drug and to draft guidelines about using this drug in the battle against covid 19 virus.

Friday, November 20, 2020

කොවිඩ් 19 වෛරසය පිළිබඳව සිදුකල නවතම හෙලිදරව්වක් මෙන්න....Covid-19 secrets revealed...

 

Tribute to all the people including doctors and nurses who are risking there lives in the fight against Covid 19

 

වෛද්‍ය ලීසා ග්‍රලෙන්ස්කි(Lisa Gralinski) ඇමරිකාවේ වෙසෙන,  කොවිඩ් -19 වෛරසයට එරෙහිව දිවා රෑ නොබලා සටන් වදින කණ්ඩායමට අයත් ප්‍රධාන පෙලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා වෛද්‍යවරියකි. පහත දැක්වෙන්නේ එතුමිය haverford collage වෙබ් අඩවියට ලබාදුන් සම්මුඛ් සාකච්චාවකින් උපුටාගත් කරුණු කිහිපයකි.


ඔවුන්ගේ කණ්ඩායම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත්තේ කොරෝනා වෛරසයට ආසාධිත රෝගීන්ගේ ප්‍රථිශක්තීකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව හා එක් එක් පුද්ගලයාගේ ප්‍රවේණික වෙනස්කම් වලට අදාලව එම ප්‍රථිචාර වෙනස්වන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමටයි.

මානව කොරොනා වෛරසයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔබ පෙළඹවූ සාධක මොනවා ද?

වෛද්‍ය අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව මාගේ බලාපොරොත්තුව වූයේ, මිනිසාගේ සෞඛ්‍යයට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරන වෛරස මිනිසා රෝගී කරන්නේ කෙසේ ද කියා සොයා බැලීමයි.
එවක ලෝක ජනතාවට බලපෑම් කරමින් තිබූ SARS, MERS වැනි මානව කොරෝනා වෛරසයන් පිළිබඳව සිදුවෙමින් පැවති විද්‍යාත්මක අධ්‍යයනයන්ට සම්බන්ධ වී කටයුතු කිරීමට මා පෙළඹුනා. මෙම වෛරසන් දෙකම සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේශනය වූ මානව කොරෝනා වෛරස ප්‍රබේද වන අතර නුදුරේදේම තවත් මෙවැනි වෛරසයන්ගේ බලපෑම් මානව වර්ගයාට එල්ලවීමේ අවධානම පිළිබඳව අප දැනුවත්ව සිටියා.
කොවිඩ් 19 වෛරසය පැමිණීමට පෙර අප පරීක්ෂණකරමින් සිටියේ ප්‍රථිවෛරස් ඖෂධයන් මානව කොරෝනා වෛරසයන්ට එරෙහිව කෙසේ ප්‍රථිචාර දක්වන්නේ ද යන්න පිළිබඳවයි. එම පරීක්ෂණයන්ගේ දත්ත ද අප විසින් කොවිඩ්-19 ට එරෙහි සටනට යොදා ගනිමින් සිටිනවා.
කෙසේ නමුත් කොවිඩ්-19 වෛරසය ලෝක ප්‍රජාවට එරෙහිව සිදුකරමින් පවතින බලපෑම අප කිසිදිනක මෙවැනි වෛරසයකින් සිදු වේ යැයි බලාපොරොත්තු වූ මට්ටමට වඩා අති විශාලයි.



මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය පිළිබඳව ඔබ කණ්ඩායම සිදුකරමින් පවතින නවතම පරීක්ෂණ මොනවා ද?

මා වඩාත් උනන්දු වන්නේ මානව ප්‍රථිශක්තීකරණ පද්දතිය මෙම වෛරසයට එරෙහිව කෙබඳු ආකාරයේ ප්‍රථිචාරයක් දක්වනවා ද යන පිළිබඳව සොයා බැලීමටයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. එම ප්‍රථිචාරය අනුව ඔහුට/ඇයට වෛරසය මගින් සිදුවන බලපෑමේ තරම හා ස්වාභාවය තීරණය වනවා.
වෛරසයකින් පුද්ගලයෙකුට ඇතිවන බලපෑමේ තරම ඔහුගේ/ඇයගේ සිරුරට ඇතුළු වූ වෛරස ප්‍රමාණය, ඔහුගේ/ඇයගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය හා වයස වැනි සාධක අනුව තීරණය වනවා. එසේම ඔහුගේ/ඇයගේ ජානමය පසුබිමත් මේ සඳහා පැහැදිලි බලපෑමක් සිදුකරන බව මේ වනවිට පරීක්ෂණ මඟින් ඔප්පු වී තිබෙනවා.
පරීක්ෂණාගාර තුල මීයන් ඇසුරින් අප සිදුකරන පරීක්ෂණ මගින් උත්සාහ කෙරෙන්නේ අපගේ ජාන පද්දතියේ කුමන කොටස් මෙම වෛරසයට එරෙහි සටනේදී කුමන ආකාරයට කටයුතු කරන්නේ දැයි අනාවරණය කරගැනීමටයි. එවිට ජාන පද්දතියට සිදුකරන වෙනස්කම් මගින් වෛරසයට එරෙහිව මිනිස් සිරුර වඩාත් හොඳින් සූදානම් කිරීමටත්, එමගින් වෛරසයට එරෙහි සටනින් වඩාත් හොඳ ප්‍රථිපල ලබා ගැනීමටත් අපට හැකි වෙනවා.


පර්යේෂණාගාර තුල සිදුකෙරෙන පරීක්ෂණ මගින් කොවිඩ් 19 වෛරසය පිළිබඳ ඔබ කණ්ඩායම අනාවරණය කර ගැනීමට බලාපොරොත්තුවන වෙනත් වැදගත් කරුණු මොනවා ද?

කොරෝනා වෛරසයට ගොදුරුව, රෝහල්වල ප්‍රථිකාර ලබා, නිවෙස්වලට පිටව ගිය ඇතැම් රෝගීන්ගෙන් වාර්ථාවන අසාමාන්‍ය අතුරු ඵල (side effects) පිළිබඳව වෛද්‍යවරු අපව දැනුවත් කර තිබෙනවා. ආඝාත තත්වයන් හා පෙනහලු තුල සියුම් ලේ කැටි ඇතිවීම ඒ අතරින් කිහිපයක්. කොවිඩ්-19 ආසාදනය කල මීයන් ඇසුරින් ඒවා පිළිබඳව වැඩිදුර සොයා බැලීමට අප කටයුතු කරමින් සිටිනවා.


කොවිඩ් 19 වෛරසය ඇතැම් පුද්ගලයන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොකරන අතර ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික ප්‍රථිපල ඇති කරයි. එසේ වන්නේ ඇයි?

මේ සඳහා වන පිළිතුරේ එක් කොටසක් වන්නේ අප ඒ පිළිබඳව තවමත් කිසිවක් නොදන්නා බව පැවසීමයි.
එසේම එහි අනිත් කොටස අප විසින් මින් පෙර අධ්‍යයනය කර SARS, MERS යන වෛරසයන් හා බැඳී පවතිනවා.මෙම මානව කොරෝනා වෛරසයන් සිරුරට ඇතුළු වී මුල් කාලයේදී කටයුතු කරන්නේ ඉතාම රහසිගතව බව අප සොයාගෙන තිබෙනව. මානව ප්‍රථිශක්තීකරන පද්දතිය මගින් හඳුනාගැනීමට පෙර සිරුරතුල ප්‍රථිගුණනය වී විශාල වෛරස් ප්‍රමාණයක් ඇතිකර ගැනීමට මෙම වෛරසයන්ට හැකියාව තිබෙනවා. ඇතැම් විට මේ සඳහා පැය 24ක් කාලයකටත් වැඩි කාලයක් ගත්විය හැකියි. එම කාලය වෛරසයට ප්‍රථිගුණයන් 250කට අධික ප්‍රමාණයක් සිදු කර ගැනීමට උවත් ප්‍රමාණවත් තරම් කාලයක්. මෙම රහසිගත ස්වාභාවය ඉන්ෆ්ලුවින්සා වැනි වෙනත් වෛරස ප්‍රභේදවල දක්නට නොලැබෙන විශේෂ ලක්ෂණයක්. මෙය කොවිඩ්-19 වෛරසයටත් එලෙසම අදාල වේදැයි අප තවම හරියටම නොදනිතත්, එය එසේනම්, මානව ප්‍රථිශක්තීකරණ පද්දතිය සටනට පිවිසීමට පෙර සිය බලමුලු ශක්තිමත් කරගැනීමට වෛරසයට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දෙනවා.









 

Thursday, October 8, 2020

දෙහි යුෂ හොඳ ද නරක ද? මෙන්න නියම ඇත්ත...Benefits of lime juice


 දෙහි යුෂ හොඳ ද නරක ද? මෙන්න නියම ඇත්ත...Benefits of lime juice



දෙහි යුෂ යනු ප්‍රතිඔක්ෂිකාරකයන්ගෙන් අනූන අනර්ඝ පෝෂණ මාධ්‍යයක් බව පලමුවෙන්ම කිව යුතුය. එක් දෙහිගෙඩියකට පමණක් අපගේ විටමින් සී දෛනික් අවශ්‍යතාවයෙන් 32%ක ප්‍රමාණයක් පමණ සපුරාලිය හැකිබව මේවන විට සොයාගෙන ඇත. මේ සියල්ලටම අමතරව තවත් වැදගත් විටමින් හා ඛණිජ ලවණ ගනනාවක් දෙහියුෂවල අන්තර්ගතව ඇත.

මෙවන් පෝෂණීය වටිනාකමක් ඇති දෙහි යුෂ පානය කිරීමෙන් ලබාගත හැකි වාසි පහත පරිදි කැටිකොට දැක්විය හැක.



1.ප්‍රථිඔක්ෂිකාරක ලබාදෙන ප්‍රමුඛපෙලේ මාධ්‍යයකි.

2.හදවතේ යහ පැවැත්මට උපකාරී වේ.

3.සමේ යහ පැවැත්මට උපකාරීවන අතර වයසට යාමේ ලක්ෂණ පලවා හරී.

4.ආහාර ජීර්ණය පහසු කරයි.

5.ප්‍රථිශක්තීකරණ පද්දතිය ශක්තිමත් කරයි.

6.පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාරීවන අතර සිරුරේ බර වැඩිවීම පාලනය කරයි.

7.වකුගඩුවල යහ පැවැත්ම සඳහා උපකාර කරයි.

8.සිරුරට යකඩ උරා ගැනීමේ ක්‍රියාවලියට උපකාර කරයි.

ඔබගේ සිරුරට දෙහියුෂවල ඇති පෝෂණයන් ලබා ගැනීමට ඇති පහසුම මගක් නම් ඔබ දිනපතා බොන ජලයට දෙහි බින්දු කිහිපයක් එක් කිරීමයි. ඔබ නිවසේ හෝ සේවය කරන ස්ථානයේ හෝ භාවිතාකරන ජල බඳුනට දෙහි යුෂ බිංදු කීපයක් එක් කිරීමෙන් එම ජලයටද වඩාත් නැවුම් බවක් එක් වේ. මීට අමතරව වෙනත් බීම වර්ග සෑදීමේදී ද දෙහි යුෂ එක්කර ගැනීම සිදුකල හැක.


 


Wednesday, June 3, 2020

කාබන් ෆුට් ප්‍රින්ට් යනු කුමක් ද?....All about carbon footprint ...




කාබන් ෆුට් ප්‍රින්ට් සංකල්පය...

කාබන් ෆුට් ප්‍රින්ට් යන සන්කල්පය පිලිබඳ මා මුලින්ම දැන ගත්තේ ඉතා මෑතකදීය. එය අප සැමවිසින් දැන ගතයුතු ඉතා වැදගත් සංකල්පය නිසා ඒ පිලිබඳ ඔබව ලුහුඬින් දැනුවත් කිරීම උචිතයැයි මට හැඟී ගියේය.

කාබන් ෆුට් ප්‍රින්ට් (Carbon footprint) / කාබන් පිය සටහන  යනු කුමක් ද?

මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරිනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය (මූලිකවම කාබන් ඩයොක්සයිඩ් වායුව) මෙලෙස හැඳින් වේ. මෙය එක් පුද්ගලයෙක් මඟින්, එක් පවුලක් මඟින්, යම් ක්‍රියාකාරකමක් මඟින්, යම් සංවිධානයක් මඟින් හෝ යම් රටක් මඟින් ආදී වශයෙන් මැනීමට හැකියාව ඇත.

ඔබේ  කාබන් පිය සටහන කුඩාකරගත හැක්කේ කෙසේ ද?

මේ සඳහා ඔබට ගත් හැකි ඉතාම වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ මාංශ ආහාරයට ගැනීම නතර කිරීම යි.එනම් නිර්මාංශ ආහාර රටාවකට හුරු වීමයි.


ඊට අමතරව,

  1. විදුලි උවාරණ භාවිතාව අවම කිරීම
  2. ඉන්ධන මඟින් ධාවනය වන වාහන භාවිතාව අවම කිරීම
  3. අනවශ්‍ය පරිදි ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමෙන් වැලකී සිටීම
  4. ගෙවතු වගාව
  5. කාබනික ආහාර පරිභෝජනයට ගැනීමට හුරුවීම
  6. ඇඳුම් වියලීමේදී හැකිතාක් ස්වාභාවික හිරු එළිය භාවිතයට ගැනීම 

ආදී සරල පියවරයන් ද ඔබේ කාබන් පිය සටහන කුඩා කර ගැනීමට උපයෝගීකරගත හැක. ඔබේ කාබන් පියසටහන කුඩා කර ගැනීමෙන් ඔබ පරිසරයට සිදුකරන හානියද අවම වන අතර එය ඔබට මෙන්ම මතු පරපුරටද මේ ලෝකය සුන්දර, ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්කර ගැනීමට හේතුවනු ඇත.


Monday, January 27, 2020

කොරෝනා වෛරසය ගැන නියම ඇත්ත මෙන්න...The truth about the new Corona virus (2019-nCoV) outbreak



කොරෝනා වෛරසය ගැන නියම ඇත්ත මෙන්න...

කොරෝනා කියලා කියන්නෙ වෛරස් පවුලක්. මේ වර්ගයේ වෛරස නිසා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක ඉඳන් ඊට වඩා භයානක රෝග උදා-සාර්ස් (Severe Acute Respiratory Syndrome (SARS) ) වගේ තත්වයන් දක්වා රෝග ඇතිවිය හැකියි.

මේ වර්ගයේ වෛරස බොහෝවිට සැරිසරන්නේ සතු අතර. නමුත් සමහරක් ප්‍රභේද සතුන්ගේ මිනිසාට පැතිරී ඇතිබව වාර්ථා වෙනවා. මේ දිනවල චීනයේ පැතිර පවතින කොරෝනා වෛරස ප්‍රභේදයත් එසේ සතුන්ගෙන් මිනිසාට පැතිර ඇතැයි සැක කෙරෙන අතර එය නම්කර ඇත්තේ novel coronavirus (2019-nCoV) ලෙසටයි. මෙය හඳුනා ගැනෙන්නේ එසේ සතුන්ගෙන් මිනිසාට පැතිර ආ හත්වන කොරෝනා වෛරස ප්‍රභේදය ලෙසයි.

මෙම නව වෛරස් ප්‍රභේදය චීනයේ වුහාන් පලාතේ මුහුදු ආහාර වෙලඳ මද්‍යස්ථානයකින් පැතිරයාම ආර්ම්භ වූ බවට සැක කෙරෙන අතර, මෙම වෙළඳ මධ්‍යස්ථානයේ නීති විරෝධී ලෙසට පණ ඇති සතුන්ද අලෙවි කෙරෙන බවට වාර්ථා පල වී ඇත. 
මෙම නව වෛරස් ප්‍රභේදය අධ්‍යයනය කර සොයාගෙන ඇත්තේ මෙය සර්පයන්ගෙන් මිනිසා වෙතට පැතිර යාම සිදු වී ඇති බවයි.

මේ වනවිට මේ නවතම කොරෝනා වෛර්ස ප්‍රභේදය නිසා චීනය තුල පුද්ගලයන් 2744ක් ආසාදනයට ලක්ව ඇති අතර 81ක් මියගොස් ඇත. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, ප්‍රන්ශය, ජපානය, මැලේශියාව, නේපාලය, සින්ගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, ඇමරිකාව හා වියට්නාමය යන රටවලින් ද රෝගීන් හමු වී ඇත.

 අද (2020.1.27) දිනයේදී ලන්කාවේ ද පලමුවන කොරෝනා වෛරස ආසාදිත රෝගියා හමු වී ඇත. ඇය චීන ජාතික කාන්තාවක් වන අතර, සන්චාරයක් නිමවා ආපසු චීනය බලා යාමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ දී රෝගී වීම නිසා රෝහල් ගතකර ඇත. 

මෙම වෛරසය ආසාදිත එක් පුද්ගලයෙකුගෙන් ආසන්න වසයෙන් 5දෙනෙකුට පමණ බෝවීම සිදුවන බව ගණනය කර ඇත.

රෝග ලක්ෂණ
  • උණ, කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා
  • වඩාත් බරපතල තත්ව වලදී නිව්මෝනියාව, සාර්ස්, වකුගඩු අකර්මන්‍ය වීම හා මරණය

රෝග ලක්ෂණ මතුවීම වෛරසය සිරුරට ඇතුළු වී දින 14 කදී පමණ ඇතිවේ. මෙම කාලය තුලදී ද රෝග ලක්ෂණ රහිත උව ද වෛරසය වෙනත් අයට පැතිරී යාම සිදු වේ.


වලකාගැනීම
ලෝක සෞඛ්‍ය සන්විධානයයේ නිර්දේශයන්ට අනුව,
  • අත්වල පිරිසිදුභාවය ඉතා වැදගත්ය. ඒ සඳහා සබන් හා ජලයෙන් අත හොඳින් සේදීම කල යුතු වේ.
  • කිවිසීමේ දී හෝ/හා කැස්ස ඇති වීමකදී වැලමිටෙන් මුඛය ආවරණය කර ගැනීම
  • මස් හා මාළු හොඳින් පිස ආහරයට ගැනීම


Friday, November 29, 2019

6 important facts to remember about prednisolone while breastfeeding.


  • Prednisolone is a corticosteroid drug. No adverse effects have been reported about taking corticosteroid drugs while breastfeeding.

  • A small amount of prednisolone may enter into breast milk but that amount is very unlikely to cause any harm for the infant.

  • On the other hand, prednisolone is similar to some natural body hormones. These hormones are needed for breast milk production. 




  • Anyway, avoid breastfeeding for at least 4 hours after taking your prednisolone dose, if the dose is high. High prednosolone dose may decrease the supply of milk.

  • If the you are taking prednisolone for a short period of time, there is no need to follow the above instruction.

  • Ophthalmic prednisolone has no effect on breastfeeding. However, to make sure that prednisolone does not reach breast milk at all, put pressure over the tear duct for a minute after applying prednisolone drops.

However, the most important thing is to consult your doctor or health care provider before taking prednisolone.








Thursday, November 14, 2019

Understanding dengue....ඩෙංගු රෝගය හඳුනා ගනිමු

Understanding dengue 


Dengue is a viral disease spread through mosquitoes. Symptoms usually appear after about 3 to 14 days after the infection. Usual symptoms are fever, headache, vomiting, body ache and rash. 



Can dengue be cured?  
It takes about a full week for a full recovery for a dengue patient since the first symptom appears. But sometimes dengue can be fatal and may even lead to death. If symptoms getting worse it is better to see a doctor as soon as possible. There is no cure or vaccine against dengue in western medicine. But there are certain methods in use to prevent dengue from getting worse. 


also.

If you are sick with fever make sure that you only take paracetamols. Do not take aspirin. Taking aspirin can be fatal for a dengue patient.


What are the different types of dengue viruses? 
There are 4 different types of dengue viruses and those are DENV-1, DENV-2, DENV-3, and DENV-4



Can dengue be asymptomatic? 
In some cases, it can be. Especially among young people.


Is one mosquito bite enough?
Yes. Dengue does not spread through direct contact. "Aedes aegypti" is the mosquito breed which is responsible in the case of spreading dengue virus between dengue infected people and uninfected people.


Can papaya leaf juice cure dengue?
According to some eastern medicine practices, papaya leaf juice can increase the platelet count and therefore is capable of curing dengue.


Coconut water? 
Coconut water is also a popular drink against dengue. Coconut water is enriched with various vitamins and minerals and therefore is a high neutrino drink. 


How can dengue be fatal?
Dengue hemorrhagic stage is the critical and most important stage of dengue. It comes after the initial stage. This stage associates with dangerous outcomes including death.


What are the three phases of dengue fever?
There are three phases and those are the febrile phase, the critical phase, and the recovery phase.


Can a person be infected with dengue more than once?
Yes because it has 4 different virus stereotypes. 


Which foods are not suitable for dengue patients?
A light diet is recommended for a dengue patient. Better avoid spicy and oily foods. Such foods can decree the efficiency of the immunization system.  


Is the 2nd time dengue more fatal than the first time infection?
Yes, it is so for most of the cases. There are many kinds of research to backing up this theory. 



ඩෙංගු රෝගය හඳුනා ගනිමු
ඩෙංගු රෝගය යනු මදුරුවන් මඟින් පැතිරීයන වෛරසයක් මඟින් බෝවන රෝගී තත්වයකි. මෙම රෝගයේ රෝග ලක්ෂණ මතුවීම සාමාන්‍යයෙන් වෛරසය සිරුරට ආසාදනය වී දින තුනේ සිට දහහතර දක්වා කාලයකදී සිදු වේ.මෙම රෝග ලක්ෂණ අතර අධික උණ, හිසරදය, වමනය, මස්පිඬු හා අස්ථි වේදනාව සහ සමමත ඇතිවන දද වැනි ලක්ෂණ බොහෝවිට ඇති වේ.සුව වීම සාමාන්‍යයෙන් දින දෙකේ සිට හත දක්වා කාලයකදී සිදු වේ.

ඩෙංගු සුවකල හැකි ද?
සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකදී ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම සුව වේ. නමුත් සමහර අවස්ථාවලදී රෝගය උත්සන්න වී, මරණය පවා උදාවන අවස්ථා ද ඇත. එනිසා රෝග ලක්ෂණ උත්සන්න වන්නේ නම් (උදා - දින තුනකට වඩා පවතින උණ) හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීම හා උපදෙස් හා ප්‍රථිකාර ලබා ගැනීම වැදගත්ය. ඩෙංගු රෝගය සුවකල හැකි කිසිදු ඔසුවක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නැතිබව කරුණාවෙන් සලකන්න. කෙසේ නමුත් සිරුරෙන් පිටවන හා සිරුරට ලබා ගන්නා තරල ප්‍රමාණය යාමනය කරමින් හා රෝග ලක්ෂණ වලට ප්‍රථිකාර සලසමින් අතුරු ආබාධ හා සංකූල අවම වන පරිදි රෝගය සුවකර ගැනීමට උපකාරී වීම බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් සිදු කරයි.

එසේම,
ඔබට උණ තිබේනම් පැරසිටමෝල් හැර වෙනත් ඖෂධවර්ග වෛද්‍ය උපදෙස් වලින් බැහැරව ලබා නොගැනීමට තරයේ කටයුතුකල යුතුය. විශේෂයෙන් ඇස්ප්‍රීන් වැනි ඖෂධ නොගැනීමට කටයුතුකල යුතුය. ඩෙංගු නිසා ලේ ගැලීම් ඇතිවය හැකි අතර ඇස්ප්‍රීන් වැනි ඇතැම් ඖෂධ එම තත්ව්ය වඩාත් බරපතල කරයි.

 ඩෙංගු වෛරසයේ ප්‍රභේද මොනවා ද?
මෙම වෛරසයේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද 4ක් දැකිය හැක. ඒවා DENV-1, DENV-2, DENV-3, සහ DENV-4. ලෙස වර්ගකල හැක.

ඩෙංගු රෝගය රෝග ලක්ෂණ වලින් තොරව පැවතිය හැකි ද?


සමහර අවස්ථාවලදී, විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර කිසිදු රෝග ලක්ෂණයකින් තොරව මෙම රෝගය වැළඳී තිබීම සිදුවිය හැක.

එක් මදුරු දෂ්ඨනයකින් පමණක් ඩෙංගු රෝගය වැළදීම සිදුවිය හැකි ද?
ඔව්. එය සිදුවිය හැක. ඩෙංගු කිසිදුවිටක රෝගියෙකුගෙන් තවත් අයෙකුට කෙලින්ම බෝවීම සිදු නොවේ. සෑම විටම එය සිදු වන්නේ රෝගී පුද්ගලයෙකුගෙන් ලේ උරා ගන්නා මදුරුවා (Aedes aegypti නම් මදුරු ප්‍රභේදයේ ගෑණු සතා පමණක් ඩෙංගු රෝගය බෝ කිරීම සිදු කරයි) මඟින්ම පමණි.

ගස්ලබු කොලවල යුෂ මඟින් ඩෙංගු රෝගය සුව වෙනවා ද?
දේශීය වෛද්‍ය සාස්ත්‍රයට අනුව, ගස්ලබු කොළවලට රුධිර පට්ටිකා ප්‍රමාණය (platelet count) ඉහල නැන්වීමේ හැකියාව ඇත. එසේම මැලේරියාව මර්ධනයට අවශ්‍ය සන්ඝටක ද ගස්ලබු කොළවල පවතින බවක් කිය වේ.

පොල් වතුර?
ඩෙන්ගු රෝගයට එරෙහි තවත් ප්‍රකට බීමක් වන්නේ පොල් වතුරයි. සැබැවින්ම පොල් වතුර වල විටමින් ඒ, බී හා සී ද විවිධ ඛණිජලවණ වර්ග ද අඩන්ගු ය. එනිසා එය නියත වසයෙන්ම පෝෂණීය පානයකි.

ඩෙන්ගු රෝගය භයානක වන්නේ කෙසේ ද?

ඩෙන්ගු උණ රෝගයේ මූලික අවස්ථා පසු වීමෙන් අනතුරුව සමහරක් අයට  ඩෙන්ගු රක්තපාත තත්වය නම් වඩාත් භයානක තත්වයට මුහුණ දීමට සිදු වේ. මෙම තත්වයේ දී සිරුරේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීම්, රුධිර වහනයන්, විජලනයට පත්වීම මෙන්ම මරණය සිදුවීම ද සිදුවිය හැක. මෙම තත්වය වලක්වා ගැනීමට නිසි පරිදි වෛද්‍ය උපදෙස් වලට යොමු වීමෙන් පහසුවෙන්ම හැකිය.


ඩෙන්ගු රෝගයේ අවස්ථා මොනවා ද?

ඩෙන්ගු රෝගය ප්‍රධාන අවස්ථා නැතහොත් අවධි 3කට බෙදා දැක්වේ. මුල්ම අවධිය උණ සහිත අවධිය (febrile phase) වන අතර දෙවන අවධිය උග්‍ර අවධිය (Critical phase) ලෙසත් අවසාන අවධිය සුව වීමේ අවධිය (Recovery phase) ලෙසත් හැඳින් වේ. අධික උණ, ඇඟපත කැක්කුම හා හිසරදය වැනි රෝග ලක්ෂණ ඇතිවන්නේ පලමු අවධියේ දී වේ.

ඩෙන්ගු රෝගය එක්වරකට වඩා ඇතිවිය හැකි ද?
ඩෙන්ගු රෝගය වෛරස් ප්‍රභේද 4ක් මඟින් ඇතිකරන නිසා එක් වරකට වඩා ඩෙන්ගු වැළඳීමේ අවධානමක් ඇත.

ඩෙන්ගු රෝගියෙකුට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර මොන වා ද?
ඩෙන්ගු රෝගයෙන් පෙලෙන රෝගියෙකුට වඩාත් සුදුසු වන්නේ සැහැල්ලු ආහාර වේල් ගැනීමයි. තෙල් හා මිරිස් අධික ආහාර වලින් වැලකී සිටීම වඩාත් උචිතවන අතර මෙවැනි ආහාර මඟින් රුධිර පීඩනය අධික කිරීම හා රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමක් බලාපොරොත්තු විය හැක. මෙමගින් රෝගය සුවවිම ප්‍රමාධ වන අතර ප්‍රථිශක්තීකරණ පද්දතිය දුර්වල වීමක් සිදු වේ.


පළමු වරට පසුව වැළඳෙන ඩෙන්ගු වඩාත් භයානක ද?
ඩෙන්ගු වැලඳුනු පුද්ගලයෙකුට නැවත ඩෙන්ගු රෝගය වැළඳීම වඩාත් භයානක ප්‍රථිපල උදා කරන බව විවිධ සමීක්ෂණයන් මඟින් සොයාගෙන ඇත. එම අවස්ථාවේ දී ප්‍රථිශක්තීකරණ පද්ධතිය මඟින් ලබාදෙන ආරක්ෂාව ද මුල් අවස්ථාවට සාපේක්ෂව අවමවන බව අනාවරණ කරගෙන ඇත.


Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...