Friday, November 29, 2019

6 important facts to remember about prednisolone while breastfeeding.


  • Prednisolone is a corticosteroid drug. No adverse effects have been reported about taking corticosteroid drugs while breastfeeding.

  • A small amount of prednisolone may enter into breast milk but that amount is very unlikely to cause any harm for the infant.

  • On the other hand, prednisolone is similar to some natural body hormones. These hormones are needed for breast milk production. 




  • Anyway, avoid breastfeeding for at least 4 hours after taking your prednisolone dose, if the dose is high. High prednosolone dose may decrease the supply of milk.

  • If the you are taking prednisolone for a short period of time, there is no need to follow the above instruction.

  • Ophthalmic prednisolone has no effect on breastfeeding. However, to make sure that prednisolone does not reach breast milk at all, put pressure over the tear duct for a minute after applying prednisolone drops.

However, the most important thing is to consult your doctor or health care provider before taking prednisolone.








Thursday, November 14, 2019

Understanding dengue....ඩෙංගු රෝගය හඳුනා ගනිමු

Understanding dengue 


Dengue is a viral disease spread through mosquitoes. Symptoms usually appear after about 3 to 14 days after the infection. Usual symptoms are fever, headache, vomiting, body ache and rash. 



Can dengue be cured?  
It takes about a full week for a full recovery for a dengue patient since the first symptom appears. But sometimes dengue can be fatal and may even lead to death. If symptoms getting worse it is better to see a doctor as soon as possible. There is no cure or vaccine against dengue in western medicine. But there are certain methods in use to prevent dengue from getting worse. 


also.

If you are sick with fever make sure that you only take paracetamols. Do not take aspirin. Taking aspirin can be fatal for a dengue patient.


What are the different types of dengue viruses? 
There are 4 different types of dengue viruses and those are DENV-1, DENV-2, DENV-3, and DENV-4



Can dengue be asymptomatic? 
In some cases, it can be. Especially among young people.


Is one mosquito bite enough?
Yes. Dengue does not spread through direct contact. "Aedes aegypti" is the mosquito breed which is responsible in the case of spreading dengue virus between dengue infected people and uninfected people.


Can papaya leaf juice cure dengue?
According to some eastern medicine practices, papaya leaf juice can increase the platelet count and therefore is capable of curing dengue.


Coconut water? 
Coconut water is also a popular drink against dengue. Coconut water is enriched with various vitamins and minerals and therefore is a high neutrino drink. 


How can dengue be fatal?
Dengue hemorrhagic stage is the critical and most important stage of dengue. It comes after the initial stage. This stage associates with dangerous outcomes including death.


What are the three phases of dengue fever?
There are three phases and those are the febrile phase, the critical phase, and the recovery phase.


Can a person be infected with dengue more than once?
Yes because it has 4 different virus stereotypes. 


Which foods are not suitable for dengue patients?
A light diet is recommended for a dengue patient. Better avoid spicy and oily foods. Such foods can decree the efficiency of the immunization system.  


Is the 2nd time dengue more fatal than the first time infection?
Yes, it is so for most of the cases. There are many kinds of research to backing up this theory. 



ඩෙංගු රෝගය හඳුනා ගනිමු
ඩෙංගු රෝගය යනු මදුරුවන් මඟින් පැතිරීයන වෛරසයක් මඟින් බෝවන රෝගී තත්වයකි. මෙම රෝගයේ රෝග ලක්ෂණ මතුවීම සාමාන්‍යයෙන් වෛරසය සිරුරට ආසාදනය වී දින තුනේ සිට දහහතර දක්වා කාලයකදී සිදු වේ.මෙම රෝග ලක්ෂණ අතර අධික උණ, හිසරදය, වමනය, මස්පිඬු හා අස්ථි වේදනාව සහ සමමත ඇතිවන දද වැනි ලක්ෂණ බොහෝවිට ඇති වේ.සුව වීම සාමාන්‍යයෙන් දින දෙකේ සිට හත දක්වා කාලයකදී සිදු වේ.

ඩෙංගු සුවකල හැකි ද?
සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකදී ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම සුව වේ. නමුත් සමහර අවස්ථාවලදී රෝගය උත්සන්න වී, මරණය පවා උදාවන අවස්ථා ද ඇත. එනිසා රෝග ලක්ෂණ උත්සන්න වන්නේ නම් (උදා - දින තුනකට වඩා පවතින උණ) හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීම හා උපදෙස් හා ප්‍රථිකාර ලබා ගැනීම වැදගත්ය. ඩෙංගු රෝගය සුවකල හැකි කිසිදු ඔසුවක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නැතිබව කරුණාවෙන් සලකන්න. කෙසේ නමුත් සිරුරෙන් පිටවන හා සිරුරට ලබා ගන්නා තරල ප්‍රමාණය යාමනය කරමින් හා රෝග ලක්ෂණ වලට ප්‍රථිකාර සලසමින් අතුරු ආබාධ හා සංකූල අවම වන පරිදි රෝගය සුවකර ගැනීමට උපකාරී වීම බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් සිදු කරයි.

එසේම,
ඔබට උණ තිබේනම් පැරසිටමෝල් හැර වෙනත් ඖෂධවර්ග වෛද්‍ය උපදෙස් වලින් බැහැරව ලබා නොගැනීමට තරයේ කටයුතුකල යුතුය. විශේෂයෙන් ඇස්ප්‍රීන් වැනි ඖෂධ නොගැනීමට කටයුතුකල යුතුය. ඩෙංගු නිසා ලේ ගැලීම් ඇතිවය හැකි අතර ඇස්ප්‍රීන් වැනි ඇතැම් ඖෂධ එම තත්ව්ය වඩාත් බරපතල කරයි.

 ඩෙංගු වෛරසයේ ප්‍රභේද මොනවා ද?
මෙම වෛරසයේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද 4ක් දැකිය හැක. ඒවා DENV-1, DENV-2, DENV-3, සහ DENV-4. ලෙස වර්ගකල හැක.

ඩෙංගු රෝගය රෝග ලක්ෂණ වලින් තොරව පැවතිය හැකි ද?


සමහර අවස්ථාවලදී, විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර කිසිදු රෝග ලක්ෂණයකින් තොරව මෙම රෝගය වැළඳී තිබීම සිදුවිය හැක.

එක් මදුරු දෂ්ඨනයකින් පමණක් ඩෙංගු රෝගය වැළදීම සිදුවිය හැකි ද?
ඔව්. එය සිදුවිය හැක. ඩෙංගු කිසිදුවිටක රෝගියෙකුගෙන් තවත් අයෙකුට කෙලින්ම බෝවීම සිදු නොවේ. සෑම විටම එය සිදු වන්නේ රෝගී පුද්ගලයෙකුගෙන් ලේ උරා ගන්නා මදුරුවා (Aedes aegypti නම් මදුරු ප්‍රභේදයේ ගෑණු සතා පමණක් ඩෙංගු රෝගය බෝ කිරීම සිදු කරයි) මඟින්ම පමණි.

ගස්ලබු කොලවල යුෂ මඟින් ඩෙංගු රෝගය සුව වෙනවා ද?
දේශීය වෛද්‍ය සාස්ත්‍රයට අනුව, ගස්ලබු කොළවලට රුධිර පට්ටිකා ප්‍රමාණය (platelet count) ඉහල නැන්වීමේ හැකියාව ඇත. එසේම මැලේරියාව මර්ධනයට අවශ්‍ය සන්ඝටක ද ගස්ලබු කොළවල පවතින බවක් කිය වේ.

පොල් වතුර?
ඩෙන්ගු රෝගයට එරෙහි තවත් ප්‍රකට බීමක් වන්නේ පොල් වතුරයි. සැබැවින්ම පොල් වතුර වල විටමින් ඒ, බී හා සී ද විවිධ ඛණිජලවණ වර්ග ද අඩන්ගු ය. එනිසා එය නියත වසයෙන්ම පෝෂණීය පානයකි.

ඩෙන්ගු රෝගය භයානක වන්නේ කෙසේ ද?

ඩෙන්ගු උණ රෝගයේ මූලික අවස්ථා පසු වීමෙන් අනතුරුව සමහරක් අයට  ඩෙන්ගු රක්තපාත තත්වය නම් වඩාත් භයානක තත්වයට මුහුණ දීමට සිදු වේ. මෙම තත්වයේ දී සිරුරේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීම්, රුධිර වහනයන්, විජලනයට පත්වීම මෙන්ම මරණය සිදුවීම ද සිදුවිය හැක. මෙම තත්වය වලක්වා ගැනීමට නිසි පරිදි වෛද්‍ය උපදෙස් වලට යොමු වීමෙන් පහසුවෙන්ම හැකිය.


ඩෙන්ගු රෝගයේ අවස්ථා මොනවා ද?

ඩෙන්ගු රෝගය ප්‍රධාන අවස්ථා නැතහොත් අවධි 3කට බෙදා දැක්වේ. මුල්ම අවධිය උණ සහිත අවධිය (febrile phase) වන අතර දෙවන අවධිය උග්‍ර අවධිය (Critical phase) ලෙසත් අවසාන අවධිය සුව වීමේ අවධිය (Recovery phase) ලෙසත් හැඳින් වේ. අධික උණ, ඇඟපත කැක්කුම හා හිසරදය වැනි රෝග ලක්ෂණ ඇතිවන්නේ පලමු අවධියේ දී වේ.

ඩෙන්ගු රෝගය එක්වරකට වඩා ඇතිවිය හැකි ද?
ඩෙන්ගු රෝගය වෛරස් ප්‍රභේද 4ක් මඟින් ඇතිකරන නිසා එක් වරකට වඩා ඩෙන්ගු වැළඳීමේ අවධානමක් ඇත.

ඩෙන්ගු රෝගියෙකුට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර මොන වා ද?
ඩෙන්ගු රෝගයෙන් පෙලෙන රෝගියෙකුට වඩාත් සුදුසු වන්නේ සැහැල්ලු ආහාර වේල් ගැනීමයි. තෙල් හා මිරිස් අධික ආහාර වලින් වැලකී සිටීම වඩාත් උචිතවන අතර මෙවැනි ආහාර මඟින් රුධිර පීඩනය අධික කිරීම හා රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමක් බලාපොරොත්තු විය හැක. මෙමගින් රෝගය සුවවිම ප්‍රමාධ වන අතර ප්‍රථිශක්තීකරණ පද්දතිය දුර්වල වීමක් සිදු වේ.


පළමු වරට පසුව වැළඳෙන ඩෙන්ගු වඩාත් භයානක ද?
ඩෙන්ගු වැලඳුනු පුද්ගලයෙකුට නැවත ඩෙන්ගු රෝගය වැළඳීම වඩාත් භයානක ප්‍රථිපල උදා කරන බව විවිධ සමීක්ෂණයන් මඟින් සොයාගෙන ඇත. එම අවස්ථාවේ දී ප්‍රථිශක්තීකරණ පද්ධතිය මඟින් ලබාදෙන ආරක්ෂාව ද මුල් අවස්ථාවට සාපේක්ෂව අවමවන බව අනාවරණ කරගෙන ඇත.


Tuesday, November 12, 2019

Advantages of a healthy sex life...ලිංගික සංවාසය ඔබට ගෙනදෙන වාසි!

 Advantages of a healthy sex life



An exercise
Sex is as good exercise as brisk walking hard or riding a bicycle slow. 


Protects the heart
According to some researches, women who do it twice a week are almost as twice as less likely to have a heart attack comparison to women who do it only once a month. 


Cure for headache
Some researches says that sex can cure some types of headaches such as migraine. 



Reduce stress
People who do it more are capable of facing stressful situations better comparison to people who do it less. But keep in mind, masturbation does not count.



Increase the life span
According to some researches, married women who are having more climaxes are living longer lives. 


Sharpen the mind
Sex simulates generation of new cells in the brain. 50+ people who are more sexually active are capable of recalling faster and solving mathematical problems .  


Make you happy
Sex can make you extremely happy. Once a week is more than enough and more might reduce the effect. On the other hand, the mutual understanding between the couple is very important as well. So, one night stands are not qualified.



Strengthen the relationship
Sex releases the hormone called Oxytocin. This hormone is also known as the "cuddle hormone" or the "love hormone". It plays a very important role in relationships and is capable of  bonding each other deeply.



Slim your body
More sex slims the body. Yet, it is not clear weather slim people have more sex or more sex slims people. 


Strengthen the mental health status
People who are having more sex are less likely to suffer from metal illnesses. 


Medicine for common cold
According to some researches, people who are having sex about two times a week have more antibodies against common cold comparison to others who are not.


Happy sleep
Sex releases hormones such as endorphins and oxytocin.  These hormones are capable of reducing pain and make a person relaxed. It leads to a very good night sleep.


Produce children
Sex is essential to produce babies. If you are expecting a baby, it is highly recommended to have sex as regularly as possible. Sex also prepare a woman to become a mother and also increases the quality of semen. 


Make your future happy
If you are having sex regularly while you are still in the middle ages, you are more likely to have a active sex life for the rest of your life span. It is an important practice and a strong foundation to have a happy future. 





ලිංගික සංවාසය ඔබට ගෙනදෙන වාසි!
එය ව්‍යායාමයකි..
ජිම් එකකට යාමකට සම නොවූවත් මෙමඟින් සැලකිය යුතු තරමේ ව්‍යායමයක් සිරුරට සිදු වේ. එය කඩිසරව සිදුකරන ඇවිදීමකට හෝ සෙමෙන් සිදුකරන පා පැදි ධාවනයකට සම කල හැක.

කාන්තාවන්ගේ හදවත රැක දේ...
සතියකට දෙවතාවක් ලිංගික සංවාසය යෙදෙන කාන්තාවකට   හෘදයාබාධයක් ඇතිවීමේ හැකියාව මසකට වරක් පමණක් එය සිදුකරන කාන්තාවකට වඩා දෙගුණයකින් පමණ අඩු බව සොයාගෙන ඇත.

හිසරදයට පිළියමකි...
ලිංගික සංවාසය ඇතැම් හිසරදයන්ට හා වේදනාවන්ට උදා-ඉරුවාරදය සහනය සලසයි.එනිසා "අනේ අදනම් බෑ! ඔළුව කැක්කුමයි!" කියා කීමට පෙර මින්පසු දෙවරක් සිතා බලන්න.

ආතතිය අඩු කරයි.....


වැඩිපුර ලිංගික ක්‍රියාවන්හි යෙදෙන අයවළුන් ආතතිය ඇතිකරන ක්‍රියාකාරකම් උදා-පිරිසක් ඉදිරියේ කථාවක් පැවැත්වීම වලට වඩාත් සාර්ථකව මුහුණ දේ. මෙම ක්‍රියාවන්ට ස්වයං වින්දනය අදාල නොවන බවද කරුණාවෙන් සලකන්න.

ආයුෂ වැඩි කරයි!...
ඇතැම් පර්යේෂණ මගින් හෙලි වී ඇත්තේ වැඩි වශයෙන් සුරාන්තයට පත්වන විවාහක කතුන් වැඩි කාලයක් ජීවත්වන බවයි.

මනස තියුණු කරයි....
මෛථුන්‍යය මගින් මොළයේ නව සෛල ඇතිවීම උත්තේජනය කරන බව ඔබ දැන සිටියා ද! වයස අවුරුදු 50ට වැඩි, ලිංගික වශයෙන් මනා ක්‍රියාකාරිත්වයක් සහිත අයවළුන් අන් අයට වඩා පහසුවෙන් හා සැලකියයුතු තරම් වැඩි වේගයකින් ගණිත ගැටළු විසඳීම හා නැවත මතකයට නඟා ගැනීම් සිදු කරයි.


ප්‍රීතිය ඇති කරයි....

ඕනෑම දෙයක්  ඕනෑවට වඩා ඕනෑ නැති නිසා සතියකට වරක් පමණ ලොකාස්වාද රතියේ යෙදීම, එහි යෙදෙන්නන් අමන්දානන්දයට පත් කරයි. මේ සඳහා එක්වන දෙදෙනා මනා බැඳීමක් සහිතව සිටීම අත්‍යාවශ‍ය වන අතර ගණිකාවන් හා අනියම් ඇසුරු වලංගු නැත.

බැඳීම් ශක්තිමත් කරයි!....

මෛථුන්‍යයේදී ඔක්සිටොසීන් නම් හෝමෝනයක් නිදහස් වේ. එමඟින් දැඩි මිත්‍රත්වය, අනුරාගය හා සමීපබව වැනි හැඟුම් උද්දීපනය කරයි. මෙය සහකරුවන් අතර ගැඹුරු, ශක්තිමත් හා බිඳ හෙලිය නොහැකි බන්ධුතාවයක් ඇතිකිරීමට උපකාරී වේ.

සිරුර හැඩ කරයි....
වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම ඔබගේ සිරුර වඩ වඩාත් හැඩ කරයි.

මානසික සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කරයි.....
ශක්තිමත් බැඳීම් සහිත අඹු සැමියන් අතර මානසික රෝග හා ආතතිය අවමය.

සෙම්ප්‍රතිශ්‍යාවට ඔසුවකි....
සතියකට දෙවරක් මෛථුන්‍යයේ යෙදෙන අයගේ සිරුරුතුල සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන්කරන ප්‍රථිදේහ වැඩිපුර පවතින බව සොයාගෙන ඇත.

නින්ද ගෙන දේ....
මෛථුන්‍යය මඟින් එන්ඩොපින්ස් හා ඔක්සිටොසීන් ශ්‍රාවය වීම උත්තේජනය කරයි. මේවා වේදනාවන්ට සහනය ගෙනදෙන අතරම ඔබව සැහැල්ලුවට පත් කරයි. මෙය පහසු නින්දක් ඔබට ගෙන දේ.

දරුවන් ලබා දේ.....
ඔබට දරුවකු අවශ්‍යනම් නිතර නිතර ලිංගිකව එක්වීම අත්‍යාවශය වේ. එමගින් කාන්තාව මවක් ලෙසට වඩ වඩාත් සූදානම් කිරීමක් සිදුකරන් අතරම පිරිමින්ගේ ශුක්‍රාණුවල තත්වයේ වැඩිදියුණු වීමක් ද සිදු කරයි.

ඔබේ අනාගතය ප්‍රීතිමත් කරයි....
මැදිවියේදීත් සාර්ථකව මෛථුන්‍යයේ යෙදීම මඟින් ජීවිතයේ සැඳෑසමය තුලදීත් එම ක්‍රියාව සිදු කිරීමට නැඹුරුවක් ඇති කරයි. එය ප්‍රීතිමත් අනාගතයකට හොඳ අඩිතාලමකි.

Monday, November 11, 2019

Chickenpox Q & A පැපොල රෝගය ගැන දැන ගත යුතුම කරුණු මෙන්න....


How does the disease spread?
The Chickenpox is caused by a virus called Virusella zoster. (Varicella-zoster virus (VZV)). IT is an airborne disease. It may easily spread via cough and sneeze of an infected person. Direct contact of blisters of an infected person is another method of transmission.The disease transmission usually begins about two days before blisters appear and last till all the blisters are cured.

How long will this disease last?
Symptoms occurs usually 10-20 days after the exposure and these symptoms usually lasts 5-7 more days.

How fatal is Chickenpox?
This is not usually a fatal disease. But it can me more fatal for adult men comparison to women and children. People with compressed immune systems, old people, pregnant women are the high risk group who might get effected by more serious complications.

How to Prevent Chickenpox?
It can be prevented by vaccination. 
as well as,

  • Keeping blisters well covered,
  • Avoiding contacts with non-infected persons
and
  • Frequent hand washing (whenever in contact with an infected person)


These simple tricks can also be very effective.

What are the chickenpox complications?
pneumonia, meningitis(rare) and bacterial skin infections.

Is it possible to get infected with the disease more than once?
Usually once you are infected with Chickenpox, it gives you immunization against the virus for the rest of your life. But for some people, there is a risk of getting shingles, another form of chickenpox, especially when the immunity system is weak.


Is bathing appropriate / safe while suffering from Chickenpox?
Bathing is actually very good when you get infected. Cleansing the skin helps the patient to relax. 

Does chickenpox virus transmit through breastfeeding?
No. But if the mother is infected and the baby touches the blisters the virus may spread from the mother to the baby..
.

What foods are good while suffering from Chickenpox?
The key is to have a healthy diet.including whole grains, fresh vegetables and fruits, green vegetables, milk and as much water. Also,  Home-cooked foods are recommended while suffering from this disease.


How long should I stay home after being infected?
Avoid going to the workplace, or to the school until all blisters are completely healed.


What are the best local application for Chickenpox blisters?
If the blisters are broken, an antibiotic application can be used locally to prevent blisters from getting infected.To prevent itching the calamine lotion can also be applied over blisters. But make sure you get medical advice before using any of these medicines.



පැපොල රෝගය බෝවන්නේ කෙසේ ද?
පැපොල රෝගය බෝ කරන්නේ වැරිසෙල්ලා සොස්ටර් නම් වෛරසය මඟිනි. (Varicella-zoster virus (VZV)). ආසාධිත පුද්ගලයෙකු හා සිදුවන ස්පර්ශයන් හා වාතය මඟින්  බොහෝවිට වෛරසය පැතිරීයාම සිදු වේ. බිබිලි මතුවීමට දින දෙකකට පමණ පෙර සිටම රෝගය පැතිරයාම ආරම්භ වේ.

පැපොල රෝගය කොපමණ කලක් පවතී ද?
වැරිසෙල්ලා වෛරසයේ සාමාන්‍ය බීජෞෂණ සමය දින 14 -16 පමණ වේ. රෝග ලක්ෂණ මතුවන්නේ රෝගී පුද්ගලයෙකුට නිරාවරණය වී අනතුරුව බීජෞෂණ සමය පසු වීමෙන් පසුවය. 

පැපොල නිසා මරණය සිදු විය හැකි ද?
ඒ සඳහා අවස්ථාව ඇත්තේ ඉතාම කලාතුරකිනි. නමුත් සමහරක් ලමුන් හා වැඩිහිටියන්ට බරපතල සන්කූලයන් මතුවීමේ අවධානමක් ඇත.

පැපොල බෝවීම වලක්වාගන්නේ කෙසේ ද?
මේ සඳහා වැරිසෙල්ලා සොස්ටර් ප්‍රථිශක්තීකරණ එන්නත ලබා ගැනීම සිදුකල හැක.
එසේම,
පැපොල රෝගය නිසා ඇතිවන කුෂ්ඨ/පළු ආවරණය කර තබා ගැනීම.
පැපොල රෝගය සෑදී නැති පුද්ගලයන් හා දුර්වල ප්‍රථිශක්තියක් සහිත අයවළුන් මඟ හැරි සිටීම
හා
නිතර නිතර අත සේදීම (රෝගියා හා ස්පර්ශ වී සෑම අවස්තාවකම)

යන සරල උපක්‍රමද ඉතාම පලදායී ලෙස භාවිතාකල හැක.

පැපොල රෝගය වැඩිහිටියන් සඳහා වඩාත් බරපතල වන්නේ ඇයි?
ප්‍රථිශක්තීකරණ එන්නත් ලබා නොගත් හා කුඩා කාලයේදී රෝගය නොවැලඳුන වැඩිහිටි පුද්ගලයන්ට නිව්මෝනියාව හා කලාතුරකින් මෙනින්ජයිටිස් රෝගය (මොලේ උණ) වැනි බරපතල සන්කූලයන් ඇතිවීමේ යම් අවදානමක් ඇත.

පැපොල රෝගය එක් වරකට වඩා ඇතිවිය හැකි ද?
ඉතාම කලාතුරකින් ඇතිවය හැක.සාමන්‍යයෙන් එක් වරක් පැපොල රෝගය වැළඪ්ඳුණු පසු ඇතිවන ප්‍රතිශක්තිය ජීවිත කාලයටම ප්‍රමාණවත්ය. නමුත් සමහරක් අයට, විශේෂයෙන් ප්‍රථිශක්තිය දුර්වල වී අවස්ථාවලදී පැපොල රෝගයේ තවත් අවස්ථාවක් වන ෂින්ගල්ස් (shingles) රෝගය ඇතිවීමේ අවධානමක් ඇත.

පැපොල රෝගය වැලඳී ඇති විට ස්නානය සුදුසු ද/ආරක්ෂාකාරී ද?
පැපොල රෝගය වැළඳී ඇති විටක ස්නානය කිරීම ඇත්තෙන්ම ඉතාම යහපත් ය. සම පිරිසිදු වීම නිසා රෝගියාට සහනයක් ඇති වේ. 

පැපොල රෝගය, රෝගය වැළදුණු මවකගෙන් මවුකිරි හරහා දරුවාට බෝ වේ ද?
නැත. නමුත් පැපොල බිබිලි දරුවාගේ සිරුරේ ස්පර්ෂ උවහොත් ඒ හරහා බෝ වීම සිදු වේ.
කෙසේ නමුත් මවට පෙර කලකදී පැපොල රෝගය වැලඳී ඇත්නම් මවුකිරි හරහා පැපොල රෝගයට අදාල ප්‍රථිදේහ ළදරුවා කරා ගමන්කර ඔහුව හෝ ඇයව රෝගයෙන් ආරක්ෂා වීමක් සිදු වේ.

පැපොල රෝගයෙන් පෙලන විටකදී ලබාගත් හැකි ආහාර මොනවා ද?
වැදගත් වන්නේ පෝෂ්‍යදායී ආහාර වේල් ලබා ගැනීමයි. ඒවා අතරට ධාන්‍ය, නැවුම් එළවළු හා පළතුරු, කොළ පැහති එළවළු, කිරි, හැකිතාක් වතුර, මොරු හා කහ, සුදුළුනු වැනි ප්‍රථිශක්තිය වැඩිදියුණුකරන ඖෂධීය ශාකමය නිපැයුම් එකතුකර ගැනීම වැදගත්ය. එසේම නිවසේදී ම පිළියෙලකරගත් ආහාර ලබගැනීමට උත්සුක වන්න.

පැපොල රෝගයට එරෙහි ප්‍රථිශක්තිය මවගෙන් දරුවාට ලැබේ ද?
ගර්භනී සමයේ අවසාන මාස 3ක කාලය තුලදී මවගේ සිරුරේ තිබෙන ප්‍රථිදේහ ප්ලැසෙන්ටාව හරහා නූපන් දරුවාවෙතට ගමන් කරයි. මෙමගින් දරුවාට ලැබෙන ප්‍රථිශක්තිය හඳුන්වන්නේ අක්‍රීය ප්‍රථිශක්තිය ලෙසයි.

පැපොල රෝගයට ගොදුරු වූ පසු කොපමණ කාලයක් නිවසේ සිටිය යුතු ද?
සිරුරේ ඇති සියළු බිබිලි සම්පූර්ණයෙන්ම සුවවන තුරු වැඩබිමට, සේවා ස්ථානයට හෝ පාසලට යාමෙන් වැලකී සිටින්න.

පැපොල බිබිලිවල්ට සුදුසු ආලේපන මොනවා ද?
පැපොල බිබිලි කැඩීගිය විට කැලමයින් ආලේපනය ආලේප කිරීම සිදුකල හැක.


Monday, November 4, 2019

Symptoms of food poisoning... ආහාර විෂවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ...

Symptoms of food poisoning



Following are the most common symptoms associated with food poisoning

  • Nausea
  • Vomiting
  • diarrhoea (with or without blood)
  • Abdominal pain
  • Muscle spasms
  • Fever


Symptoms can occur after an hour, a day, or even a week after having the food. 

If you have any of the following symptoms, it is wise to seek medical advice as soon as possible.


  • Persistent vomiting
  • Blood stained vomiting or diarrhoea. 
  • Diarrhea lasting more than three days
  • Abdominal pain or excessive abdominal cramping
  • High fever (over 100 Fahrenheit)
  • Symptoms of dehydration (excessive thirst, dry mouth, decreased urination or dysuria, excessive fatigue, dizziness, lethargy)
  • Neurological symptoms (blurred vision, muscle weakness, palpation of hands)



විෂ වූ ආහාරයට අදාලව පහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිවිය හැක.

  • ඔක්කාරය
  • වමනය
  • බඩ බුරුලට යාම (රුධිරය සමඟ හෝ නැතිව)
  • උදර වේදනාව
  • මස්පිඬු පෙරලීම්
  • උණ


මෙම රෝග ලක්ෂණ ආහාරය ගැනීමෙන් පැයක පමණ කාලයක සිට දිනක් හෝ ඇතැම් විට සතියක් පමණ කාලයක් ගතවීමෙන් පසුව උවද ඇතිවය හැක. එම රෝග ලක්ෂණ පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වූ කාලයක් දක්වා පැවිතීමද සිදුවිය හැක.

පහත රෝග ලක්ෂණ තිබේනම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය.

  • නොනවතින වමනය
  • වමනය සමඟ හෝ මළ සමඟ රුධිරය පිටවීම
  • දින තුනකට වඩා කල් පවතින ඩයරියාව
  • ඉවසිය නොහැකි තරම් වූ උදර වේදනාව හෝ අධික ලෙස උදරයේ මස්පිඩු පෙරලීම
  • ෆැරන්හයිඩ් අන්ශක 100 ඉක්මවූ උණ
  • විජලනයට පත්වීමේ ලක්ෂණ (අධික පිපාසාව, වියලි මුඛය, මුත්‍රා පිටවීම අඩුවීම හෝ පිට නොවීම, අධික තෙහෙට්ටුව, කරකැවිල්ල, ඔල්මාද ගතිය)
  • ස්නායුමය ලක්ෂණ (බොඳ වී පෙනීම, මස්පිඬු දුබල වීම, අත්වල පුපුරු ගැසීම)

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...