Tuesday, January 9, 2018

මාරාන්තික පෙනහලු පිළිකාව සාර්ථකව ජය ගනිමු!! fighting lung cancer!!



පිළිකා අතර වැඩිම මරණ ප්‍රමාණයකට වගකිවයුතු පිළිකාව ලෙස සැලකෙන්නේ පෙණහලු පිළිකාවයි. පෙනහලු පිළිකාව ඇතිකිරීමේ ප්‍රධාන හේතුකාරකය ලෙසට සැලකෙන්නේ දුම් පානයයි. පෙනහලු පිළිකාවලින් 9/10 කටම වගකිවයුත්තා දුම් පානයයි. ඊට අමතරව දූෂිත හා විකිරණශීලී වායූන් නිසාද පෙනහලු පිළිකා ඇති කරයි.

දුම්පානය හානිකර වන්නේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කර ගනිමු.


දුම් වැටිය පිළිකාකාරක රසායනයන් විශාල ප්‍රමාණයක් දරා සිටී. ඊට අමතරව දුම් පානය මගින් පෙනහලුවල ස්වාභාවික ආරක්ෂණ පද්දතිය බිඳ හෙලීමද සිදුකරයි. එනම් වා මගෙහි පවතින සියුම් රෝම විනාශ කරයි. පෙනහලු වලට ඇතුලුවන හානිකර රසායනයන්, බැක්ටීරියාවන් හා වයිරසයන් ඉවතට තල්ලුකර දමන්නේ මෙම සියුම් රෝම මගිනි. දුම් පානය මෙම ක්‍රියාවලිය බිඳ හෙලීම නිසා පිළිකාකාරක රසායනයන් පෙනහලුතුල වඩාත් පහසුවෙන් තැන්පත්වීම සිදු වෙයි.

පෙණහලු පිලිකාව මූලික අවධියේදීම හදුනා ගතහොත් සුවකිරීමට භාවිතාකලහැකි නවීන ප්‍රථිකාරක්‍රම මේ වනවිට සොයාගෙන ඇත. එනිසා පෙනහලු පිළිකාවක මූලික ලක්ෂණ පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

පෙනහලු පිලිකාව මුල් අවදියෙදී ලක්ෂණ පෙන්නුම් නොකරන තරම්ය. ක්‍රමයෙන් වර්ධනය වීමෙදී,


  • නොනවතින කැස්ස,
  • පපුවේ කැක්කුම - විශේෂයෙන්ම ගැඹුරින් හුස්ම ගැනීමේදී,
  • හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතා,
  • කහිනවිට සෙම සමඟ රුධිරය පිටවීම,
  • වෙහෙසකර බව
  • වැනි ලක්ෂණ පෙන්නුම් කල හැක.

Spiral CT




සමහරක් පෙනහලු පිලිකා මෙම පරීක්ෂණය මගින් හඳුනා ගත හැක. නමුත් එම අවස්තාව වනවිටත් පිලිකාව සුවකල නොහැකි මට්ටමට ලඟා වී තිබීමට ඇති හැකියාව ඉතා ඉහලය. කෙසේ නමුත් වයස අවුරුදු 55-80 අතර සිටින දුම් පානයට ඇබ්බැහි වූ පුද්ගලයන්ටත් දුම් පානය අතහැර වසර පහලවක් සම්පූර්ණ නොකල පුද්ගලයන්ටත් මෙම පරීක්ෂණය වසරකට වරක්වත් සිදු කර ගැනීම ඉතා වැදගත් බව The U.S. Preventive Services Task Force ආයතනය නිර්දේශකර ඇත. (https://www.uspreventiveservicestaskforce.org/Page/Document/UpdateSummaryFinal/lung-cancer-screening

සිදුකලහැකි වෙනත් පරීක්ෂණ




Chest x ray
Sputum test -ඛෙටය හෝ සෙම් පටල පරීක්ෂාව

ඉහත පරීෂණ මගින් පෙනහලු පිලිකාවක් බවට සැකකල හැකි සාධක මතූඋවහොත් මීලඟ පියවර වන්නේ biopsy එනම් පටක විශ්ලේෂණ පරීක්ෂාවක් සිදුකර ගැනීමයි. මෙහිදී වෛද්‍යවරයා විසින් සැකසහිත වර්ධනයෙන් (suspicious growth) සියුම් සාම්පලයක් ලබාගෙන අන්වීක්ෂීය පරීක්ෂණයන් සඳහා යොමු කිරීම සිදුවේ. මෙය සිදුකරනු ලබන්නේ මේ සඳහා විශේෂ පුහුණු ලැබූ වෛද්‍යවරුන් (pathologist) මගිනි. මෙම පරීක්ෂණය මගින් එම වර්ධනය පෙනහලු පිලිකාවක්ද යන්න හා එය පෙනහලු පිලිකාවක්නම්, කුමන වර්ගයේ පෙනහලු පිලිකාවක්ද යන්න නිගමනය කිරීමට පිලිවන.


පෙනහලු පිළිකාව වර්ග කිරීම



ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතී.
  1. small-cell lung cancer
  2. non-small-cell lung cancer යනු එම වර්ග දෙකයි.

මින් වඩාත් භයානක වන්නේ පළමු වර්ගයයි. එය වඩා වෙගයෙන් සිරුර පුරා පැතිර යයි. මෙම වර්ගය වඩාත් සුලභව දැකිය හැක්කේ දුම් පානය කරන්නන් අතරය. කෙසේ නමුත් වඩාත් සුලභව දැකිය හැකි පෙනහලු පිළිකා වර්ගය දෙවැනි වර්ගයයි.(non-smll-cell lung cancer). මෙම වර්ගය සිරුර තුල ව්‍යාප්තවීම වඩාත් සෙමෙන් සිදුවන අතර පෙනහලු පිළිකාවලින් 85%ක්ම මෙම වර්ගයට අයත්ය.

පිළිකාවේ අවස්ථා



පිළිකාවේ පැතිරයාම මුල් කොටගෙන එය විවිධ අවස්ථාවන්ට වෙන් කෙරේ. small-cell  පෙනහලු පිළිකා වර්ගය ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකට වෙන් කෙරේ.

සීමිත
මෙම අවස්ථාවේදී පිළිකාවේ පැතිරීම සීමිත වන අතර එය එක් පෙනහල්ලකට හා උපරිම ආසන්න වසා ගැටිති වලට පමණක් සීමා වී පවතී.

විස්තීර්ණ
මෙම අවස්ථාව වනවිට පිළිකාව පෙනහලු දෙකටම හා සිරුරේ වෙනත් අවයව වලටද පැතිරගොස් තිබිය හැක.

non-smll-cell  පෙනහලු පිළිකා වර්ගය පිළිකාවේ පැතිරයාම සිදුවී තිබෙන ආකාරය පදනම් කොටගෙන1 සිට හතර දක්වා අවස්ථා හතරකට බෙදා වෙන් කෙරේ.


මූලික අවස්ථාවෙදී සිදුකෙරෙන ප්‍රථිකාර





non-smll-cell වර්ගය එක් පෙනහල්ලකට පමනක් පැතිරගොස් ඇති අවස්ථාවකදී ශල්‍ය ප්‍රතිකාර ඉතාම ඵලදායී ලෙස භාවිතාකල හැක. මෙහිදී ශල්‍ය වෛද්‍යවරයා විසින් පිළිකාව සහිත පෙනහල්ලෙන් කොටසක් හෝ සම්පූර්ණ පෙනහල්ලම ඉවත් කිරීම සිදු කරයි. අනතුරුව රෝගියා විකිරණ චිකිත්සාව (radiotheraphy) හෝ රසචිකිත්සාව (chemotheraphy) කෙරෙහි යොමු කිරීම බොහෝවිට සිදු වේ. එහි අරමුණ යම් හෙයකින් පිළිකා සෛල ඉතිරි වී තිබේනම් ඒවාද සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. sall-cell  පෙනහලු පිලිකා වර්ගයට ශල්‍ය ප්‍රතිකාරව එතරම්ම ප්‍රතිඵලදායී නොමැත. එයට හේතුව ඒ වනවිටත් පිළිකාව බොහෝ දුරට පැතිර ගොස් තිබිය හැකි වීමයි.

පිළිකාව බොහෝ දුරට පැතිර ගොස් තිබේනම් විකිරණ චිකිත්සාව හා රසචිකිත්සාව භාවිතයෙන් සාර්ථක ලෙස රෝග ලක්ෂණ පාලනය කිරීමට හා රොගියාගේ ආයු අපේක්ෂාව වර්ධනය කිරීමට හැකියාව පවතී. small-cell පෙනහලු පිලිකා වර්ගයේදී නම් ප්‍රධානතම ප්‍රථිකාර ක්‍රමය වන්නේ රසචිකිත්සාවයි.


නව ප්‍රවනතා




ඉලක්කගත ප්‍රතිකාරක්‍රමය
මෙහිදී පිළිකා සෛලවල ගුණනය වීමේ යාන්ත්‍රණයට භාදා එල්ල කිරීම හා ඒත් සමඟම රසචිකිත්සාව භාවිතයෙන් පිළිකා සෛලවලට රුධිර සැපයුම අඩාල කිරීම සිදු කෙරේ.

ප්‍රතිශක්ති චිකිත්සාව (immunotheraphy)
මෙහිදී සිදුවන්නේ පිළිකා සෛල හා සටන් වදින සිරුරේ ප්‍රතිශක්තීකරන පද්දතිය ශක්තිමත් කිරීමයි. මෙය non-small-cell පෙනහලු පිළිකා වර්ගය මර්ධනය කිරීමට ඉතාම සාර්ථකව යොදාගත් හැක. නමුත් මෙය සෑම පෙනහලු පිළිකා රෝගියෙකුටම එකලෙස ප්‍රථිඵලදායී නැත.


දුම් පානය අතහැර දමන්න.



පෙනහලු පිළිකාවෙන් මිදී සිටීමට ගතහැකි වඩාත්ම ප්‍රථිපලදායී ක්‍රියාමාර්ගය නම් දුම් පානය අතහැර දැමීමයි. පෙනහලු පිළිකා රෝගියෙකු බවට හඳුනාගත් පසුව උවද දුම් පානය අතහැර දැමීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිපල අත්පත් කරගත හැකිබව නවීනතම වෛද්‍ය පර්යේෂණ මගින් මේ වනවිට තහවුරු කරගෙන ඇත.


අක්‍රීය දුම් පානය


දුම් පානය මෙන්ම පෙනහලු පිළිකාවලට බලපාන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ අක්‍රීය දුම් පානයයි.තමා දුම් පානය නොකලත් සහකරු හෝ සහකාරිය දුම් පානය කරන්නෙක් නම් පෙනහලු පිලිකාවක් ඇතිවීමේ අවදානම 20% කින් හෝ 30%කින් ඉහල නඟින බව මේ වනවිට තහවුරු කරගෙන ඇත. 



අවධානම් රැකියා



යුරේනියම්, ආසනික් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත රැකියාවල නිරත්වන්නන් පෙනහලු පිළිකාවලට පහසුවෙන් ගොදුරු වීමේ අවධානමක් පවතී. එසේම ඇස්බැස්ටෝස් මගින්ද පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානම ඉහල දමයි. මෙනිසාම බොහෝරටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩිලෙස සීමාකර ඇත.



වායු දූෂණය



තවමත් දුම් පානය තරම් පෙනහලු පිළිකා ඇතිකිරීමට බලනොපාන නමුත්, වායු දූෂණය මගින් පෙනහලු පිළිකා ඇතිවීම කෙරෙහි සිදුකරන බලපෑම් නොසලකා හැරිය නොහැකි මට්ටමකට ලඟා වෙමින් පවතී. රථ වාහන, කර්මාන්තශාලා සහ බලාගාර මගින් පිට කරන දුම, අක්‍රීය දුම් පානය මගින් ඇතිකරන බලපෑමට සමාන බලපෑමක්, පෙනහලු පිළිකා ඇතිවීම කෙරෙහි සිදු කරන් බව විද්වත් මතයයි.

මෙයට අමතරව පවුල් ඉතිහාසය පවුලේ එනම් යම් අයෙකුට පෙනහලු පිළිකාවක් වැලදී තිබීම හා රසායනයන් මගින් දූෂිත ජලය පානය කිරීම ද පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානම වැඩි කරන සාධක බවට හඳුනාගෙන ඇත.



පිළිකා අතර කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද වඩාත් මාරාන්තික පිළිකා වර්ගය වන්නේ පෙනහලු පිළිකාවයි. මෙයින් මිදීමට ගතහැකි ප්‍රධානතම පියවර වන්නේ දුම් පානයෙන් වැලකී සිටීමයි. මෙහිදී අක්‍රීය දුම් පානය කෙරෙහිද විශේෂ අවධානමක් යොමු කල යුතුය. යමෙක් ඔබ අසල සිට දුම් පානය කරන්නේ නම් වහාම එයට එරෙහි වන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත.

Thursday, December 28, 2017

ඔබගේ විශාරද උපාධිය (Masters degree) සඳහා තායිලන්තයෙන් සිෂ්‍යත්වයක්....

ඔබගේ විශාරද උපාධිය (Masters degree) සඳහා තායිලන්තයෙන් ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට මෙන්න අනඟි අවස්තාවක්. වැඩි විස්තර health ministry වෙබ් අඩවිය හරහා හෝ පහත ලින්කුව හරහා ලබා ගන්න.



Tuesday, December 5, 2017

කාලය නිවැරදිව කලමනාකරණය කරගන්නේ මෙන්න මෙහෙමයි! best time management strategies...




ඔබේ අරමුණු පැහැදිලිකරගන්න!

 
අපේ පුද්ගලික ජීවිතේ වගේම රාජකාරී ජීවිතේත් අපි ලඟා කරගන්න බලාපොරොත්තුවෙන අරමුණු ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්නම ඕනි. සමහරවිට ඔබේ අරමුණ ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට දැනට වඩා වැඩි සහයෝගයක් දැක්වීම වෙන්න පුලුවන්. කොහොම උනත මේ විදියට අරමුණ පැහැදිලි කරගත්තත පස්සෙ අපිට පුලුවන් ඒක පොඩි පොඩි ඉලක්ක වලට වෙන් කරගන්න. ඊට පස්සෙ ඒ එකිනෙක ඉලක්ක වලට ලඟාවෙන ආකාරය පිලිබඳ නිවැරදි සැලස්මක් ගොඩනඟා ගන්න.

කාලය ගැන අවධාණයෙන් සිටින්න

 
ගොඩක් දෙනෙකුට තමන් කරන කටයුතුවලට ගතවෙන කාලය වගේම එකිනෙක කටයුතුවලට කාලය වෙන්කරගතයුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නෑ. ඒ නිසා සරළ හා පහසු කටයුතුවලට උදා:-ස්නානය අනවශ්‍ය තරම් කාලයක් වැයකරලා වඩාත් සංකීර්ණ කටයුතුවලට අවශ්‍ය තරමට වඩා අඩුවෙන් කාලය වැය කරනවා. එනිසා තමන් කරන කටයුතුවලට වැදගත් බවේ ප්‍රමුඛතාවය හා ඒ එකිනෙකට වෙන් කරගත යුතු කාලය ගැන ඉතා නිවරදි අවබෝධයක් සහිතව කටයුතු කල යුතු වෙනවා.

ප්‍රමුඛතා අනුපිලිවෙලක් සකසා ගනිමු

 
ඔබ විසින් සපුරාගත යුතුව තිබෙන ඉලක්ක පහත කාණඩ වලට වෙන් කරගන්න.
  • වැදගත් හා ඉක්මනින් කලයුතුව තිබෙන.
  • වැදගත් නමුත් ඉක්මනින් කලයුතු නැති
  • ඉක්මනින් කල යුතු නමුත් වැදගත් නැති
  • වැදගත්  හෝ ඉක්මනින් කලයුතු නැති

වැදගත් හා ඉක්මනින් කලයුතුව තිබෙන කටයුතු කාණ්ඩය හැකිතාක් හිස්ව තබා ගැනීමට කටයුතු කරන්න. මේ කාණඩයේ ඉලක්ක ප්‍රමාණය ඉහලයාම, අපේ මනස ආතතියට ලක් කරනවා. ඔබ දක්ෂ ලෙස කාලය කලමනාකරණය කරන්නෙක් නම්, ඔබේ කාලයෙන් වැඩි කොටසක් වැදගත් නමුත් ඉක්මනින් කලයුතු නැති කාණ්ඩයට අයත් ඉලක්ක සමඟ ගතකරන්නට වාසනාවන්ත වේවි. අපේ ජීවතයට සතුට ඇති කරවන හා ඉතා ප්‍රයෝජනවත් බොහොමයක් ඉලක්ක හා අරමුණු මෙන්න මේ කාණඩයට අයිති වෙනවා.

දිනය සැලසුම් කරගන්න

එක එක අරමුණුවල වැදගත්කම සහ ඉලක්ක සපුරාගැනීමට වැයකලයුතු කාලය ගැන අවබෝධ කරගත්තට පස්සෙ අපි දිනය සැලසුම් කරන්න පටන් ගන්න ඕනෙ. මෙතනදී අපිට බොහොම නම්‍යශීලීව කටයුතු කරන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය බව හැඟෙන වෙනස්කම් කරන්න පැකිලෙන්න හොඳ නෑ. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු අපිට අපේ හවස්වරුව නිදහසේ පව්ලේ අයත් එක්ක ගතකරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. එතකොට අපිට පුලුවන් අපේ ඉලක්ක වැඩි ප්‍රමාණයක් උදය වරුවට දා ගන්න.

අමාරු සහ සපුරා ගැනීමට අපහසු ඉලක්කකරා මුලින්ම අවධානය යොමු කරන්න. මේ වගේ ඉලක්ක දිනය ආරම්භයටම යොදාගන්න එක හරිම වැදගත්. එතකොට තමා බොහොම සැහැල්ලුවෙන් දිනයේ ඉතිරිකාල ගතකරන්න අපිට පුලුවන් වෙන්නෙ.

වැඩ සැලැස්ම සටහන් කර ගන්න


අපි සැලසුම් කරපු වැඩ සැලැස්ම සටහනක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. ඒ වගේම මේ සටහන අපේ අවධානය පහසුවෙන් යොමුවෙන ස්ථානයක පවත්වාගැනීමත් ඉතා වැදගත් වෙනවා. අපි යන යන තැන්වලට මේ සැලැස්ම ගෙනියන්න පුලුවන්නම් තවත් හොඳයි. ඒකට භාවිතාකරන්න පුලුවන් ඇප්ස් නූතන ජංගම දුරකතනවල දකින්න පුලුවන්. මේ වගේ "list keeping app/calander app" එකක් පාවිච්චිකරනවනම් ඒක හරිම පහසුවක් වේවි. නමුත් ඔබට වෙන ක්‍රමයක්, ඔබටම පහසු, ඔබටම සුවිශේෂ වූ ක්‍රමයක් සැලසුම් කරගන්න උනත් නිදහස තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපිට පුලුවන් අපේ වැඩ සැලැස්ම පොඩි නෝට් බුක් එකක එහෙම නැත්නම් කොල කෑල්ලක සටහන් කරල සාක්කුවෙ හරි පර්ස් එකේ හරි දා ගන්න.
මේ ඉලක්ක සපුරා ගැනීමේදී ඔබ අපි ගමන් කරන්නේ අපි මුලින්ම පැහැදිලිකරගත්ත අරමුණු කරාමද කියන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි.

යොදාගත් වෙලාවටම වැඩ කරන්න

අපේ ඉලක්ක සපුරා ගැනීමෙදී මේ කියනදේත් ඉතාම වැදගත්. උදාහරණයක් විදියට අපි යම්කිසි වැඩක් උදේ 8ට කරන්න යොදාගෙන තියෙනවනම් ඒක 8යි කාලට හරි 8යි 30ට හරි කරලනම් හරියන්නෙ නෑ. එහෙම උනොත් අපේ  වැඩ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වේවි. නම්‍යශීලී වෙනව කියල මේ වැරැද්දනම් කරන්න එපා!! යොදාගත්ත වැඩ සැලැස්ම ගැලපෙන්නෙ නෑ වගේනම් වෙනස් එකකට යන්න අපිට පුලුවන්. නමුත් යොදාගත් වෙලාව මගහැරගන්න නම් එපා!!

පටන් ගන්න

සමහර කටයුතු කරන්න වඩා අපි කැමති මගහැර යන්න. උදාහරණයක් විදියට පොතක් පාඩම් කරන්න සිද්දවීම ගන්න පුලුවන්. කොච්චර අකමැත්තෙන් උනත් ආරම්භ කරන්න. එක පියවරක් හරි ඉදිරියට යන්න. එතකොට අපිව ඊළඟ පියවරට ඉබේම යොමු වේවි. අපි කරනදෙයින් අපිට ප්‍රගතියක් වෙනව කියල වැටහෙනකොට අපි ශක්තිමත්ව ඉදිරියට යන්න පෙලබෙනවා. එනිසා ආරම්භය ගන්න එක, පියවරක් හරි ඉදිරියට යන්න උත්සාහ කරන එක ඉතාම වැදගත් වෙනවා.ඔනෑම කටයුත්තක අපහසුම කොටස තමයි ආරම්භය. අන්න ඒකනම් අමතක කරන්න එපා.

සෑම තප්පරයක්ම වටිනවා

නිවැරදිව කාලය කලමනාකරණය කරන පුද්ගලයෙකුට සෑම තප්පරයකම විශාල වටිනාකමක් තියෙනවා. සමහර වෙලාවට අපි පොඩි පොඩි කාල පරාස නොවැදගත්යැයි අතහැරල දාන්න පෙලබෙනවා. උදාහරණයක් විදියට විභාගයක ප්‍රශ්ණ පත්තර දෙකක් අතර විවේකකාලය ගන්න පුලුවන්. නිවැරදිව කාලය කළමනාකරනය කරන්නෙක්ට මේ පුන්චි කාලයෙනුත් ලොකු වැඩක් ගන්න පුලුවන්. ඔබත් උත්සාහ කරල බලන්න. කරන්න පුලුවන් දේ වලින් ඔබ පුදුමයට පත් වෙනවා නිසැකයි.

පරිඝනකයත් අමතක කරන්න එපා.

අපි ජීවත්වෙන තාක්ෂණික ලොකයේ පරිඝණකය කියල කියන්නෙ අමතක කරන්නම බැරි උපකරණයක්. අන්තර්ජාලය වගේම සමාජ ජාලමගිනුත් කාලය කා දමන බවට අපි කා අතරත් මතයක් තියෙනවා. නමුත් මේ දේවල් වලිනුත් කාලය නිවැරදිව කලමනාකරනය කරගන්න උදව් ලබා ගන්න බැරිකමක් නෑ. උදාහරණයක් විදියට අපිට පරිඝණකය උපයෝගී කරගෙන නිවරදි වැඩ සැලැස්මක් සාදා ගැනීමට ඇති හැකියාව දැක්විය හැකියි. සම්හර ඉලක්ක සපුරා ගැනීමේදී අවශ්‍ය තොරතුරු, මූලාශ්‍ර හා සම්පත් කරා යොමුවෙන්න අවශ්‍යම උපකරණ තමා පරිඝණකය, සමාජ මාධ්‍ය ජාල හා අන්තර්ජාලය. මේවා නිවැරදිව උපයෝගීකර ගත්තොත් අපිට පුලුවන් ඉලක්ක වඩාත් වේගයෙන් හා නිවැරදි ලෙස සපුරා ගන්න.

කාලයට සීමාවන් පනවන්න


එක් එක් ඉලක්කයට ඔබේ වැඩ සැලැස්මට අනුව නියමිත කාල පරාසයක් වෙන්කර ගන්න. හැකිනම් එම වැඩය නියමිත කාලයට පෙර නිම කරන්න. නමුත් එම කාල පරාසය ඉක්මවා එම වැඩයේ නිරත නොවන්න.

දිවා ආහාරයට කාලය වෙන්කර ගන්න

අපි බොහෝවිට පුරුදුවෙලා ඉන්නවා දිවා ආහාරය මග හරිමින් වැඩවල නිරතවෙන්න. නමුත් දිවා ආහාරයට විනාඩි 30ක කාලයක්වත් වෙන්කරගැනීම ඉතාම වැදගත්බව මතක තබා ගන්න. කුසගිනි නොදැනේනම් එම කාලය වෙනත් ආකාරයකට හෝ විවේකීව ගත කිරීමට හුරුවීම ඉතා වැදගත්. එමගින් අපේ කාර්‍ය්ක්ෂමතාව ඉහල නංවාගත හැකි බව නවතව පර්යේෂණ මගින් තහවුරුවී තිබෙනවා.

කාල කලමණාකරනයේ ප්‍රමුඛතම පරමාර්තය වන්නේ ජීවිතය සමබරව ගතකිරීමට සුදුසු පරිදි විවිධ කටයුතුවලට නිවරදිලෙස කාලය වෙන් කර ගැනීමයි. ජීවිතය ජය ගැනීමට අවශ්‍යය ඉලක්කයන් සපුරා ගැනීමේදී විවේකය, ව්‍යායාම, ආහාර ආදිය සඳහාත් අවශ්‍යය තරම් කාලය වෙන් කරගැනීම ඉතා වැදගත් බව සිහියේ තබා ගන්න. 










Thursday, November 16, 2017

ඉක්කාව ගැන නියම ඇත්ත දැන ගනිමු!! - Hiccup; the real truth...

ඉක්කාව ගැන නියම ඇත්ත දැන ගනිමු!!


ඉක්කාව කියන්නෙ අපි හදාගන්න අකමැති දෙයක්. "ඉක්කයි මායි කොළඹ ගියා-ඉක්ක දාල මම ආවා" කියල පොඩි කවියක් කියල හරි ඉක්කාව යවා ගන්න අපි හැමෝම උත්සාහ කරන්නෙ ඒ හින්ඳනෙ.


ඉස්සෙල්ලාම හොයල බලමු මේ ඉක්කාව ඇති වෙන්නෙ කොහොමද කියලා. ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි භ්‍රාශයක් (spasm) නිසා කියල තමා දැනට හොයාගෙන තියෙන්නෙ.

  

 මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නෙ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍ර වලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන "ඉක්" ශබ්ධය පිටවීම සිදුවෙන්නේ.


ඉක්කාව ඇති වෙන්නේ ඇයි?


ඉක්කාව ඇතිකරන ප්‍රධානතම හේතුව වෙන්නෙ අධිකව පිරුණු උදරය. ඉක්මනින් අනවශ්‍ය තරම් ආහාර ප්‍රමාණයක් ගිල දැමීම, අධික මත්පැන් පානය හා අමාශයේ හුළං පිරීම නිසා මෙහෙම උදරයක් ඇතිවෙන්න පුලුවන්.

ඊට අමතරව,

  • දුම්පානය,
  • ආමාශයේ ඇතිවෙන ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීම් උදා:-උණුසුම් පානයක් ගැනීමෙන් අනතුරුව ඒ සමඟම ශීතකල පානයක් ගැනීම
හා
  • මානසික ආතතිය හෝ අධික උද්වේගය වැනි තත්ව නිසාත් ඉක්කාව ඇතිවිය හැකියි.

දැන් අපි හොයල බලමු  ඉක්කාවක් කොච්චර විතරවෙලා තියෙන්න පුලුවන්ඳ කියලා.


සාමාන්‍යයෙන් ඉක්කාවක ආයු කාලය වෙන්නෙ මිනිත්තු කීපෙක ඉඳල පැය කීපයක් දක්වා කාලයක්.

පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් අපි හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. ඉතින් ඉක්කාවක් මාසෙකටත් වඩා කාලයක් තියෙනවනම් අපි ඒකට කියනවා  intractable hiccups කියලා. මේකනම් හරිම කරදර කාරී ඉක්කවක්. මේ වගේ ඉක්කාවකට පුලුවන් අපේ ජීවිතේ උඩු යටිකුරු කරන්න. අපේ නින්ද අවුල් කරල දාල සිරුරේ බර අඩු කරල අපිව වෙහෙසට පත් කරන්න මේ වගේ දීර්ඝ කාලයක් පවතින ඉක්කාවකට පුලුවන් කියල මතක තබා ගන්න.



වැදගත්ම දේ තමා, මෙහෙම දීර්ඝ කාලීනව පවතින ඉක්කාවක් කියන්නෙ සිරුරේ පවතින යම්කිසි දරුණු රෝගී ත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුලුවන් කියන එක. ඒ නිසා මෙවැනි තත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍යයි.

කාලීන ඉක්කාවක් ඇතිකරවියහැකි රෝග තත්ව මොනවාද?

  • මද්‍ය ස්නායු පද්දතියේ ඇතිවන ආබාධ. උදා:-පිළිකා තත්ව, ආසාදන, ආඝාත තත්ව හෝ අනතුරු
  • සිරුරේ රසායනික ක්‍රියාවලීන්ගේ ඇතිවෙන වෙනස්කම්. උදා:-අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉහල යාම
  • හිසේ, බෙල්ලේ හෝ පපුවේ පවතින ස්නායු උද්දීපනයට පත්වීම (සාරිකා ස්නායුව හෝ ප්‍රේණික ස්නායුව)
  • නිර්වින්දනය හෝ සැත්කම්
  • යම් යම් මානසික ආබාධ තත්ව

ඉක්කාව සුව කරන්නේ කෙසේද?

 

බොහොමයක් ඉක්කා තත්ව මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා කාලයකදී ඉබේම නැති වී යක නිසා විශේෂ ප්‍රතිකාරයකට යොමුවීම අවශ්‍ය වෙන්නේ නෑ.
ඉක්කාව සුවකරගන්න නිවසේදීම කරගන්න පුලුවන් සරල ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා. මේවායින් ගොඩක් වෙලාවට වෙන්නෙ රුධිරගත කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහල නැංවීම.
උදා:-
  • හුස්ම අල්ලාගෙන සෙමෙන් දහයට ගනන් කිරීම
  • ශීතකල වතුර වීදුරුවක් වේගයෙන් පානය කිරීම
  • සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම
කාලීන ඉක්කාවකදී එය ඇතිකරන හේතුව සොයා එයට ප්‍රතිකාර ලබා ගැනීම කලයුතු වෙනවා. මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ කලයුතුයි. මෙහිදී වෛද්‍යවරයා විසින් නියම රෝගී තත්වය හඳුනා ගැනීම සඳහා යම් යම් පරීක්ෂණ සිදු කරනවා. ඉක්කාවට හේතුවිය හැකි බරපතල රෝගී තත්ව රෝගීයාට තිබේදැයි හඳුනා ගැනීම මෙම වෛද්‍ය පරීක්ෂණවල අරමුණ වෙනවා.

ඉක්කාව කාන්තාවන්ට වඩා පිරිමින්ට ඇතිවීමේ සම්භාවිතාවය වැඩිබව හඳුනාගෙන තිබෙනවා. එසේම කුඩා ළදරුවෙකුගේ සිට වැඩිහිටි මහල්ලෙකු දක්වා ඕනෑම අයෙකුට ඉක්කාව ඇතිවිය හැකියි.

Monday, November 13, 2017

අරක්කු බීපුවහම මොකද්ද වෙන්නෙ? මෙන්න නියම ඇත්ත....What Alcohol does to our body! the real truth....

අරක්කු බීපුවහම මොකද්ද වෙන්නෙ? මෙන්න නියම ඇත්ත....What Alcohol does to our body! the real truth....



පලවෙනි අරක්කු උගුර බීල තප්පර 30ක් වගේ කෙටි කාලයකින්, මදය්‍යසාර මොළයට ළඟාවෙනවා. එහෙම ආපු මධය්‍යසාර මොළයේ පණිවිඩ හුවමාරු කරන ක්‍රියාවලිය අවුල් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි; ඔයාගෙ මූඩ් එක වෙනස් කරන්නත්, ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය අඩාල කරන්නත්, ඔයාගෙ සිරුරේ සමබරතාවය නැති කරලා දාන්නත් මේ මද‍ය්‍යසාර වලට පුලුවන්. ඒ වගේම ඔයාගෙ දිගුකාලීන මතකය අවුල් කරන්නත් මේ මධය්‍යසාර ක්‍රියා කරනවා. අන්න ඒ නිසා තමයි බීපුවහම කරපු කියපු දේවල් වෙරි හිඳුනහම අපිට අමතක වෙන්නෙ.

ඔයා බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්නම් තත්වය බොහොම දරුණුයි.

මධය්‍යසාර දිගු කාලයක් තිස්සෙ මොළයට ගමන් කිරීම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වගේම මොළයේ ස්වරූපයත් වෙනස්විය හැකි බව මේ වන විට හොයාගෙන තිබෙනවා. ඇත්තටම මධය්‍යසාරවල බලපෑම නිසා මොළය සංකෝචනය වී ප්‍රමාණයෙන් කුඩාවන බව මේ වන විට හෙලි වී තිබෙනවා. මේ නිසා ඔබේ සිතීමේ හැකියාව, ඉගනගැනීමේ හැකියාව වගේම යමක් මතක තබා ගැනීමේ හැකියාවත් ඉතා දරුණුලෙසට පහත වැටෙනවා. ඒ විතරක් නෙවෙයි. සිරුරේ උෂ්ණත්වය පාලනය කරගැනීමේ හැකියාවත්, සිරුරේ චලනයන් පාලනය කර ගැනීමේ හැකියාවත් අහිමි වී යනවා.

අරක්කු නින්දට උදව් වෙනවාද?


අරක්කුවල තියෙන ඇල්කොහොල්වල බලපෑම නිසා ඔබට නිදිමත ගතියක් දැනේවි. ඉක්මනට නින්දට යාවි. නමුත් ඒක හොඳ නින්දක් හෝ සැප පහසු නින්දක් නම් නොවේවි. නරක-නපුරු හීන ඔබේ නින්දට බාදා කරාවි. ඒ වගේම කිහිප විටක් මුත්‍රා කරන්න අවදිවෙන්න සිදුවෙන්නත් පුලුවන්. කොටින්ම කියනවනම් මොළයට නින්ද මගින් ලබාදෙන හා ලබාදිය යුතු විවේකය නොලැබී යාවි. එනිසා සැප නින්දකින් පසු සිරුරට දැනෙන ප්‍රබෝධමත් ගතිය නොලැබී යාවි.

අරක්කු හා ඔබේ ආමාශය


ඇල්කොහොල් මගින් ඔබේ ආමශයට කරන බලපෑම නිසා වැඩිපුර ආමාශ යුෂ නිපදවෙන බව මතක තබා ගන්න. ආමාශයතුල වැඩියෙන් ආමාශයික යුෂ හා ඇල්කොහොල් එකතුවීම නිසා වමනය ඇතිවේ. දිගු කාලීනව මත්පැන් පානය කරන්නන්ට මීට අමතරව ඉතා දරුණුලෙස ආමාශයික තුවාල ඇතිවීමේ සම්භාවිතාවක් ඇත. එසේම අධික ලෙස ආමාශයික යුෂ ආමාශය තුලට එකතුවීම නිසා ආහාර අරුචිය ඇතිවේ. එය දිගු කාලීනව සිදුවීම විවිධ පෝෂණ ඌණතා තත්ව ඇති කරයි.

එසේම ඇල්කොහොල්වල බලපෑම නිසා අන්ත්‍ර තුලින් ආහාර ගමන් කිරීම වේගවත් වේ. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඩයරියා (diarrhea) තත්වය හෙවත් බුරුලට මළ පහවීම සිදුවන්නේ එනිසාය.

එසේම අම්ලපිත්තය (gastritis) ඇතිකිරීමද ඇල්කොහොල් මගින් සිදු කරයි.

ඇල්කොහොල් හා ඔබේ වකුගඩු


වකුගඩුවල ක්‍රියාකාරීත්වය පාලනය වන්නේ මොළයෙන් නිපදවන හෝමෝනයක් මගිනි. එම හෝමෝනය ශ්‍රාවය වීම වලකාලීම ඇල්කොහොල් වල තවත් දස්කමකි. එනිසා මුත්‍රා කිරීමේ වාරගණන ඉහල යයි. මෙමගින් ඔබේ සිරුර විජලනයට පත්විය හැක. එසේම කාලීන මත්පැන් පානය වකුගඩු අකර්මණ්‍යතාවයටද හේතුවකි.

සිරෝසිස් (cirrhosis)


මෙය ඇල්කොහොල්වල තවත් මහඟු දායාදයක් බව මතක තබා ගන්න. ඔබ පානය කරන මත්පැන්වල අඩංගු ඇල්කොහොල් බිඳ හෙලීම සිදුවන්නේ අක්මාව මගිනි. වැඩි වැඩියෙන් මත්පැන් පානය කිරීම නිසා අක්මාවට වැඩි වැඩියෙන් ඇල්කොහොල් බිඳ හෙලීමට සිදුවේ. මෙය අක්මාව වෙහෙසට පත්කරන ක්‍රියාවලියකි. එනිසා අක්මාවේ තන්තුමය පටක ඇතිවී, අක්මාවට රුධිර සැපයුම අඩාලවී, අක්මාව අකර්මණ්‍යවීම හා අක්මා සිරෝසියාව ඇතිවීම සිදුවේ.

අග්න්‍යාශය, මධය්‍යසාර හා දියවැඩියාව


ඉන්සියුලින් හා සමහර ආහාර ජීරක ශ්‍රාවයන් නිපදවීමට අග්න්‍යාශය වැදගත් වෙනවා. අග්න්‍යාශයේ මේ ක්‍රියාවලියට බාදා කරන්න මධය්‍යසාරවල අඩංගු ඇල්කොහොල් වලට පුලුවන්. ඒ වගේම ඇල්කොහොල්වල තියෙන සමහර විෂ රසායණවල බලපෑම නිසා අග්න්‍යාශය ප්‍රදාහයට පත් වෙනවා. මේක බොහොම බරපතල තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. එහෙම උනොත් අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය ඇනහිටීම නිසා ඔබේ ආහාරවල අඩංගු සීනි බිඳ හෙලීමට අවශ්‍යය ඉන්සියුලින් තවදුරටත් නිපදවන්න අග්න්‍යාශය අසමත් වෙනවා. ඒ කියන්නෙ ඔබව දියවැඩියා රෝගියෙකු බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි. අවසාන ප්‍රතිඵලය විදියට අග්න්‍යාශයට පිළිකා තත්වයක් ඇති කරන්න උනත් ඇල්කොහොල් සමතෙක් බව මතක තබා ගන්න.

මොකක්ද මේ hangover කියන්නෙ?


මේක ඉංග්‍රීසි වචනයක්. මේකෙන් කියවෙන්නෙ අරක්කු බීවට පස්සෙ අපිට වෙන විපරියාස ටිකේ එකතුව. ඔලුව කකියනවා, ඈනුම් යනවා, නිදිමත එනවා.. තව තව දේවල් ගොඩක් සිද්ද වෙනව. මේකට හෙතුව තමා ඇල්කොහොල් මගින් ඔබව විජලනයට පත් කිරීම හා ඔබේ රුධිර නාල හා මොළය ප්‍රසාරණය කිරීම. ඊට අමතරව ඔබේ ආමාශයේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවෙන වමනය තත්වයත් මේ තත්වයට හෙතු වෙනවා. අක්මාව ඇල්කොහොල් විනාශ කිරීමට කටයුතු කරමින් ඉන්න නිසා සිරුරට අවශ්‍ය තරම් සීනි මුදා හරින්න අක්මාවට නොහැකි වෙනවා. එතකොටත් ඇඟට පණ නැති මහ කම්මැලි ගතියක් ඇතිවෙනවා. මේ ඔක්කොම ලක්ෂණ එකතුව ගත්තහම අපි ඒකට Hangover කියන කෙටි යෙදුම පාවිච්චි කරනවා. මේ නමින්ම බොහොම ප්‍රකට හොලිවුඩ් චිත්‍රපටි මාලාවක් තියෙනව. මෙකෙනුත් කියවෙන්නෙ බීල, බීල අවසිහියට පත් වෙච්චහම මිනිස්සු කොච්චරනම් පිස්සො වෙනවද කියන එක ගැන.

අරක්කු සහ ඔබේ හදවත


මත්පැන්වල අඩංගු ඇල්කොහොල්වලට හදවතේ රිද්මය බිඳ හෙලන්න හැකියාව තියනවා. කාලීනව පත්පැන් පානය කිරීම මගින් මේ තත්වය ස්ථිර තත්වයක් බවට පත් කරනවා. එසේම හදවතේ ගෙවීයම වේගවත්කර, හදවත රෝගීකරන්නත් ඇල්කොහොල් කටයුතු කරනවා.

එසේම, රුධිරනාල විස්තාරණය කරන්නත් ඇල්කොහොල් කටයුතු කරනවා. එවිට රුධිර ගමනාගමනය වැඩි වී, ශරීර උෂ්ණත්වය ඉහල යාම සිදුවෙනවා. මේ තත්වය දිගින් දිගටම පවතිනවිට රුධිර පීඩනය වැඩිවීම නිසා, එම පීඩනය අවම කිරීමට ඔබේ සිරුර මගින් ආතති හෝමෝන නිදහස් කර රුධිර පීඩනය අවම කිරීම සඳහා රුධිර නාල සංකෝචනය කරාවි. එවිට එම රුධිරනාල හරහා රුධිරය පොම්ප කිරීමට වැඩි වැඩියෙන් වෙහෙස වීමට ඔබේ හදවතට සිදු වේවි.

ප්‍රතිශක්තීකරණ පද්දතිය


ඇල්කොහොල් ප්‍රතිශක්තීකරණ පද්දතියටත් අහිතකර බලපෑම් ඇති කරනවා. ඇල්කොහොල්වල බලපෑම නිසා සුදුරුධිරාණු නිපදවීම අඩාල වෙනවා. එනිසා විශබීජ සමග සටන් කිරීමේ හැකියාව අවම වීම නිසා පහසුවෙන් රෝගවලට ගොදුරු වීමේ අවධානමක් තිබෙනවා. කාලීනව මත්පැන් පානය කරන්නන්  නිව්මෝනීයාව හා ක්ෂයරෝගය වැනි රෝග වලට පහසු ගොදුරු වන්නේ මෙන්න මේ හේතුව නිසාබව හෙලි වී තිබෙනවා.

 හෝමෝන හා ඇල්කොහොල්


සිරුරේ විවිධ ක්‍රියාවලීන් යාමනය කිරීමට වැදගත්වන හොමෝන අහිතකර අයුරින් පාලනය කිරීමටත් ඇල්කොහොල්වලට හැකියාව තිබෙනවා. මෙනිසා කාන්තාවන්ගේ නම් ඔපස් චක්‍රයේ විවිධ වෙනස්කම්, දරුඵල ප්‍රමාධවීම් වැනි තත්වත් පිරිමින්ගේ නම් ලිංගික බෙලහීනතා වැනි අහිතකර තත්වත් ඇතිවිය හැකි බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඇල්කොහොල් ශ්‍රවණයට කරන බලපෑම්


ඇල්කොහොල් භාවිතාකරන්නන් අතර ශ්‍රවණාබාධ අධික බව මේවනවිට සොයාගෙන තිබෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ තවමත් ස්ථිර නිගමණයක් නැතත්, ඇල්කොහොල් මගින් මොළයේ ශ්‍රවණ කලාපයට සිදුකරණ බලපෑම් නිසා හෝ කණ ආශ්‍රිතව ශ්‍රවණ ස්නායුවට කරන බලපෑම් නිසා මේ තත්වය උද්ගතවනබව සැක කෙරෙනවා.

ඇල්කොහොල් සහ අස්ථි පද්දතිය


ඇල්කොහොල්වල බලපෑම නිසා රුධිරගත කැල්සියම් මට්ටම අඩුවීම සිදුවෙනවා. එසේම හෝමෝන වලට කරන බලපෑම නිසා අස්ථි වර්ධනය අඩාල වෙනවා. මෙනිසා අස්ථි ක්ෂයවීම සිදුවෙන අතර පහසුවෙන් බිඳීයාමේ අවධානමක් ඇතිවෙනවා. මෙම තත්වය හඳුන්වන්නේ "ඔස්ටියෝපොරෝසිස්" ලෙසයි. සිරුරේ මාංශපේශීවලට රුධිරය සැපයීම අඩාලවීම නිසා මාංශපේෂි ක්ෂයවීම හා මාංශපේෂි දුර්වලවීමත් මේ සමඟම සිදු වෙනවා.




Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...