Sunday, June 23, 2019

Taking care of a child suffering from fever .. උණෙන් පෙලෙන දරුවෙකුට නිවසේදී කල හැකි ප්‍රථිකාර

Taking care of a child suffering from fever



Fever is not usually a disease but a symptom which is associated with the defense mechanism of a human body against infections. The increasing of body temperature causes the destruction of germs. Usually, fever does not produce any adverse effects and will go down itself within 3 days.

What you can do
You can give paracetamol. (The label can be used to identify the appropriate dose).

In addition, there are several steps you can take to make the child comfortable.
  • Cool application to the head
  • Keep the room temperature normal - not too hot or too cold.
  • Provide a lightweight dress / lightweight blanket.
  • Provide as much as fluids as possible to prevent dehydration


What not to do
  • Aspirin should not be given to the child. (Aspirin supplementation can lead to much serious conditions, such as Reye's syndrome).
  • Don't wash your child with cold water.
  • The child should not be wrapped in a thick blanket or tucked into a thick cloths, even if she/he is shivering.

Refer to medical advice,

In some cases, the flu can indicate a serious condition.
Therefore,
  • If the body temperature is above 104,
  • If the child is younger than three months, and the body temperature is above 100.4
  • If the fever lasts more than 72 hours,
  • If the child complains or is suspected of having, a stiff neck, a sore throat, an ear sore, a rash, or a severe headache, 
  • If the child is having fits,
  •  Or if the child is severely ill looking, confused , or does not respond properly, 

Important factors to consider while measuring a child's body temperature

  • Digital thermometers are the best.
  • Anus, mouth, or under the arms can be used to check fever.
  • For smallest children,anus is the best area to check the body temperature. 
  • The oral method is most appropriate for children above 4-5 years.
  • Yet, the easiest to use method is the under arm method. but it is also the least accurate method . Therefore, if you are using this method, add 1 Celsius to the reading to get a more accurate result.

The Sinhala translation follows...

උණෙන් පෙලෙන දරුවෙකුට නිවසේදී කල හැකි ප්‍රථිකාර


උණ යනු ආසාදනයකට (Infection) එරෙහිව සිරුරෙන් ඇතිවන ආරක්ෂක යාන්ත්‍රනයේ එක් පියවරකි. මෙහිදී සිරුරේ උෂ්ණත්වය ඉහල යාම මගින් විශබීජ වනසාලීමක් සිදු වේ. බොහෝවිට  උණ ඇතිවීම කිසිදු හානිකර ප්‍රතිපලයක් ඇති නොකරන අතර දින 3ක් ඇතුලත ඉබේම සුව අතට පත් වේ.

කල හැකි දෑ
පැරසිටමෝල් ලබා දීම. (වයස අවුරුදු 2කට වැඩි දරුවන්ට ලබාදිය යුතු මාත්‍රාව සඳහා ලේබලය භාවිතා කල හැක. එයට අඩු දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශය මත මාත්‍රාව තීරණය කිරීම වඩාත් යෝග්‍ය වේ.)

එයට අමතරව දරුවා සුවපහසු කිරීමට අනුගමනය කලහැකි පියවර කීපයක් ඇත.
  • සිසිල් යෙදවුමක් හිසට යෙදීම
  • කාමරයේ උෂ්ණත්වය සාමාන්‍ය එනම් ඉතා උණුසුම් හෝ ඉතා ශීතල නොවන උෂ්ණත්වයක පවත්වා ගැනීම.
  • සැහැල්ලු ඇඳුමක් ඇන්දවීම/සැහැල්ලු පොරෝනයක් ලබාදීම
  • ඇල් මැරුණු ජලයෙන් සිරුර තෙත් කිරීම
  • එසේම දරුවාට හැකිතාක් පානවර්ග ලබා දීමට ද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. (විජලනය වීම වලක්වා ගැනීමට)

නොකල යුතු දෑ
  • දරුවාට ඇස්ප්‍රීන් ලබාදීම නොකල යුතුය.(ඇස්ප්‍රීන් ලබාදීම නිසා දරුවාට ඉතා බරපතල තත්වයන් උදා-Reye’s syndrome ඇතිවිය හැක.
  • අයිස් මෙන් ශීතල ජලයෙන් දරුවා සේදීමත් නොකල යුතුය.
  • දරුවාට වේවුලීමක් ඇති වූවත්, ඉතා ඝන බැලැන්කෙට්ටුවක් මඟින් එතීම හෝ හෝ ඝන රෙදි හෝ ඇදුම් ඇන්දවීම හෝ නොකල යුතුය.

වෛද්‍ය උපදෙස් කරා යොමුවීම අනිවාර්ය වන්නේ,
සමහරක් අවස්තාවල උණ මඟින් ඇඟවෙන්නේ ඉතා බරපතල තත්වයක් වීමට ද ඉඩ ඇත.
එනිසා,
  • ශරීර උෂ්ණත්වය 104 ට වඩා ඉහල නම්,
  • මාස තුනකට වඩා වයසින් අඩු ලදරුවෙකුගේනම්, ශරීර උෂ්ණත්වය 100.4 ට වඩා ඉහල නම්,
  • උණ පැය 72කට වඩා පවතීනම්, (අවුරුදු 2කට අඩු ලදරුවකුගේ නම් පැය 24ට වඩා)
  • උණ සමඟ බෙල්ලේ තද ගතියක් (stiff neck), තදබල උගුරේ කැක්කුමක්, කණේ කැක්කුමක්, පළු මතුවීමක්(rash) හෝ තදබල හිසේ කැක්කුමක් ඇතිබවට දරුවා පැමිණිලි කරයිනම් හෝ සැක සහිතනම්, 
  • උණ වලිප්පුවක් ඇති වී නම්,
  •  හෝ දරුවා තදබල ලෙස රෝගී ස්වාභාවයක් පෙන්වයිනම්, අවුල් සහගත හෝ කලබල සහගත් ස්වාභාවයක් පෙන්වයිනම් හෝ නිසි ලෙස ප්‍රතිචාර නොදක්වයි නම්, 
උණ සහිත දරුවා වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සඳහා අනිවාර්යයෙන්ම යොමුකල යුතුය.

දරුවාගේ සිරුරේ උෂ්ණත්වය මැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  • වඩාත්ම යෝග්‍ය වන්නේ අංකිත (digital) උෂ්ණත්වමානයි.
  • උණ බැලීම සඳහා ගුදය, මුඛය හෝ අත් (කිහිලි) යට ප්‍රදේශය භාවිතා කල හැක.
  • කුඩාම දරුවන් සඳහා වඩාත්ම නිවැරදි වන්නේ හා යෝග්‍ය වන්නේ ගුදීය උෂ්ණත්වය මැනීමේ ක්‍රමවේදයයි.
  • අවම වශයෙන් අවුරුදු 4 -5 ක්වත් වයසනම් මුඛය මඟින් උෂ්ණත්වය මැනීමේ ක්‍රමවේදය භාවිතා කල හැක.
  • අත් යට උෂ්ණත්වමානය තබා උෂ්ණත්වය මැනීමේ ක්‍රමවේදය නිර්වද්‍යතාවයෙන් අඩුම ක්‍රමය වූවත් භාවිතා කිරීමට පහසුම ක්‍රමය මෙයයි. එනිසා එම ක්‍රමය භාවිතා කිරීමේදී එක් අංශකයක් එකතු කර ගැනීම මඟින් වඩාත් නිර්වද්‍ය කියවීමක් ලබාගත හැක.





Thursday, June 20, 2019

First-aid for toothache.....දත් කැක්කුමට සිදුකල හැකි ප්‍රථමාධාර මෙන්න

First-Aid for toothache .....

Here are some first aid tips against toothache










Tooth decay is a major cause of toothache . In fact, activities of bacteria in the mouth cause tooth decays. . These bacteria act on the sugars and starch of the food, forming a sticky layer on the surface of the tooth and gradually eroding the tooth enamel. This is how a tooth decay develop. Sensation or pain in the teeth when eating a sweet, cold, or something hot can be a sign of tooth a decay. Also, brown or white spots on the tooth are usually the primary signs of a tooth decay.




other than that,
  • Due to the stuck of food particles in the gaps between teeth,
  • Infection or inflammation of the root of a tooth or the gum,
  • Accidents to teeth,
  • Fracture of a tooth,
  • Cracks,
  • Due to the lack of space required for the emergence of a new tooth,
Toothache develops.

Other than that,
some sinus infections could also be sensed as a tooth ache.

If there is a toothache, the best thing to do is consulting a dentist for treatment and advises.

However, there are a few first-aid options available before you go to the dentist 
  • Rinse your mouth with a glass of warm water
  • Removal of food parts that remain between the teeth
  • Over-the-counter (OTC) pain reliever for example - ibrufen. (Do not put aspirin or any other painkiller on the surface of the tooth.)
  • Application of ice over the cheek (especially in the case of a tooth fracture)
  • Rinse your mouth with salt water
  • Rinse your mouth with ice water



However, it is very important to consult a dentist immediately if.
  • A toothache  lasts beyond two days,
  • Fever,
  • Symptoms of infection include swelling, swallowing difficulties due to pain, redness of the gums and presence of pus.
  • Difficulty in breathing 


Sinhhala translation


දත් කැක්කුමට සිදුකල හැකි ප්‍රථමාධාර මෙන්න








දත් කැක්කුම ඇති කිරීමට මූලිකවම බලපාන්නේ දත් දිරායාමයි. මේ සඳහා මුඛයේ සිටින බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය බලපායි. මෙම බැක්ටීරියා ආහාරවල ඇති සීනි හා හා පිෂ්ටය මත ක්‍රියා කරමින් දතේ මතුපිට ඇලෙන සුළු පටලයක් ඇතිකරන අතර ඒවායින් පිට කරන ඇසිඩ් මඟින් දතේ එනැමලය ක්‍රමයෙන් ඛාදනය වේ. මෙමඟින් දත දිරායාම සිදු වේ. පැණිරස ආහාරයක්, ශීතල යමක් හෝ උණුසුම් යමක් ආහාරයට ගැනීමේදී දතක ඇතිවන සංවේගයක් (Sensation) හෝ වේදනාවක් දත් දිරා යාමක මූලික ලක්ෂණයක් වීමට ඉඩ ඇත. එසේම දතක ඇති දුඹුරු පැහැ හෝ සුදු පැහැ ලපයක් දත් දිරා යාමක මූලික අවස්ථාවක් විය හැක. 


 


ඊට අමතරව,
  • දත් අතර පවතින හිඩැස්වල ආහාර කොටස් රැඳී පැවතීම නිසා,
  • දන්ත මූලයේ හෝ විදුරුමසේ ඇතිවන ආසාදනයක් හෝ ප්‍රධාහයක් (Infection or inflamation) නිසා,
  • දතකට ඇතිවන අනතුරක් නිසා,
  • දතක ඇතිවන භග්නයක් (Fracture) නිසා,
  • දතක ඇතිවන යම් පැල්මක් නිසා,
  • අළුත් දතක් මතුවීමෙදී එයට අවශ්‍ය ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා එම ක්‍රියාවලියට බාදා පැමිනීම නිසා,
 ද දත් කැක්කුම ඇතිවය හැක.

මීට අමතරව ඇතැම් කෝටරක ආසාදන (Sinus infection) දතක ඇතිවන කැක්කුමක් ලෙසට සංවේදනය වීමටද ඉඩකඩක් ඇත.

සාමාන්‍යයෙන් දත් කැක්කුමක් ඇති වූ විට දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර වෙතට යොමු වීම වඩාත්ම උචිත වේ.

කෙසේ නමුත් දන්ත වෛද්‍යවරයා කරා යාමට ප්‍රථම යොමුවිය හැකි ප්‍රථමාධාර කීපයක් ඇත. 
  • උණුසුම් වතුර වීදුරුවකින් කට හොඳින් සේදීම
  • දත් අතර රැඳී ඇති ආහාර කොටස් ඉවත් කිරීම
  • වේදනා නාශකයක් ලබා ගැනීම (Over-the-counter (OTC) pain reliever) උදා - ibrufen. මෙහිදී ඇස්ප්‍රීන් හෝ වෙනත් වේදනා නාශකයක් දත මත තැබීමෙන් වැලකීමට සැලකිලිමත් විය යුතුය.
  • අයිස් යෙදවුමක් කම්මුලට පිටතින් යෙදීම (විශේෂයෙන් දතක භග්නයක් ඇති අවස්ථාවක දී)
  • ලුණු වතුරින් කට සේදීම
  • අයිස් වතුරින් කට සේදීම

 

කෙසේ නමුත් පහත අවස්ථාවලදී වහාම දන්ත වෛද්‍යවරයෙකුගේ ප්‍රථිකාර වෙතට යොමු වීම ඉතා වැදගත් වේ.
  • දිනකට හෝ දෙකකට වඩා පවතින දත් කැක්කුමක්
  • උණ
  • ආසාදනයක ලක්ෂණ උදා-ඉදිමීම, සපනවිට ඇතිවන වේදනාව, විදුරුමහ රතු වීම, සැරව ගැලීම
  • හුස්ම ගැනීමේ හෝ ගිලීමේ අපහසුතා

Friday, May 31, 2019

Here's what you need to know about Type 1 diabetes




  • This is a chronic condition also known as juvenile diabetes or insulin-dependent diabetes (insulin-dependent).
  • In this condition, the pancreas produce only a little insulin or no insulin at all.
  • Mostly it is genetic but some viruses are also capable.
  • The disease often occurs in childhood or early adulthood.
  • There are no drugs to cure this conditions, 
  • The goal is to reduce the risk of complications by controlling blood sugar levels.
  •  Insulin therapy, dieting, and lifestyle control are used to control the disease.  

Symptoms
Symptoms are usually sudden or onset.
Among them,
  1. Thirst,
  2. Increased frequency of urination,
  3. Sleeplessness at night in children,
  4. Excessive and unusual hunger,
  5. Weight loss without a cause,
  6. Mood changes and irritability,
  7. Feeling of tiredness and weak, and
  8. Poor eyesight
 are most common.

If any of the above symptoms are noticed, please seek medical attention as soon as possible.


Scroll down for the sinhala translation.


  • මෙය juvenile diabetes හෝ  insulin-dependent diabetes (ඉන්සියුලින් මතම යැපෙන) යන නම් වලිනුත් හැඳින්වෙන කාලීන (Chronic) රෝගී තත්වයකි.
  • මෙම රෝගයේදී අග්න්‍යාශය (Pancreas) මඟින් ඉන්සියුලින් ස්‍රාවය අවම වීම හෝ කිසිසේත් සිදු නොවීම සිදු වේ. 
  • මේ රෝගී තත්වය ජානමය හේතු (පරම්පරාවෙන් පරම්පරාවට එන) හෝ සමහර වෛරස් වර්ග වල බලපෑම් නිසා ඇතිවිය හැක.
  • මෙම රෝගය බොහෝවිට ඇතිවන්නේ ළමා කාලයේදී හෝ ගැටවර අවධියේදී උවත් සමහර විටක වැඩිහිටි අවධියේදී උවත් ඇතිවිය හැක.
  • මෙම රෝගී තත්වය් සම්පූර්ණයෙන්ම සුව කිරීමට ඖෂධ නොමැති අතර ප්‍රතිකාරවල අරමුණ වන්නේ රුධිරගත් සීනි මට්ටම පාලනය කිරීම මඟින් ඇතිවිය හැකි සංකූලතා අවම කිරීමයි. ඒ සඳහා ඉන්සියුලින් ප්‍රතිකාරය, ආහාර පාලනය හා ජීවන රටාව පාලනය කිරීම යන ක්‍රමවේද භාවිතා වේ.  

රෝග ලක්ෂණ
රෝග ලක්ෂණ බොහෝවිට හදිසියේ හෝ එක්වරම ඇති වේ.
ඒවා අතර,
  1. පිපාසය,
  2. මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම,
  3. රාත්‍රී කාලයේදී ඇඳ නොතෙමූ දරුවන් එසේ කිරීම,
  4. අධික හා අසාමාන්‍ය කුසගින්න,
  5. හේතුවක් නොමැතිව බර අඩු වීම,
  6. මනෝභාවයන් වෙනස් වීම හා උද්දීප්‍යතාවය (mood changes and irritability),
  7. වෙහෙස හා දුර්වල වීම,
  8. ඇස් පෙනීම දුර්වල වීම වැනි ලක්ෂණ බහුලව දැකිය හැක.

ඉහත ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවීම සිදුකල යුතු වේ.

Saturday, April 6, 2019

Preventing tips from harsh UV rays (Harsh SUN)....දැඩි හිරු එලියෙන් මිදෙන්නේ මෙහෙමයි!

Preventing tips from harsh UV rays (Harsh SUN)….


Increased exposure to ultraviolet radiation also increases the risk of skin cancer. It also poses a risk of sun burns.

We receive ultraviolet light, mainly from the sun. We can't always stay inside even though the best way to protect the  skin from these harmful rays is to stay in the shade. So, we have to use a;alternative methods to prevent our skin from harsh UV rays.

Here are some of those alternatives, 
  • Wearing a top / shirt  which can cover the skin properly,
  • Wearing a hat,
  • Wear high-quality sunglasses that cover the eyes and surrounding skin of the eyes,
  • Using a recommended sunscreen,
.

It is also important to spend as much as time as possible indoors, when the sun's rays are hitting the ground harder (usually between 10am and 4pm). There is a simple test that can determine how violent the sun's rays are. If your shadow is shorter than your height, the sun rays are harsher and more aggressive. .

 

The sun's rays are capable of burning your skin; even when you're near a water reservoir or at the beach, ultraviolet rays are the most harmful. Keep in mind that exposure to UV rays  can damage your skin beyond your imagination.

Even when you're in a vehicle, these rays can cause damage to your skin. Tinting of the car's glass can reduce that risk to some extent. It is also important to keep as distance as possible from windows  to avoid direct sunlight.

Clothes

When choosing cloths, it is important to choose appropriate cloths that covers the body as much as possible. Ex-shirts with long sleeves, long pants. You should also be concerned about choosing darker clothes rather than lighter once when the sun is too hot. 

High quality apparels are capable of protecting our skin from harsh UV rays. The level of protection of a clothing item can actually be measured. It is measured by a unit called the UPF or UV protection factor value. The value is usually between 15 and 50+ for most cloths. So check it out before you buy.

Sunscreen


Sunscreens can also protect your skin. But it is not a complete protection against UV rays. Especially when exposed to the sun for a longer periods of time , the protection it provides fades away with the time. But in case you can't cover up and don't have appropriate clothing, sunscreen coatings can be a very effective alternative.
It is also important to choose a sunscreen cream that have a UVF value of 30 or higher and provide protection from both UVA and UVB rays.



It is also very important to follow all the instructions given in the user manual. 

Choosing a hat



The edge should be at least 2 or 3 inches wide. A good hat can protect your eyes, ears, forehead, nose and head from harsh sun rays. Also, it is very important to choose a dark colored and high quality non-transparent hat.

Sunglasses

Chose a high quality sun glass which is capable of blocking UV rays. Such a glass can protect your eyes as well as your senses from harsh sunlight. A high quality sunglass can prevent UVA and UVB rays up to 100%. So before purchasing a sun glass, make sure to check the label for "UV absorption up to 400 nm" or "Meets ANSI UV requirements". Sunglasses labeled "cosmetic" can divert up to 70% of UV radiation. However, there is no guarantee of the safety of a sunglass that does not include any of these information.

We cannot guarantee that just because the sunglass is dark, it does block ultraviolet rays. In fact, the protection against ultraviolet light is caused by a colorless chemical that is applied on the lenses of the sunglass. Therefore, the degree of protection against ultraviolet radiation of a sunglasses cannot be determined by its color.


Take special care of children


Parents should be more concerned about the safety of their young children, because their skins are more sensitive, they are more likely to be exposed and on the other hand they are not aware of the harm caused by the sun's rays.


Children younger than 6 months should not be exposed to sunlight at all.

Vitamin D

Human kin naturally produces vitamin D when exposed to the sun. The amount produced depends on number of factors such as the age, the skin color, and the thickness of the sun rays. However, when the sun is too hot, it is wise to use alternative methods to get the vitamin D requirement.


Scroll down for the sinhala translation.



මේ දිනවල අපේ රටට ඉර මුදුන් වෙනවා. ඒ කියන්නෙ ඉර අව්ව එක්ක එන පාරජම්බුල කිරණ වලට අපි තදින්ම නිරාවරණය වෙනවා. පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම වැඩි වීම සම මත පිළිකා ඇතිවීමේ අවධානමත් ඉහල නංවනවා. ඒ වගේම ඒ මඟින් පිලිස්සීම් (sun burns) ඇති වීමේ අවධානමකුත් පවතිනවා.

පාරජම්බුල කිරණ අපිට ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ඉර එලියත් එක්ක. එහෙම කියලා අපිට ඉර එලියෙන් ආරක්ෂාවෙන්න ගේ ඇතුලටම වෙලා ඉන්නත් බැහැනෙ. මේ අහිතකර කිරණවලින් මිදෙන්න තියෙන හොඳම උපක්‍රමය හෙවනකට වෙලා ඉන්න එක උනත් ඒක ප්‍රායෝගික නොවන උපක්‍රමයක් නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් වඩාත්ම ප්‍රායෝගික උපක්‍රම කිහිපයක් ගැන සොයා බැලීම ඉතා වැදගත්.

  • සම හොඳින් ආවරණය වන පරිදි උඩුකය වැස්මක්/කමිසයක් හැඳ ගැනීම,
  • ඉදිරිපසින් පමණක් නොව වටේටම දාරයක් සහිත හැට් එකක් පැලඳ ගැනීම,
  • අක්ෂි හා ඒ වටා සම ආවරණය වන පරිදි ගුණාත්මක භාවයෙන් ඉහල අව් කණ්නාඩි කුට්ටමක් ( Sunglasses) පැලඳ ගැනීම,
  • නිර්දේශිත, හිරු එලියෙන් සම සුරකින ආලේපණයක් (Sunscreen) භාවිතා කිරීම,
මේ අතරින් ප්‍රධාන වෙනවා.

එසේම හිරු කිරණ වඩාත් ප්‍රචණ්ඩව පොලොවට පතිතවන කාලය තුලදී (සාමාණ්‍යයෙන් උදෑසන 10ත් සවස 4ත් අතර කාලය)හැකිතාක් නිවෙස්තුල හෝ ආවරණ තුල කාලය ගත කිරීමත් ඉතා වැදගත්. හිරු කිරණ කොතරම් දුරට ප්‍රචණ්ඩ විය හැකිදැයි සෙවිය හැකි සරල පරීක්ෂණයක් තිබෙනවා. ඔබේ සෙවනැල්ල ඔබට වඩා උසින් අඩුනම් ඉන් කියවෙන්නේ හිරු කිරණ වඩාත් තදින් පොළවට පතිතවන වග.

 

මේ දිනවල පවතින අධික හිරු කිරණ නිසා ඔබේ සමේ පිලිස්සුම් පවා ඇතිවිය හැකියි. ඔබ ජලාශයක් හෝ මුහුද අවට සිටින විට පවා පාරාජම්බුල කිරණ නිසා සමට හානි වීමේ අවධානමක් තියනවා. ඇත්තෙන්ම ජලය මගින් හිරු කිරණ පරාවර්ථනය කරන නිසා එම පරාවර්ථිත කිරණ මඟිනුත් ඔබේ  සමට හානිවිය හැකි බැවින් එම අවධානම තවත් ඉහල බව මතක තබා ගන්න. එසේම මෙම කිරණවලට ජලයද විනිවිද යා හැකිනිසා ජලය තුලදී උවත් ඔබේ සමට හානි ගෙන දීමට මෙම කිරණ සමත්.

ඔබ වාහනයක් තුල සිටියදී උවත් මෙම කිරණ මගින් ඔබේ සමට යම් හානියක් ඇතිවීමේ අවදානමක් ඇත. වාහනයේ වීදුරු ටින්ටඩ් කිරීම මගින් එම අවදානම යම්තාක් දුරකට අවම කරගත හැක. එසේම කාර්යාලයේ හෝ නිවසේ සිටින විට ජනෙල් අසල (කෙලින්ම හිරු එලිය පතිත විය හැකි ස්ථාන) සිටීම හැකිතාක් අවම කර ගැනීම ඉතා වැදගත්.

ඇඳුම්

ඇඳුම් තෝරා ගැනිමේදී හැකිතාක් සිරුර ආවරණය වන ආකාරයේ ඇඳුම් තෝරාගැනීම ඉතා වැදගත්. උදා-අත් දිග කමිස, දිග කලිසම්. එසේම අඳුරු පැහැති ඇඳුම් තෝරා ගැනීමටත් මේ දිනවල ඔබ උත්සුක විය යුතුයි. යම් කිසි රෙද්දක් තුලින් බැලූවිට එලිය (light) පෙනේනම් එම රෙද්ද තුලින් හිරු කිරණ පහසුවෙන් ගමන් කරන බවත් මතක තබා ගන්න. එනිසා එවැනි රෙදි වලින් මැසූ ඇඳුම් ඔබට අවශ්‍යය ආරක්ෂාව නොසපයන බවත් මතක තබා ගන්න.

තත්වයෙන් උසස් ඇඟලුම් නිපදවන ආයතන එම ඇඳුම් සතුව පවතින පාරජම්බුල කිරණ මඟින් සම ආරක්ෂා කිරීමේ හැකියාව දක්වා තිබෙනවා. එය මැනෙන්නේ UPF නැතහොත් UV protection factor value ලෙසින් හඳුන්වන ඒකකයක් මඟින්. මෙහි අගය සාමාන්‍යයෙන් 15ත් 50+ අතර වනවා. එම අගය ඉහල ඇඟලුම් තෝරා ගැනීමට මේ අවුරුදු සමයේ ඔබ අමතක කරන්න එපා.

Sunscreen


මේ වර්ගයේ ආලේපන මගිනුත් ඔබේ සමට යම් ආර්ක්ෂාවක් ලබා ගත හැකියි. නමුත් එය පරිපූර්ණ ආරක්ෂාවක් නොවන අතර එමගින් සියලු පාරජම්බුල කිරණ වලකා ලීමක් සිදු නොවේ. විශේෂයෙන් දීර්ඝ කාලයක් හිරු එලියට නිරාවරණය වන අවස්ථාවක මෙමගින් ඇතිකරන ආරක්ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නැත. නමුත් ඔබට ආවරණයක් තුල සිටීමට නොහැකි හා සුදුසු ඇඟලුම් නොමැති විටකදී යම් ආරක්ෂාවක් ලබා ගැනීමට සුදුසු උපක්‍රමයක් ලෙසට sunscreen ආලේපණ භාවිතාකල හැක.

මෙවැනි ආලේපනයක් තෝරා ගැනීමේදී UVF අගය 30ක් හෝ ඊට වැඩි අගයක් ගන්නා සහ UVA සහ UVB යන කිරණ වර්ග දෙකෙන්ම ආරක්ෂාව සපයන ආලේපණ වර්ගයක් තෝරා ගැනීමත් ඉතා වැදගත්.



එසේම sunscreen ආලේපන භාවිතා කිරීමේදී දී ඇති උපදෙස් අකුරටම පිලිපැදීමත් ඉතා වැදගත්. ඒවා නිසිලෙස ආලේපනය නොකලහොත් ඔබ බලාපොරොත්තුවන ආරක්ෂාව ඔබට නොලැබී යා හැකිබව මතක තබා ගන්න.

හැට් එක තෝරා ගැනීම



මෙහි වාටිය අවම වශයෙන් අඟල් 2ක් හෝ 3ක් වත් පළල් විය යුතුයි. මෙවැනි හැට් එකක් මඟින් ඇස්, කන්, නළල, නාසය හා හිස දැඩි හිරු කිරණවලින් ආරක්ෂාකරගත හැකියි. එසේම අඳුරු පැහැති හා තත්වයෙන් උසස් විනිවිද නොපෙනෙන හැට් එකක් තෝරා ගැනීමත් ඉතා වැදගත්.

Sunglasses

අවු කණ්නාඩි තෝරා ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ පාරජම්බුල කිරණවලට ප්‍රතිරෝධී අවු කණ්නාඩියක් තෝරා ගැනීමයි. එමගින් ඔබේ ඇස මෙන්ම ඇසවටා ඇති සංවේදී සමත් දැඩි හිරු කිරණින් ආරක්ෂා කරගත් හැකියි. වඩාත් ගුණාත්මක අවු කණ්නාඩියකට UVA  හා UVB කිරණ 99% සිට 100% දක්වා ප්‍රමාණයක් වලකාලිය හැකියි.එනිසා ඔබ මිලදී ගන්නේ එවැනි අව් කණ්නාඩියක් බවට වග බලා ගැනීම ඉතා වැදගත්. එනිසා මිලදී ගැනීමට පෙර ලෙබලයේ "UV absorption up to 400 nm"  ලෙසට හෝ "Meets ANSI UV Requirements" ලෙසට හෝ සටහන්ව ඇත්දැයි බලන්න අමතක නොකල යුතුයි. "cosmetic"  ලෙසට ලේබල්ගත් අව් කණ්නාඩිවලට පාරජම්බුල කිරණ 70% පමණ හරවා යැවිය හැක. කෙසේ නමුත් මේ කිසිවක් සඳහන් නොවන අව් කණ්නාඩියකින් ලැබෙන ආරක්ෂාව පිළිබඳ කිසිදු සහතිකයක් ලබාදිය නොහැක.

අව් කණ්නාඩිය අඳුරු පැහැ වූ පමණින එමගින් පාරජම්බුල කිරණ වලක්වන බවට අපට සහතික විය නොහැක. ඇත්තෙන්ම පාරජම්බුල කිරණවලට එරෙහිව ලබාදෙන ආරක්ෂාවට හේතු වන්නේ කණ්නාඩියේ ලෙන්සයන් මත ආලේප කරන අවර්ණ රසායණිකයක්. එනිසා අව් කණ්නාඩියේ පාරජම්බුල කිරණවලට එරෙහි ආරක්ෂාවේ ප්‍රමාණය එහි වර්ණයෙන් තීරණයකල නොහැකියි.

එසේම ප්‍රමාණයෙන් විශාල අව්කණ්නාඩියක් තෝරා ගැනීමෙන් ඔබේ ඇසට හා ඇස අවට ප්‍රදේශයට වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකියි. දරුවන් සඳහා අව් කණ්නාඩි තෝරා ගැනීමේදී වැඩිහිටි අව් කණ්නාඩිවලම කුඩා ප්‍රමාණයේ අව් කණ්නාඩි මිලදී ගත යුතු අතර සෙල්ලම් අව් කණ්නාඩි මඟින් ඔවුන්ගේ ඇස් වලට කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැති බවද මතක තබා ගැනීම ඉතා වැදගත්.

සාමාන්‍යයෙන් අක්ෂි රෝග වලට පලඳින සාමාන්‍ය කණ්නාඩි හා ලෙන්සයන් නිපදවනු ලබන්නේ පාරජම්බුල කිරණවලට ප්‍රතිරෝධීවන ලෙසටයි. නමුත් ලෙන්සයන් මගින් පමනක් ඇසේ සියළු කොටස් හා ඇස අවට සමට ආරක්ෂාවක් ලැබෙන්නේ නැත.

දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න


දරුවන්ගේ සම වඩාත් සංවේදී නිසාත්, ඔවුන් බොහෝවිට එලිමහනේ සිටීමට වැඩි කැමැත්තක් දක්වන නිසාත් එසේම හිරු කිරණින් විය හැකි හානිය පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසාත් දෙමාපියන් හා වැඩි හිටියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.


මාස 6කට වඩා වයසින් අඩු දරුවන් එක එල්ලේ හිරු එළියට නිරාවරණය කිරීම කිසිසේත්ම නොකල යුතුය.

විටමින් D

හිරු එලියට නිරාවරණය වූ විට ඔබේ සම මඟින් ස්වාභාවිකවම විටමින් ඩී නිපදවනු ලබයි. නිපදවන ප්‍රමාණය ඔබේ වයස, සමේ පැහැය හා හිරු එලියේ ස්වාභාවය වැනි විවිධ කරුණු කීපයක් මත රඳා පවතී. කෙසේ නමුත් මේ දිනවලනම් විටමින් ඩී ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රම භාවිතා කිරීමට වග බලාගත යුතුයි. ඒ සඳහා ආහාර හා විටමින් ඩී අතිරේකයන් (Vitamin D suppliments) භාවිතා කිරීම වඩාත් නුවණට හුරුයි.

Thursday, March 21, 2019

ක්‍රියැටිනීන් ගැන ඇත්ත මෙන්න...All about serum creatinine..






රුධිරගත ක්‍රියැටිනීන් පරීක්ෂණය වැදගත් වන්නේ ඇයි?

මෙම පරීක්ෂණය මගින් මැන බැලෙන්නේ රුධිරයේ අඩංගු ක්‍රියැටිනීන් මට්ටමයි. ක්‍රියැටිනීන් යනු මාංශ පේශී වල අඩංගු සංඝටකයක් වන අතර ඒවා බිඳ වැටීමේදී රුධිරයට එක්වන ක්‍රියැටිනීන් සංඝටක ප්‍රමාණය මැන බැලීම මෙම රුධිර පරීක්ෂණයෙන් මූලිකවම සිදු වේ. රුධිරයේ ක්‍රියැටිනීන් මට්ටම කියවීම මඟින් ඔබේ වෛද්‍යවරයාට ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික අදහසක් ලබාගත හැකිවීම මෙම පරීක්ෂණයේ ඇති මූලිකම වැදගත්කමයි.

සෑම වකුගඩුවකම නෙප්‍රෝන (nephrons) ලෙසින් හඳුන්වන රුධිර පෙරහන් මිලියන ගණනක් අඩංගු වන අතර මේවා මඟින් ගුච්ඡිකා (glomeruli) නමින් හඳුන්වන ඉතා තුනී රුධිර කේෂ නාලිකා ගොණු හරහා නිරන්තරයෙන් රුධිරය පෙරා පිරිසිදු කිරීමේ කාර්‍යය සිදු වේ. මෙම ක්‍රියාවලිය මඟින් රුධිරයේ අඩංගු බහිස්‍රාවී අපද්‍රව්‍ය, අමතර ජලය හා වෙනත් අපවිත්‍ර දෑ පෙරා හැරීම සිදු වේ. මෙසේ පෙරා හැරෙන විෂ මුත්‍රාශය තුල ගබඩා කෙරෙන අතර පසුව මුත්‍රා මඟින් සිරුරෙන් ඉවත් කෙරේ.

ක්‍රියැටිනීන් ද මෙලෙස අපගේ වකුගඩු මඟින් සාමාන්‍යයෙන් ඉවත් කෙරෙන බහිස්‍රාවී අපද්‍රව්‍යයකි. එනිසා වෛද්‍යවරු, රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අපගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමේ සාධකයක් ලෙස උපයෝගීකර ගනිති. රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාම වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමක් හෝ වකුගඩුවලට හානි සිදු වී තිබීමක් පෙන්නුම් කරනවා විය හැක.

කෙසේ නමුත් වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමට මෙම පරීක්ෂණයට සමගාමීව වෙනත් පරීක්ෂණ කිහිපයක් ද ඇතැම්විට වෛද්‍යවරයා විසින් නියමකරනු ඇත.

පහත දැක්වෙන්නේ වකුගඩු රෝගී වීමකදී පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝග ලක්ෂණ වන අතර එවැනි රෝග ලක්ෂණ කීපයක් ඔබව පෙලයි නම් බොහෝ විට ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදුවනු ඇත.

  • වෙහෙස සහ නින්ද අපහසු වීම
  • කෑම අරුචිය
  • මුහුණ, වළලුකර, මැණික් කටුව හා/හෝ උදර ප්‍රදේශය ඉදිමීම
  • කොන්දේ පහල ප්‍රදේශයේ (වකුගඩු ආශ්‍රිතව) ඇතිවන කැක්කුම
  • මුත්‍රා පිටවීමේ හෝ පිටවන වාර ගණනේ ඇතිවන වෙනස්කම්
  • අධි රුධිර පීඩනය
  • ඔක්කාරය
  • වමනය

වකුගඩු ආශ්‍රිතව පැන නඟින ගැටළුවලට බලපෑහැකි රෝගී තත්ව ගණනාවක් පවතින අතර පහත දැක්වෙන්නේ එවායින් සමහරකි.

  • glomerulonephritis ගුච්ඡිකාවලට සිදුවන යම් හානියක් නිසා ඒවායේ ඇතිවන ප්‍රදාහ තත්වයක් (inflammation) මෙලෙස හැඳින් වේ.
  • pyelonephritis වකුගඩු ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියාමය ආසාදනයකි.
  • පුර්ස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝග උදා- enlarged prostate (මෙහිදී පුරස්ථිත ග්‍රන්ථි ඉදිමී සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම සිදු වේ.)
  • මුතා මාර්ගයේ (Urinary tract) ඇතිවන අවහිර වීම් උදා- වඩුගඩු ගල් (Kidney stones) නිසා
  • වකුගඩුවලට ඇති රුධිර සැපයුම අඩාල වීම (සංවයන හෘද අකරණි තත්වයකදී (congestive heart failure), දියවැඩියා රෝගී තත්වයේදී මෙන්ම තදබල ලෙසට සිදුවන විජලනය වීමකදී මෙවැනි තත්වයක් ඇතිවිය හැක)
  • වකුගඩු සෛල විනාශ වීම උදා- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා
  • ස්ට්‍රෙප්ටොකොකල් ආසාදන උදා- poststreptococcal glomerulonephritis
  • ඇතැම් ඖෂධවර්ග නිසාද (Aminoglycoside ඖෂධ උදා-ජෙන්ටාමයිසීන් (Gentamicin) ) සමහර පුද්ගලයන්ගේ වකුගඩු සෛල විනාශ වීම සිදුවිය හැක. මෙවැනි ඖෂධ වර්ග භාවිතා කරන රෝගීන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවතින්නේදැයි බැලීමට වෛද්‍යවරු වරින්වර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදු කරති.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණය සඳහා සූදානම් වීම

මූලිකවම කිව යුත්තේ මේ සඳහා අමුතු සූදානම් වීමක් අනවශ්‍යය බවයි.
කෙසේ නමුත් ඔබ ගන්නා ඇතැම් ඖෂධ වර්ග නිසා (වකුගඩුවල්ට හානියක් නොවුනත්) ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කර තැබීම කලයුතු වේ.
උදා- cimetidine (Tagamet, Tagamet HB),
 nonsteroidal anti-inflammatory drugs (NSAIDs) ඇස්ප්‍රීන්, බෲෆන් (Ibrufen)  
chemotherapy drugs - පිළිකා මර්ධනයට උපයෝගී කරගනී
cephalosporin antibiotics - cephalexin (Keflex),cefuroxime (Ceftin)  වැනි

ඇතැම් විට මෙවැනි ඖෂධ වර්ගයක් රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රථම තාවකාලිකව නවතාලීමට හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට හෝ වෛද්‍යවරයා විසින් පියවර ගනු ලැබිය හැක. කෙසේ නමුත් ඔබ මේ ඖෂධ භාවිතා කරනෙක් නම් ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පිළිබඳ තිරණය කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳවද අවදානයක් යොමු කරනු ඇත. එනිසා ඔබ ගන්නා යම් ඖෂධ වර්ගයක් වේ නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවයා දැනුවත් කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතු ය.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණයට සාම්පලය ලබා ගැනීම

මෙය ඉතා සරල පරීක්ෂණයක් බැවින් අව්ශ්‍යය වන්නේ ඉතා කුඩා ලේ සාම්පලයක් සිරුරෙන් ලබා ගැනීම පමණක් වේ.  සාම්පලය ලබා ගැනීම සඳහා ඔබේ අත වටා පටියක් බඳින අතර එනිසා ශිරාවල රුධිරය එක් රැස් වීමෙන් පහසුවෙන් රුධිරය ලබා ගැනීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රුධිර සාම්පලය ලබා ගන්නා තැනැත්තාට හැකියාව ලැබේ. සුදුසු ස්ථානයක් තෝරාගත් පසු ඔහු/ඇය විසින් සුදුසු විෂබීජ මර්ධන මාධ්‍යයක් උදා-සර්ජිකල් ස්පිරිට් යොදා එම ස්ථානය පිරිසිදු කර කුඩා සිලින්ජරයකට එම රුධිර සාම්පලය ලබා ගනු ඇත. එහිදී ඔබට ඉතාම කුඩා වේදනාවක් පමණක් දැනෙනු ඇත.


මෙම  පරීක්ෂණය නිසා ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ නොසලකා හැරිය හැකි තරම් අවම මට්ටමක පවතී. කෙසේ නමුත්,
  • රුධිරය දැකීම නිසා ක්ලාන්තය ඇතිවීම,
  • කරකැවිල්ල
  • රුධිරය ලබාගත් ස්ථානයේ රතුවීමක් හෝ සම තුවාල වීමක් සිදුවීම
  • තැල්ම
  • වේදනාව    හෝ
  • ඉතා කලාතුරකින් ආසාදනය වීම වැනි අතුරු ආබාධයක් ඇති වීමේ ඉතා සුළු අවධානමක් මේ පරීක්ෂණය හා ගොණුව පවතී.

මෙසේ එක් රැස් කරගන්නා රුධිර සාම්පලය සුදුසු බඳුනක බහා පරීක්ෂණය සඳහා රසායනාගාරයට යැවීම මේ පරික්ෂණයේ මීළඟ පියවර වේ.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමෙන් කියවෙන්නේ කුමක් ද?

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් මනිනු ලබන්නෙ රුධිරය ඩෙසිලීටරයක ක්‍රියැටිනීන් මිලිග්‍රෑම් කොපමණක් තිබේ ද යන ආකාරයටයි. (mg/dL).
සිරුරේ මාංශ පේශී බහුල එනම් වඩාත් මහත දෙහෙත පුද්ගලයන්ගේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් ඉහල අගයක් ගනී. එසේම රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පුද්ගලයාගේ වයස හා ස්ත්‍රී පුරුෂ භාවය යන සාධක මතද රඳා පවතී.

මේ සාධක සියල්ල කැටිකර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමේ සාමාන්‍යය අගය පුරුෂයන් සඳහා 0.9 - 1.3 mg/dL ලෙසද කාන්තාවන් සඳහා 0.6 - 1.1m/dL ලෙස ද ගණන් බලා ඇත.

ක්‍රියැටිනීන් මට්ටම රුධිරයේ ඉහල යාම බොහෝ විට පෙන්නුම් කරණු ලබන්නේ වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකරන බවයි.

එසේම,
  • මුත්‍රා මාර්ගය අවහිර වීම,
  • ප්‍රෝටීන් අධික ආහාරයක් ගැනීම,
  • විජලනය,
  • වකුගඩුවල ප්‍රශ්ණ උදා-වකුගඩුවලට හානි වීම, ආසාදන
  • ප්‍රහාරය (shock),හදවතේ ක්‍රියාකාරීත්වය අඩපන වීම හෝ දියවැඩියා රෝගයේ යම් සංකූලතාවයක් නිසා වකුගඩු කරා පැමිණෙන රුධිර පරිමාව අඩු වීම
වැනි තත්ව වලදීද රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතී.

කෙසේ නමුත් ඔබේ ක්‍රියැටිනීන් මට්ට්ම ඉහල යාමට හේතු වූ සැබෑ කාරණය වකුගඩු තීව්‍ර හෝ කාලීන (acute or chronic) වකුගඩු හානී වීමක් නම්, එම ප්‍රශ්ණය නිවැරදිව හඳුනාගෙන එය නිවැරදි කරන තෙක්ම ක්‍රියැටිනීන් මට්ටම පහල නොයනු ඇත. එසේම ඉහත වෙනත් හේතුවක් නිසා ක්‍රියැටිනින් මට්ටම ඉහල ගිය අවස්තා වලදීද එම තත්වය නිවරදි කරන තෙක් ක්‍රියැටිනීන් මට්ටම වෙනස් නොවේ.

නියමිත මට්ටම්ට ව්ඩා රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අඩු වීම ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්වයකි. එයට බොහෝවිට හේතු වන්නේ යම් තත්වයක් නිසා සිරුරේ මාංශ පේශී ක්ෂය වී යාමයි.

රුධිරගත ක්‍රියැට්නීන් මට්ට්ම අඩංගු වාර්ථාව ඔබ අතට පත් වූ පසු අනිවාර්‍යයෙන්ම කලයුත්ත නම් එය වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂාකරවා ගැනීමයි. ක්‍රියැටිනීන් මට්ටමේ යම් වෙනසක් තිබේනම් ඒ පිළිබඳව වඩාත් නිවැරදිව ඔබට පිහිට විය හැක්කේ ඔබේ වෛද්‍යවරයාටයි.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...