Thursday, March 21, 2019

ක්‍රියැටිනීන් ගැන ඇත්ත මෙන්න...All about serum creatinine..






රුධිරගත ක්‍රියැටිනීන් පරීක්ෂණය වැදගත් වන්නේ ඇයි?

මෙම පරීක්ෂණය මගින් මැන බැලෙන්නේ රුධිරයේ අඩංගු ක්‍රියැටිනීන් මට්ටමයි. ක්‍රියැටිනීන් යනු මාංශ පේශී වල අඩංගු සංඝටකයක් වන අතර ඒවා බිඳ වැටීමේදී රුධිරයට එක්වන ක්‍රියැටිනීන් සංඝටක ප්‍රමාණය මැන බැලීම මෙම රුධිර පරීක්ෂණයෙන් මූලිකවම සිදු වේ. රුධිරයේ ක්‍රියැටිනීන් මට්ටම කියවීම මඟින් ඔබේ වෛද්‍යවරයාට ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික අදහසක් ලබාගත හැකිවීම මෙම පරීක්ෂණයේ ඇති මූලිකම වැදගත්කමයි.

සෑම වකුගඩුවකම නෙප්‍රෝන (nephrons) ලෙසින් හඳුන්වන රුධිර පෙරහන් මිලියන ගණනක් අඩංගු වන අතර මේවා මඟින් ගුච්ඡිකා (glomeruli) නමින් හඳුන්වන ඉතා තුනී රුධිර කේෂ නාලිකා ගොණු හරහා නිරන්තරයෙන් රුධිරය පෙරා පිරිසිදු කිරීමේ කාර්‍යය සිදු වේ. මෙම ක්‍රියාවලිය මඟින් රුධිරයේ අඩංගු බහිස්‍රාවී අපද්‍රව්‍ය, අමතර ජලය හා වෙනත් අපවිත්‍ර දෑ පෙරා හැරීම සිදු වේ. මෙසේ පෙරා හැරෙන විෂ මුත්‍රාශය තුල ගබඩා කෙරෙන අතර පසුව මුත්‍රා මඟින් සිරුරෙන් ඉවත් කෙරේ.

ක්‍රියැටිනීන් ද මෙලෙස අපගේ වකුගඩු මඟින් සාමාන්‍යයෙන් ඉවත් කෙරෙන බහිස්‍රාවී අපද්‍රව්‍යයකි. එනිසා වෛද්‍යවරු, රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අපගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමේ සාධකයක් ලෙස උපයෝගීකර ගනිති. රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාම වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමක් හෝ වකුගඩුවලට හානි සිදු වී තිබීමක් පෙන්නුම් කරනවා විය හැක.

කෙසේ නමුත් වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමට මෙම පරීක්ෂණයට සමගාමීව වෙනත් පරීක්ෂණ කිහිපයක් ද ඇතැම්විට වෛද්‍යවරයා විසින් නියමකරනු ඇත.

පහත දැක්වෙන්නේ වකුගඩු රෝගී වීමකදී පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝග ලක්ෂණ වන අතර එවැනි රෝග ලක්ෂණ කීපයක් ඔබව පෙලයි නම් බොහෝ විට ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදුවනු ඇත.

  • වෙහෙස සහ නින්ද අපහසු වීම
  • කෑම අරුචිය
  • මුහුණ, වළලුකර, මැණික් කටුව හා/හෝ උදර ප්‍රදේශය ඉදිමීම
  • කොන්දේ පහල ප්‍රදේශයේ (වකුගඩු ආශ්‍රිතව) ඇතිවන කැක්කුම
  • මුත්‍රා පිටවීමේ හෝ පිටවන වාර ගණනේ ඇතිවන වෙනස්කම්
  • අධි රුධිර පීඩනය
  • ඔක්කාරය
  • වමනය

වකුගඩු ආශ්‍රිතව පැන නඟින ගැටළුවලට බලපෑහැකි රෝගී තත්ව ගණනාවක් පවතින අතර පහත දැක්වෙන්නේ එවායින් සමහරකි.

  • glomerulonephritis ගුච්ඡිකාවලට සිදුවන යම් හානියක් නිසා ඒවායේ ඇතිවන ප්‍රදාහ තත්වයක් (inflammation) මෙලෙස හැඳින් වේ.
  • pyelonephritis වකුගඩු ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියාමය ආසාදනයකි.
  • පුර්ස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝග උදා- enlarged prostate (මෙහිදී පුරස්ථිත ග්‍රන්ථි ඉදිමී සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම සිදු වේ.)
  • මුතා මාර්ගයේ (Urinary tract) ඇතිවන අවහිර වීම් උදා- වඩුගඩු ගල් (Kidney stones) නිසා
  • වකුගඩුවලට ඇති රුධිර සැපයුම අඩාල වීම (සංවයන හෘද අකරණි තත්වයකදී (congestive heart failure), දියවැඩියා රෝගී තත්වයේදී මෙන්ම තදබල ලෙසට සිදුවන විජලනය වීමකදී මෙවැනි තත්වයක් ඇතිවිය හැක)
  • වකුගඩු සෛල විනාශ වීම උදා- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා
  • ස්ට්‍රෙප්ටොකොකල් ආසාදන උදා- poststreptococcal glomerulonephritis
  • ඇතැම් ඖෂධවර්ග නිසාද (Aminoglycoside ඖෂධ උදා-ජෙන්ටාමයිසීන් (Gentamicin) ) සමහර පුද්ගලයන්ගේ වකුගඩු සෛල විනාශ වීම සිදුවිය හැක. මෙවැනි ඖෂධ වර්ග භාවිතා කරන රෝගීන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවතින්නේදැයි බැලීමට වෛද්‍යවරු වරින්වර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදු කරති.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණය සඳහා සූදානම් වීම

මූලිකවම කිව යුත්තේ මේ සඳහා අමුතු සූදානම් වීමක් අනවශ්‍යය බවයි.
කෙසේ නමුත් ඔබ ගන්නා ඇතැම් ඖෂධ වර්ග නිසා (වකුගඩුවල්ට හානියක් නොවුනත්) ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කර තැබීම කලයුතු වේ.
උදා- cimetidine (Tagamet, Tagamet HB),
 nonsteroidal anti-inflammatory drugs (NSAIDs) ඇස්ප්‍රීන්, බෲෆන් (Ibrufen)  
chemotherapy drugs - පිළිකා මර්ධනයට උපයෝගී කරගනී
cephalosporin antibiotics - cephalexin (Keflex),cefuroxime (Ceftin)  වැනි

ඇතැම් විට මෙවැනි ඖෂධ වර්ගයක් රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රථම තාවකාලිකව නවතාලීමට හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට හෝ වෛද්‍යවරයා විසින් පියවර ගනු ලැබිය හැක. කෙසේ නමුත් ඔබ මේ ඖෂධ භාවිතා කරනෙක් නම් ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පිළිබඳ තිරණය කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳවද අවදානයක් යොමු කරනු ඇත. එනිසා ඔබ ගන්නා යම් ඖෂධ වර්ගයක් වේ නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවයා දැනුවත් කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතු ය.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණයට සාම්පලය ලබා ගැනීම

මෙය ඉතා සරල පරීක්ෂණයක් බැවින් අව්ශ්‍යය වන්නේ ඉතා කුඩා ලේ සාම්පලයක් සිරුරෙන් ලබා ගැනීම පමණක් වේ.  සාම්පලය ලබා ගැනීම සඳහා ඔබේ අත වටා පටියක් බඳින අතර එනිසා ශිරාවල රුධිරය එක් රැස් වීමෙන් පහසුවෙන් රුධිරය ලබා ගැනීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රුධිර සාම්පලය ලබා ගන්නා තැනැත්තාට හැකියාව ලැබේ. සුදුසු ස්ථානයක් තෝරාගත් පසු ඔහු/ඇය විසින් සුදුසු විෂබීජ මර්ධන මාධ්‍යයක් උදා-සර්ජිකල් ස්පිරිට් යොදා එම ස්ථානය පිරිසිදු කර කුඩා සිලින්ජරයකට එම රුධිර සාම්පලය ලබා ගනු ඇත. එහිදී ඔබට ඉතාම කුඩා වේදනාවක් පමණක් දැනෙනු ඇත.


මෙම  පරීක්ෂණය නිසා ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ නොසලකා හැරිය හැකි තරම් අවම මට්ටමක පවතී. කෙසේ නමුත්,
  • රුධිරය දැකීම නිසා ක්ලාන්තය ඇතිවීම,
  • කරකැවිල්ල
  • රුධිරය ලබාගත් ස්ථානයේ රතුවීමක් හෝ සම තුවාල වීමක් සිදුවීම
  • තැල්ම
  • වේදනාව    හෝ
  • ඉතා කලාතුරකින් ආසාදනය වීම වැනි අතුරු ආබාධයක් ඇති වීමේ ඉතා සුළු අවධානමක් මේ පරීක්ෂණය හා ගොණුව පවතී.

මෙසේ එක් රැස් කරගන්නා රුධිර සාම්පලය සුදුසු බඳුනක බහා පරීක්ෂණය සඳහා රසායනාගාරයට යැවීම මේ පරික්ෂණයේ මීළඟ පියවර වේ.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමෙන් කියවෙන්නේ කුමක් ද?

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් මනිනු ලබන්නෙ රුධිරය ඩෙසිලීටරයක ක්‍රියැටිනීන් මිලිග්‍රෑම් කොපමණක් තිබේ ද යන ආකාරයටයි. (mg/dL).
සිරුරේ මාංශ පේශී බහුල එනම් වඩාත් මහත දෙහෙත පුද්ගලයන්ගේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් ඉහල අගයක් ගනී. එසේම රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පුද්ගලයාගේ වයස හා ස්ත්‍රී පුරුෂ භාවය යන සාධක මතද රඳා පවතී.

මේ සාධක සියල්ල කැටිකර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමේ සාමාන්‍යය අගය පුරුෂයන් සඳහා 0.9 - 1.3 mg/dL ලෙසද කාන්තාවන් සඳහා 0.6 - 1.1m/dL ලෙස ද ගණන් බලා ඇත.

ක්‍රියැටිනීන් මට්ටම රුධිරයේ ඉහල යාම බොහෝ විට පෙන්නුම් කරණු ලබන්නේ වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකරන බවයි.

එසේම,
  • මුත්‍රා මාර්ගය අවහිර වීම,
  • ප්‍රෝටීන් අධික ආහාරයක් ගැනීම,
  • විජලනය,
  • වකුගඩුවල ප්‍රශ්ණ උදා-වකුගඩුවලට හානි වීම, ආසාදන
  • ප්‍රහාරය (shock),හදවතේ ක්‍රියාකාරීත්වය අඩපන වීම හෝ දියවැඩියා රෝගයේ යම් සංකූලතාවයක් නිසා වකුගඩු කරා පැමිණෙන රුධිර පරිමාව අඩු වීම
වැනි තත්ව වලදීද රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතී.

කෙසේ නමුත් ඔබේ ක්‍රියැටිනීන් මට්ට්ම ඉහල යාමට හේතු වූ සැබෑ කාරණය වකුගඩු තීව්‍ර හෝ කාලීන (acute or chronic) වකුගඩු හානී වීමක් නම්, එම ප්‍රශ්ණය නිවැරදිව හඳුනාගෙන එය නිවැරදි කරන තෙක්ම ක්‍රියැටිනීන් මට්ටම පහල නොයනු ඇත. එසේම ඉහත වෙනත් හේතුවක් නිසා ක්‍රියැටිනින් මට්ටම ඉහල ගිය අවස්තා වලදීද එම තත්වය නිවරදි කරන තෙක් ක්‍රියැටිනීන් මට්ටම වෙනස් නොවේ.

නියමිත මට්ටම්ට ව්ඩා රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අඩු වීම ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්වයකි. එයට බොහෝවිට හේතු වන්නේ යම් තත්වයක් නිසා සිරුරේ මාංශ පේශී ක්ෂය වී යාමයි.

රුධිරගත ක්‍රියැට්නීන් මට්ට්ම අඩංගු වාර්ථාව ඔබ අතට පත් වූ පසු අනිවාර්‍යයෙන්ම කලයුත්ත නම් එය වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂාකරවා ගැනීමයි. ක්‍රියැටිනීන් මට්ටමේ යම් වෙනසක් තිබේනම් ඒ පිළිබඳව වඩාත් නිවැරදිව ඔබට පිහිට විය හැක්කේ ඔබේ වෛද්‍යවරයාටයි.

Thursday, March 7, 2019

All about Triglycerides...


 Triglycerides 

All About Triglycerides



Triglyceride is simply a type of fat in the blood. Margarine, butter, and most other fatty foods we eat are rich in triglycerideIn addition, the extra calories in the foods we eat (especially the extra calories from carbohydrate-rich foods ) are deposited by our body as triglycerides inside fat cells.

Is triglyceride a cholesterol?
The answer is no. But both types fall into the general category of lipids.  

Is triglyceride a good thing?
Yes. Our body needs some amount of triglyceride. Our body story energy as triglyceride for later use. But excessive amount of triglyceride can leads to heart diseases. 

Lipoproteins
Triglycerides cannot travel in the blood alone. Triglyceride need the assistance of lipoproteins to travel in the blood. 

Measuring the amount of triglyceride in the body
This is done my measuring the level of triglyceride in the blood. Before taking a blood sample for this test, some instructions have to be followed. For example, fasting for a certain period of time. Advice is given by the doctor or other health staff members. Along with this test, cholesterol levels are often measured.

lipid profile test
This is also a blood test. It measures the level of good cholesterol (HDL), bad cholesterol (LDL) and triglyceride levels in the blood. This test gives an idea of ​​the risk of of an heart disease for a person. Additional factors, such as the person's eating habits, lifestyle, and family history has to be considered as well. 

This test often requires twelve hours of fasting. This is because blood-triglyceride levels are higher than normal after eating. 

Lipid profile reselt
 If the person fasts for 12 hours, the blood triglyceride levels are as follows,
  • Average value - less than 50 mg / dL (1.7 mmol / L).
  • 150 to 199 mg / dL (1.7-2.2 mmol / L) is slightly risky.
  • 200 to 499 mg / dL (2.3-5.6 mmol / L) risk level.
  • 500 mg / dL (5.6 mmol / L) or more is very risky .

What are the symptoms of increased blood triglyceride levels?
There is no particular symptom. Therefore, it is important to measure the blood triglyceride level periodically. Increased triglyceride levels increase the risk of heart disease, and are associated with other risk factors, such as obesity, high blood pressure, cholesterol, diabetes, and thyroid diseases.

It is therefore important that you consult your family doctor and get a plan of how often you need to do these measurements.

Triglyceride levels are high !!
The first step is to identify the cause. Often you have to make changes to your lifestyle, such as changing in your dietary habits and/or following of a simple exercise routine. But triglyceride levels can also increase due to liver problems, diabetes, and thyroid disorders. 

Is Dieting Important?
Yes, indeed. But there are other factors to consider as well. Triglycerides are also produced inside the  body; foods are not the only source. Often triglycerides are produced inside the body by using extra carbohydrates in the foods you eat. Therefore, it is very important to control the consumption of sugar and flour as well. Also, diets that are high in saturated fat (mostly animal foods) need to be controlled. It is also very important to add vegetables, cereals and good fats (such as olive oil and fish) into your diet .

Weight gain control
Weight loss is also important for controlling triglyceride levels. Losing weight in a few pounds will significantly lower your triglyceride levels.

Exercises
Exercise can also help you to regulate your triglyceride levels. Exercising for at least 30 minutes almost everyday or at least 4 days a week can significantly lower your body's triglyceride levels and raise your body's good cholesterol levels. Exercises which increase heart rate, such as walking, swimming, and dancing, are ideal for this purpose.

liquor?
Alcohol contains a large amount of calories and sugar. Even a small amount of alcohol can significantly increase the triglyceride levels of the body.

Drug therapy
Dieting, exercising, and weight losing are the basic steps. On the other hand drug therapy can also be used to control the triglyceride level in the blood.


Scroll down for the Sinhalese translation.

ට්‍රයිග්ලිසරයිඩ් ගැන නියම ඇත්ත මෙන්න 



ට්‍රයිග්ලිසරයිඩ් කියන්නෙ සරලවම කිව්වොත් ලේ වල අඩංගු මේධ වර්ගයක්. මාගරින්, බටර් වගේම අපි ගන්න බොහොමයක් මේධමය ආහාරවල ට්‍රයිග්ලිසරයිඩ් අඩංගු වෙනවා. එයට අමතරව අපි ගන්න ආහාරවල අඩංගු අතිරේක කැලරි (විශේෂයෙන් පාං, සීනි, රස කැවිලි ඇල්කොහොල් වගේ කාබෝහයිඩ්‍රෙට් අඩංගු ආහාර වලින් ලැබෙන අතිරේක කැලරි ප්‍රමාණයන්) අපේ සිරුර මගින් ට්‍රයිග්ලිසරයිඩ් වලට හරෝල මේධ සෛල තුල තැන්පත් කරනවා.

ට්‍රයිග්ලිසරයිඩ් කියන්නෙ කොලෙස්ටරෝල් ද?
මේ ප්‍රශ්ණෙට උත්තරේ තමා නෑ කියන එක. හැබැයි මේ වර්ග දෙකම ලිපිඩ කියන පොදු ඛාණ්ඩයට වැටෙනවා. මේ අතරින් මේධ කියන වර්ගයට අයිති වෙන්නෙ ට්‍රයිග්ලිසරයිඩ් පමණයි. (සුළු ප්‍රමාණයක් ආහාර වලින් ලැබුනත් කොලෙස්ටරෝල් වලින් බහුතරය අපේ සිරුර තුලම අක්මාව හා බඩ වැල් මඟින් නිපදවෙනවා.)

ට්‍රයිග්ලිසරයිඩ් හොඳ දෙයක් ද?
ඔව්. අපේ සිරුරට ට්‍රයිග්ලිසරයිඩ් යම් ප්‍රමාණයක් අවශ්‍යය වෙනවා. මේවායෙ එක කාර්‍යයක් තමා පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ශක්තිය ගබඩාකර තැබීම. නමුත් ප්‍රමාණය ඉක්මවා යාම හදවත් රෝග වලට අත වනනවා. සිරුරේ අඩංගු නරක කොලෙස්ටරෝල් (LDL) ප්‍රමාණය ඉහලනම් මේ අවධානම තවත් වැඩි වෙනවා.

ලයිපොප්‍රෝටීන් (Lipoproteins)
ට්‍රයිග්ලිසරයිඩ් වලට තනියම රුධිරයේ ගමන් කරන්න හැකියාවක් නෑ. එයට උදව් කරන සහායකයා තමා ලයිපොප්‍රෝටීන් කියල හඳුන්වන්නෙ. ට්‍රයිග්ලිසරයිඩ්,මේ ප්‍රෝටීන් එක්ක බැඳිල තමා රුධිරය තුල ගමන් කරන්න හැකියාව ලබා ගන්නෙ.

සිරුරේ අඩංගු ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය මැනීම
මේ සඳහා රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය මැනීම සිදු කෙරෙනවා. මේ පරීක්ෂණයට රුධිර සාම්පලය ලබා ගන්න ඉස්සෙල්ලා යම් උපදෙස් මාලාවක් අනුගමනය කරන්න සිදු වෙනවා. උදා:- යම් නියමිත කාලයක් නිරාහාරව සිටීම.මේ සඳහා උපදෙස් ලබාදීම වෛද්‍යවරයාගෙන් හෝ අනිකුත්  සෞක්‍ය කාර්‍ය මණ්ඩල සාමාජිකයන් මඟින් සිදුවෙනවා.  මේ පරීක්ෂණයට සමඟාමීව සිරුරේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමත් බොහෝවිට සිදු වෙනවා.

lipid profile test
මේකත් රුධිර පරීක්ෂණයක්. මේ මඟින් රුධිරයේ අඩංගු හොඳ කොලෙස්ටරෝල් (HDL) මට්ට්ම, නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම මැන බැලෙනවා. මේ පරීක්ෂණය මඟින් හෳදයාබාධයක් වැලඳීමට යම් පුද්ගලයෙකුට ඇති අවධානම ගැන යම් අදහසක් ලැබෙනවා. මේකට එම පුද්ගලයාගේ ආහාර රටාව, ජීවන රටාව, පවුලේ ඉතිහාසය වැනි අතිරේක කරුණුත් බලපානවා. එනිසා වඩාත් නිවරදි නිගමනයක් සඳහා වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

මෙම පරීක්ෂණය සඳහා බොහෝවිට පැය දොලහක නිරාහාරව සිටීමක් අවශ්‍යය වෙනවා. ඒකට හේතුව තමා  ආහාර ගැනීමෙන් පසුව රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහල අගයක් ගැනීම. එසේම මත් පැන් පානය කර තිබීම, ව්‍යායාම, පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ලබා ගන්නා වේලාව වගේම කාන්තාවන්ට නම් ඔපස් චක්‍රයත් රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අඩු වැඩිවීමට හේතු වෙනවා.

Lipid profile reselt
 පුදගලයා පැය 12ක් නිරාහාරව සිට සාම්පලය ලබාගෙන තිබිනානම්, රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම,
  • සාමාන්‍ය අගය - 50 mg/dL (1.7 mmol/L) ට වඩා අඩුය.
  • 150 to 199 mg/dL (1.7-2.2 mmol/L) තරමක් අවධානම්ය.
  • 200 to 499 mg/dL (2.3-5.6 mmol/L) අවධානම් මට්ටම.
  • 500 mg/dL (5.6 mmol/L) හෝ ඊට වැඩිනම් ඉතා අවධානම් ය.

රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද?
මේකට උත්තරේ තමා සාමාන්‍යයෙන් කිසිවක් නැත කියන එක. ඒ නිසා තමා වරින් වර මැන බැලීම වැදගත් වෙන්නෙ. ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහල නංවන අතරම වෙනත් අවදානම් සාධක උදා-ස්ථුලතාවය, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම, දියවැඩියාව හෙවත් මධුමේහය හා තෛරොයිඩ් ග්‍රන්ථියේ රෝග සමඟත් බැඳී පවතිනවා.

ඉතින් ඔබේ පවුලේ වෛද්‍යවයා හමුවී ඔබ කොපමණ කලකට වරක් මේ මැන බැලීම් කල යුතුද යන්න පිළිබඳ සැලැස්මක් ලබා ගැනීම ඉතා වැදගත්. එහිදී ඔබේ වෛද්‍යවරයා ඔබේ පවුලේ ඉතිහාසය, ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඔබගේ අනිකුත් රෝග තත්ව හා ඔබ භාවිතා කරන ඖෂධ වර්ග ආදිය පිළිබඳ සැලකිලිමත් වනු ඇත.

ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහලයි!!
මෙහිදී පළමුව කල යුත්තේ එයට හේතුව හඳුනා ගැනීමයි. බොහෝවිට ඔබට මේ තත්වය පාලනය කර ගැනීමට අවශ්‍යය වන්නේ ඔබේ ආහාර රටාව වෙනස්කර ගැනීම හෝ වැඩිපුර ව්‍යායාම වල නිරත වීම වැනි සරල වෙනසක් විය හැකියි. නමුත් අක්මාවේ ප්‍රශ්ණ, දියවැඩියාව හා තෛරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ තත්ව වැනි හේතු නිසාද රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහල යා හැකියි. සමහරවිට මේ වැනි තත්වයන් කිහිපයක් එකතු වී ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහල දැමුවා විය හැකියි. ඔබේ වෛද්‍යවරයා නිශ්චිත හේතුව හඳුනාගත් පසු අදාල හේතුවට අනුකූලව ප්‍රථිකාර ඇරඹීම සිදු කල හැකි වෙනවා.

ඩයට් කිරීම වැදගත් ද?
ඇත්තෙන්ම ඔව්. නමුත් ඒ ඔබ සිතන ආකාරයෙන්ම නොවිය හැකියි. එයට හේතුව ට්‍රයිග්ලිසරයිඩ සිරුරට ලැබෙන්නේ මේධමය ආහාරවලින් පමණක් නොවීම නිසයි. බොහෝවිට ට්‍රයිග්ලිසරයිඩ සිරුරතුල නිපදවෙන්නේ ඔබ ලබා ගන්නා ආහාරවල අඩංගු අතිරේක කාබෝහයිඩ්‍රේට මඟිනුයි. එනිසා සීනි බහුල හා පිටි බහුල ආහාර පාලනය කිරීම ඉතා වැදගත් වෙනවා. එසේම සංතෘප්ත මේධය අඩංගු (බොහෝවිට සත්වමය ආහාර) ආහාර පාලනය කිරීම කලයුතු වෙනවා. එසේම එළවළු, ධාන්‍ය හා හොඳ මේධය අඩංගු ඔලිව් තෙල්, මාළු වැනි ආහාර වර්ග ඔබේ කෑම වේලට එක් කර ගැනීමත් ඉතා වැදගත් වෙනවා.

සිරුරේ බර පාලනය කර ගැනීම
සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කර ගැනීම සඳහා සිරුරේ බර අඩු කර ගැනීමද ඉතා වැදගත් වෙනවා. රාත්තල් කිහිපයකින් උවත් බර අඩු කර ගැනීම සිරුරේ ට්‍රයිග්ලිසරයි මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලනු ඇත.

ව්‍යායාම
ව්‍යායාම් මඟින්ද සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කර ගැනීමට අපට හැකියි. වරකට අවම වශයෙන් මිනිත්තු 30ක් වත් සතියේ දින 7න් වැඩි දින ගණනක් ව්‍යායාම කිරීම මඟින් සිරුරේ ට්‍රයිග්ලිසරයි මට්ටම සැලකියයුතු මට්ටමින් පහල හෙලන අතරම, සිරුරේ ඇති හොඳ කොලෙස්ටරෝල් මට්ටම ද ඉහල නංවනු ඇත. ඇවිදීම, පිහිනීම, නර්තනය වැනි හදවතේ ගැස්ම වැඩිකරන ව්‍යායාම මේ සඳහා ඉතා උචිත වෙනවා. ඔබට ව්‍යායාම කිරීමට එක දිගට මිනිත්තු 30ක් සොයා ගැනීම අපහසුනම් එකවරකට මිනිත්තු 10 බැගින් හෝ කිහිප විටක් මෙවන් ව්‍යායාමවල නිරත් වීමට ඔබට පුළුවන්.

මත්පැන්?
මත්පැන් වල කැලරි හා සීනි (calories and suger) ඉතා විශාල වශයෙන් අන්තර්ගත වේ. එසේම ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයකින් උවත් සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සැලකියයුතු ප්‍රමාණයකින් ඉහල නංවයි.

ඖෂධ ප්‍රථිකාර
ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කිරීමට ආහාර පාලනය, ව්‍යායාම හා සිරුරේ බර අඩු කර ගැනීම මූලිකවම අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගයන් උවත්, ඒවා සියල්ලත් ප්‍රමාණවත් නොවනබව හැඟී ගියහොත් ඔබේ වෛද්‍යවරයා ඔබට යම් ඖෂධ වර්ගයන් ද නිර්දේශ කරණු ඇති.උදා-Statins, omega -3 supliments, fibrates   

Tuesday, February 19, 2019

විවිධ රෙදි සෝදන යන්ත්‍ර වර්ග හා ඒවායේ වාසි සහ අවාසි හඳුනා ගනිමු...Advantages and disadvantages of various Washing machines..

විවිධ රෙදි  සෝදන යන්ත්‍ර වර්ග හා ඒවායේ වාසි සහ අවාසි හඳුනා ගනිමු...Advantages and disadvantages of various washing machines..



Washing machines is one of the most essential tools in a household. It is useful not only to save your time and energy but also to lead a healthy life.

Front Loading Washing machines

වාසි
  • රෙදි ඇතුළු කිරීමේ දොරටුව ඉදිරිපසින් ඇත. රෙදි ඇතුළු කිරීම වඩාත් පහසුය.
  • එසේම සේදීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා පලදායීතාවය වෙනත් යන්ත්‍රවර්ග වලට වඩා ඉහලය.
  • කැරකීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්ය. (Fast spin circle). එනිසා අවශ්‍යවන වතුර ප්‍රමාණය සාපේක්ෂව අඩුය. එනිසාම අඩු කාලයකින් රෙදි වේලාගත හැක. වෙනත් රෙදි සෝදන යන්ත්‍ර හා සැසඳීමේදී මෙම වර්ගය භාවිතා කරන වතුර ප්‍රමාණය අඩකින් පමණ අඩුය.  එනිසා ජල බිල්පතටද සහනයක් සැලසේ.

අවාසි
  • අධික දෙදරීම. එනිසා මෙවැනි වර්ගයේ රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් රෙදි සෝදන ස්ථානය ඔබේ නිදන කාමරය, සාලය වැනි ස්ථාන වලින් හැකිතාක් ඈත්කර තබන්න.
  • මිල අධික වීම

Space Saving Washing machines
වාසි
  • ඉතා අඩු ඉඩක් පමණක් අවශ්‍යය වීම. අපාර්ට්මන්ට්ස් වැනි ඉඩකඩ අඩු ස්ථානවලදී භාවිතයට ඉතා උචිතය.

අවාසි
  • එකවරකට සේදිය හැක්කේ ඉතා අඩු රෙදි ප්‍රමාණයක් පමණක් වීම මෙහි ඇති ප්‍රධානතම අවාසියයි.එනිසා තරමක පවුලක භාවිතයට එතරම් උචිත නැත.

High Energy Efficient Top Loader Washing machines
 
වාසි
  • නවතම තාක්ෂණික උපක්‍රමයන් භාවිතාවෙන් නිපදවා ඇත. ඉතා අඩු ජල පරිමාවක් හා බලශක්ති ප්‍රමාණයක් වැය වේ. එනම් මෙවැනි රෙදි සෝදන යන්ත්‍රයකට වැයවෙන ජල ප්‍රමාණය සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍රයකට වැයවෙන ජල ප්‍රමාණයෙන් භාගයක් පමණ වේ. එනිසා ජල බිල හා විදුලි බිල ඉතිරි වේ.

අවාසි
  • අධි වේගයෙන් කරකැවීමේ තාක්ෂණය නිසා රෙදි එකිනෙක පැටලේ. එනිසා සේදුම අවසානයේ රෙදි අධික ලෙස පොඩි වී තිබිය හැක. (Wrinkled).
  • මිල අධික වීම

Top Loader Washing machines


වාසි
  • රෙදි සෝදන යන්ත්‍ර අතර මූලිකම හා සරලම වර්ගය යි. එනිසා භාවිතයට පහසු අතර මිලෙනුත් අඩු ය.

අවාසි
  • වැඩි ජල ප්‍රමාණයක් වැයවීම.
  • වැඩි බලශක්තියක් වැය වීම.

Sunday, February 17, 2019

රැකගත යුතු අක්මාව...The importance of liver...

රැකගත යුතු අක්මාව!Why the liver?



 
බොහෝදෙනෙක් අක්මාව ගැන දක්වන්නෙ බොහොම අඩු සැලකිල්ලක්. කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාගෙ ඇඟේ තියෙන වටිනාම අවයව අතර අක්මාවට හිමිවෙන්නෙ කී වෙනි තැනද කියලා බොහෝ විට හිමිවෙන්නෙ බොහොම පහල අගයක්.

නමුත් මේ නොනවත්වා වැඩකරන අක්මා හාදයා ආහාර බිඳ හෙලීම, විශබීජ සමඟ සටන් කිරීම වගේම රුධිරයට එක්වෙන අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ පෙරා දැමීම වගේ බොහොම වැදගත් කාර්‍යයන් රැසකට දායක වෙනවා. කොටින්ම කිව්වොත් අපිට, ඔයාට අක්මාවක් නැතුව පණ රැකගන්න බැහැ. ඒ නිසා අක්මාව ගැන, අක්මාවට වෙන හානි ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

වාසනාවකට වගේ අක්මාවට වෙන හානි වලක්වාගන්න, ඒ හානිවල තීවෘතාවය අඩු කරන්න වගේම හානි ප්‍රථිවර්ථනය (ආපස්සට හරවන්න) කරන්නත් බොහෝවිට හැකියාව තියෙනවා.

අක්මාවට හානි
අක්මාවට හානිගෙනදෙන සාධක බොහොමයක් තිබුණත්, මේ ඕනෑම සාධකයකින් හානිය වෙන ක්‍රමයනම් බොහෝවිට එකමයි. මුලින්ම වෙන්නෙ අක්මාව ඉදිමීම; දෙවෙනුව අක්මාවේ කැලැල් හටගැනීම සිදුවෙනවා. මේ කැලැල් fibrosis (තන්තුමතාව) කියන නමින් හඳුන්වනවා. ප්‍රථිකාර මඟින් මේ තත්වය  යතාවත්කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රථිකාර නොලැබී ගියොත් මේ කැලැල් ස්ථිර කැලැල්බවට පත්වෙනවා. මේ තත්වය සිරෝශියාව (cirrhosis) ලෙසට හැඳින්වෙනවා.  මේ තත්වය නිසා අක්මාවට සිය කාර්‍යයන් නිසිලෙස ඉටු කිරීම අපහසු වෙනවා. ඉන් අනතුරුව නැත්නම් අවසානයට එන්නේ අක්මාව අකර්මන්‍ය වීම (liver failure) ලෙසින් හඳුන්වන අවස්ථාවයි. මේ අවස්ථාව වනවිට අක්මාවේ ක්‍රියාකාරීත්වය බොහෝදුරට හෝ සම්පූර්ණයෙන්ම ඇණහිටලා. මේක පැහැදිලිවම මරණයට අතවනන තත්වයක්.

රෝග ලක්ෂණ
මුල් කාලයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. නමුත් තත්වය වඩාත් අයහපත් වද්දී, සම කැසීම, සම පහසුවෙන් බිඳීයාම, සම හා ඇස් කහපාට විම (සෙංගමාලය - Jaundice ), උදරයේ වේදනාව, ආහාර අරුචිය, අත් පා දණහිස් හා බඩ ඉඳිම්ම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.

තීව්‍ර වෘක්ක අකරණිය - acute liver failure
බොහොමයක් අක්මාරෝග කාලීන ඒවා වන අතර එම තත්ව වසර ගණණාවක් තිස්සේ සෙමෙන් වැඩි වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදු වේ. නමුත් සමහර අවථා වලදී එම ක්‍රියාවලිය ඉතාම ඉක්මනින් සිදු වී අක්මාව අසමත් කරයි. මේ තත්වයේදී ද රෝග ලක්ෂණ කාලීන වෘක්ක අකරණියට සමානය. නමුත් අක්මාව අකර්මන්‍ය වීමට ගතවන කාලය සතියක්, දින කිහිපයක් දක්වා තරම් කෙටි වේ. මෙම තත්වය මරණීය වන අතර රෝග ලක්ෂණ පහලවන විගසම වෛද්‍යවරයෙකු හමුවීම ඉතාම වැදගත් වේ.

රෝගයට හේතු
සමහරක් අක්මා රෝගවලට හේතු වන්නේ විවිධ රෝගාබාධයි. නමුත් අනිකුත් අක්මාරෝග ඇති වීමට කෙලින්ම බලපාන්නේ ජීවන රටාවයි. මේවා පාලනය කිරීමට අපට හැකියාව පවතී. උදා-ව්‍යායාම, මත්පැන් පානය

ස්ථුලතාවය

රටක ජනතාව අතර ස්ථුලතාවය පැතිරයාම හා අක්මාරෝග අතර සෘජු සම්බන්ධතාවයක් පවතී. සිරුරේ බර වැඩිවත්ම ඇල්කොහොල් නිසා නොවන එනම් අකමාවේ මේධය තැන්පත් වීම නිසා හටගන්නා අක්මා රෝග (non-alcoholic fatty liver disease) ඇතිවීමේ අවධානම ඉහල නඟී. අක්මාවේ මේධය තැන්පත් වීම බොහෝවිට හානිකර නොවන තත්වයක් නමුත් සමහරක් පුද්ගලයන්ට  මේ තත්වය හානිකර වී අක්මා සිරෝශියාව (cirrhosis) දක්වා වැඩි වර්ධනය වීමේ ඉඩකඩක් ඇත.

ඇල්කොහොල්
සුමිහිරි පානය පදම නොදැන ගැනීම නිසා හානියට පත්වෙන තවත් තවත් අවයවයක් තමා අක්මාව. ඒකට හේතුව තමා රුධිරයේ ඇති ඇල්කොහොල් පෙරා ඉවත් කිරීමේ කාර්‍යය අක්මාව විසින් ඉටු කරන්නක් වීම. මේ කාර්‍යාවලියේදී නිපදවෙන රසායනිකයන් අක්මාවට හානි පමුණුවයි. මේලෙසට දීර්ඝ කාලයක් අධිකව මත්පැන් පානය කිරීම නිසා අවසානයේ අක්මා සිරෝසියාව ඇතිවීම හා අක්මාව අක්‍රිය වී යාම (LIVER FAILURE) සිදු විය හැක.

ඖෂධ
ඇතැම් ඖෂධ වර්ග නිසාද අක්මාවට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව හානි සිදුවීම විය හැකියි. මේවා අතර ඇතැම් ප්‍රතිජීවක වර්ග, වේදනා නාශක ආදී ඖෂධ වර්ගද වන අතර සාමාන්‍යයෙන් මේවැනි ඖෂධ අධිමාත්‍රා වලින් ගැනීම නිසා හෝ ඖෂධ සමඟ මත්පැන් පානය කිරීම නිසා අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි.එසේම හෙරොයින් කොකේන් වැනි විෂ මත් ද්‍රව්‍ය නිසාද සමහරක් රසායනික වර්ග නිසා ද අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි. 

ආසාදන
හෙපටයිටිස් හා වෙනත් වෛරස් ආසාදන නිසාද කෙටි හෝ දීර්ග කාලීන වශයෙන් අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැකියි.
(විෂ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට එන්නත් කටු හවුලේ භාවිතා කිරීම, අනාරක්ෂිතව සිදුකරන ලිංගික සම්බන්ධතා හා දූෂිත ජල මූලාශ්‍ර හා දූෂිත ආහාර පරිහරණය කිරීම මඟින් හෙපටයිටිස් රෝගකාරක වෛරසය මඟින් ආසාධනය වීම සිදුවිය හැක.)

ප්‍රතිශක්තීකරණ පද්දතිය
ප්‍රතිශක්තීකරණ පද්දතියේ ඇතිවන අධික්‍රියාකාරී තත්ව (Autoimmune Conditions) නිසාද අක්මාවට හානි පැමිණවීම සිදුවිය හැක. මෙහිදී අක්මාව ඇතුළු සිරුරේ කොටස් වලටම පහරදීමට ප්‍රතිශක්තීකරණ පද්දතිය පෙළඹෙන අතර එම තත්වය පාලනය කිරීමට සුදුසු ඖෂධ වෛද්‍ය නිර්දේශවලට අනුකූලව භාවිතා කිරීමට රෝගී පුද්ගලයාට සිදු වේ.

අක්මා ප්‍රනාල අවහිර වීම
සමහර රෝගී තත්ව නිසා අක්මාවේ ඉඳන් බඩවැල්වලට පිත ගෙනයන ප්‍රණාල අවහිරවීම සිදුවෙනවා. උදා:-Primary sclerosing cholangitis, Budd-Chiari syndrome. පිත්තාශයේ ගල් ඇතිවීම නිසාත් පිත්ත ප්‍රණාල අවහිරවීම සිදු වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පිත්ත ප්‍රණාල අවහිරවීම අක්මාවට ඉතාම හානිකර විය හැකියි.

පිළිකා තත්ව
විවිධ පිළිකා තත්ව නිසා අක්මාවට හානි සිදුවීම විය හැකියි. බොහෝවිට සිදුවන්නේ සිරුරේ වෙනත් ස්ථානයක් මුල්කරගනිමින් ඇතිවූ පිළිකා තත්වයක් අක්මාවකරා ව්‍යාප්ත වීම. කෙසේ නමුත් අක්මාවේ මේධය තැන්පත්වීම, සිරෝසිස්, හෙපටයිටිස් හා අක්මාව අක්‍රමන්‍යවීම වැනි තත්ව වලදී අක්මාවෙන්ම ඇරඹුණු පිළිකා තත්වයක් වර්ධනය වීමේ විශාල අවධානමක් තිබේ. එනිසා මෙවැනි තත්වසහිත රෝගීන් ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතු අතර නිරන්තර වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වේ.

ප්‍රවේණිගත තත්ව (Genetic conditions)සමහර පුද්ගලයෝ අක්මාවට විනකරන බොහොම කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රවේණිගත රෝගී තත්ව වලින් පීඩා විඳිනවා. මේවායේ රෝග ලක්ෂණ සමහර අයගේ කුඩා අවධියේමත් තවත් සමහරුන්ගේ වයස අවු 40-50 තරම් වැඩිහිටි අවදියේදීත් ඉස්මතු වෙනවා. උදා:-Alpha-1 antitrypsin deficiency (A1AD). මේ රෝගී තත්වයේදී වෙන්නෙ අක්මාවේ ආරක්ෂාවට වැදගත්වෙන එක්තරා විශේෂිත ප්‍රෝටීනයක් සිරුර තුල ප්‍රමාණවත් තරම් නිශ්පාදනය නොවීමයි. ඒ වගේම Hemochromatosis කියන රෝගී තත්වයේදී වෙන්නෙ අනවශ්‍ය තරම් යකඩ ප්‍රමාණයක් අක්මාව තුල නිපදවීම සිදුවීමයි. ඒ වගේම Wilson disease කියන රෝගී තත්වයේදී අක්මාවේ විශාල වශයෙන් තඹ තැන්පත්වීම සිදු වෙනවා.

රෝග නිර්ණය (Diagnisis)
අක්මාවේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට ඔබේ වෛද්‍යවරයා මුලින්ම නියම කරනු ඇත්තේ රුධිර පරීක්ෂාවන් කිහිපයක්. ඊට අමතරව අවශ්‍යතාවය පරිදි ultrasound, CT scan, MRI scan වැනි පරීක්ෂණ මගින් අක්මාවට සිදුවී ඇති හානිය ගණනය කිරීමට වෛද්‍යවරයාට හැකියාව තියෙනවා. සමහර පුද්ගලයන් සඳහා පටක විශ්ලේෂණ පරීක්ෂාවක් (Biopsy) සිදු කිරීමද වෛද්‍යවරු විසින් සිදු කරනු ලබනවා. මෙහිදී වෛද්‍යවරයා විසින් සියුම් ඉදිකටුවක් භාවිතයෙන් අක්මාවෙන් පටක සාම්පලයක් ලබාගෙන එය වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කරනවා.

ප්‍රථිකාර
අක්මාරෝග බොහොමයක් මුල් අවධියේදීම ජීවන රටාවේ සිදුකරගනු ලබන වෙනස්කම් වලින් සම්පූර්ණයෙන්ම සුව කරගත හැකියි. එපමණක් නොවෙයි. සමහර බරපතල අක්මා රොගී තත්වයන් පවා වලකවා ගැනීමට හා පාලනය කිරීමට ජීවන රටාවට සිදුකරගනු ලබන වෙනස්කම් තුලින් හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් අක්මා රෝගවලට ප්‍රථිකාර කිරීමට ස්ටීරොයිඩ් ප්‍රථිකාර (steroids), ශල්‍යකර්ම හා වෙනත් අදාල ප්‍රථිකාර විධිද වෛද්‍යවරු විසින් භාවිතා කරණු ලබනවා.

මත්පැන් අත්හරින්න.
අක්මාව සෞක්‍යමත්ව පවත්වාගැනීමට, අක්මාවේ හිතසුව පිණිස මත්පැන්පානය අතහැර දැමීම හෝ සීමා කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. මේ සඳහා ඔබට වෛද්‍ය ප්‍රථිකාර වලට උවද යොමුවීම කල හැකියි. එනම්, මත්පැන් පානයට ඇති ඇබ්බැහිය සිඳ බිඳ දැමීමට සුදුසු ප්‍රථිකාර විධි මේවනවිට සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත් අක්මාවේ හිතසුව පිණිස කටයුතු කිරීමේදී දිනකට ගතහැකි මත්පැන් ප්‍රමාණය පිරිමියෙකුටනම් මත්පැන්වඩි දෙකකටද, කාන්තාවකටනම් මත්පැන් වඩි එකකටද සීමා කිරීම අවම වශයෙන් සෑහෙනබව කියවෙනවා.

 ආහාර හා ව්‍යායාම
ඔබ ස්ථුලනම් බර හැකිතාක් අඩුකර ගැනීම අක්මාවේ යහපැවැත්මට වැදගත් වෙනවා. මෙමගින් අක්මාවේ යහපැවැත්මට ලැබෙන රුකුලට අමතරව ඇතැම් අක්මාරෝග මුල් අවස්ථාවෙන්ම සුවකර ගැනීමටද හැකියාව තිබෙනවා. එසේම පුරුද්දක් වශයෙන් ව්‍යායාම කිරීමත් අක්මාවේ යහ පැවැත්මට වැදගත් වෙනවා. මෙහිදී සිරුරේ බර අඩු හෝ වැඩි වීම අදාල නොවන අතර ඕනෑම පුද්ගලයෙකුගෙ අක්මාවට ව්‍යායාම මගින් යහපත සැලසෙනවා. එසේම සමබල ආහාරවේල් ගැනීමත් අක්මාවේ යහපතට හේතු වෙනවා. මෙහිදී ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, කෙඳි බහුල ආහාර වර්ග ආහාරයට එකතුකර ගැනීමත් මේධය අධික, ලුණු අධික හා බදින ලද ආහාර (fried foods) හැකිතාක් සීමා කිරීමත් ඉතා වැදගත් වෙනවා.

අක්මා බද්ධය (Liver transplant)
අක්මාව නැවත ගොඩගත නොහැකි මට්ටමටම අක්‍රමන්‍ය වූ විට සිදුකලහැකි සුදුසුතම පිළියම වන්නේ රෝගී අක්මාව වෙනුවට නීරෝගී අක්මාවක් බද්ධ කිරීමයි. මෙහිදී බද්ධ කිරීම සඳහා සම්පූර්ණ අක්මාවක් සෑමවිටම අවශ්‍යය වන්නේ නෑ. ඒ වෙනුවට නීරෝගී අක්මාවකින් ලබාගත් කොටසක් පමණක් බද්ධ කිරීම බොහෝවිට සෑහෙනව. කාලයාගේ ඇවෑමෙන් එම කොටස සම්පූර්ණ අක්මාවක් දක්වාම වැඩි වර්ධනය වීම සිදුවන අතර අක්මා කොටස පරිත්‍යාගකල තැනැත්තගේද එලෙසම අක්මාව සාමන්‍යය තත්වය දක්වා වර්ධනය වීම සිදුවනවා.

ඖෂධ පිළිබඳ ඉතාම සැලකිලිමත් වන්න

ඖෂධ භාවිතාවේදී නියමිත මාත්‍රාව පමණක් ගැනීම අක්මාව රැක ගැනීමේ සටනට ඉතා වැදගත් වෙනවා. එසේම ඖෂධ භාවිතාකරන අතරවාරයේදී මත්පැනින් වැලකී සිටීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේම ඔබ දැනටමත් අක්මා සම්බන්ධ රෝගී තත්වයකින් පෙලේනම් කිසිඳු ඖෂධ වර්ගයක් වෛද්‍ය නියමයකින් තොරව නොගත යුතුයි.

නීරෝගීව සිටීමට ඔබේ සෞඛ්‍යය තත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන්න.
කාලයෙන් කාලයට වෛද්‍ය පරීක්ෂණවලට (medical check-ups) යොමුවී ඔබේ සිරුර හා එහි යහ පැවැත්ම පිළිබඳ වෛද්‍ය නිර්දේශ ලබා ගැනීම සිදු කරන්න. මේ සඳහා ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සහය ලබා ගන්න. එසේම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි අක්මාවට වින කරන වෙනත් රෝග තත්ව වලට වෛද්‍ය නිර්දේශවලට අනුකූලව නොකඩවා ප්‍රථිකාර ලබා ගැනීමත් ඉතා වැදගත් වේ.  

Sunday, February 3, 2019

How to control smartphone addiction...



 How To Control Smartphone Addiction ...




Smartphone Mania



It is not easy to understand weather you are a smart phone addicted person or not. But by checking the data on your smart phone you can see how much time you have spent with each program. The truth may be more serious than you think. The time has come to restrict the amount of time you spend with your smart phone. Make the smartest choice and follow these instructions as soon as possible.

alerts
You will occasionally be alerted by various apps on your phone to use that certain app. Keep them off. That will save you a lot of time.


Rubber band
If you are an addict of smartphones, your brain will frequently force you to use your mobile phone even if it is not necessary.It happens autonomously. You might not be fully aware of it. These actions actually rob so much of your valuable time.Anyway, a simple
 rubber band can help you avoid such incidents. A rubber band attached to the screen of a smartphone will prompt you to ask yourself if you are doing something that is unnecessary. If you don't feel like applying a rubber band, at least use a screen saver which says  "Do I need to use the phone right now?" .

Alarm
If you wake up in the morning with the alarm ring on the mobile phone, it will wake you up and force you to spend some time with the phone. The best solution is to use a separate alarm clock to wake you up. In addition, if you can charge your smart phone in a different room while you sleep, you will be kept away from using your smartphone.

The three days magic

 This particular magic was introduced by expertise who have being researching about how to control smart phone mania . So, this is basically a scientific magic; not really an illusion. The magic is pretty simple.. All you have to do is giving up using your smart phone, for three whole days . After three days, you can re-start using the phone; but this time only for basic needs such as making a call or sending a SMS.

If this is too hard a method for you to try, there is another, less difficult method you can try. . Instead of whole three days, you can avoid using all kinds of digital devices, including smart phones, one, two hours each day. Use this time to play a game, walk, or to engage in some other outside activities. 

Offline Fun
This is as simple as reading a book or going to the park with your family, but the event must be completely offline; you cannot use smartphones or connected to the internet even with a different deviceDon't even share anything related this event with social medias. You can also invite your friends or close relatives. But they too cannot use smartphones or connect to the internet while in the event.

Phone free zones
This is also an important concept. You can create phone free zones in your homeFor example, you can easily turn your bathroom or toilet into a cell phone free zone. You can also add your working place, conference room or even your bed room to this list.

Get rid of unwanted apps You
Basically, we need a phone to make phone calls, send text messages, or to check e-mails at max. There are certain apps in your phone which are associated with extra activities; you can decrease the phone usage time simply by removing these unnecessary apps. These apps usually consume a large portion of your valuable time . You can also save a lot of time simply by using a computer to deal with social media sites.


Using a Smart Phone smart
You can easily become a smart smart phone user. there are certain apps which are actually designed to let you use your smart phone smarter. These apps are designed to limit the usage of other unwanted or time consuming apps. And also there are some apps designed to motivate people to do more physical activities. For example, there are apps which can encourage you to take five thousand steps every day.


ස්මාර්ට්ෆෝන් මේනියාවෙන් අත් මිදෙන්නේ මෙන්න මෙහෙමයි...



ඔබ ෆෝන් මේනියාවෙන් පෙලෙන්නෙකුබව සමහරවිට ඔබම නොදන්නවා විය හැකියි. නමුත් ඔබේ ස්මාර්ට් ජන්ගම දුරකථනයේ දත්ත පරික්ෂාවෙන් ඔබටම බලාගත හැකියි එහි ඇති එක් එක් වැඩසටහන සමඟ ඔබ කොතරම්නම් කාලයක් ගතකර ඇතිද යන වග. එම දත්ත පවසන සත්‍යය තොරතුරු ඇතැම් විට ඔබ සිතනවාට වඩා බැරෑරුම් විය හැකියි. ඒවායින් පැවසෙන්නේ ඔබ ස්මාර්ට් දුරකථනය හා ගතකරන කාලය සීමා කිරීමට දැන් සුදුසු කාලය එළඹ ඇතිබව විය හැකියි.

alerts
ඔබේ දුරකථනයේ විවිධ ඇප්ස් මගින් විටින් විට ලබාදෙන ඇලර්ට්ස් මගින්  ඔබව එම ඇප් එක භාවිතාකිරීමට පොළඹවයි. ඒවා ක්‍රියා විරහිතකර තබන්න. එමඟින් ඔබට බොහෝ කාලයක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.


රබර් පටිය
ඔබ ස්මර්ට්ෆෝන් ම්විනියාවෙන් පෙලෙන්නෙක් නම්, ඔබේ මොළය විසින් ඔබව අනිච්චානුකකවම ජංගම දුරකථනය භාවිතවට පොළඹවනු ඇත. එනම් බොහෝවිට ඔබ එය ක්‍රියා කරවන්නේ ඔබම නොදැනුවත්වමය. සමහරවිට ඔබ දුරකථනය සමඟ කරන ගණුදෙණුව අත්‍යාවශ්‍ය එකක් නොවන බව ඔබටම පසුව වැටහෙනු ඇත. නමුත් ඒ වන විට ඔබ ඒ ක්‍රියාව සඳහා බොහෝ කාලයක් වැයකර අවසන්ය. එවැනි අනිච්චානුක ක්‍රියාවන් වලක්වා ගැනීමට රබර් පටිය ඔබට උපකාරීවනු ඇත. ස්මාර්ට් ෆෝනයේ ස්ක්‍රීන් එක හරහා යොදන රබර් පටියක් මඟින් ඔබ එවැනි ක්‍රියාවකට පෙළබෙන හැම විටකම ඔබ කරන්නේ අනවශ්‍ය ක්‍රියාවක්දැයි ඔබෙන්ම විමසීමට ඔබව පොළඹවනු ඇත. රබර් පටියක් යෙදීමට ඔබ පැකිලෙන්නේ නම් "මට මේ වෙලාවේ දුරකථනය භාවිතා කිරීමට අවශ්‍යද?" යනුවෙන් සඳහන් ස්ක්‍රීන් සේවරයක් භාවිතා කිරීම උවත් ප්‍රමාණවත්වනු ඇත.

එලාර්ම්
ඔබ උදෑසන අවදිවන්නේ ජන්ගම දුරකථනයේ එලාර්ම් නාදයෙන් නම්, එය ඔබව අවදි කරනවාට අමතරව ඔබව දුරකථනය සමඟ යම් කාලයක් ගත කිරීමටද පොළඹවනු ඇත. හොදම විසඳුම නම් ඔබව අවදි කිරීමට වෙනම එලාර්ම් ඔරලෝසුවක් භාවිතා කිරීමයි. එයට අමතරව, ඔබ නිදන අතරතුර වෙනත් කාමරයක් ඔබේ ස්මර්ට් ජන්ගම දුරකථනය ආරෝපණයේ යොදවන්නට හැකිනම්, ඔබව තවදුරටත් ඔබේ ස්මාර්ට් ෆෝනය භාවිතාවෙන් ඈත් කර තබනු ඇත.

දින තුනේ මැජික් එක
මේ මැජික් එක ගැන කියාදෙන්නෙ ෆෝන් මේනියාවෙන් පෙලෙන්නන් ගැන පරීක්ෂණ පවත්වන බොහොම විද්වත් උදවිය. ඒ නිසා මේක නිකම්ම නිකම් මැජික් එකක් නෙමෙයි විද්‍යාත්මක මැජික් එකක්. කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයයි. දවස් තුනක් ඔබේ ස්මර්ට් ජංගම දුරකථනය සමඟ තියෙන සියලු ගණුදෙනු අත් හැරිය යුතුයි. ඊට පස්සෙ පුළුවන් ආයෙමත් තමන්ට අත්‍යාවශ්‍ය ඒ කියන්නෙ කෝල් ගන්න එක, ටෙක්ස්ට් මැසේජ් යවන එක වගේ මූලික අංග වලින් ආපහු ජංගම දුරකථනය පාවිච්චි කිරීම ආරම්භ කරන්න.

මේ මැජික් එක බරපතල වැඩිනම් තව සරල දෙයක් තියෙනවා ඔයාලට අත්හදාබලන්න පුළුවන්. එක දිගට දවස් තුනක් වෙනුවට හැමදාම පැයක් හෝ දෙකක් ස්මාර්ට් උපාංග හා වෙනත් ඩිජිටල් උපාංග සමඟ කරන ගණුදෙනුවලින් මිදිල වෙනත් පුද්ගලයන් ඇසුරු කරන්න ඒ පැය හෝ දෙක භාවිතා කරන්න. පොඩි සෙල්ලමක් කරන්න, ඇවිදින්න යන්න එහෙම නැත්නම් වෙනත් ක්‍රියාකාරකමක යෙදෙන්න මේ කාලය උපයෝගීකරගන්න. දිනපතා කෑමෙන් පස්සෙ හැන්දෑවරුව වගේ කාලයක් මේකට අපූරුවට ගැලපෙනවා.


ඕෆ්ලයින් ෆන්
මේක පොතක් කියවනව හරි එහෙම නැත්නම් ඔයාගෙ පවුලෙ අයත් එක්ක පාර්ක් එකට යනවහරි වගේ හරිම සරල දෙයක් උනත් හොඳටම ප්‍රමාණවත්. වැදගත් වෙන්නෙ මේ ඉවෙන්ට් (event) එක සම්පූර්ණයෙන්ම ඕෆ්ලයින් එකක් ඒ කියන්නෙ අන්තර්ජාලය හෝ ස්මාර්ට් දුරකථනය හා කිසිදු අයුරකින් සම්බන්ධ නොවීම පමණයි. මේ ඉවෙන්ට් එකේ ෆොටෝස් සමාජ ජාල ගත නොකිරීමටත් ඔබ වග බලාගත යුතුයි. මේකට ඔබේ මිතුරනුත් හවුල් කරගන්න පුළුවන්. මේ ඉවෙන්ට් එක ෆෝන් භාවිතයෙන් තොර එකක් බවට මිතුරන්වත් දැනුවත් කරල ඔවුන්වත් ඒ සඳහා හවුල් කරගන්න පුළුවන්නම් එය වඩාත් වැදගත්.


ෆෝන් ෆ්‍රී කලාප (phone free zones)
මේකත් හරිම වැදගත් සංකල්පයක්. ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යම් යම් ස්ථාන දුරකථන භාවිතයෙන් තොර ස්ථාන බවට පත් කිරීම තමයි මේ සංකල්පයේ මූලිකම හරය වෙන්නෙ. උදාහරණයක් විදියට ගත්තොත් ඔබගේ නාන කාමරය හෝ වැසිකිලිය පහසුවෙන්ම ෆෝන් ෆ්‍රී කලාපයක් බවට පත් කරන්න ඔබට පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම ඔබේ සේවා ස්ථානයේ රැස්වීම් සාලාව, ඔබ දරුවන් සමඟ සෙල්ලම් කරන ස්ථානය වගේ ස්ථානත් මේ අතරට ගේන්න ඔබට හැකියාව තියෙනවා. 


අනවශ්‍ය ඇප්ස් ඉවත් කරන්න
ඔබට දුරකථනය මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ඇමතුම් ලබා ගැනීමට, කෙටි පණිවිඩ යැවීමට හෝ ඊ-මේල්ස් (e-mails) බැලීමට විය හැකියි. ඒ සඳහා අවශ්‍යය ඇප්ස් හැර අනිකුත් ඇප්ස් ඉවත් කිරීම මඟින් ඔබ නැවත නැවතත් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය අනවශ්‍යය ලෙස භාවිතා කිරීම වලක්වාගන්න පුළුවන්. උදාහරණයක් ලෙසට ගේම් ඇප්ස් දැක්විය හැකියි. මේවා මිනිසුන්ගේ කාලය ඉතා විශාල වශයෙන් කා දමනවා. එසේම සමාජ ජාල හා සම්බන්ධ වීමට පරිඝනකය පමණක් භාවිතා කිරීම මගිනුත් ඔබට විශාල කාලයක් ඉතිරිකරගත් හැකියි.


ස්මාර්ට් දුරකථනය ස්මාර්ට් ලෙස භාවිතා කිරීම
ඔව් මෙකත් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. ස්මාර්ට් දුරකථනවලට හදල තියෙන සමහරක් ඇප්ස් ඇත්තටම හදල තියෙන්නෙ ඒක භාවිතා කරන පුද්ගලයා ෆෝන් මේනියාවෙන් මුදා ගැනීමට. මේවාට පුළුවන් වෙනත් ඇප්ස් භාවිතය සීමා කරන්න. ඒ වගේම සමහරක් ඇප්ස් තියෙනවා පුද්ගලයන්ව ශාරීරික ක්‍රියාකාරකම් වලට පොළඹවන. උදාහරණයක් වශයෙන් දිනකට පියවර පන්දහසක් තැබීමට ඔබව දිරිමත්කරන ඇප්ස් හැඳින්විය හැකියි.

Wednesday, January 16, 2019

Meaning of dreaming of nudity...නිරුවත් සිහිනවල තේරුම මෙන්න...

Meaning of dreaming of nudity




nudity is a very common thing in the dream world.

Anyway, there are some varieties and each has different meanings.Naked dreams usually represent nature, purity or natural laws, On the other hand, in the world of dreams, nudity also represents popularity or outside world.

According to psychoanalysts in the western world, dreaming nudity portray exhibitionism or intense emotions. They also says that naked woman in a dream represent the sexual pressure of the dreamer while a naked man in a dream represent the homosexuality. 

Showing nudity to others in a dream has several meanings according to the nature of the dream. 

 If the dreamer is happy and relaxed, it represents the dislike of boundaries and the invitation to others to accept them. If the dreamer is sad and worried, it indicates that he/she is suffering from poverty or some other serious problems. If their feelings are not clear, it indicates that they are not ready for other's advises. This also indicates the desire to share their inner feelings with the out side world.

If the dreamer is happy and strong among a group of people while showing the nudity to them , it means that he/she wants to share their honesty with others but at the same time, worried that others will misunderstand.

If someone have dreamed of walking down the street completely naked, it means that they have been under some stress and/or suffering from a great loss. . Most likely the loss will be something similar money or dignity.

If they have dreamed of walking  naked among a group of people and deliberately avoiding eye contact, it means that they are trying to ignore contacting others. 

If the dreamer is naked and as happy as a little child in the dream, they may be worrying about the innocent past they have lost.

If a dreamer dreamed of a naked friend, the meaning of the dream is that the dreamer is ready to accept his/her friends as they are. 
If someone you know has entered your dream world and you are angry at them in the dream, it means that you are aware of the real nature of that person and your dislike at it.

It is said that if a woman dreams of her nakedness, she is going to suffer from a great loss or insult in the near future.

If a wife dream of her husband's nudity she can expect a conflict with her husband in the near future.
If you are dreaming of a naked man, you are expressing deep concern or deep sorrow.

If a man dream of his wife's/girl friend's nudity, it means that their relationship is growing weaker. 

If someone dream of a naked anonymous person of opposite sex he/she can expect a bad situation or financial difficulties in the near future.

if someone dream of a naked sick person he/she can expect an improvement of the quality of his/her life in the near future.

If a businessman/woman dream of his/her nudity, he/she can expect great achievements in the near future.

If someone dream of talking to a naked person, it could be a warning of a health related problem in the near future. So, it is important to take good care of his'her health and get an adequate rest.

IIf someone dream of being disrobed by a group of people, he/she can expect a very serious financial situation in the near future. 

...............................................................................................................................


Scroll down for the Sinhalese translation.

නිරුවත් සිහිනවල තේරුම මෙන්න....Meaning of naked dreams...



හීනෙන් නිරුවත් වීම කියල කියන්නෙ බොහොම සාම්ප්‍රධායික හීන වර්ගයක් කියල කිව්වොත් ඔයාල පුදුම වේවි. නමුත් ඒක තමයි ඇත්ත. එහෙම කියන්න හේතුව තමා මේ ජාතියෙ හීන අනාදිමත් කාලෙක ඉඳලා බොහොමයක් අය සුලභව දකින හීන වර්ගයක් වීම.

හීනෙන් නිරුවත දැකීමේ පොදු තේරුම් කිහිපයක්ම තියෙනවා. ඒවා ස්වාභාවිකත්වය, ස්වාභාවධර්මයා හෝ එයට අනුකූල වීම, සුපිරිසිදුභාවය හෝ පවිත්‍රත්වය යනාදී වශයෙන් සරලව දක්වන්න පුළුවන්. එසේම නිරුවත්භාවය ප්‍රදර්ශණය කිරීම ප්‍රසිද්ධිය හෝ පිටත ලෝකය වැනි දේ සිහින ලෝකයේදී නිරූපනය කරනවා.

බටහිර ලෝකයේ මානසික විශ්ලේශකයන්ට අනුවනම් නිරුවත මගින් සිහින ලෝකයේදී නිරූපනය කරන්නේ යම් ආකාරයකට ප්‍රදර්ශණ කාමය හා සිත තුල දැඩිව තෙරපාගත් හැඟීම්. ඔවුන්ට අනුව  යම් කාන්තාවක් හෝ පුරුෂයෙකු, නිරුවත් ගැහැණියක සිහිනයෙන් දකීනම් එයින් නිරූපනය වන්නේ සිතතුල තෙරපාගත් ලිංගික පීඩනයයි. එසේම නිරුවත් පිරිමියෙකු මඟින් ප්‍රදර්ශණ කාමය හෝ සමලිංගිකත්වයට ඇති නැඹුරුව පිළිඹිඹු කෙරෙන බව තවදුරටත් පැවසෙනවා.

සිහිනය මගින් තමන්ගේ නිරුවත අන්‍යයන්ට ප්‍රදර්ශණය කිරීමක් පෙන්වන්නේනම්, එයින් නිරූපනය වන අර්ථය සිහිනයේ ස්වාභාවය මත රඳා පවතිනවා. ඔබ සිටින්නේ ප්‍රීතියෙන් හා නිස්කලංකවනම් එයින් නිරූපනය වන්නේ ඔබේ උදාරත්වය හා සිමා මායිම්වලට ඔබේ ඇති අකමැත්ත හා ඔබව පිලිගන්නා ලෙසට අන්‍යයන්ට කෙරෙන ආරාධනාවයි. ඔබ සිටින්නේ කණගාටුවෙන් හා තැවුල්සහගත්වනම් එයින් නිරූපනය වන්නේ ඔබ දුප්පත්කමින් හෝ වෙනත් යම් ආකාරයක ප්‍රභල ගැටළුවකින් දැඩිලෙස පීඩා විඳින බවයි. ඔබ සිටින්නේ මැදිහත් සිතින්නම්, ඔබේ හැඟීම කුමක්දැයි හරිහැටි පැහැදිලි නැතිනම් එයින් නිරූපනය වන්නේ අන්‍යයන්ගේ අවවාද හෝ අනුශාසනා ඔබට අනවශ‍ය බව හා ඔබේ ඇතුලු හදවතේ නියම හැඟීම් පිටස්තර ලෝකයට පෙන්වා සිටීමට ඔබට ඇති දැඩි කැමැත්ත හා අවශ්‍යය තාවයයි.

ඔබ පිරිසක් අතර නිරුවතින් නමුත් ප්‍රීතියෙන් හා ශක්තිමත්ව සිටිනු සිහිනයෙන් දුටුවානම් එයින් කියවෙන්නේ ඔබට ඔබගේ අවංකභාවය අන්‍යයන්ට පෙන්වා සිටීමට අවශ්‍යය නමුත් අන්‍යයන් ඔබව වැරදියට තේරුම් ගනීවියයි කියා ඔබ යම් චකිතයකින් පසුවන බවයි.

ඔබ සම්පූර්ණයෙන් නිරුවත්ව පාරේ ගමන් කරනවා සිහිනයෙන් දුටුවානම් හා එහිදී ඔබ පසුවූයේ යම් පීඩනයකට ගොදුරු වී නම් එයින් කියවෙන්නේ ඔබ දරුණු අහිමිවීමේ වේදනාවකින් පීඩා විඳින බවයි. ඒ මුදල් හෝ ඔබගේ ගෞරවය වැනි යමක් වීමට බොහෝදුරට ඉඩ ඇත.

ඔබ පිරිසක් අතර නිරුවතින් සක්මන් කරනු සිහිනෙන් දුටුවානම් හා එම පිරිස හිතා මතාම ඔබගේ දර්ශණය මගහරී නම් එයින් කියවෙන්නේ ඔබ අන්‍යයන්ගේ මත ගනන් නොගෙන සිටීමට උත්සාහ කරනබව හා ඇතුල් මනසින් ඔබ ඔබගේ නියම ස්වරූපය අන්‍යයන්ට පෙන්වාසිටීමට කැමැත්තක් දක්වන නමුත් එමඟින් ඔබව අන්‍යයන් අතර ප්‍රතික්ෂේප වීමකට බඳුන් වෙතැයි යම් බියකින් පසුවන බවයි.

ඔබ සිහිනේන් දුටුවේ නිරුවතින් තනිව සැරි සරන ඔබව නම් ඉන් කියවෙන්නේ ඔබ ඔබගේ සිතතුල තෙරාපාගෙන සිටින යම් හැඟීම් සමුදායක් පිටකර හැරීමට දැඩි ආශාවකින් පසුවන බවයි.

ඔබ සිහිනයේ සිටියේ නිරුවතින් නම් හා කුඩා දරුවෙක් මෙන් ශාන්ත හා ප්‍රීතිමත් ස්වරූපයකින් නම් ඉන් කියවෙන්නේ ඔබ ඔබට අහිමි වූ අවිහිංසක අතීතය පිළිබඳව දුකින් පසුවන බවයි.

ඔබේ මිතුරෙක් හෝ මිතුරන් නිරුවතින් සිටිනු සිහිනයෙන් දුටුවොත් හා එම සිහිනයේ ඔබ ස්වාභාවිකව හා ප්‍රීතියෙන් පසුවූයේ නම්, ඉන් කියවෙන්නේ ඔබ ඔවුන් ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන්ම පිළිගැනීමට සූදානම් බව හෝ ඔවුන් මින් ඉදිරියට වඩාත් අවංකව ඔබ හා ගණුදෙණු කරනු ඇතැයි ඔබ බලා පොරොත්තුවෙන් පසුවන බවයි.

ඔබ දන්නා යම් අයෙකු නිරුවතින් ඔබගේ සිහින ලොවට ඇතුළු උවහොත් හා එම සිහිනයේදී ඔබ කෝපයෙන් පසු වී නම් ඉන් කියවෙන්නේ ඔබේ යටිහිත එම තැනැත්තාගේ සැබෑ ස්වරූපය පිළිබඳව අවබෝධයෙන් පසුවන බව හා එම ස්වරූපය පිළිබඳව ඔබගේ ඇති අකමැත්තයි.

කාන්තාවක් තමාගේ නිරුවත සිහිනයෙන් දකීනම්, ඉන් නුදුරු අනාගතයෙදී ඇතිවන දරුණු අහිමිවීමක් හෝ දැඩි අපහාසයට බඳුන් වීමක් පෙන්නුම් කරන බව පැවසෙනවා.

කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ නිරුවත සිහිනයෙන් දකීනම් ඉන් නුදුරු අනාගතයෙදී ඔහු හා ඇතිවන ගැටුමක් හෝ ගැටුම්කාරී ස්වාභාවයක් පිළිබඳ අනතුරු අඟවනවා.

ඔබ  සිහිනයෙන් දකින්නේ නිරුවත් පුරුෂයෙකුනම් ඉන් දැඩි සාංකාවක් හෝ ඇතුළු හදවතේ පවතින දැඩි ශෝකයක් පෙන්නුම් කරනබව පැවසෙනව.

ඔබ ඔබේ භාර්යාව හෝ පෙම්වතිය නිරුවතින් සිටිනු සිහිනයෙන් දුටුවේනම් ඉන් කියවෙන්නේ ඔබ හා ඔවුන් අතරේ පවතින බැඳීම ක්‍රමයෙන් දුර්වල වන බව වියහැකියයි කියවෙනවා.

ඔබ විරුද්ධ ලිංගිකයෙකුගේ නිරුවත අහඹුවක් ලෙසට සිහිනයෙන් දුටුවේනම් ඉන් කියවෙන්නේ ඔබේ මුදල් තත්වය පිළිබඳ අයහපත් වාතාවරණයක් ළඟදීම උදාවිය හැකි බවයි. එනිසාම ඔබේ සමාජ ජීවිතයද යම් කඩාවැටීමකට ලක්වීමේ අවධානමක්ද ඇත.

එසේම රෝගී පුද්ගලයෙකු තමාගේ නිරුවත සිහිනයෙන් දැකීම ඔහුගේ/ඇයගේ රෝගී තත්වයේ උත්සන්න වීමක් පෙන්නුම් කරනබව පැවසෙනවා.

ව්‍යාපාරිකයෙකු සිය නිරුවත සිහිනයෙන් දැකීම මඟින් ඔහුගේ/ඇයගේ ව්‍යාපාරය ඉදිරිකාලයේදී ඉතාම ලාභදායී එකක් වන බවත් ඔහු/ඇය එමඟින් විශාල ධනයක් උපයාගන්නා බවත් පැවසෙනවා.

ඔබ සිහිනයෙන් දුටුවේ නිරුවත් පුද්ගලයෙකු සමඟ කතා බහ කරමින් පසුවෙන ආකාරයක් නම් ඉන් කියවෙන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය ඉදිරි කාලයේදී අයහපත් වීමට නියමිත ඇති බවයි. එය වලක්වා ගැනීමට ඔබ ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ඉතා සැලකිලිමත් වීම වැදගත්වන අතරම ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමටද කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ඔබව යම් පිරිසක් විසින් නිරුවත් කරනු සිහිනයෙන් දුටුවේනම් ඉන් කියවෙන්නේ ඔබ නුදුරු අනාගතයේදී ආර්ථික වශයෙන් දරුණු පිරිහීමකට බඳුන් වීමට නියමිතව ඇති බවයි.

Friday, November 16, 2018

දරුවා රාත්‍රියේ දී ඇඳ තෙමන්නේ ඇයි?




දරුවා රාත්‍රියේ දී ඇඳ තෙමන්නේ ඇයි?




මෙහිදී වඩාත්ම අවධාරණය කලයුතු කරුණ නම්, දරුවා එසේ රාත්‍රී කාලයේදී ඇඳ තෙමන්නේ කම්මැලිකම නිසාය යන්න පැහැදිලිවම මිත්‍යාවක් යන්නය.

ඇඳ තෙමන දරුවකු නිසා රාත්‍රී කාලයේ වරින් වර අවදි විමට සිදු වීමත්, ඇඳ ඇතිරිලි හා දරුවාගේ ඇඳුම් මාරු කිරීමට සිදු වීමත් දෙමාපියනට ගෙන දෙන්නේ මහත් වූ හිසරදයකි. නමුත් මතක තබාගත යුතු කරුණ නම් මේ තත්වය ඔබ සිතනවාට වඩා ඉතා සුලභ තත්වයක් බවයි. මෙම තත්වය ළමාවිය හා බැඳුණු සැඟවුණු තත්වයක් ලෙසටද හඳුන්වා දිය හැක. එයට හේතුවනම් ළමා විය හා සම්බඳ වෙනත් රෝගීතත්වයන් මෙන් නොව ,මේ තත්වය පිළිබඳ ප්‍රසිද්දියේ කතා කිරීමට දෙමාපියන් හා දරුවන් දක්වන අකමැත්තයි.

මෙම තත්ව්ය සැඟවුණු තත්වයක් වීම නිසාම මින් පීඩා විඳින බොහෝ දරුවන් මෙන්ම දෙමාපියන්ද මානසිකව පීඩාවට පත්වෙති. මෙම තත්වයෙන් පෙලෙන දරුවන්ගෙන් 90% පමණම සිතා සිටින්නේ  රාත්‍රියෙදී ඇඳ තෙමන එකම දරුවා තමා පමණක් බවයි. 

නමුත් සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව සිහියේ තබා ගන්න. මෙවැනි දරුවෝ අති මහත් සංඛ්‍යාවක් ලෝකය පුරා වෙසෙති. මෙයට හේතුව රාත්‍රී කාලයේදී මුත්‍රාශය සිය පාලනයට නතුකර ගැනීමේ හැකියාව විවිධ දරුවන් සම්පූර්ණකරන්නේ විවිධ වයස් ඛාණ්ඩවලදී වීමයි. ඇත්තෙන්ම ලොකය පුරා මිලියන 5-7 දක්වාවූ දරුවන් ප්‍රමාණයක් සෑම රාත්‍රියකදීම හෝ ඇතැම් රාත්‍රී කාලවලදී ඇඳ තෙමති. ඇඳ තෙමන පිරිමි ළමයින් ප්‍රමාණය එය සිදුකරන ගැහැණු ළමයින් ප්‍රමාණයට වඩා වැඩි අතර ආසන්න වශයෙන් දෙගුණයකි.

වයස අවුරුදු 5න් පසුවත් 15%ක දරුවන් ප්‍රමාණයක් තවදුරටත් ඇඳ තෙමීම සිදුකරණ අතර වයස අවුරුදු 10න් පසුවත් 5%ක දරුවන් ප්‍රමාණයක් මෙම පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන යති. 

ඇඳ තෙමීම දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද ගෙනදෙන්නේ මහත් වූ අසහනයකි. ඇතැම් දෙමාපියෝ මෙය දරුවාගේ කම්මැලිකම නිසා සිදුවන දෙයක් ලෙසට වැරදි සහගත නිගමනවලට එළඹෙත්. එවැනි දරුවෝද තමාට යම්කිසි රෝගයක් ඇතැයි සිතමින් පසුතැවෙත්. සහෝදර සහෝදරියන්ගේ උසුළු විසුළු වලට ලක්වීම නිසා මෙවැනි දරුවෝ තවතවත් අපහසුතාවයට පත්වෙන අතර සමාජමය වශයෙද දරුවා කොන්වීමට ඉඩ ඇත.

නමුත් මෙම තත්වය එතරම්ම බරපතල තත්වයක් ලෙසට හෝ ඉතා හානිකර තත්වයක් ලෙසට වරදවා වටහාගත යුතු නැත. කෙසේ නමුත් මෙම තත්වය වලක්වා ගැනීමට ප්‍රථම එය ඇතිවීමට මුල්වන හේතුව හෝ හේතු හඳුණා ගැනීමට උත්සාහ කිරීම වැදගත් වේ.

ඇත්තෙන්ම මේ සඳහා බලපාන පැහැදිලි හේතුවක් හඳුණාගැනීම අපහසු ය.කෙසේ නමුත් මෙම පුරුද්ද ජානමය එනම් පරම්පරාවෙන් පරම්පරාවට එන පුරුද්දක් ලෙසටද හඳුණාගෙන ඇත. එනම් ඇඳ තෙමීම සිදුකරන දරුවන් 4/3කගේම දෙමාපියන් හෝ ඉතා ආසන්න ලේ නෑයන් කුඩා කාලයේදී ඇඳ තෙමන්නන්ව සිට ඇත. ඇත්තෙන්ම මේ සඳහා කෙලින්ම බලපාන ජාන කිහිපයක් වෙන්කර හඳුණාගැනීමට මේ වනවිටත් විද්‍යාඥ්ඥයෝ සමත්ව සිටිති. කෙසේ වෙතත්, තමන් ද කුඩාකල ඇඳ තෙමන්නන්වසිට ඇත්නම් ඒ පිළිබඳ දරුවා දැනුවත් කිරීම ඔබ සතු යුතුකමකි. එමඟින් දරුවාට මහත් වූ මානසික සුවයක් අත්පත්වනු ඇත.

ජාන වලට අමතරව ඇඳ තෙමීමේ පුරුද්දට වගකිවයුතු තවත් හේතු ගනනාවක්ව ඇතිබව මේ වනවිට හඳුනාගෙන ඇත. මේවා විවාදසම්පන්න වූවත් හඳුනාගෙන සිටීම ඔබට වැදගත්වනු ඇත. 

1.මුත්‍රාශය හා මොළය අතර සිදුවන සන්නිවේදනය වයසත් සමඟ වර්ධණය වේ. විශේෂයෙන් රාත්‍රී කාලයේදී හැසිරියයුතු ආකාරය මොළය මෙන්ම මුත්‍රාශය නිසිපරිදි හඳුණාගන්නේ කාලයත් සමඟය. සමහර දරුවන්ගේ මේ සන්නිවේදනය නිසිපරිදි සිදු වීමට අනිකුත් දරුවන්ට වඩා වැඩි කාලයක් ගතවේ.

2. වකුගඩුවලින් මුත්‍රා පෙරීම පාළනය කිරීමට ADH හෝමොනය වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. මුත්‍රා පෙරීම අඩුකිරීමට වකුගඩුවලට අණ දෙන්නේ මේ හෝමෝනයයි. සමහර දරුවන්ගේ මේ හෝමෝනය රාත්‍රී කාලයේදී අඩුවෙන් ස්‍රාවය වේ. එවැනි දරුවෝ බොහෝවිට රාත්‍රියේදී ඇඳ තෙමීම සිදු කරති.

3.රාත්‍රීකාලයේදී ඇඳ තෙමන ඇතැම් දරුවන් ඉතා තදින් නින්දට වැටෙන්නන්ය. ඔවුන් කෙතරම් තදින් නින්දට වැටේදයත්, මුත්‍රාශය පිරුණු විටක ඒ බව මොළයට දැනුම්දීම පවා ඔවුන්තුල සිදු නොවේ.

4.මළබද්දය නිසාද ඇතැම් දරුවෝ ඇඳ තෙමති. එයට හේතුව පිරී පවතිණ අන්ත්‍ර (බඩවැල්) මගින් මුත්‍රාශය තෙරපීමකට ලක් වීමයි.

සිරුරේ පවතින යම්කිසි රෝගී තත්වයක් හෝ යම් අසාමන්‍යතාවක් නිසා ඇඳ තෙමීම සිදු කරන්නේ එවැනි දරුවන්ගෙන් 3%කටත් වඩා අඩු දරුවන් පිරිසකි.කෙසේ නමුත් මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාධන, sleep apnea තත්වය, දියවැඩියාව, කොඳු ඇට පෙලේ යම් ආබාධ තත්ව, මුත්‍රාශයේ අසාමාන්‍යතා හෝ මුත්‍රා ආසාධන නිසාත් මෙම තත්වය ඇතිවීමේ යම් අවධානමක් පවතී.

මෙම තත්වය ඇතිවීමට බලපාන හේතු හඳුනාගැනීමට දරුවා හා දෙමාපියන් සමඟ කතා බහ කිරීම, දරුවා පරික්ෂා කිරීම හා මුත්‍රා පරික්ෂා කිරීම හා මුත්‍රා පරීක්ෂණවලට භාජනය කිරීම වැනි උපක්‍රම වෛද්‍ය වරුන් විසින් භාවිතා කරති.

කෙසේ නමුත්, රාත්‍රියෙදී ඇඳ තෙමන බොහෝ දරුවන්ට කිසිඳු සෞඛ්‍යමය ගැටළුවක් හෝ ආබාධයක් නොමැතිබව අවධාරණය කල යුතුය. දරුවා ඇඳ තෙමීමට පටන් ගන්නේ පසු කාලීනවනම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ යම් සෞඛ්‍යමය ගැටළුවක් විය හැක. කෙසේ නමුත්, මෙවැනි අවස්ථාවලද බොහෝ විට බලපාන්නේ ශාරීරික ආබාධයකට වඩා මානසික ගැටළුවක් වීමට බොහෝ ඉඩකඩක් ඇත. උදා - දෙමාපියන් දික්කසාද වීම හෝ වෙන්වීම.

ඇත්තෙන්ම රාත්‍රී කාලයේදී ඇඳ තෙමීම නිසා දරුවාට ඇතිවන ගැටළු බොහෝවිට ශාරීරික ගැටළු නොව මානසිකමය ගැටළු වේ. එනම් එයින් දරුවාට ඇතිවන්නේ ශාරීරික පීඩාවන්ට වඩා මානසික පීඩාවන් වේ. වයස අවුරුදු හය ඉක්මවූ දරුවෙකුට මෙම තත්වය වඩාත් තදින් බලපායි.

මෙම ගැටළුව වටා ගෙතී ඇති මිත්‍යාමත බහුල අතර, ඒවා තෝරා බෙරා ගැනීම ඉතාම වැදගත් බව සිහි තබා ගන්න. කිසිම දරුවකු සිය කැමැත්තෙන් හෝ රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීමට ඇති කම්මැලිකම හෝ අකමැත්ත නිසා ඇඳ තෙමීම නොකරති. රාත්‍රියේදී වරින් වර රෙදි මාරු කිරීමට සිදු වීම නිසාත්, නිතර නිතර රෙදි සේදීමට සිදුවන නිසාත් දෙමාපියන් මෙම තත්වය නිසා මහත් අපහසුවකට හා කලකිරීමකට පත් වෙති. බොහෝ දෙමාපියෝ මේ බව සිය දරුවාට දැනෙන්නට සැලැස්වීමටද පසුබට නොවෙති. නමුත් දැන හෝ නොදැන මෙමගින් දෙමාපියෝ සිදු කරන්නේ තත්වය තව තවත් දරුණු අතට හැරවීමයි.

මූලිකවම මෙම ගැටළුව පිළිබඳ ධනවාදී ආකල්පයක් ගොඩ නඟා ගැනීම ඉතා වැදගත් අතර, දරුවාට මෙම ගැටළුවට සාර්ථකව මුහුණ දීමට හා ඉන් අත් මිදීමට ගත්හැකි සරල පියවරයන්ට යොමුවීමද කලයුතු වේ.

ඒවා නම්,
රාත්‍රී නින්දට පෙර මුත්‍රා කිරීමට දරුවා උනන්දු කිරීම
නින්දට පෙර දරුවා ගන්නා දියර වර්ගවල ප්‍රමාණය සීමා කිරීම (RESTRICTING INTAKE)
මෙට්ටය දියර වර්ග උරා නොගන්නා ආවරණයකින් ආවරණය කර තැබීම
මුත්‍රාශය පුළුල් කිරීමේ ව්‍යායාම දරුවාට හඳුන්වා දීම. මෙමගින් මුත්‍රාශයට දරාගත් හැකි මුත්‍රා පරිමාව ඉහල නංවාගත හැක.
ඖෂධ භාවිතය (වෛද්‍ය නිර්දෙශය පරිදි)

සාමන්‍යයෙන් රාත්‍රියේදී ඇඳ තෙමීමේ පුරුද්ද කාලයත් සමග අත හැරීයන නිසා වෛද්‍යවරු බොහෝවිට මෙම තත්වය නොසලකා හරින ලෙසට මා පියන් දැනුවත් කරති. නමුත් මෙමගින් යම් යම් සමාජමය ගැටළු හෝ ආතති තත්වයන් ඇතිකරයි නම් ඒ පිළිබඳ සුදුසු පියවක් ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...