Health, Health promotion, Prevention of diseases, Healthy lifestyle. Sinhala translation included.
Thursday, September 28, 2017
ඔමේගා 3 ගැන නියම ඇත්ත
ඔමේගා 3 කියන්නෙ මේද අම්ලයක්. මේක අනිත් මේද අම්ල වලට වඩා වැදගත් වෙන්නෙ හදවත් රෝග ඇතිවීම වලක්වා ගන්න අපිට උපකාරී වෙන නිසා. ඒ නිසා හදවත් රෝග වලින් පීඩා විඳින අයට වගේම එහෙම නොවෙන අයටත් ඔමෙගා 3 ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කරන්න මේ මේද අම්ලයට පුලුවන්කම තියෙනවා.
ඔමේගා 3 සප්ලිමෙන්ට්‍රි එකක් විදියට වෙළඳ පොළට එකතුවෙලා තිබුනත් ස්වාභාවික විදියට කොහොමද අපි ඔමේගා 3 සිරුරට එකතු කරගන්නෙ කියල දැනගන්න එකත් හරිම වැදගත්. ඉතින් ඒකට කරන්න තියෙන්නෙ හරිම සරළ දෙයක්. ඒ තමයි අපේ ආහාර වේල් වලට මාළු එකතු කර ගැනීම. මාළු වලින් ඔමේගා 3 වලට අමතරව කැල්සියම්, විටමින් බී, විටමින් ඩී වගේ සංඝටකත් අපට ලබා දෙනවා.
සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කිරීමට අමතරව දියවැඩියා රෝගය පාලනය කිරීමටත් ඔමේගා 3 උපකාරීවෙනබව නවතම සොයා ගැනීම් වලින් හෙලිවී තිබෙනවා. ඇත්තටම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම රුධිරයේ ඉහල යාමත් දියවැඩියා රෝගීන් අතර බොහොම සුලභ ප්‍රශ්ණයක්.
Friday, September 1, 2017
ජගත්ගේ කතාව
ජගත් කියන්නෙ හරිම අහිංසක කොල්ලෙක්. පොඩිකාලෙ ඉදලම එයාගෙ එකම සිහිනය උනේ දොස්තර කෙනෙක් වෙන එක. නමුත් උසස්පෙළ කඩුල්ල හරස් වෙච්චි නිසා එයාට එයාගෙ සිහිනය සැබෑ කරගන්න එක ලේසි උනේ නම් නෑ. ලංකාවෙන් බැරිනම් වෙන රටකට ගිහින් හරි තමාගෙ සිහිනය සැබෑ කරගන්න තමා එයා ඊ ලඟට උත්සාහ කලේ. ඔය අතරෙ තමා ජගත්ට පුලුවන් උනේ වැඩිදුර උගනීමට තරුණ තරුණියන් පිටරට යවන ඒජන්සියකට සම්බන්ද වෙන්න. ජගතුත් එයාගෙ උපරිම උත්සාහය යොදලා ඔස්ට්‍රේලියාවෙ විස්ව විද්යාලයක් හා සම්බන්ඳ වෙලා පිටරට ගියේ තමන්ගෙ මහ ගෙදරත් බැංකුවට උගස් කරලා. මෙ සල්ලි ප්‍රමාණවත් උනේ ජගත්ට ලියාපදිංචි ගාස්තුව ගෙවාගන්න විතරමයි. ඉතින් ඉදිරි වියදම් වලට සල්ලි හොයාගන්න පොඩි පොඩි රස්සවල් කීපයක්ම එහෙදි කරන්න ජගත්ට සිද්ද උනා. නමුත් මේ රස්ස කිරිල්ලෙයි ඉගෙන ගැනිල්ලෙයි දෙකෙන්ම එකවර ආපු මහා පීඩනය දරා ගන්න මේ අහිංසක කොල්ලට පුලුවන්කමක් තිබුනෙ නෑ. අන්තිමට ජගත් මානසික රෝගියෙක් උනා. ජගත්ව ආපහු ලංකාවට ගෙන්න ගන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉතිරිවෙලා තිබ්බ ඔක්කොම දේපල විකුණන්න සිද්ද උනා. ඒ උනත් ඒ ගොල්ලන්ට අර පිටරට ගිය පරණ පුතාවනම් ආපහු කවදාවත්ම ලැබුනෙ නෑ. ඒ වෙනුවට එයාලට ලැබුනෙ සම්පූර්ණයෙන්ම මානසිකව බිඳ වැටිච්චි, කිසිම කතා බහක් නැති රොගී පුතෙක්. ඉතින් ඒ පරණ පුතාව ආපහු මතුකරගන්න අර අසරණ දෙමාපියො තාමත් නොවිඳිනා දුක් විඳිනවා.
Free MB for dialog customers
Dialog mega run කියල කියන්නෙ සුපිරිම ඇප් එකක් කිව්වොත් ඒක අතිශෝක්තියක් නම් නෙමෙයි. මේකෙ තියෙන විශේෂත්වය තමා නොමිලේ ඩේටා තෑගි දෙන එක. හැබැයි ඉතින් මේ පහසුකම ලබා ගන්න නම් ඔබ අනිවා Dialog පාරිභෝගිකයෙක් විය යුතුයි. මේ ඇප් එක මෙන්න මේ ලින්කුවෙන් dialog mega run බා ගත්තට පස්සෙ ඔයාට සිද්ද වෙනවා ඔයාගෙ අංකය ටයිප් කරලා ලියා පදිංචි වෙන්න. ඊට පස්සෙ ඔයාගෙ මොබයිල් එකට එන verification code එක ඇතුල් කරාම තමයි ලියාපදිංචිය සම්පූර්ණ වෙලා ඔයාට මේ game එක සෙල්ලම් කරන්න පුලුවන් වෙන්නෙ. මේක හරිම සරල වගේම විනොදජනක සෙල්ලමක්.Free වෙලාවට සෙල්ලම් කරහම අනිවා තමාට ඔනී කරන ඩෙටා ප්‍රමාණය නොමිලේ ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඔයාලට films, සින්දු එහෙම download කරන්න තරම් free data ප්‍රමාණයක් නම් ලැබෙන එකක් නෑ. නමුත් Facebook, යන්න නම් මේ ටික හොදටම ප්‍රමාණවත්. මේ app එක 70MB විතර වෙනවා. ලියාපදිංචි වෙච්ච ගමන්ම මේ 70MBආපහු ඔයාලගෙ ගිනුමට එකතුවෙනවා. මේක online app එකක්. හැබැයි සෙල්ලම් කරන්න data කැපෙන්නෙ නම් නෑ.
Sunday, December 25, 2016
මේඩ්කල් ඉමේජස් ගැන දැනගන්න මෙන්න නියම ඇප් එකක්
මේක ලංකාවෙ නැතුවට බොහොමයක් රටවල හෙද හෙදියන් භාවිතා කරන ඉතාම ජනප්‍රිය ඇප් එකක්. ඇත්තට මේවගේ ඇප් වලින් අපිටත් පුලුවන් පහසුවෙන් නවීන ලෝකයත් එක්ක මුසු වෙන්න. අපේ දැණුම මුවහත් කරගන්න වගේම එදිනෙදා රාජකාරිවලදි එන ගැටලු වලට පහසුවෙන් මුහුණ දෙන්නත් මේ වගේ නවීණ තාක්ෂණික උපක්‍රම වලට යොමු වෙන්න ලංකාවෙ හෙද හෙදියන්ටත් නියම කාලෙ ඇවිල්ල කියලයි මම නම් හිතන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බොහොම පොදු උපකරණයක් වෙලා තියෙන අද වගේ කාලෙක මේ වගේ සුපිරි ඇප් වලින් ලබා ගන්න පුලුවන් සහය අති විශාලයි.
LINK = FIGURE 1
LINK = FIGURE 1
Thursday, December 15, 2016
Another superb SEARCH ENGINE for nursing job seekers - හෙද/හෙදියන්ට international jobs හොයා ගන්න උපකාරී වෙන තවත් සුපිරි job search engine එකක්
This is another grade 1 job search engine. This search engine provides all kinds of facilities for a job seeker. It could be nursing or any other job.
ඇත්තටම මේ වෙබ් සයිට් එකෙන් nursing විතරක් නෙමෙයි වෙනත් රැකියා උනත් හොයා ගන්න පුලුවන්. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ ඇමරිකාව වගේ රටක රැකියාවක් හොයන කෙනෙකුට කියන එකත් අනිවා කියන්න ඕනි. මේක පාවිච්චි කරලා ජොබ් එකකට ඇප්ලයි කරන එක කජු කනවා වගේ හරිම සරල දෙයක්. අන්තර්ජාලය ගැන අවම දැනුමක් තියෙන කෙනෙකුට උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුල්වන් විදියට නිර්මාණය කරල තියෙන හරිම professional සයිට් එකක් තමා මේක. ඔයාලත් පාවිච්චි කරලම බලන්නකො. අනිවා හිතට වදියි.
The link = INDEED
ඇත්තටම මේ වෙබ් සයිට් එකෙන් nursing විතරක් නෙමෙයි වෙනත් රැකියා උනත් හොයා ගන්න පුලුවන්. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ ඇමරිකාව වගේ රටක රැකියාවක් හොයන කෙනෙකුට කියන එකත් අනිවා කියන්න ඕනි. මේක පාවිච්චි කරලා ජොබ් එකකට ඇප්ලයි කරන එක කජු කනවා වගේ හරිම සරල දෙයක්. අන්තර්ජාලය ගැන අවම දැනුමක් තියෙන කෙනෙකුට උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුල්වන් විදියට නිර්මාණය කරල තියෙන හරිම professional සයිට් එකක් තමා මේක. ඔයාලත් පාවිච්චි කරලම බලන්නකො. අනිවා හිතට වදියි.
The link = INDEED
Sunday, December 11, 2016
බෙහෙත් ගැන දැන ගන්න සුපිරිම ඇප් එකක් මෙන්න - Best android/iPhone app for drugs
This is one of the most accurate and trustworthy apps available in the market which is dedicated to provides information regarding drugs. This app is actually maintained by the Drugs.com website. Drugs.com is the world's leading and most popular drug-related website.
බෙහෙත් බොන අයට වගේම බෙහෙත් දෙන අයටත් බෙහෙත් ගැන හොඳ අවබෝධයක් තියෙන එක හරිම වැදගත්. මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන බෙහෙත් හැම එකක්ම ගැන මතක තියා ගන්න පරිඝණක මොලයක්ම ඔනි නිසා එහෙම මොලයක සේවය අපිටත් ලබා ගන්න මේ ඇප් එක අපිට අවස්තාව සලසලා තියෙනවා. බෙහෙත් ගැන දැන ගන්න ඔනි සියලූම තොරතුරු මොහොතිකින් ලබා ගන්න මේ ඇප් එක හරහා අපිට පුලුවන්.අපිට මොන බෙහෙත මොන වෙලාවෙ ගන්න වෙයිද කියලා කාටවත් බැරි නිසා මේ ඇප් එක අපේ smart දුරකතනයේ install කරල තියා ගන්න එක ඉතාම සුදුසුයි කියලයි මමනම් හිතන්නෙ. අනික මේකෙ අන්තර්ගත තොරතුරු ඉතාම නිවරදියි වගේම නිතරම යාවත්කාල වෙන බවත් වගකීමකින් කියන්න පුලුවන්. ඒ මේ ඇප් එක පවත්වාගෙන යන්නෙ Drugs ගැන නම් දරාපු Drugs.com කියන සුප්‍රකට සමාගම මගින් නිසා.
Link = Drugs.com Medication guide
Friday, December 9, 2016
හෙද/හෙදියන්ට මෙන්න සුපිරි රැකියා අවස්තා - Global nursing jobs
You can apply for thousands of nursing jobs via this link.
ලංකාවෙ ගොඩක් හෙද/හෙදියන්ගෙ හීනයක් තමා පිට රටකට ගිහින් හෙද වෘත්තියේ නිරතවෙන එක. මෙන්න මේ ලින්ක් එකට ගියා නම් ඔයාලට දැනගන්න පුලුවන් වෙනත් රටවල තියෙන හෙද/හෙදි පුරප්පාඩු මොනවද කියන එක වගේම ඒවාට ඔනි කරන මූලික සුදුසුකම් මොනවද කියන එක. ඔයාලට සුදුසුකම් තියෙනවානම් රැකියාවට ඉල්ලුම් පත්‍රයක් දාන්නත් මේ හරහාම පහසුකම් සලස්වලා තියෙනවා.
Link = Global-nursing-jobs
ලංකාවෙ ගොඩක් හෙද/හෙදියන්ගෙ හීනයක් තමා පිට රටකට ගිහින් හෙද වෘත්තියේ නිරතවෙන එක. මෙන්න මේ ලින්ක් එකට ගියා නම් ඔයාලට දැනගන්න පුලුවන් වෙනත් රටවල තියෙන හෙද/හෙදි පුරප්පාඩු මොනවද කියන එක වගේම ඒවාට ඔනි කරන මූලික සුදුසුකම් මොනවද කියන එක. ඔයාලට සුදුසුකම් තියෙනවානම් රැකියාවට ඉල්ලුම් පත්‍රයක් දාන්නත් මේ හරහාම පහසුකම් සලස්වලා තියෙනවා.
Link = Global-nursing-jobs
Subscribe to:
Posts (Atom)
Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!
Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...
-
රුධිරගත ක්‍රියැටිනීන් පරීක්ෂණය වැදගත් වන්නේ ඇයි? මෙම පරීක්ෂණය මගින් මැන බැලෙන්නේ රුධිරයේ අඩංගු ක්‍රියැටිනීන් මට්ටමයි. ක්රියැටි...
-
How does the disease spread? The Chickenpox is caused by a virus called Virusella zoster. (Varicella-zoster virus (VZV)). IT is an air...
-
කාබන් ෆුට් ප්‍රින්ට් සංකල්පය... කාබන් ෆුට් ප්‍රින්ට් යන සන්කල්පය පිලිබඳ මා මුලින්ම දැන ගත්තේ ඉතා මෑතකදීය. එය අප සැමවිසින් දැන ගතයුතු ඉතා වැද...



















